(ජීවිතය සුන්දරයි 24)...................................උඹ කතා කරනකොට පිරිමියෙක් බව තේරෙනවනෙ....මාම කිව්ව. ඒක හදාගන්න පුලුවන් මාමෙ....මම කිව්වම...ඒකොහොමද...ඔහු පුදුමයෙන් ඇහුව...මම ඔහුට කටහඬ මාරුකරල කතාකලා...ඈ බන් උඹ අපිට බොරුවක් කරනවද.....මාදිහා බලා හිටිය...මාම ඇහුව....ඒ මොකක්ද...මම ඇහුව....උඹ ඇත්තටම කෙල්ලෙක්ද. මටනම් හිතෙන්නෙ උඹ කෙල්ලෙක් කියල....අනේ නෑ මාමෙ මම කමිසෙ ගලවල පපුව පෙන්නුව...හරි හරි...දැන් උබට ඕනැ කෙල්ලෙක් වගේ පන්සලට ගිහින් සිල් ගන්නනෙ...මෙහෙ ඉදන් ඕව ඇදගෙන ගියොත් ඔය ලමය කියනව වගේ ගැටලුවක් ඇතිවෙයි.අද රෑ උඹ වරෙන් අපේ ගෙදර. එහෙ ඉදන් සිල් ගන්න යන්න පුලුවන්. මාමට කරදරනෙ මම කිව්ව.....මොන කරදරයක්ද ලමයො...මායි පවුලයි විතරයි ඉන්නෙ. එලියෙ කාමරයක් තියෙනව ඔය ලමයට ඒකෙ ඉන්න පුලුවන්. මම උදෙන්ම පන්සලට ගිහින් ඇරලවන්නම් එතකොට අපේ එක්කෙනාටවත් පේන්නෙ නෑ.....ඔහු කිව්ව....රෑ මාමගෙ මොටෝ බයිසිකලේ නැගල එයාගෙ ගෙදරට ගියා....ඒක තිබුනෙ හෝටලේ ඉදන් කිලෝ මීටර් දෙකක් විතර දුරින්. මට ඉස්සරහ කාමරේ ඇරල දීල එයා ගේ ඇතුලට ගියා....කාමරේ ඇතුලෙ පරන ඇදක් තිබුන. මම ඒක ලෑස්ති කරනකොට මාම මට කොට්ටෙකුයි ඇදට එලාගන්න පැදුරකුයි ගෙනත් දුන්න....මම කාමරේ දොර වහගෙන...කෙල්ලෙක් වගේ ඇඳගත්ත. රත්රන් කරාබු දෙක දාගෙන චේන් එකත් කරේ දාගත්ත.....හෙට සිල්ගන්න.සුදු සායයි බ්ලවුස් එකයි ලෑතිකරල තියාගෙන ගැහැනු අත් බෑග් එකට සල්ලි ටිකයි පනාවයි පොඩි කන්නාඩියයි දාගත්ත....නිදාගෙන පාන්දරින් ඇහැරුනා. මුහුන හෝදන්න එලිය වතුර කරාමයක් තිබුන...ලැට් එකත් එලියෙ තිබුන හින්ද කරදරයක් උනේ නෑ...මම ලෑස්ති වෙලා ඉවර වෙනකොට මාම එලියට ආව...ලෑස්තිද මගෙන් ඇහුව....මම ඔව් කිව්වම....මා දිහා ටික වෙලාවක් බලා හිටිය .. දැන්නම් උපාසක අම්ම කෙනෙක් වගේමයි....සිනාසෙමින් කිව්ව....එයා මාව බයිසිකලේ නග්ගගෙන රුවන්වැලි සෑය ගාවට ගිහින් ඇරලුව....ටිකක් කරුවල වැටුනාම ආපහු යමු ඒ හින්ද හවසට මෙතනම ඉන්න....මම එක්ක යන්න එන්නම්...පැවසූ මාම ආපහු ගියා. මම සිල්ගන්න යන උපාසක අම්ම කෙනෙක් වගේ සෑය ගාවට ගියා. කෙල්ලෙක් විදියට තනියම ඉන්න බැරි හින්ද සිල් ගන්න ආව ගැහැනු කට්ටියක් ඉන්න තැනකින් වාඩිවුනා....මම එයාලට ටිකක් ඈතින් වාඩිවුන හින්ද මා දිහා බැලුව මැදිවියේ උපාසක අම්ම කෙනෙක් එන්න දුවේ මෙහාට...මාව එයා ගාවට කතාකලා...මට දුව කියල කතා කලාම පුදුම සතුටක් ආව...මම එයා ලගින් වාඩිවුනා.....දුව තනියමද ආවෙ...ඔව් නැන්දෙ මම කිව්ව...ලගද ඉන්නෙ.... මෙතැන ඉදල කිලෝමීටර් තුන හතරක් යන්න තියෙනව....මම කිව්ව. පයිම්මද ආවෙ ..ඇය ඇහුව....මාම බයිසිකලේ ගෙනත් ඇරලුව. මම කිව්ව....අපිනම් ටිකක් දුර ඉදන් ආවෙ...පැවසූ ඇය....අපි කුරුනෑගල . මේ ඔක්කොම අපේ ගමේ කට්ටිය...ඇය අසල හිටිය අනිත් අය පෙන්නල මට කිව්ව....චිත්‍රා නැන්දට යාලුවෙකුත් හම්බවෙලා වගේ.....මගෙ වයසෙම ගැහැනු ලමයෙක් අපි අසලින් වාඩිවෙලා ඇහුව....බලන්න සදුනි මේ ලමය තනියමලුනෙ සිල්ගන්න ඇවිත් තියෙන්නෙ.....නැන්ද ඇයට කිව්ව....ඔයා කොහේද....සදුනි මගෙන් ඇහුව....ලග ඉන්නෙ ..කිලෝමීටර හතරක් විතර ඈත....මම උත්තර දුන්න....ඔයාල කුරුනෑගලලු නේද....මම ඇගෙන් ඇහුව....ඔව් අනේ මේ නැන්ද කතාකල හින්ද ආව....කම්මැලියි අනේ සිල්ගන්න....ඇය කිව්ව....සිගන්න කම්මැලි වෙන්න එපා ඕව තමා අපිට ඉතුරු වෙන්නෙ.....මම කිව්ව....ඒකනෙ ඔය දුවට තේරෙනව....නැන්ද පැවසුවා.....සිල් ගන්න කොට මායි සදුනියි එක තැන වාඩිවුනා....මට ගෑනු ලමයෙක් විදුයට ගැහැනු ලමයෙක් ගාව ඉදගෙන ඇයත් සමග යෙහෙලියක් විදියට ආශ්‍රය කරන්ට ලැබීන මගේ වාසනාවක් කියල මට තේරුනා....මා පිරිමි ලමයෙකු වූවද ඇය අසලින් සිටින විට කිසිම කාමුක හැගීමක් ඇති නොවීම මගේ සිතතුල පිරී තිබුනු ගැහැනු සිතුවිලි නිසාබව මට තේරුනි....මේ ගැහැණු ලමය විතරක් නෙවෙයි තවත් ලස්සන ගැහනු ලමයි මාගාවට අවිත් මගේ ඇගේ ඇතුල්වුනත් මාත් ඔව්න් වැනි ගැහැනු ලමයෙක් මිස පිරිමි ළමයෙක් වැනි හැගීම කිසිවිටක ඇතිනොවෙන බව මට තේරුනි....සදුනි පැමිනි නඩයේ සදුනිගේ වයසේ වෙනත් ගැහැනු ලමුන් නොමැති නිසා ඇය මාසමග සිටීමට කැමති බව මට තේරුනා.... ඇය සමග කාලය ගත කිරීමේදී මගේ පිරිමිකම හන්ගාගෙන සිටීමට හැමවිටම උතසාහ කලා.....අපි කරන සෑම පින්කමක් පාසාම මම නිවන සමග නිවන් දනා ජාතිදක්වාම ගැහැනු බවයම පැතුවා..මේ අත්මගේදිත් හැකි ඉක්මනින් ගැහැනියෙක් වීමට වාසනාව පෑදේවායි පැතුවා....
එදා මට එක ධර්ම දේසනාවකට හිතගියා ...එම දේසනාව කල දේසකයානන් වහන්සේ අපෙන් ඇහුව දිවිය ලෝකෙ දෙවියන්ට වඩා දෙවියාන්ගනාවන් වැඩි ඇයි කියල... එහේ එක දෙවියකුට දිවියාන්ගනාවො දාස් ගානක් ඉන්නවලු...ඒ කියන්නෙ දෙවියො අඩුලු....ඉතින් අපෙන් අහනව ඒ ඇයි කියල....පස්සෙ උන්වහන්සේ හේතුව පහදලා දුන්නා....දැන් අද බලන්න කිව්ව. පිරිමි කීදෙනාද සිල් අරන් ඉන්නෙ කියල. වැඩිහරියක් ගැහැනු අය. පිරිමි ඉතා කුඩා ප්‍රමාණයයි. ගැහැනු සිල් ගන්න කොට පිරිමි ගෙදර ඉදගෙන නොයෙක් දුරාචාර කම් කරනවලු...සමහරු අරක්කු පාටිවලලු ....ඉතින් පිරිමි ටික අපායෙ යනකොට කාන්තා පක්සය දිවිය ලෝකෙ යනව.....ඒ බන කතාව ඇහුව සදුනි .....මම හිතාගෙන හිටියෙ කෙල්ලො වෙලා උපදින එක අවාසනාවක් කියල....දැන් බලන කොට ඒක කොයිතරම් පිනක් ද නේද........මගෙන් ඇහුව....ඔව් අනේ මමනම් ප්‍රාර්ථනා කරන්නෙ උපදින හැම ආත්මෙකම වාසනාවන්ත කෙල්ලෙක් වෙලා උපදින්න කියල........මම කිව්ව.....ඒකනම් ඇත්ත අනේ.... පව්කාර කොල්ලෙක් වෙනවට වඩා කෙල්ලෙක් වෙන එක හොදයි කියල මටත් දැන් තේරෙනව.....සදුනි කිව්ව....එදා හවස් වෙනකම්ම සදුනියි මායි එකටම හිටියෙ....ඒ ලමය ගමේ කමට හැදුන අහින්සක ගැහැණු ලමයෙක් කියල තේරුනා....අනේ මටත් මේවගේ ගැහැණුලමයෙක් වෙන්න ඇත්නම් මම ඇය දෙස බලාගෙන හිතුවා...අපි සිල් පවාරනය වෙලා යනකොට සදුනි ගොඩක් දුක්වුනා....ඊලග පෝයටත් එනවද..මම සදුනිගෙන් ඇහුව....නැන්දල ආවොත් එනව.....ඇය කිව්ව....එයා මට ඇයට කතා කරන්න පෝන් නොම්බරෙත් දුන්න......ඇගෙන් වෙන්වීම මගේ සිතටද දුකක් ඇතිවුනා....ඉර බැස්සට පස්සෙ මම මාම එනව කිව්ව තැනට ගියා....මගේ ජීවිතේ සතුටුම දවස අද තමා....මම කල්පනා කලා.... ටිකක් කලුවර වැටුන මම ඉන්න තැන ගැහැනු ටිකක් හිටිය හින්ද බයක් දැනුනෙ නෑ... ටික වෙලාවකින් මාම එනව දැක්ක.....මාම කිව්ව හොරෙන්ම කමරේට ගිහිල්ල පිරිමි ඇදුම් වලට මාරු වෙලා නාගෙන කෑම ටිකක් කන්න එන්න කියල....කවුරුවත් පේන්න හිටියෙ නෑ මම කාමරේට ගිහින් ඇදන් හිටිය ගැහැනු සිල් ඇදුම් ටික ඉවත් කරල පිරිමි ලමයෙක් විදියට නාගත්ත...රෑ කෑමෙන් පස්සෙ නිදාගන්න ඉස්සෙල්ල ආයෙත් ගැහැනු ඇදුම් ඇද ගත්ත... හෙට පාන්දර මාමත් එක්ක හොටලේට යන්න ඕනැ හින්ද ඉකමනින් නිදා ගත්ත....
No comments:
Post a Comment