(ජීවිතය සුන්දරයි 26)....................... .....................මට උවමනා උනේ සිල් ඇදුමෙන් තොරව ලස්සන ගවුමක් ඇදගෙන දවසක් සමාජයේ ගැවසෙන්න....මෙ එන පෝය ඒකට යොදාගන්නව .....පෝය දිනේට ඉස්සෙල්ල දිනේ වෙනද වගේම මාමගෙ ගෙදර ගියා. පාන්දරින් නැගිට්ට මම කඩෙන් ගත්ත ලස්සනම ගවුම ඇදගත්ත රත්තරන් කරාබු දෙකයි චේන් එකයි වලලු දෙකයි පැලද ගත්ත. එලියට ආව මාම මාව දැකල පුදුම වුනා කියල මම දැක්ක....මොකද මාමෙ පුදුම වෙලා වගේ...මම ඇහුව...පුදුම වෙන්නෙ නැද්ද දරුවො ඔයා අද ලස්සන කෙල්ලෙක් වගේමයි.....තනියම ගියාට කමක් නෑ අදනම් ටිකක් පරිස්සමින් හිටහන් .....මාම කිව්ව...මම මොකුත් නොකියා හිනා වුනා......අපි යනකොට එලිය වැටීගෙන ආව . සිල්ගන්න යන අයයි වදින්න යන් අයයි පාරදිගේ යනව දැක්ක . මමත් ගැහැනු රන්චුවකට එකතුවුනා.....එයාල එක්ක ටික දුරක් යනකොට එක අක්ක කෙනෙක්...ඔයා තනියමද ආවෙ ..කියල ඇහුව......ඔව්..මම ලග ඉන්නෙ.....තනියෙම යනකොට බය නැද්ද...එයා ඇහුව....එක්ක එන්න කවුරුවත් හිටියෙ නෑ....මම කිව්ව...අනේ පව්..කිව්ව ඒ අක්ක...එන්න අපිත් එක්ක වදිමු...කිව්ව....ඔයා වගේ ලාස්ස්න කෙල්ලෙක් මෙහෙම තනියම එන එක හොද නෑ....දන් කාලෙ ඒතරම් නරකයි නන්ගි....ඇය මට අවවාද දෙමින් ගියා....මම අරන්ගිය පහන්තිර හදුන් කූරු එයාල එක්ක බෙදාගෙන වැන්දා...අපි වදින්න ඕනැ තැන්වලට ගිහින් වැන්ද එතැන අක්කල හතර දෙනෙක් හිටිය හින්ද මටත් තනියක් දැනුනෙ නෑ.....උදේ වරුවේ වැන්ද එයාල ... යන්න පිටත් උනා...අපි යනව නන්ගියේ පරිස්සමින් වැදගෙන රෑවෙන්න ඉස්සෙල්ල ගෙදර යන්න....එයාල යන කොට මට දුක හිතුනා...මම දන්සැලකින් කෑම කාල රුවන්වැලි සෑය ගාව හිටියා....මම සෑය දිහාබලාගෙන හිටියෙ ටිකවෙලාවකින් පොඩි පුතෙක් මාගාවට ඇවිත් අම්මෙ කියල කතා කලා....මම එයා දිහා බැලුව අව්රුදු තුනක විතර පොඩි පුතැක්....අම්මෙ ගෙදර යමු...මට කිව්ව...මේ ලමයට මොකක්හරි මොලේ අමාරුවක් තියෙනවද්ද දන්නෙ නෑ...මම එයා දිහා හොදට බැලුව ..ඒ එක්කම වයස විසි හයක විතර තරුනයෙක් දරුව ගාවට ආව....ඔය ඔයාගෙ අම්ම නෙවෙයි පුතේ....දරුව මගෙන් අහකට ගත්ත. දරුව මගෙ අම්ම කියමින් මා දිහා බලාගෙන අඩන්න ගත්තා...මා ගාවට ආව අවුරුදු තිහක විතර ගැහැනු කෙනෙක් මා දිහා බලල ..මෙයා අපේ නැතිවුන ගීතිකා නංගි වගේමයි....ඔයා කොහේද ඉන්නෙ ....මගෙන් ඇහුව....මේ ලග මම උත්තර දුන්න.....මම දැක්ක ඒ අයියට දරුව නලව ගන්න බෑ කියල එයා දරුවත් අරන් මා ගාවට ආව මම නැගිටල එයාව වඩා ගත්තා.. පුතා මාව බදාගෙන තුරුල් උනා එයා සතුටින් හිනාවෙනව මම දැක්ක....ඔයා බදලද...මම නෑ කිව්ව....මොකුත් වැඩකට යනවද...නෑ හෝටලේක උයන්න යනව....පඩිය කීයක් විතර හම්බවෙනවද...එච්චර නෑ. හය දාහක් විතර...මම කිව්ව...ඔයා කමතිද මේ දරුව බලාගන්න එන්න.....අපි ඔයාට පාලොස් දාහක් දෙන්නම්...වෙන වැඩක් කරන්න ඕනෙනෑ දරුව බලාගන්න පුලුවන්නම් ඒ ඇති.....දරුවගෙ තාත්ත කිව්ව....මහත්තෙල කොහේද මම අහුව...අපි කොලඹ...මහත්තය කිව්ව...ඔය්යගෙ අම්මටයි තාත්තටයි කියල බලමු....ඒ අක්ක කිව්ව. ....මට අම්ම තාත්ත නෑ....එහෙනම් කොහේද ඉන්නෙ...මාම කෙනෙක් ගාව මම කිව්ව...එහෙනම් ගැටලුවක් නෑනෙ....අක්ක කිව්ව...ඒ වුනාට එයාලට කියන්න ඕනැනෙ....මම කිව්ව....අහල බලල කියන්නම් නෝන. මන කිව්ව.. ඔයාගෙ නොම්බරය දෙන්න...මට කිව්ව...ටෙලිපෝන් නෑ නෝන මම කිව්ව...එහෙනම් මේ නොම්මරේට කතා කරන්න. මට එයාලගේ නොම්මරේ දුන්න.....අපි කතා කරන අතර තුර මට තුරුලුවෙලා පුතාට නින්ද ගිහින්...පව් අනේ පුතාට නින්ද ගිහින් දන් ගන්න ගියොත් ඇහැරෙයි මෙයාටම කියල වාහනෙන් තියා ගම්මු.....අක්ක කිව්ව....අනේ තරහ නැතුව...එනවද....අක්ක මගෙන් ඉල්ලුව...මම එයාලත් එක්ක ගියා ..එයාල ඇවිත් තිබුනෙ අලුත්ම ප්රාඩෝ ජීප් එකක ..ලොකු සල්ලි කාරයෝ වගයක්....මට හිතුනා....මම පුතාව පරිස්සමින් වාහනයෙන් තිබ්බ...මට මහත්තයත් එක්ක තනියම පොඩ්ඩක් කතාකරන්න ඕනැ....මම පුතාගෙ තාත්තට කිව්ව... එහෙනම් එන්න කිව්ව මහත්තය....සෙනග නැති හරියකට ගියා....මොකක්ද කියන්න ඕනැ...මගෙන් ඇහුවා...මට ඇතිවුන සිද්දිය මුල ඉදම්ම කිව්ව....පිරිමි කෙනෙක් කියල කියන්නම බෑනෙ....අවසානයේදී මහත්තයා කිව්ව....හරි මම මේක කාටවත් කියන්නෙ නෑ ඔයා පුතගෙ අම්ම වගේ පුතාව බලාගන්න මම ඔයාට හොදට සල කන්නම්.....ඔහු කිව්ව....මම මහත්තයට කෝල් කරල කියන්නම්.....මම අවසානයේදී එයාලට පොරොන්දුවුනා....එයාල කියනව වගේ මට අම්ම කෙනෙක් වගේ චූටි පුතෙක් බලාගන්න තියෙනවනම් කොච්චර දෙයක් ද...මම යනගමන් කල්පනා කලා.....පහුවදා මම මේ කතාව මාමට කිව්ව....බලාගෙන කොල්ලො ඔය කොලඹ ඉන්නෙ ලෝක හොරු ..උඹව මොනවට එක්ක යනවද දන්නෙ නෑ....මම නම් හිතන්නෙ නෑ මාමෙ. එයාල නරක අය කියල....මම කිව්ව......අනේ මන්ද උඹ මෙහෙන් යනව කියල දැන්ම මුදලාලිට කියපන්.....මම නම් ඔය වැඩේට එච්චර කැමතිනෑ.....ඔය ලමයගෙ කැමැත්තනෙ.......මාම කිව්ව.....
No comments:
Post a Comment