(ජීවිතය සුන්දරයි 22)....................... .........මම මෙහෙම ඉන්නවට මුදලාලිත් මොකුත් කිව්වෙ නෑ...ඒවුනාට ......උඹ ගවුමක් ඇදගත්තනම් කෙල්ලෙක් වගේනෙ බන්....කියල හිනාවුනා.ඒකනෙ මුදලාලි මාත් මේ ලමයට කිව්වෙ.....ජෝන් මාමත් හිනාවුනා. මාව කෙල්ලෙක් වගේ කියල කවුරු හිනාවුනත් කොලොප්පන් කලත් මට ඒව ගානක් නැතිවුනා. මාව කෙල්ලෙක් වගේ කියල එයාල කියනකොට හරිම සතුටක් දැනුන. මොකක් හරි කරදරයක් වෙයි කියල කෙල්ලෙක් වගේ ඇදගෙන වැඩකරන්න බය හිතුන.....මේ විදියට මාසයක් පමන ගතවුනා ..අපිට නිවාඩු තිබුනෙ පෝය දාට. එදාට හෝටලේ වහනව.පහුගිය පෝය දවස් වල කොහේවත් යන්නෙ නැතුව කාමරේම හිටිය. මට හිතුන මේ පෝයට ශ්රී මහාබෝධිය රුවන්මැලිසෑය වදින්න යන්න. එදාට කෙල්ලෙක් වගේ ඇදගෙන ගියොත් මොකුත් වෙයිද මම කල්පනා කලා. පලවෙනි දවසෙ නිකන් ගිහින් බලනව....අවුලක් පේන්නෙ නැත්නම් ඇදගෙන යනව..මම එසේ සිතුවා....පෝය දිනේආව මම මුදලාලිට කිව්ව සිද්ධස්ථාන වදින්න යනව කියල....අපේ ගෙදර ඔක්කොම ගමනක් යනව...ප්රස්නයක් නෑ මුරකාරය ඉන්නවනෙ..මුදලාලි කිව්ව....අපේ හෝටලේ මුරට එක්කෙනෙක් හිටිය හින්ද අපි එච්චර බයෙන් නෙවෙයි හිටියෙ.....උදේ නැගිට්ට මම කලිසමකුයි සුදු කමිසෙකුයි ඇදගෙන ගියා. මම කවදවත් මෙහාට ඇවිත් නොතිබුන හින්ද පාර අහගෙන ගියා. රුවන්වැලි සෑය ගාව සෙනග හිටිය. වැඩි වෙලා හිටියෙ නෑ ...මාව අදුනන කෙනෙක් දැකල ගෙදරට කියයි කියල බය හිතුන. කෙල්ලෙක් විදියට ඇඩගෙන ආවනම් ගැටලුවක් නෑ...කල්පනා කල මම ආපහු හෝටලයට ගියා.....කාමරේට ගිය මම දොර වහගෙන සුදු සාය බ්ලවුස් එක ඇදගත්ත...ඉස්සෙල්ල මුර කරන අන්කල් කොහේද ඉන්නෙ කියල බලන්න ඕනැ.....සායට උඩින් සරමක් ඇදගත්ත ...බ්ලවුස් එක වැහෙන්න කමිසෙ ඇදගත්ත මම....පොඩි බෑක් එකක් අතට අරගෙන එලියට ගියා....හිමින් සැරේ මුර අන්කල් ඉන්න දිහා බැලුව....මම දැක්ක එයා මුදලාලිගෙ ගේ පිටිපස්සට යනව....ඉක්මනට සරමයි කමිසයයි ගැලෙව්ව මම...ඒ දෙක බෑක් එකේ දාගෙන. පාරට ගියා.....සෙනග වැඩි තැන්වල කාන්තා බෑක් ගැහැනු සෙරෙප්පු විකුනන කඩ තිබුන.....හෑන්ඩ් බෑක් එකක් බලන කොට ගන්න මිස් කියල තරුන කෙල්ලෙක් එලියට ආව ....මම තියෙන්නෙ පිරිමි කටහඩක්....මට මතක් උනා ඒ දවස් වල අයියගෙ කාමරේ ඉදගෙන කෙල්ල වගේ ඇදන් කටහඬ මාරු කරගෙන අයියත් එක්ක කතා කරනව...ඒ වෙලාවට අයිය කියනව මතක් උනා ඔයාගෙ කටහඩත් කෙල්ලෙක්ගෙ වගේ කියල...ඊට පස්සෙ කීප දවසක් මාත් කෙල්ලෙක් විදියට කතා කරන එක පුරුදුවුනා.....මම එක පාරටම කටහඬ මාරු කරගත්ත....කීයද අක්කෙ මේක ...මම කෙල්ලෙක් වගේ ඇහුව.....එයාට මගෙ කිසිවෙනසක් දැනුනෙ නෑ කියල තේරුනා....එයා ගාන කිව්ව....මම හොද එකක් තෝරගෙන අරගත්ත.....ටික එහායින් සෙරෙප්පු තියනව දැක්ක එතනට ගිහින් සෙරෙප්පු දෙකකුත් ගත්ත.....හෑන්ඩ් බෑක් එකත් කරේ එල්ලගෙන සෙරෙප්පු දෙකත් දාගෙන නියම කෙල්ලෙක් වගේ රුවන්වැලි සෑයට ගියා.....ටික වෙලාවක් සෑය වැදල ..සිරි මහා බෝධිය ගාවට ගියා.....මට ඇතුල් වෙන්න තිබුනෙ ගැහැනු ඇතුල්වෙන පැත්තෙන්.....පොලිස් කාන්තාවක් මා දිහා බලා හිටිය..මාව චෙක් කරයි කියල බය හිතුන..ඒත් චෙක් කලේ නෑ....ඇතුලට ගිහින් බෝධිය වැන්ද. වැඩිපුර ගැහැනු ඉන්න තැනකින් වාඩිවුනා....මටත් හිතුනෙ මාත් එයාල වගේ ගැහැනියෙක් කියල.....වැදල ප්රාර්තනා කලේ මාවත් නියම කෙල්ලෙක් බවට පත්වේවා කියල. දහවල් දන්සැලක් තිබුන හින්ද ඒකෙන් කෑම කෑව.ගමේ අය ඇවිත් හිටියත් මම හසිත කියල එයාලට අදුනන්න බෑ කියල දැන් මම දන්නව...ඒ හින්ද බය හිතුනෙ නෑ....ටිකවෙලාවකින් ලිංගය බැදල තිබුන ගැටය ගාවින් රිදෙන්න ගත්ත දැ මොකද කරන්නෙ....කල්පනා කලා. ලැට් එකක් හොයාගෙන ගියොත් හරි...මම ලැට් එක හොයාගෙන ගියා...එතැන පෝලිමක් තිබුන කාන්තා පැත්තෙ තමා පෝලිම තිබුනෙ.පිරිමි පැත්තෙ කවුරුවත් හිටියෙ නෑ....අද මම කොහොමද පිරිමි පැත්තට යන්නෙ....ගැහැනු පෝලිමට එකතුවුනා.සෑහෙන වෙලාවක් හිටපු හින්ද වේදනාවත් වැඩිවුනා ඒත් ඉවසගෙන හිටිය.....යන්තම් ඇතුලට ගියා....දොර වහගත්ත...වටපිට ගැහැනුඅය ගලවල විසිකරපු පෑඩ් තිබුන.. මම ඒව දැකල තිබුනෙ නැති හින්ද .ගැටේ හරි ගස්සගෙන ඒව පරීක්ශා කලා ඒවයෙ ලේ ගෑවිලා තිබුන....කෙල්ලන්ට මාසෙ වෙනකොට මෙහෙම වෙන්න ඇති....මාවත් කෙල්ලෙක් උනානම් මේවගෙ දේවල් වෙනව....මට පිලිකුලක් හිතුනෙ නැත්තෙ මාත් කෙල්ලෙක් කියල හිතාගෙන හිටිය හින්ද...පැන්ටිය සකස් කර ගත්ත මම එලියට ගියා....තූපාරාමෙ ගාවට ගිහින් වැදල ආයෙත් රුවන් වැලි සෑය ගාවට ගිහින් මලුවෙ වාඩිවෙලා හිටිය....කරුවල වැටෙනකම් මේ විදියට ඉන්න ඕනැ...මම හිතාගත්තා...මට ආපහු යන්න හිත දුන්නෙම නෑ....හැමදාම මෙහෙම ඉන්න ඇත්නම්...මට හිතුනා....තව පොඩ්ඩකින් ඉර බහීවි රෑවෙලා කෙල්ලෙක් පාරෙ යනකොට අවුලක් වෙයි කියල...මම ආපහු යන්න පිටත්වුනා....මම හෝටලේ ගාවට යනකොට මුර අන්කල් හෝටලේ ඉස්සරහ ඉදගෙන පාර දිහා බලාගෙන ඉන්නව...දැන් ඇතුලට යන්නෙ කොහොමද...මට විශාල ගැටලුවක් ඇතිවුනා.....මම ඒපාරෙම හෝටලේ පහුකරගෙන ටික දුරක් ගියා....ආයෙත් ආපහු හැරිල ආව..ඒත් එයා එතනමයි....ආයෙ ගිහින් එනව....මම කොන්ඩ කටු තියෙන කඩේකට ගියා....කටු කීපයක් අරගන්න කොට රෑවීගෙන එනව...රෑවුනාම කෙල්ලෙක් විදියට තනියම පාරෙ යන්නත් බයයි....මම ආයෙත් හොටලේ පැත්තට ගියා.........
No comments:
Post a Comment