Tuesday, June 7, 2016
(දෙවෙනි උපත 10)...........................................දිනෙන් දින චූටි අයියාගේ කනස්සලු බාවය වැඩිවෙන බව මා දුටුවෙමි....මගේ ගැහැනු අදුන් ඇන්දත් ඔහුට අවසය වූයේ ගැහැනු ලමයක් වීමටය.ඔහු ඒ සදහා දේවාලයෙන් යම් පිහිටක් ලබාගැනීමට උත්සාහකලත් ඒ උත්සාහ අසාර්තක වූබව පැවසුවේය.ඔහුට තිබුනු එකම පිරිසරන නැවත මාසමග මාරුවීමය..මට නැවත පිරිමියෙකු වීමට තිබුනු දැඩි අකමැත්ත එයට භාධාවක් විය.....දවසින් දවස චූටි අයියාගේ ගතිගුන වෙනස් වෙන බව පෙනෙන්ට තිබුනි. සතුටින් සිටි ඔහු ගෙදර කිසිවෙකු සමග එතරම් කතාවක් නොතිබුනි.මාව මගහරින බවක් දක්නට ලැබුනි.....මොකද අයියෙ....අයිය දැන් ඉස්සර වගේ නෙවෙයි අපිත් එක්ක තරහ වෙලාද?...මා ඇසුවෙමි...තරහවුනයි යාලුවුනයි කියල මොනව කරන්නද නංගි මට දැන් ජීවිතෙත් එක්ක එපාවෙලා තියෙන්නෙ....අනේ අයියෙ එහෙම හිතන්න එපා දේවාලෙට ගිහින් මොකක් හරි කරගන්න....මම කීවෙමි......දැන් කීපාරක් ගියාද වැඩක් වුනේ නෑනෙ.....ඔහු කීවේය.....ඔහුගේ මෙම මානසික ගැටලුව නිසා අයියගේ ජීවිතයට යම් කරදරයක් වෙයිද?....මට බියක් ඇතිවිය.මම දැන් සතුටින් ජීවත්වෙන්නෙ අයිය හින්ද.මම කොහොමද එයාට කරදරයක් වෙනව බලා ඉන්නෙ.......එයාගෙ සිරුර මට දීල එයා දැන් විදවනව....මට ඔහු ගැන දුකක් ඇතිවිය.....ඔහු දුක් විදිනු බලා සිටීමට බැරි නිශා මම තීරනයක් ගත්තෙමි.මට මගේ ජීවිතේට වඩා අයියගෙ ජීවිතේ වටිනව...අවසානයේ මා තීරනයක් ගත්තෙමි.....අයියට කෙල්ලෙක් වෙන්න ඕනැමද....දිනක් අයියාගෙන් ඇසුවෙමි......මම මේ මෝඩ වැඩේ කරගත්තෙ නැත්නම් මම අද ඔයා වගේ ලස්සන කෙල්ලෙක්....ඔහු ඉතාමත්ම දුක්මුසුව පැවසුවේය. ...මම තීරනයක් ගත්ත අයියෙ.....මම කීවෙමි....ඒ මොකක්ද....ඔහු ඇසුවේය.....මම දැන් ඉන්නෙ ඔයාගෙ ශරීරයේනෙ ඔයා ඔය විදියට දුක් විදිනකොට මම කොහොමද ඔයාගෙ ශරීරෙ ජීවත් වෙන්නෙ....මම ආයෙත් මේක ඔයාට දෙනව......මම පැවසුවෙමි...එතකොට නංගි කැමතිද ආයෙත් කොල්ලෙක් වෙන්න....අකමැතියි කියල හරියන්නෙ නෑනෙ. ඒ දේවාලෙ තිබුනෙ නැත්නම් මම තාමත් අයිය වගේ කොල්ලෙක්නෙ....ඔයාගෙ උරුමෙ ඔයා ගන්න .....මේක මගේ ලබාඋපන් හැටි කියල හිත හදා ගන්නව.....මම කීවෙමි....අපි දිනයක් දාගෙන දේවාලෙට යමු......මම පැවසුවෙමි.....මම මෙසේ පැවසුවත් ඔහු මේ ගැන එතරම් සැලකිල්ලක් නොදක්වන බව දින කීපයකදීම දැක ගැනීමට ලැබුනි......අයියේ දේවලෙට යන්න දවසක් දාගන්නකො.....මම මතක් කලෙමි....අනේ මන්ද නංගි ..මම දන්නව ඔයා එච්චර කැමැත්තෙන් නෙවෙයි මේ තීරනේ ගත්තෙ කියල.....ඔහු කීවේය....නෑ අයියෙ කැමැත්තෙන් තමයි අපි යමු.......මම කීවෙමි.....අම්මා අසලට ගිය මම ...අම්මෙ අයිය කියනව එයාට ආයෙත් මාරුවෙන්න ඕනැ කියල.....ඒ මොකද හිටිහැටියෙ....අම්මා පුදුමයෙන් මාදෙස බැලිවාය....ඉතින් ඔයා මොකද කිව්වෙ...මගෙන් ඇසුවාය......මම අද මේ විදියට හිටියට මේ ඔක්කොම එයාගෙනෙ අම්මෙ.....මම කීවෙමි......ඔයා ලස්සන කෙල්ලෙක් වෙනකොට එයාට ආයෙත් ආශ හිතෙන්න ඇති ඔයා වෙන්න.....අම්මා කීවාය....වෙන්න ඇති අම්මෙ....මම කීවෙමි.....එහෙනම් ඉතින් දේවාලෙට යන්න ලෑස්තිකරගන්න.....අම්මා අපිට අවසර දුන්නාය.......මෙවර දේවාල ගමන ගියේ මාත් අම්මත් තාත්තත් අයියත් පමනි.....පොඩි දරුවා කිසි කැමත්තකින් නෙවේ ඔය තීරනය අරන් තියෙන්නෙ....එයාගෙ අයිය ගැන අනුකම්පාවෙන්.....මම මේකට විසදුමක් දෙන්නම්....පැවසූ කපුමහතා.....දින හතක් පහන පත්තු කිරීම සදහා තෙල් ස්වල්පයක් දුන්නේය....මේක හරි ගියහම මාස හයක් ඇතුලත මෙහාට එන්න මතක තියාගන්න නැත්නම් කරපු දේ වෙනස්වෙයි.....පැවසූ කපු මහතා පූජාව අවසන් කලේය.....තෙල් ටික රැගෙන ගෙදර පැමිනි අයියා මට කල පරිදිම ඔහුගේ ඇද අසල පහන පත්තු කලේය.....මට මේ දවස් ටික විතරයි මේ විදියට කෙල්ලෙක් වෙලා ඉන්න පුලුවන් ආයෙත් ඉතින් ඉස්සරවගේ ජරා පිරිමි කම තමා....මම දුකින් කල්පනා කලෙමි...කමක් නෑ මේ ගැහැණු ජීවිතේ මට උරුම ජීවිතයක් නෙවෙයි....මම පිරිමියෙක් වෙලා උපන්නෙ මොකක් හරි පවක් ගෙවන්න වෙන්න ඇති මැරෙනකම් ඒ කරුමෙ ගෙවපුවාවෙ......මා සිත හදා ගත්තෙමි..........
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment