Wednesday, June 1, 2016

(දෙවෙනි උපත 1)....................................මොකක්ද පුතේ ඔය ඇදගෙන ඉන්නෙ.. ඔයා කොල්ලෙක් නේද ලැජ්ජ නැද්ද නංගිගෙ ගවුන් ඇදගෙන කෙල්ලෙක් වගේ ඉන්න......අම්මා කවදාවත් නැතුව මට නංගිගේ ගවුමක් ඇද සිටිනවිට දොස් කියන්න විය.....ඉතින් වෙනදටත් අදින්නෙ....මම ඇසුවෙමි.....මම හිතුවෙ නිකන් සෙල්ලමට අදිනව කියල. දැන් බලනකොට හැමදාම අදිනවනෙ.ඕක පුරුද්දකට යන එක හොද නෑ.....අම්මා කීවාය......ඉතින් නංගිත් හැමදාම ගවුන් අඳින්නෙ මම ඇන්දහම මොකද.....මම ඇසුවෙමි.....එයා කෙල්ලෙක් ඔයා කොල්ලෙක් කොල්ලො ගවුන් අදින්නෙ නෑ....ඇගේ පිලිතුර විය.....ඉතින් මාත් කෙල්ලෙක්නෙ......ඔයා කෙල්ලෙක් වෙන්නෙ කොහොමද......අම්මා ඇසුවාය....ඉතින් මගෙත් අත් කකුල් ඔක්කොම නංගිගෙ වගේනෙ.....නන්ගිවගේ වෙන්නෙ කොහොමද .....ඔයා වෙනස්නෙ ....අම්මා ඇසූවිට....ඒ ඉතින් අම්ම මගෙ කොන්ඩෙ වවන්න දෙන්නෙ නෑනෙ.කොන්ඩෙත් වැව්වනම් නන්ගි වගේමනෙ......මම පැවසූවිට...මට තේරෙන්නෙ නෑ ඔයාට ඕව පැහැදිලි කරන්න මන් කිව්ව දේ කරනව ..ඔය ගවුම ගලවල කලිසමක් ඇදගන්නව.....අම්මා කේන්තියෙන් මෙන් කීවාය....එහෙත් මම එය නොගලවා සිටින විට අම්මා සැරකලාය..බියවූ මම කලිසම ඇදගත්තෙමි. මෙම සිදුවීම සිදුවී දැනට අවුරුදු දෙකක් පමන ගතවිය. දැන් වයස අවුරුදු දයක් වූ මට වූ මට තවමත් මා කොල්ලෙක් යන හැගීම ඇතිනොවන බව තේරුනි....මා නිතරම සිතා ඉන්නේ නංගී මෙන් ගැහැණු ලමයෙක් ලෙසටය. මට තවත් අයියලා දෙදෙනෙක් සිටියද . ඔවුන් නියම කොල්ලන් ලෙස සිටින බැවින් නිතරම අම්මා මට අයියලා ආදර්ශයට ගන්නා ලෙස පවසන්ට වූවාය....මා කලිසම් කමිස ඇන්දේ පාසැල් යෑමට පමනක් නිසා තාත්තාද මගේ මෙම පුරුද්ද අතහැරවීමට නොයෙක් උත්සාහ යොදන්ට විය.මට දඩුවම් කල වාරද විය....මට ගවුම් අදින්න නොදුන් දිනවලට නොකා නොබී මගේ දුක පිට කිරීමට පටන් ගත්තෙමි....ආ මේක ඇදගෙන මේ බත්ටික කාහන් ....අම්මා මට ගවුමක් දී .....බත් කෑමට බල කලාය....ඔය ලමය නොකා නොබී ඉන්නවනම් නොකා නොබී ඉන්න කියන්න....මොනවද ඔය කොරන්නෙ ...ඔයා තමයි හුරතල් කරල ඔය ලමයව නරක් කරන්නෙ....ඒවෙලාවට තාත්තා අම්මාට දොස් කීවේය....ඔයානම් කියයි...මෙහෙම නොකා නොබී ඉන්න කොට කොල්ලට මොකුත් උනොත්.....අම්මා හඩමින් තාත්තාට කීවාය.....එවිට තාත්තා කිසිවක් නොකියා නිස්සබ්ද විය......පුතේ ඔයාට හැමදාම ඔහොම ඇදගෙන බෑනෙ...කොහොම හරි ඔය පුරුද්ද අතහැරල දාන්න.....දිනක් තාත්තා ආදරයෙන් මට අවවාද දෙන්ට විය....අනේ මට බෑ තාත්තෙ මම කොල්ලෙක් නෙවෙයි. මට කොල්ලෙක් විදියට ඉන්න බෑ.....මම කීවෙමි.....මාව වෙනස් කිරීමට අපහසු බව දැනගත් අම්මා.....සාත්තර බැලීමටත් කේන්දර බැලවීමටත් යන්නට විය...කව්රුහරි ඉරිසියා කාරයෙක් .පුතාට නීච භන්දනයක් කරල කියල...දේවාලෙන් කිව්ව...ඒක කපන්න ඕනැ....අම්මා තාත්තාට කියනු ඇසුනි....දැන් ඕවගෙ ඒව කීයක් කලාද කෝ එකක්වත් හරිගියෙ නෑනෙ....තාත්තා කීවේය...ඒ වුනාට මේකත් කරල බලමු. අම්මා කීවේය.....ඔවුන් මා වෙනුවෙන් කෙතරම් තොවිල් යාතිකා කලද මගේ කැමැත්ත එලෙසම තිබුනි.....අනේ මන්ද පුතාව වෙනස් කරන්න අපි නොකරපු දෙයක් නෑ.....අම්මා තාත්තාට දුක් බරව කියනු ඇසුනු මට මගේ අම්මා තාත්තා කෙරෙහි දුකක් ඇතිවිය....අනේ මට මොකුත් එපා අම්මෙ මට කෙල්ලෙක් විදියට ජීවත්වෙන්න ඉඩදෙන්න......මා නොයෙක් වර අම්මාට පවසන්ට වූවෙමි.....මගේ පුරුද්ද අත්හැරවීමේ උත්සාහය අත හැර දැමූ ඔවුහු මට කෙල්ලෙක් ලෙස සිටීමට අවසර ලබාදුනි. නංගී ගේ ඇදුම් වෙනුවට අම්මා මට අලුත් ගවුන් ගෙනදුන්නාය....පාසැල් යනබැවින් මගේ කොන්ඩය වැවීමට නොහැකි බැවින් විග් එකක් ගෙනදුන්නාය. පාසැල් නොයන හැම විටම මට කෙල්ලෙක් ලෙසම සිටීමට හැකිවිය. නංගී ඇදුම් මගේ සිරුරට කුඩා වූ බැවින් ඇගේ ඇදුම් ඇද සිටිනවිට ඇගට තද බවක් දැනුනද අම්මා මගේ සිරුරේ ප්‍රමාණයට ගවුන් සපයා දුන් බැවින් සිරුරට අපහසුවක් නොදැනුනි.....නන්ගී කුස්සියේ වැඩ කිරීමට අකමැති වුවද මගේ ප්‍රියතම විනෝදාන්සය වූවේ අම්මා සමග කෑම සෑදීමය. මා නිතර ඇගේ කටවුතු වලට උදව්වූ බැවින්.....ඇත්තටම ඔයා කොල්ලෙක් නොවී කෙල්ලෙක් වෙලා ඉපදුනානම්.....අම්මා නිතර පැවසුවාය .ඒකනෙ අම්මට මම කියන්නෙ මාව කෙල්ලෙක් කරන්න කියෙල.....මම කීවෙමි.....පුලුවන්නම් මම ඒක කරනව පුතේ ....ඒක කරන්නෙ කොහොමද ඔයාට තියෙන්නෙ පිරිමියෙකුට තියෙන ශරීරයක් නෙ.....ඇත්තටම ඔයා කෙල්ලෙක් වෙලා නංගි කොල්ලෙක් වෙන්න තිබුනෙ....මොකද නංගි කුස්සියෙ වැඩවලට හරිම කම්මැලිනෙ.....අම්මා සිනාසෙමින් පැවසූ එම වචන මගේ සිතතුල තදින් කාවැදුනි.....ඇත්තටම එහෙම උනොත්.....මම සිතුවෙමි..................

No comments: