Thursday, June 2, 2016


(දෙවෙනි උපත 2)...................................ලොකු අයියගෙ වගේ මගෙත් රැවුල ඇවිල්ල කටහඩ වෙනස් වුනොත් මම කොහොමද කෙල්ලෙක් විදිහට ඉන්නෙ.....මට බයක් ඇතිවිය....අනේ මටනම් බෑ ආයෙත් කොල්ලෙක් වගේ ඉන්න....කෙල්ලෙක් බවට පත්වීමට මම නිතර ප්‍රාර්ථනා කලෙමි....මම පාසැලේදී ගැනුලමුන් අතර සිටිඅතර පිරිමි ලමුන් අතර සිටීමට කැමැත්තක් නොතිබුනි..මගේ ගැහැණු හැසිරීම් නිසා..ගැනු ලමුන් මාව පිලිගත්තද පිරිමි ලමුන් මට විහිලුකරන්ට විය.....මා ගෙදරදී කෙල්ලෙක් මෙන් ඇඳගෙන සිටින බව අපේ පන්තියේ යහලුවන්ට ආරංචි වී තිබුනි....ඇත්තටම උඹ කෙල්ලෙක් ද කොල්ලෙක්ද ...මගෙන් අසනට විය. සමහරු මගේ කලිසම ගලවා බැලීමට සූදානම් විය...ගැහැනු ලමුන් නිසා කිහිපවරක් බේරුනි...මේ අතර බොහෝ බලසම්පන්න දේවාලයක් සම්බන්ධව ආරංචියක් ලැබුනු බව තාත්තා කීවේය....මේ ලමයව බේරගන්න ඒකටවත් ගිහින් බලමු...තාත්තා කීවේය.....එහි යෑමට පෙර මසක පමන කාලයක් මස් මාන්ස වලින් තොරවිය යුතු බවද පැවසීය. පාසැල් නිවාඩු දුන් පසු අපි එහියෑමට සූදානම් වුනෙමු.....සෑහෙන දුරක පිහිටි එම දේවාල අසලට යෑමට කැලේ මැදින් කිලෝමීටර් කීපයක් පයින් යැම්මට සිදුවිය....වන සතුන්ගෙන් ගහන එම ගමනට මග පෙන්නන්නෙකුගේ සහාය ලබා ගැනීමටද සිදුවිය...අම්මෝ මෙච්චර අමාරු බව දන්නවනම් මම නවතිනව ...අම්මා කීවාය. ඇල පාරවල් වැවු අසලින් වැටීතිබුනු එම මග ඉතාමත්ම මනස්කාන්ත විය. කැලයේ බයන්කාර කමත් සවුන්දයිරයත් මුසුවූ මෙම ගමන අපිට විනෝද ජනක විය. ගල් කදක් මුදුනට නැග්ග අපිට දේවාලය දක්නට ලැබුනි. එය ගල් ලෙනක පිහිටා තිබුනු බව පෙනුනි......එහි තිබුනු ගුප්ත බව මට බියමුසු හැගීමක් ඇතිවිය....දිගට වැවුනු රැවුලක් සහ දිග කොන්දයක් තිබුනු තරමක වයසක පුද්ගලයෙක් අපි අසලට ආවේය.ඔහු ඇද සිටි රතු පිරුවටත් ජටාවත් නිසා ඔහු කපුමහතෙකු බව පෙනුනි...මහත්තෙල පොඩ්ඩක් ඉන්න.....පූජාව එහෙම ලෑස්තිකරගෙන අඩගැහුවම ඇතුලට එන්න....ඔහු තාත්තාට කිවේය.....තාත්තත් අම්මත් පූජා වට්ටිය හදන අතර තුර මාත් නංගිත් ගල්පොත්තක් උඩ වාඩිවී සිටියෙමු....අයියලා දෙදෙනා අම්මලාට උදවු කරන බව දුටුවෙමි....තික වෙලාවකින් අපිට කතාකල කපුමහතා ...ගල්ලෙන ඇතුලට ගියේය.....තුවෙනි දරුව ගැනනෙ අහන්නෙ පූජාවට්ටිය ගන්නා ගමන් කපුමහතා ඇසුවේය.....එහෙමයි....තාත්තා පිලිතුරු දුන්නේය.....එයාගෙ පුරුද්දනම් අයින් කරන්න බෑ....ඒකට වෙන විකල්පයක් යොදන්න පුලුවන්....ඔහු පැවසූවිට...අපිට ඕනැ එයාගෙ ඒ පුරුද්ද අයින් කරන්න....අම්මා කීවාය....ඒකනම් කරන්න බෑ ඒක තමා එයාගෙ දෛවය.....ඕකට පිලියමක් කරල දෙන්නම්.....මේ තෙල්ටික ගෙදර අරන් ගිහිල්ල මේ දරුව නිදාගන්න ස්තානයේ රෑ නවයෙන් පස්සෙ දවස් හතක් පත්තුකරන්න...පොඩිම දරුවගෙ හිතේ තියෙන ගැටලුවත් මේකෙම්ම විසදෙයි..ඔහු කීවේ එපමනකි. වෙනත් කිසිවක් නොකියා පිටතට පැමිනියේය......මොකක්ද පොඩි දුවේ ඔයාට තියෙනව කිව්ව ප්‍රශ්නෙ ....අම්මා නන්ගීගෙන් ඇසුවත් පිලිතුරු නොදී සිනාසුනාය......මොකක්ද කරනව කිව්ව පිලියම.....අම්මත් තාත්තත් කතාවෙනු ඇසුනි....අපි දවස් හත මේ පාන පත්තු කරල බලමුකො...අම්මා කීවාය....අනේ මන්ද අපි මේවගෙ වැඩ කොච්චර කලාද....තාත්තා පවසනු ඇසුනි....අපි කැලයෙන් එලියට පැමිනෙන විට රෑ බෝවෙමින් තිබුනි....මේ වෙලාවට අලි ඉන්නව අපිත් සමග වාහනයට ගොඩවූ මගපෙන්වන්නා කීවේය.....අපි බයෙන් මෙන් එම ගමන පිටත් වූවෙමු. ප්‍රධාන මාර්ගයට පැමිණි පසු ඔහු බැස ගිය අතර අපේ බිය පහව ගියේය.....නැවත ගෙදර පැමිනෙන විට රාත්‍රී දොලහ පසුවීතිබුනි.....අද බෑ හෙට ඉදන් පාන පත්තු කරමු...අම්මා කීවාය. මොකක්ද දන්නෙ නෑ පාන පත්තුකරන කොට ලැබෙන විසදුම...පසුදින අම්මා මගෙන් ඇසුවාය....අනේ මන්ද අම්මෙ....මම පැවසූවිට...ඔයාව ඇත්තටම කෙල්ලෙක් වෙයිද...පැවසූ අම්මා සිනාසුනාය....එහෙනම් ශෝක්නෙ...සිතූ මම සතුටින් සිනාසුනිමි.

No comments: