Wednesday, June 29, 2016

(ජීවිතය සුන්දරයි 35).............................................දවල්මොන්ටිසෝරිය ඇරෙන වෙලාව කිට්ටුකරල වාහනේ ආව....මේ වාහනේ ඩ්‍රයිවර් අවුරුදු පනහක විතර වයස අහින්සක පෙනුම තියෙන එක්කෙනෙක්...එයා මාව හොයනව මම දැක්ක....මම එයා ගාවට ගිහින් ලොකු මැඩම් ආවද කියල ඇහුව....ආවෙ නෑ මට ගිහින් මැඩම්වයි බේබිවයි එක්ක එන්න කිව්ව....එයා උටහත් පහත් ලෙස මට කිව්ව....ඇයි මෙයාල මට මැඩම් කියල මේතරම් ගරු කරල කතාකරන්නෙ....මාත් මෙයාලවගේ මේ ගෙදර සේවිකාවක් විතරයි....මට මේ ගැන පුදුම හිතුන....ඇරුනට පස්සෙ පුතත් එක්ක පිටිපස්සෙ සීට් එකට නැග්ග....මම ඉස්සරහ යන්නද අම්මෙ...පුතා මගෙන් ඇහුව....මම එයාට ඉස්සරහට යන්න ඉඩදුන්න.....ගෙදරට ගිය වෙලේ ඉදන් මට තිබුනෙ පුතාගෙ වැඩ....එයා කෑම කාල දෙකට විතර නිදාගන්නව කියල මහත්තයගෙ අක්ක කිව්ව ...මම එයාව මගේ ඇදේ නිදිකෙරෙව්ව.....මට වෙන කරන්න දෙයක් නැති හින්ද මට දුන්න ගවුන් ටික අරගෙන පරීක්ෂා කරන්න ගත්තා.....මම මෙහෙම ගවුන් බලමින් ඉන්න කොට නෝන කාමරේට ආව ....ඇදුන් ටික ඔයාට හරියනවද....නෝන ඇහුව....හරියටම හරි නෝන මටම මහල වගේ....මම කිව්ව....මට ඔයාව දැක්කාම හිතෙනව....අපේ චිත්‍රාන්ගනී නන්ගි මැරිල නෑ ඉපදිලා ආපහු ඇවිල්ල කියල. එයයි මායි එකවගෙද නෝන....මම ඇහුව...ඒක තමා පුතත් රැවටිලා තියෙන්නෙ.....එයා නැතිවුනේ මොනව වෙලාද නෝන....මම ඇහුව. එයාට මොකක් හරි පපුවෙ අමාරුවක් තිබිල හදිස්සියෙ නැතිවුනේ...දැන් මාස හයක් විතර වෙනව...අනේ පව් මට කියවුනා....ඊට පස්සෙ පොඩිපුතාට අම්ම නැති සාන්කාව හැදුන. පුතා අම්මට හරි ආදරෙන් හිටියෙ ඒක වෙන්න ඇති. අපි පුතාට මේක මගහරවන්න නොකල දෙයක් නෑ ....දොස්තරල කීදෙනෙකුට පෙන්නුවද.....ඒත් හරිගියෙ නෑ...එහෙම ඉන්නකොට තමා රුවන් වැලිසෑය ගාවදි ඔය ලමයව හබවුනේ....ඒ හොයාගත්තෙත් පුතානෙ....අපි ඒ දවස් ටිකේම පුතාට හොදවෙන්න කියල ගොඩක් දේවල් කලා භාර උනා ...පින් කලා මම හිතන්නෙ ඒ කරපුදේවලටද දන්නෙ නෑ දෙවියො දුන්න වගේ ඔයාව මුනගැස්සුවෙ....මට ඔය ලමයගෙ නම අහගන්නත් බැරිවුනානෙ.....කව්රුහරි ඇහුවොත් කියන්න කියල සදුනි කියන නම හිතාගෙන හිටිය... ඒ හින්ද .....සදුනි...කියල එකවරම කියවුනා.....දැන් පොඩිපුතා හොදට ඉන්නව මගෙ හිතටත් සතුටුයි....නෝනා නින්ද ගිහින් හිටිය පුතාගෙ හිස අතගාමින් පැවසුවා....සදුනි ඔයාට මොනව හරි අඩුපාඩු තියෙනවනම් කියන්න....ඇය මට කිව්ව....මොකුත් නෑ නෝනා....මට උට ඇදුම් ටිකක්නම් ගන්න ඕනැ ...ලැජ්ජාවෙන් කිව්ව....ඉතින් ශොප් එකකට යමු....නෝනා කිව්ව....මහත්තය එනකොට රෑවෙයි ඒ හින්ද හවස්වෙලා අපි යමු....නෝන කිව්ව.....හවස තේ වෙලාව එනකොට පුතත් ඇහැරුනා...අපි පුතාවත් ලැහැස්ති කරගෙන ශොප් එකට ගියා....අපේ ගමන් වලට මේ කාර් එක තමයි දීල තිබුනෙ....ඒකත් අලුත්ම ජපන් වාහනයක් හින්ද හැම සපපහසු කමක්ම තිබුනා....වාහනේ යන හැම වෙලාවෙම පුතා ඉස්සරහ යෑමට කැමැත්තක් දැක්වූවා....කොල්ලො උනාම ඔහොම තමයි...නෝන කිව්ව....මම කොල්ලෙක් උනාට ඕවගෙ ආශාවල් තිබුනෙ නෑ...පොඩිකාලෙ ඉදන්ම මගේ හිතේ තිබිල තියෙන්නෙ ගැහැනු අදහස්. දැන්තමා මට ඒ අදහස් කිසි ගැටලුවක් නැතුව එලියට දාන්න පුලුවන් වෙලා තියෙන්නෙ.....අපි සාප්පුවට ගියා....පුතාට ඕනැවුනේ සෙල්ලම් බඩු...මටයි නෝනටයි ඕනැවෙලා තිබුනෙ ඇදුම්.....පුතාගෙන් බේරෙන්න බැරි හින්ද එයාගෙ ඒව අරන්දුන්න.....ඊට පස්සෙ අපිගියේ ඇදුම් තෝරන්න නෝන එයාට ඇදුම් තෝරන ගමන් මටත් ගවුම් තෝරන්න ගත්ත.....මට එපා නෝන මට තියනව...මම කිව්ව....ගෑනියෙකුට ඇදුම් වැඩිවෙන්නෙ නෑ සදුනි....මට කිව්ව.....එයා ගෙන් බේරෙන්නම බැරි තන මාත් ගවුමක් ගත්ත.....ඊට පස්සෙ පැන්ටි කීපයකුයි යට සායවල් ටිකකුයි ගත්ත....බ්රෙසියර් නම් තියෙනව...ඒත් තව දෙකක් විතර ගත්තොත් හොදයි...මම පැඩ් තියෙන ඒව දෙකක් ගත්ත.....පුතාටත් ඇදුන් කිහිපයක් අරගෙන ගෙදර ගියා.....අරන් දුන්න සෙල්ලම් බඩුටික අරගෙන පුතා මා ගාවට ඇවිත් මාවත් හවුල් කරගෙන සෙල්ලම් කලා....මහත්තය එනකොට රෑවෙලා තිබුන.. ආව ගමන් මහත්තය මාව හෙවුවේ ....කොහොමද පුතා අව්ලක් නැද්ද,,,මගෙන් ඇහුව.....එයාගෙන් කරදරයක් නෑ මහත්තය....අම්ම නැතිවිච්ච එකේ ගැටලුව තමා එයාට තිබුනෙ..දැන් ඒකහරි......මහත්තයා කිව්ව. ඔයාට ගැටලුව ඇතිවුනේ නෑ නේද....මගෙන් රහසින් වගේ ඇහුවා.....නෑ මහත්තය..මම අද උදේ මොන්ටිසෝරිය ගාව නැවතිලා හිටිය. එතන හිටිය ගැහැනුත් එක්ක කතා කර කර හිටියත් එයාලට මාව අදුන ගන්න බැරිවුනා....මම කිව්ව...හැබැයි ඒ වැඩේනම් භයානකයි පුතා දාල ගෙදර එන්න . ඇරෙන වෙලාවට යන්න....මට කිව්ව....එක අතකට මහත්තය කියන එකත් ඇත්ත කාට හරි මා ගැන පොඩිහරි සැකයක් ආවොත්. ඒ හින්ද පුලුවන්තරම් තනියෙම ඉන්න එක තමා නුවනට හුරු.....මම හිතා ගත්තා..........

No comments: