ලබන මාසෙත් මේවගේ යන්න පුලුවන්. සදුනිත් ආවොත් හොදයි. ඒ කෙල්ල හරිම අහින්සකයි...මම ඇත්තටම කෙල්ලෙක් උනානම් එයාගෙ ගෙදරටත් යන්න තිබුන....මට හිතුන.දවසින් දවස මගේ පිරිමි කම මට එපාවුනා. ගැහැනු කමට ලන්වෙන බව තේරුනා.ජෝන් මාමත් මට උයන්න කියල දුන්න....ඔය ලමය ගැහැණු ළමයෙක් උනොත් උයන්න දැනගන්න ඕනැනෙ....එයා කියාදෙන ගමන් කිව්ව....ඕවගෙ ඉන්න සමහර කොල්ලො වල්කමේ යනව මම දැකල තියනව....ජෝන් මාම දවසක් කිව්ව....මට ඒව ඕනැ නෑ මාමෙ...මම කිව්ව....මම හිතුව ඔය ලමයත් ඒ ජාතියෙ කියල. පස්සෙ තමා තේරුනේ ඔය ලමය ඒවගෙ නෙවෙයි කියල....මාම මගේ හොද කියන්න උනා.මගෙ ආශාවන් හැසිරීම ජෝන් මාම දැනගත්තත් කාටවත් කියන්න ගියෙ නෑ. ඒ හින්ද මගෙ කෙල්ලෙක් වගේ කරන දේවල් කවුරුවත් දැනගෙන හිටියෙ නෑ. කොල්ලො මෙන්න උඹේ පඩිය....මුදලාලි මගේ මේමාසෙ පඩිය දුන්න.....මම ගත්ත ගමන් ගනන් කලා....නැත්නම් මුදලාලි බනිනව....රුපියල් අටදාහක් තිබුන...මම හිතුවෙ වැරදිලා දෙදහක් වැඩිය ඇවිත් කියල...මම දෙදහක් අරන් මුදලාලිට දෙන්න හැදුව.....මොකද...මගෙන් ඇහුව....දෙදාහක් වැඩිවෙලා.....මම කිව්ව...උඹට..වැඩිනම් වෙන කාට හරි දීපන්....මම උඹට වැඩියෙන් දුන්න.....මම සතුටින් හිනාවෙලා සල්ලි ටික සාක්කුවෙ දාගත්ත....උඹ ගැන මම බැලුව වෙන එවුන් වගේ නෙවෙයි හොදට වැඩ කරනව. ඒවගෙම අවන්කයි.....මුදලාලි එහෙම කියල ගියා.....මුදලාලිගෙන් වැඩිය සල්ලි ගන්න ලේසිනෑ..මේකනම් උඹේ වෙලාව කොල්ලො.....මාම කිව්ව. මට දැන් වලලු ජෝඩුවකුත් ගන්න පුලුවන්....මම කල්පනා කලා.පහුවදා හවසම වලලු ජෝඩුවක් ගෙනාව... දැන් මට කෙල්ලෙක් වෙන්න අව්සය හැම දෙයක්ම වගේ තියෙනව....මම කල්පනා කලා....මීලග පොහොය දවසෙත් මම එදාවගේම සිල්ගන්න ගියා එදා ඉදගත්ත තැනින් වාඩිවෙලා සදුනිල එයිද කියල බලාගෙන හිටිය ඒත් එන පාටක් නෑ....මගේ හිතට දුකක් ඇතිවුනා.....ඒහරියෙ වෙන ගැහැණු ටිකක් හිටියෙ මම එයාල ලගින් වාඩිවුනා.....එදා වගේ මට හිතවත් වෙන ගැහැනු අය හිටියෙ නෑ. මම සිල් සමාදන් වෙලා බෝධීන් වහන්සේ ගාවට ගියා....එතැන හරිම සිසිලක් ගෙනදුන්න... මම එක තැනකට වෙලා භාවනා කරන්න වාඩිවුනා ටික වෙලාවයි ගියේ මගෙ උකුල මතට මොකක්ද වැටෙනව තේරුනා. ඇස් ඇරල බැලුව . අවුරුදු දෙකක් විතර ගැහැණු ලමයෙක් මගෙ උකුල උඩට වැටිල....මොකද වුනේ මම ඇයව නැගිට්ටවනකොට මේ නන්ගි මෙතැන හිටපු හින්ද හොදයි නැත්නම් දරුවගෙ ඔලුවත් පැලෙනව....මා ගාව තිබුන ගල්ටික දැකල දරුවගෙ අම්ම කිව්ව....නන්ගිටත් රිදෙන්න ඇති නේද ...දුව අතගාන ගමන් මගෙන් ඇහුව.....අනේ නෑ තුවාලයක් වෙන්නෙ නැතුව බේරුනානෙ....කිව්ව මම නැවත බාවනාව පටන් ගත්තා......මට දැන් සිද්ද වෙලා තියෙන්නෙ කෙල්ලො වාඩිවෙනව වගේ කකුල් එක පැත්තකට දාගෙන වාඩිවෙන්න...කෙල්ලෙක් උනාම කොල්ලො වගේ ඕනැ ඕනැ විදියට ඉන්න බෑ ඒ ඔක්කොටම සීමාවල් තියෙනව....කොයි තරම් සීමාවල් තිබුනත් කෙල්ලෙක් වෙන එක හරිම සුන්දරයි.....මම ඉන්න ගමන් කල්පනා කලා....අදත් සිල් අරගෙන ප්රාර්ථනා කලෙ ඉක්මනින්ම කෙල්ලෙක් බවට පත්වෙන්නයි ඉපදෙන ආත්මවල කෙල්ලො වෙලා ඉපදෙන්නයි.....පව් නොකර පින් කරල ප්රාර්තනා කලාම ඒ ප්රාර්ථනාවල් හරියනව කියල බනකටත් කිව්ව.....ඒ හින්ද මමත් එහෙම ගැහැනු කම ප්රාර්ථනා කලා. හවස හය වෙනකොට ගොඩක් දෙනෙක් සිල් පවාරනය කරල ගෙදර යනව දැක්ක මාත් සිල් මුදවල .මාම එන්න කිව්ව තැනට ගියා....අදත් සනිදු ඇවිත් හිටියනම් කිසි පාලුවක් නෑ .....මම කල්පනා කලා.....ඊලග පෝයදවසෙවත් බලනව.....මම ඉන්නකොට මාම ආව එයත් එක්ක ගෙදරට ගියා...එදා වගේම තමා මම හිමින් සැරේ කාමරේට ගියා......
මීලඟ පෝය ලන්වෙනකොට සිල් ගන්නෙ නැතුව ලස්සන ගවුමක් ඇදගෙන ගිහින් සිල් ගන්න අයට උදවු වෙනව කියල හිතාගත්ත....මම මේක මාමටත් කිව්ව....ඒකත් හොද අදහසක් ...මාම මගේ කීම පිලිගත්තා.....එදාටත් මට යන්න වෙන්නෙ මාමත් එක්ක ......
මීලඟ පෝය ලන්වෙනකොට සිල් ගන්නෙ නැතුව ලස්සන ගවුමක් ඇදගෙන ගිහින් සිල් ගන්න අයට උදවු වෙනව කියල හිතාගත්ත....මම මේක මාමටත් කිව්ව....ඒකත් හොද අදහසක් ...මාම මගේ කීම පිලිගත්තා.....එදාටත් මට යන්න වෙන්නෙ මාමත් එක්ක ......
No comments:
Post a Comment