(ජීවිතය සුන්දරයි 30).............................................මම කෙල්ලෙක් විදියට මාමත් එක්ක කොළඹ් බස් නැවතුම් පොලට ආව. කොලඹ යන්න ආව කිහිප දෙනෙක් එතැන හිටිය. ගැහැණු කීපදෙනෙකුත් හිටිය හින්ද හිතට බයක් නැතිවුනා.....මාමට බොහොම පින් මාමෙ.මෙතැන සෙනග ඉන්නවනෙ මට මෙටෙන්ට වෙලා ඉන්න පුලුවන්.....මම කිව්ව.උදෙන් හෝටලේ වැඩටික පටන්ගන්න තියනවනෙ ළමයො ඔයලමයත් නැති එකේ තනියමනෙ වැඩ කරන්න වෙන්නෙ.....නැත්නම් ඔයලමය යනකන් මෙතැනට වෙලා ඉන්නව.....මාම කිව්ව.....මාමට දැන් ගොඩක් මහන්සි වෙන්න වෙනව නේද. මුදලාලිට කියල කවුරුහරි හොයාගන්න ...ඔව් ලමයො ඉක්මනට කෙනෙක් හොයාගන්න ඕනැ.....මාම කිව්ව.මාම සුලුවෙලාවක් ඉදල ආපහුගියා. මම මෙතැන තනිවුනා....වටපිට බැලුවම එක තැනක ගැහනු කීප දෙනෙක් ඉන්නව දැක්ක...මමත් එයාල ගාවට ගියා....තාම හරියට එලිය වැටිල නෑ. මේ ස්තානෙ තරමක පාලු ස්වභාවයක් තිබුනා.මමත් ගැහැණු ලමයෙක් වගේ හින්ද ගැහැනු ගාවතමයි මගෙ ආරක්ශාව තියෙන්නෙ...ගැහැනු ගොඩේ හිටිය මට බයක් දැනුනෙ නෑ. මහත්තෙල එනව කිව්වෙ අටට විතර....තව සෑහෙන වෙලාවක් මෙතැන ඉන්න වෙනව....දිගටම මැතනටම වෙලා ඉන්න කොට ගැටලුවක් වෙයිද....මට හිතුන.....මෙයාලනම් දැන් බසෙක ආවහම යයි.....එතකොට මම මෙතන තනිවෙනව...ටිකක් එලිය වැටෙනකම් මෙයාල හිටියොත් ඇති.....මට හිතුනා. එලිය වැටීගෙන එනකොට කොලඹට බස් එකක් ආව...නගින්න මිස් කොලඹ.....ඒ බස් එකේ කොන්දොස්තර මට කිව්ව....මම මොකුත් නොකියා අහක බලාගත්ත....මිස් කොහාටද යන්නෙ...එයා මගෙන් ඇහුව...තව කට්ටියක් එනවයි කිව්ව එයාල එනකන් ඉන්නෙ......මම කිව්ව......දැන් බලන කොට මෙතැන වැඩිවෙලා ඉන්න හොදනෑ.....කොහාට හරි ගිහින් මෙතනට එන්න ඕනැ....ඒත් තාම හරියට එලිය වැටිල නැතිහින්ද තනියම පාරෙ යන්න හොඩනෑ.......මම ටික වෙලාවක් මෙතනම හිටිය . මේතන හිටිය අය බස් එකට නැග්ග හින්ද. මම තනිවුනා....ඒත් බස් එකේ සෙනග ඉන්න හින්ද බයක් හිතුනෙ නෑ.....කොන්දොස්තරත් මෙතන ඉදගෙන සෙනග නග්ග ගන්න කෑගහන හින්ද පාලුවක් දැනුනෙ නෑ.....මේක ගියොත් තව බස් එකක් ගහයිනෙ....අව්ලක් වෙන එකක් නෑ. මම බස් නැවතුම් පලේ බලාගෙන හිටිය...මම මහත්තයට කෝල් එකක් ගත්ත.....මහත්තය මම අනුරාධපුරේ පරන බස්නැවතුම් පලේ කොලඹ බස් හෝල්ට් එකේ ඉන්නෙ......ඔහුට මම ඉන්න තැන හරියටම කිව්ව....ඔයා දැම්ම තියා එතනට ආවද.....අපි තාම මග එනව....ඔතැනට එනකොට තව පැය දෙක තුනක්වත් යයි.....මහත්තයා කිව්ව.....එයාල මග එනව කියල දැනගත්තම මට සතුටක් ඇතිවුනා....කමක් නෑ මහත්තයා ...එනකම් මෙතැනට වෙලා ඉන්නම්....මම කිව්ව....අම්මෝ ඉතිරි පැය දෙක ගෙවාගන්නෙ කොහොමද.....මම කල්පනා කලා.....ස්රී මහා බෝධිය ගාවට ගියොත් වැදල කාලෙත් ගෙවාගෙන මෙතෙන්ට එන්න පුලුවන්.....මට හිතුන......ඒත් මෙතැන ඉදන් පයින් ගියොත් ටිකක් දුරයි.....සෙනග පුරවගත්ත කොලඹ බස් එකත් පිටත් උනා....දැන් මම හිටිය තැන හිස්වුනා....ටිකක් හිතට බයක් ආව....පාරට හොදට එලිය වැටිල තිබුන හින්ද....පාරට ගියා...පාර දිගේ..ටිකක් ඉස්සරහට මම දැක්ක සුදු ඇදගත්ත ගැහැනු කට්ටියක් පාරෙ යනව....මම ඉක්මනින් එයාල ගාවට ගියා.....ඔයාල වදින්නද යන්නෙ....මම එක ගැහැණු කෙනෙක්ගෙන් ඇහුව....මා දිහා බැලුව ඇය ...ඔව්...දුවේ....කිව්ව ඇය....දුවත් එහාටද යන්නෙ ඇහුව......කොලඹ යන්න ආවෙ තව කට්ටියක් එනව කිව්ව එයාල එනකොට තව පැය දෙකක් විතර යනව කිව්ව....ඉතින් වෙලාව තියෙන හින්ද වැදල එන්න හිතුව...තනියෙන් යන්න බයේ හිටියෙ ඇන්ටිල දැක්ක හින්ද ආවෙ. .....මේ වෙලාවෙ පාලු පාරවල්වල තනියම යනවට වැඩිය ඒක හොදයි....දුවත් එන්න අපිත් එක්ක යන්න....එයාල මට කතාකලා....ටිකක් දුර තියෙනව...මම කිව්ව....එච්චර දුර නෑ අපි හැමදාම බස් එකෙන් බැහැල මේ විදියට තමයි යන්නෙ.....වදින්නත් පුලුවන් කාලෙ ගෙවාගන්නත් පුලුවන්....හිතුව මම එයාල එක්ක බෝධිය වදින්න ගියා....එයාල ගෙනාපු මල් සුවද දුම් මටත් දුන්න....එයාල කිරිපිඩු දානය පිලියෙල කරගෙන ඇවිත් තිබුන හින්ද මමත් සතුටින් ඒ පූජාවලට සහභාගීයුනා.....පූජාව අවසානයේ මම ප්රාර්තනා කලේ නිවන ...ඒ එක්කම නිවන් දනාතුරු....යසෝදර දේවිය වැනි උත්තම කාන්තා ජීවිතවලම ඉපදේවා කියලත් ප්රාර්තනා කලා.. දෙවියන්ට පින් අනුමෝදම් කරල මම ඉල්ලා සිටියෙ මේ යන ගමම ඉතාමත් සාර්තක කර දෙන්න කියලා. සෑහෙන වෙලාවක් ගත්වුන හින්ද...මම එයාලගෙන් සමුඅරගෙන ආපහු ආව එනකොට හොදට එලිය වැටිල තිබුන හින්ද ගැටලුවක් ඇතිවුනේ නෑ ඒත් තනියම පාරෙ යන්න බයක් ඇතුනා....මල් කඩ ගාව ටික වෙලාවක් රැදිල හිටිය ඒ පැත්තට යන ගැහැනු කෙනෙක් එයිද කියල...මම දැක්ක එක අම්ම කෙනෙක් බෑක් එකකුත් උස්සගෙන ඒ පැත්තට යනව....මම ඉක්මනට එයා ගාවට ගියා....අම්ම ටවුම පැත්තටද යන්නෙ....මම ඇහුව...ඔව්...ඇය කිව්ව...මාත් ඒ පැත්තට තමා යන්නෙ....මමත් ඇයට එකතුවුනා...ඇය තිකක් වයස හින්ද බෑක් එක උස්සගෙන යන්නෙ අමාරුවෙක් කියල මට තේරුනා....බෑක් එක බරයි නේද අම්මෙ....මම ටික දුරක් අරන්යන්නද...මම ඇහුව....අනේ ලමයො ඔය ලමයගෙත් කරේ බෑක් එකක්. තව මේකත් උස්සගෙන යන්න පුලුවන්ද.... ඇය ඇහුව. අපෝ මගෙ එකේ තියෙන්නෙ ඇදුම් වගයක් ඒ හින්ද බර නෑ...ඕක දෙන්න.... ඇය මට බෑක් එක දීල ටික වෙලාවක් ගිමන් හැරිය....හරි අමරුයි දුවේ කකුල් රිදෙනව.....ඇය කියන ගමන් මොනව කරන්නද කියල ආයෙත් ගමන ආරම්භකලා. ඇගෙන් ගත්ත බෑක් එක ටිකක් බර තිබුනත් මට එය අපහසුවක් නොවුනි.....මේ වයසක අම්ම මේක උස්සගෙන ගියානම් කොයිතරම් අමාරුවක් ද මම ඇයට කලේ කොයිතරම් ලොකු උපකාරයක් ද යනගමන් කල්පනා කලා.....ඇය එක තැනක නැවතිලා මම මෙතැන නවතිනව...ඔයලමයට ගොඩක් පින්සිද්දවෙනව මට කල මේ උපකාරෙට...අය මට පින්දුන්නා.....තව බස් හෝල්ට් එකට තව මට තිබුනෙ චුට්ට දුරයි....ටවුමෙ සෙනග හිටිය හින්ද බයක් දැනුනෙ නෑ.....දැන්නම් අට පහුවෙලා ..එයාල දැන් ලගම ඇති.....මම කල්පනා කලා.....ටික වෙලාවකින් මගේ ටෙලිපෝනය නාදවුනා....මම ඒක අතට ගත්ත....මහත්තයගෙ නොම්මරේ නෙවෙයි වෙන නොම්මරයක්....කවුද මේ...මම කල්පනා කලා.....
No comments:
Post a Comment