Monday, June 27, 2016


(ජීවිතය සුන්දරයි 29).............................................ඇයි මොකක්ද ප්‍රශ්නෙ ......මට බය හිතෙනව මහත්තය......ඒ මොකටද බයවෙන්නෙ......මහත්තය දන්නවනෙ මම ගැහැනියෙක් වගේ ඇදගෙන හිටියට පිරිමියෙක් කියල.....මම ඔහුට පැවසුවා....ඉතින් මට ඒකෙන් ගැටලුවක් වෙන්නෙ නෑ කියල එදා කිව්වනෙ.....මහත්තයට මේක ගැටලුවක් නොවුනට වෙනකෙනෙකුට මා ගැන සැක හිතුනොත් ගැටලුවක් නේද...මම ඇහුවා.....එහෙම ගැටලුවක් වෙන්නෙ නෑ ඒකෙ වගකීම මම ගන්නම්....ඔහු පොරොන්දුවුණා....මහත්තය මම වැඩකරන තැන මුදලාලිට මම අස්වෙනව කියල කිව්වෙ නෑ....මට තව දවස් තුන හතරක් දෙන්න...මම කිව්ව.....හරි ඔකේ ....කියල එයා ටෙලිපෝනය තිබ්බ....පසුවදා මම මේ සාකච්චාව මාමට කිව්ව....අනේ මම දන්නෙ නෑ ලමයො...සමහර විට ඕකෙන් උඹට හොදක් වෙන්නත් පුලුවන්.....මාම කිව්ව.....කොයි එකටත් දැන්තියෙන්නෙ මුදලාලිට කියන එක....මාම තවදුරටත් පැවසුවා....ඔව් මාමෙ....අදම කියන්න හිතාගෙන ඉන්නෙ....ඒක හොදයි මාම පැවසුවා.....මුදලාලි නිදහස් වෙලාවක් බලල මම මුදලාලි ගාවට ගියා.....මොකද....මුදලාලි ඇහුව. මුදලාලි මහත්තය මට ගෙදරින් කතාකලා...මම යන්න කියල හිතාගෙන ඉන්නෙ.....ඒ මොකද බන් එක පාරටම....එතකොට කවද්ද ආපහු එන්නෙ....මුදලාලි ඇහුව....ආපහු එන්න වෙන්න වෙයි ද දන්නෙ නෑ මුදලාලි මහත්තය...මම කිව්ව...මුදලාලි ජෝන් මාම හම්බවෙන්න කුස්සියට ගියා.....බාස් උන්නැහැ මේක යන්න හදනව ....මුදලාලි කිව්ව....කමක් නෑ මුදලාලි කොල්ලගෙ අම්ම එන්න කියනවලුනෙ...මම කොහොම හරි මේ වැඩ ටික කරන්නම් මුදලාලි වෙන කෙනෙක් හොයල දෙන්නකො....මාම මා පැත්තට කතා කලා....උඹ කවද්ද බන් යන්නෙ....මුදලාලි ඇහුව. තව දවස් තුන හතරකින් යන්න ඉන්නෙ....මම කිව්ව. කමක් නෑ ඔක්කොටම වඩා තමන්ගෙ අම්ම ලොකුනෙ.....පවසූ මුදලාලි....මට යන්න අවසර දුන්න.......
කුස්සියෙ නන්ගි යන්නලු හදන්නෙ නේද ....හෝටලේ වැඩකරන අය මගෙන් ඇහුව....මම ඔව් කිව්වම එයාල ඇහුව අලුත් රස්සව හොදද කියල....මොන රස්සාවක් ද ලමයිනේ මෙයා යන්නෙ ගෙදර...මෙයා මේ ගෙදරින් තරහ වෙලානෙ මෙහාට ඇවිත් ඉදල තියෙන්නෙ.....මාම එයාලට කිව්ව.....ආයෙත් තරහ වුනොත් මේපැත්තෙ වරෙන්....ඔවුන් කිව්ව...ඇයි උබලට මේක නැතුව බැරිද ....මාම ඔවුන්ගෙන් ඇහුව. කුස්සියෙ නන්ගි උයන කෑම රසයි.....ඔවුන් හිනාවෙමින් කිව්ව....උඹල එහෙනම් මම උයන ඒව කන්නෙ නැතුව විසිකරනව.....මාම ඔවුන්ට බැන්න......මුදලාලිගෙ කැමැත්ත ගත්තට පස්සෙ මම සන්ජීව මහත්තයට කතාකලා.....එහෙනම් අනිද්ද අපි එනව එක්ක යන්න....මම කොලඹ බස් නැවතුම් පලේ ඉන්නම් .....මහත්තෙල උදේ අටවෙනකොට එන්න....මම කිව්ව.....මම මේගැන මාමට කිව්ව....ඔය ලමය දැන් යන්න හිතාගෙන ඉන්නෙ පිරිමි ඇදුම් ඇදගෙනද.....ඔහු ඇහුව...අපෝ නෑ කෙල්ලෙක් වගේ යන්නෙ...මම උත්තර දුන්නා. එහෙනම් මෙහෙ ඉදන් යන්න බෑනෙ බන්. වෙනද වගේ රෑ අපේ ගෙදර ඉදන්. පාන්දර පිටත් වෙයන්. මම ඔය ලමයව බස් හෝල්ට් එකට ගිහින් ඇරලන්නම්...... මාම එසේ පැවසූ විට මගේ සිතට සතුටක් ඇතිවුනා. මාව මෙහාට හදුන්වාදුන්න කඩේට ගිහින් ඒ මුදලාලිටත් මම යනබව කිව්ව.....ඔය ලමයට කෙලෙහි ගුන මතක තියනව නේද....ඔහොම අය ගොඩක් අඩුයි ..කිව්ව ඒ මුදලාලි මට ආසීර් වාද කලා....නැවත හෝටලයට ගිය මට ..මම මෙතැන සිටින අව්සන් දිනය අදබව මතක් වුනා....මම සැමට මේ ගැන පැවසුවා.....මම මුදලාලිට දනගහල වැන්ද....දරුවො ආයෙත් මොකක්හරි ගැටලුවක් උනොත් මෙහාට වරෙන්. මම උබ බව අමතක කරන්නෙ නෑ....හොදට අවන්කව වැඩකරන එවුන්ට කොහේ ගියත් හරියනව බන්...කිව්ව මුදලාලි මට සල්ලි කොලයක් දුන්න....මම කීයද කියල බැලුවෙ මුදලාලි මා මෙහාට ආ වෙලේ දුන්න අවවාදය මතක් උන නිසා....රුපියල් පන්දාහේ කොලයක්...මට සතුටක් ඇතිවුනා.....මම රෑ මාමත් එක්ක යන්න හදනකොට .....මුදලාලි මට සුබපැතුවා......මම මාමගෙ ගෙදරට ගිහින් කාමරේ දොර වහගෙන උදේට ඇදගෙන යන ගවුම් ලැස්ස්තිකර ගත්ත. මීට පස්සෙ මේ පිරිමි ඇදුම් වැඩක් වෙන්නෙ නෑ....මගේ පිරිමි ඇදුම් ටික වෙන්කරගෙන වෙනම ඉටි උරේකට දැම්ම.....ගැහැනු ඇදුම් ටික අලුතින් ගත්ත බෑක් එකේ අහුර ගත්ත. ගෙදරින් ගෙනා බෑක් එකත් ඒක ඇතුලට දාගන්න පුලුවන්වුනා. එදත් නින්දට ගියේ නයිට් ගවුම ඇදගෙන....පාන්දරින් ඇහැරිලා මූන හෝදගෙන යන්න ලෑස්තිවුනා....රෑ කන්වල පලදා ගත්ත රත්‍රන් කරාබු දෙක ලස්සනට දිලිසෙනව... කන්නාඩියෙන් දැක්ක මම ඒව ආශාවෙන් අත ගෑව ...දැමට මේ කරාබුදෙක හැමදාම උනත් දාගෙන ඉන්න පුලුවන්....ඇදගත්ත ගවුමත් ලස්සනයි......චේන් එක කරට දාගන්නවද ...මම කල්පනා කලා....පාන්දර හින්ද වලලු ටිකයි මාලෙයි දැම්ම දාගන්න හොදනෑ ඒ ටික හෑන්ඩ් බෑක් එකේ දාගත්ත සල්ලි ටිකත් ඒකට දාගත්ත....කොන්ඩෙත් කෙල්ලො පීරන විදියට පීරලා....කටු ගහගත්ත. දැන් මාව පේන්නෙ නියම කෙල්ලෙක් වගේ....ලින්ගය පිටිපස්සට නවල ඇදල බන්ද හින්ද පැන්ටිය ඇදම හොදට තදවුනා....අලුත්ම රේසරයකින් රැවුල කැපුව හින්ද මුහුන සිනිදුවට අත ගෑවෙන බව දැනුනේ මුහුනේ පවුඩර් තවරන විටයි.....දැන් ඔක්කොම හරි යන්න විතරයි තියෙන්නෙ....මාමත් ලෑස්තිවෙලා....එලියට ආව.....මාමෙ මෙතන ඇදුම් වගයක් තියෙනව....කාට හරි දුප්පත් කෙනෙකුට දෙන්න....මම වෙන්කරල ඉටි බෑක් එකට දැම්ම මගේ පාවිච්චිකල පිරිමි ඇදුම් ටික මාමට දුන්න......එතකොට ඔයලමයට ඇදුම්....මාම ඇහුව......මට දැන් පිරිමි ඇදුම් ඕනැනෑනෙ මාමෙ.....මම කිව්ව.....එතකොට පිරිමි අදුම් ටික ඔක්කොම අයින් කලාද.....මාම ඇහුව....මම ඔව් කිව්ව......කීපයක් හරි තියාගනින් හදිස්සියෙ ඕනැවුනොත්....මාම කිව්ව.....කෙල්ලෙක් විදියට ඉන්න බලාපොරොත්තුවෙන් ඉන්න මට හදිස්සියටවත් පිරිමි ඇදුම් අදින්න ඕනැ නෑ......අනේ මම්ද කිව්ව...මාම ඇදුම් ටික කාමෙරේ ඇතුලට දාල. දොර වැහුව....දැන් ඔක්කොම හරිද .....එකක් බැරිවුනානෙ කිව්ව මම මාමගෙ කකුල් දෙක අසල දනගහල වැන්ද....මාම මට ගොඩක් උදව්කලා මම මාමට ඒකට නයගැත්යි....මම කිව්ව....ඕව මොනවද දරුවෝ උඹට හරියනවනම් මට ඒ ඇති....මාම දුකෙන් කිව්ව.....

No comments: