(ජීවිතය සුන්දයි 19)....................... ...............ඒ මාමගෙ මුහුන නපුරු පාටයි. ලොකු උඩුරැවුලකුත් වවල තිබුන. ඇඟ එච්චර මහත නැතිවුනාට ටිකක් උසයි.එයාගෙ වයස අවුරුදු හැටක් විතර ඇති . ඒ මාම මාදිහා නපුරු විදියට බැලුව. ඊට පස්සෙ මුදලාලි දිහා බලල කොල්ලනම් හොදයිවගේ මුදලාලි....කිව්ව......හැබැ යි කොල්ලො උඹට දැම්ම පඩිනම් දෙන්නෙ නෑ. උඹේ වැඩ බලල තමයි කීයක් හරි දෙන්නෙ....කමක් නෑ මුදලාලි මහත්තය....මම හිස කසමින්කිව්ව...හා එහෙනම් මේ අන්කල් එක්ක වැඩ කරහන්....මුදලාලි මාව කුස්සියෙ මාමට භාරදුන්න.....මේ මාම නම් නපුරුයි පරිස්සමින් තමා වැඩකරන්න වෙන්නෙ....හිතමින් ඔහු සමග ගියා. පිටිපස්සෙ තිබුන පොඩි මඩුවක් වගේ කාමරයක් මේකෙ බූරු ඇදක් තියෙනව ඒකෙ රෑට නිදාගන්න පුලුවන්...ඇදුම් මාරුකරගෙන එන්න කියල....මාම ගියා. ඒ කාමරේ මඩුවක් වගේ හැමතැනම බඩුමුට්ටු විසිරිලා මම හිතන්නෙ කවුරුවත් මේකෙ ඉදල නෑ.....මම ඇදගෙන ආව ඇදුම් මාරුකරගෙන එලියෙ තිබුන වතුර කරාමයෙන් ඇග ටිකක් හෝද ගත්ත....උඹ කාලද ලමයො ඉන්නෙ....මාම ඇහුව....තාමනම් මොකුත් කෑවෙ නෑ...මම කිව්ව....ඔක්කොටම ඉස්සෙල්ල කාල හිටහන් ....කිව්ව ඔහු මට පිගානක් දුන්න....ඕනැ එකක් බෙදාගෙන කාහන් මුදලාලි කෑවට මොකුත් කියන්නෙ නෑ...හැබැයි එයාට හොර බොරුව තමා පේන්න බැරි....මාම කිව්ව....නපුරු පාටට පෙනුනට මේ මාම එච්චර නපුරු නෑ වගේ...මට හිතුන.....ලමයො උඹේ විස්තර අහන්නත් බැරිවුනා ...උඹ කොහේද.....මාම ඇහුව....මම මගේ විස්තර කිව්ව....ඔය ලමයට ඔච්චර හොදට ඉගෙන ගන්න පුලුවන්කම තියෙද්දි අපරාදෙනෙ මේවගෙ තැන් වල වැඩ කරන්නෙ....මාම කිව්ව...මොනව කරන්නද මාමෙ....මම කිව්ව. මුදලාලි හොදයි ඒවුනාට ටිකක් ලෝබයි...පඩිනම් කීයක් දෙයිද දන්නෙ නෑ....ඒකට කමක් නෑ මාමෙ ඉන්නයි කන්නයි දෙනවනම් ඒ මදෑ...මම කිව්ව.....මම එසේ පවසන විට....උඹනම් මහ පුදුම ලමයෙක්නෙ....වෙන එවුන් ඉස්සෙල්ලම අහන්නෙ පඩිය කීයද කියල....මාම කිව්ව.. බය වෙන්න එපා හොදට බෙදාගෙන කාහන් මගෙ බත් පිගාන දිහා බැලුව මාම පැවසුව....
මාම තමා කෑම උයන කෝකියා. මට තිබුනෙ එයාගෙ වැඩවලට උදව්කරන එක. මට රෑට නිදාගන්න තිබුනෙ පොඩි මඩුවෙ. මම එතන පුලුවන් විදියට අස්කරගත්ත....හෝටලේ වැඩ ඉවර වෙනකොට රෑ අට විතර උනා...ඊට පස්සෙ තමා නාල නින්දට ගියේ.....අද අම්මල මොනව කරනවද දන්නෙ නෑ....මට ගෙදර මතක් උනා. මාව හොයනව ඇති....කමක් නෑ එයාල ආදරේ අක්කටනෙ මට මොක වුනාම මොකද.....මම ඒක ගැන කල්පනා කරන එක නැවැත්තුව....මේකට කවුරුවත් එන්නෙ නැති හින්ද ගවුමක් තිබුනනම් අදින්න තිබුන....ඒත් මෙහෙ තත්වෙ තාම දන්නෙ නැති හින්ද ටිකක් බලන්න ඕනැ...ඊට ඉස්සෙල්ල කෙල්ලන්ගෙ ඇදුම් තියෙන්නත් ඕනැනෙ. ඒව හොයාගන්නෙ කොහොමද ...මම කල්පනා කලා....කියක් හරි පඩි දුන්නොත් කඩෙන් ගන්න පුලුවන්...මට හිතුනා. උයන මාමගෙ ගෙදර තියෙනව කිව්වෙ ලග ඒ හින්ද එයා ගෙදර යනව....කඩේ කෝකි වැඩට දෙන්නෙක් හිටිය එයාලත් වැඩ ඉවර වෙලා ගෙවල්වලට යනව. මුදලාලිගෙ ගේ තිබුනෙ හෝටලේ ලගමයි.....රෑට මම විතරයි මෙතන ඉන්නෙ....ඒ හින්ද කෙල්ලෙක් විදියට ඇදගෙන හිටිය කියල කාටවත් පේන්නෙ නෑ....මට මෙහෙම හිතුනත් කිහිප දිනක් යනකම් කල්පනාවෙන් හිටිය....උයන මාම නපුරු පාටට පෙනුනට කරුනාවන්ත කෙනෙක් කියල පහුවෙන කොට මට තේරුනා. මුදලාලිගෙ ලෝබකම තිබුනට හොද කෙනෙක් බව තේරුනා.....ටික දවසක් හරි ගිහින් කීයක් හරි දෙයිනෙ...මම කල්පනා කලා..මට හැම දාම පාන්දර පහට විතර ඇරෙන්න සිද්දවුනා. එක විතර වෙනකම් එක දිගට වැඩ ඊට පස්සෙ ආයෙත් හතරට වැඩ පටන් ගත්තම රෑ අටට තමා ඉවර වෙන්නෙ........මාසයක් පමන ගතවුනා....කොල්ලො මෙන්න මේක තියාගනින්....මුදලාලි මට සල්ලි වගයක් දුන්න....හොදට වැඩ කලොත් උඹට මම මීට වඩා සලකන්නම්....මුදලාලි කිව්ව.....මම සල්ලි ටික ගනන් කරන්නෙ නැතුව සාක්කුවට දාගත්ත....මා දිහා බැලුව මුදලාලි....මේ කොලුවො උඹ දන්නවද ඔතැන කීයක් තියෙනවද කියල...මුදලාලි ප්රශ්නකලා...ගනන් කරන්න ඕනෙ නෑ මුදලාලි මහත්තය....මම කිව්ව...උඹනම් හරියන එකෙක් නෙවෙයි බන්......කිව්ව මුදලාලි.....

No comments:
Post a Comment