Tuesday, June 28, 2016


(ජීවිතය සුන්දරයි 31)...............................................මමමෙක ගත්තෙ ලගදි හින්ද වැඩිදෙනෙක් මගෙ නොම්මරේ දන්නෙ නෑ...වැරදි නොම්මරයක්ද දන්නෙ නෑ....මම කතා කලා....අනිත් පැත්තෙන් ආවෙ ගැහැණු කටහඩක්.....ඔයා ඇහුව මම ඉන්නෙ කොතැනද කියල...කවුද දන්නෙ නෑ මේ කතාකරන්නෙ....කව්ද කතාකරන්නෙ ......මම ඇහුව. සංජීව මහත්තයගෙ අක්ක කතාකරන්නෙ......ඒ පැත්තෙන් කිව්ව...නෝනා දැන් කොහේද ඉන්නෙ....අපි අනුරාධපුරේ කිට්ටුවටම ඇවිල්ල ඉන්නෙ. ඔය ලමය කොතැනද ඉන්නෙ......... කොලඹ් බස් හෝල්ට් එකේ පරන ටවුමෙ ....මම ඉන්න තැන කිව්ව....ඔහොමම ඉන්න අපි එන්නම්....මට ඇහුන පොඩි ලමයෙකුගෙ කටහඬක් ....පුතත් එක්ක ඇවිල්ල වගේ මට හිතුනා. බිම තියගෙන හිටිය බෑක් එක අතට අරන් එයාල එනකන් හිටිය. ටික වෙලාවකින් මම දැක්ක සුරංග මහත්තය එනව. ඊට පිටිපස්සෙන් අක්ක බබත් වඩාගෙන එනව දැක්ක....මම එයාල ඉස්සරහට ගියා...මාව දැක්ක විතරයි චූටි බබා ... අම්ම අම්ම....කියමින් මට අඩගැහුව.....මහත්තයගෙ අක්ක බබා අරගෙන මා ගාවට ආව. පුතා මගේ බෙල්ල බදාගෙන මගේ අතට ආව.....අපි ගෙදර යමු අම්මෙ....මට තුරුලුවෙලා පැවසුවා....මම එයාගෙ කම්මුල් සිපගනිමින් .....අපි යමු පුතේ...කිව්ව.....පොඩ්ඩක් ඔහොමම ඉන්න කිව්ව මහත්තය කෝල් එකක් ගත්ත. ටික වෙලාවකින්. මදිවියේ කෙනෙක් අපිගාවට ආව ...සිරිපාල..මේ බෑක් එක ගෙනිහින් වාහනයට දාන්න....මගේ බෑක් පෙන්නල කිව්ව.....යමු..මහත්තය කිව්වම....අපි වාහනය ගාවට ගියා.....අම්ම...අපිත් එක්ක ගෙදර යනව නේද....පුතා නැවතත් ඇසුවා.....අනේ නෑ පුතේ මම මීට පස්සෙ පුතාව දාල කොහේවත් යන්නෙ නෑ...මම එයාව සුරතල් කරමින් පැවසුවා....ඩ්රැයිවර් අපිට දොර ඇරල දුන්න...මම වාහනේ ඇතුලෙන් වාඩිවෙලා පුතාව උකුලෙන් තියාගත්තා.....ඒ වාහනේ ආසන හරිම සැපපහසුයි....අපි ඉතින් කවද්ද මේවගෙ සැප වාහනේක ගිහින් තියෙන්නෙ......ඒ සී කරල හින්ද ඇගටත් සනීපයි.....ආපු එකේ වැදලමු යමු නේද අක්කෙ...සුරන්ග මහත්තය ඇහුව....මමනම් උදෙම්ම වැදල ආවෙ මහත්තය.....ඒකට කමක් නෑ තවසැරයක් වදිමු.....මහත්තයගෙ අක්ක කිව්ව.....ඒක නෙවෙයි ඔය ලමය උදේට කාලද ඉන්නෙ...අක්ක මගෙන් ඇහුව....තාම නෑ නෝන....මම උදේ ඉදම්ම තේ එකක්වත් නොබී මෙතැන හිටියෙ ඒ හින්ද බඩගිනිත් තිබුන....මහත්තයගෙ අක්ක එහෙම ඇහුවහම මට සතුටක් ආව....එහෙනම් ඔක්කොටම ඉස්සෙල්ල මෙයාට මොනවහරි කන්න තැනකට එක්ක යන්න....සිරිපාල....අක්ක ඩ්රැයිවර්ට කිව්ව. නෝනල තේ බිව්වද...මම ඇහුව....ඔව් එනගමන් බීල ආවෙ....මගෙ පුතා මොනවද කෑවෙ....මම පුතාගෙන් ඇහුව....මොකුත් නෑ.පුතා කියනකොට....අපෝ මෙයාට කවන එක තමා අමාරුම. වැඩේ....අක්ක කිව්ව. ලොකු හෝටලයක් ගාව වාහනේ නැවැත්තුවා....ඔයාට ඕනෙ දෙයක් ඉල්ල ගන්න....අක්ක මට කිව්ව.....මම ඉදිආප්ප ගෙන්න ගත්ත....මගෙ පුතා උදේට මොකුත් කෑවෙ නෑ නේද? අම්මගෙ අතින් කව්න්නද...මම පුතාගෙන් ඇහුවා....හා කිව්ව එයා මාලග පුටුවෙන් වාඩිවුනා.....මම කවන කොට පුතා කැමැත්තෙන් කනව මහත්තයයි අක්කයි බලා ගෙන ඉදල සතුටින් හිනාවුනා.....පුතා හොඩට කාල මගෙ අතින්ම කිරිතේ ටිකක්ද පොවාගත්ත....මම හිතන්නෙ කාලෙකට පස්සෙ තමා පුතා අද බඩපිරෙන්න කෑවෙ......මහත්තය පුතාගෙ හිස අතගාමින් පැවසුවා........මීලගට අපිගියේ රුවන් වැලි සෑය ගාවට... පුතා සතුටින් සෑමලුවෙ සෙල්ලන් කරන්න ගත්ත..... මම එයාගෙ අතට නෙලුම් මලක් දීල පූජාකෙරෙව්ව.....පුතා ඉස්සෙල්ලම හම්බවුනෙත් මෙහෙදි.....ඊලගට බෝධිය ගාවට ගිහිල්ල වැදල. ආපහු යන්න පිටත් වුනා.......ඒ වාහනේ යනකොට හරිම සැපපහසුවක් දැනුන....මටත් මේවගෙ වාහනේක යන්න වාසනාව ලැබුන....ඒයන්නෙත් කොල්ලෙක් විදියට නෙවෙයි කෙල්ලෙක් විදියට ඒක තවත් වාසනාවක්...ඒ විතරකුත් නෙවෙයි හුරතල් පොඩි පුතෙකුගෙ අම්ම කෙනෙකුත් වෙලා..ඒක කොයිතරම් වාසනාවක් ද.....මම කල්පනා කලා.....ඇත්තටම මාවත් කෙල්ලෙක් වෙලා උපන්නනම් ඒ මව් පදවිය මට උරුම වෙනවනෙ....ඒත් කමක් නෑ මෙහෙමවත් කෙල්ලෙක් වෙලා මනසින් හරි අම්ම කෙලෙක් විදියට ඉන්න පුලුවන් උන එකත් කොයිතරම් දෙයක්ද......මට සෑහෙන සතුටක් දැනුනා.....චූටි පුතා ඉස්සරහ මහත්තය ගාවට ගියේ පාර බලන්න ඕනැවෙලා .ඒ වුනාට එයා නිතරම මාදිහා බලන බව මට තේරුනා..... පුතාට නොපෙනෙන්න හැන් ගෙන්නම් මොකද කරන්නෙ බලන්න....නෝනා මට කිව්ව.. මම සීට් එක අස්සට වෙන්න මුවාවුනා.....කෝ මගේ අම්ම...එයා කෙදිරි ගගා මාව හොයන්න පටන්ගත්ත.....මාව දැක්කම තමා එයාගෙ මුහුන එලිය වැටුනෙ......පුතා.. පුතාගෙ අම්ම ඉන්න කාලෙත් මේවගෙ අම්මට ආදරෙයිද නෝන....මම ඇහුව.....ඒ කාලෙ එච්චර තේරුනේ නෑ.අම්ම නැතිවුනාට පස්සෙ තමා පුතාගෙ හිතට ඒක තදින්ම බල පෑවෙ....ඒක අමතක කරන්න අපි ගොඩක් ඒව කලා ඒ එකක්වත් හරිගියෙ නෑ....පස්සෙ වාසනාවට ඔය ලමයව හම්බවුනේ.....ඔය ලමයත් පුතාගෙ අම්ම වගේමයි.....දැන් පුතා හිතාගෙන ඉන්නෙ ඔයා එයාගෙ අම්ම කියල....අක්ක කිව්ව.....මහෙම උන එක අපි දෙගොල්ලගෙම වාසනාව....මෙයාලගෙ පුතාට අම්ම කෙනෙක් හම්බවුනා....මට හිතේ හැටියට කෙල්ලෙක් විදියට ජීවත්වෙන්න පුලුවන් කරමයක් හම්බවුනා....ඊට පස්සෙ අම්ම කෙනෙක් විදියටත් ඉන්නවෙලා......මම සතුටින් කල්පනා කලා.....අපි දවල් කෑමට හෝටලේකට ගියා.....මෙයාල නවත්තන්නෙම සුපිරි හෝටල්වල.....අපිනම් ඉතින් කොහේ හරි තැනකින් බත් ටිකක්කමව...ඔය හෝටල් වලට වියදම් කරන්න සල්ලි නෑනෙ.....මෙයාලට සල්ලි තියෙන හින්ද මේවගෙ තැන්වලට යනව......මම කෑම කනකොට පුතත් මම අතින් කෑම කවාගන්න මා ලගින් වාඩිවුනා.....දැන්නම් පුතා හරි හොදයි.....අක්ක පුතාගෙ හිස අත්ගෑව.....දැන් මට අම්ම ඉන්නවනෙ නේද අම්මෙ....පුතා ඇහුව...ඔව් මගෙ පුතේ.....මම ආදරෙන් කිව්ව.....පුතාට බත් කවන්න අමාරුයි කියල නැන්ද කියන්නෙ බොරුනේද.....බොරු නෙවෙයි එයාල අතින් කවනකොට රසනෑ......පුතා කිව්ව.....එතකොට මේව රසද මම ඇහුව....අම්මනෙ කවන්නෙ....රසයි.....පුතා කිව්ව....අපි කොලඹ යනකොට හවස් වුනා......මහරගමට ගිහින් දෙහිවල පාරෙත් යනව මම දැක්ක......අපේ ගෙවලුත් මීට එහානෙ තියෙන්නෙ....මම කල්පනා කලා......වාහනේ විශාල තාප්ප්යක් දාල තිබුන ගේට්ටුවක් අසල නැවැත්තුව. ගේට්ටුවෙ මුරකාරය ගේට්ටුව ඇරිය....ඇතුලෙ තට්ටුදෙකේ ලොකු ගෙයක් තිබුන.....රෑ කෑමට හෝටලේකට එන්න ඇති මට හිතුන.....මෙයාල තේ බොන්නත් අල්ලන්නෙ මේවගෙ ලොකු හෝටල්නෙ.......

No comments: