(දෙවෙනි උපත 7).........................................අපේ නැදෑ පිරිසත් යහලුවනුත් උත්සවයට පැමිනියද මාත් නගිත් මාරුවී ඇතිබව ඒ කිසිවෙකුට නොකීමට ගෙදර සැවොම තීරනය කල නිසා ඔව්න් සිතා සිටියේ මා ඇත්තටම නංගී ලෙසය. මමද නංගී ලෙසම හැසිරීම නිසා ඔව්න් කිසි කෙනෙකුට අපේ මෙම වෙනස සොයා ගනීමට නොපුලුවන් විය.....පුතාගෙ අදහස ඉස්ටවුන හින්ද දේවාලෙට ගිහින් බාරෙ ඔප්පුකරන්න වෙනව.....දිනක් අම්මා තාත්තාට කීවාය...ඒ වුනාට දැම්ම දේවලෙ යන්න හොද නෑනෙ.....තාත්තා කීවාය...කිව්වත් වගේ කොටහලු කිල්ල තියෙනවනෙ.මාස තුනක් පහුවෙලා තමා යන්න වෙන්නෙ ......අම්මා කීවාය.......දුවේ ඔයා දැන් කෙල්ලෙක් උනානෙ. ඔයාට හිතෙන්නෙ නැද්ද කෙල්ලෙක් වෙලා ඉන්න එක කරදරයි. අපරාදෙ කෙල්ලෙක් උනේ කියල......දිනක් අම්මා මගෙන් ඇසුවාය....ඒ මොකද අම්ම හිතන්නෙ කෙල්ලෙක් වෙන එක කරදරයක් කියල....මම ඇසුවෙමි.....කෙල්ලෙක් උනාම තනියම කොහේවත් යන්නත් නෑ...ඒ මදිවට මාසෙ එකත් වෙනවනෙ....අම්මා කීවාය.....කව්රු හරි තනියට ඉන්න එක හොදයිනෙ අම්මෙ...මම කොල්ලෙක් වගේ හිටියනම් අම්මල මාව මෙච්චර පරිස්සම් කරන්නෙ නෑනෙ. දැන් ඔයාල මාව පරිස්සම් කරන්නෙ මලක් වගේනෙ....කොල්ලෙක් උනානම් මට මේ සැලකිලි නෑනෙ....මම මෙසේ පවසන විට අම්මා සිනාසුනාය.....ඒ වුනාට මාසෙවෙන කරදරේ?....අම්මා ප්‍රස්න කලාය....එහෙම වෙන්න ඕනැ තමයි.ඒක ඉතින් කෙල්ලන්ගෙ උරුමෙනෙ....පොඩ්ඩක් කරදර උනත් ඒකට මම කැමත්යි.....මම කීවෙමි....අනේ මන්ද?....පැවසූ අම්මා....මමනම් හිතුවෙ කොල්ලො කවදාවත් කෙල්ලො වෙන්න කැමති නෑ කියල...මට ඔයා ගැනත් හිතුනෙ ආශාවට කෙල්ලෙක් උනාට කරදර එනකොට කෙල්ලෙක් වෙන එක එපා වෙයි කියෙල....අයියෝ නෑ අම්මෙ මම කවදාවත් කෙල්ලෙක් වෙන එක කරදරයක් කියල හිතන්නෙ නෑ.....මම කීවෙමි...එක අතකට බලනකොට අපි ගැහැනු වෙලා උපන්න කියල ඒ හැටි වරදක් නෑ නේද.....අම්මා ඇසුවාය.....අනේ නෑ අම්මෙ මටනම් හිතෙන්නෙ ගෑණු ළමයෙක් වෙලා උපදින එක පිනක් වාසනාවක් කියෙල......දැන් ඔයාට ඒ පිනයි වාසනාවයි ලැබුනනෙ.....අම්මා මගේ හිස අතගාමින් පැවසුවාය.....මම සතුටින් සිනාසුනිමි.....දිනෙන් දින මාව ලමිස්සියකු මෙන් හැඩරුව ඇතුව වැඩෙන්ට විය. ලොකුවෙමින් පවතින මගේ පියයුරු දෙස බලමින් සතුටු වුනෙමි. ඉන සිහින්වී උකුල විශාල වූ අතර. මුලු සිරුරම රූමත් ගැහැණු ලමයෙකුගේ හැඩය ගන්ට විය.......දුව ලස්සන හින්ද ටිකක් පරිස්සම් වෙන්න. වැඩිය කොල්ලො ගාවට යන්න ඒපා....අම්මා නිතර කියන්ට වූවාය. මාව ලමිස්සියෙකු බවට පත්වී මාස තුන පසුවුනු පසු....භාරය ඔප්පු කිරීම සදහා දේවාලයට යෑමට සූදානම් උනෙමු......මේ සදහා පාසැල් නිවාඩු දින සූදානම් කරගත් අතර තාත්තාද නිවාඩු දැමූ බව පැවසුවේය....මුල් දවසේ ගියාක් මෙන් වාහනයක ගිය අතර කැලේ යෑම සදහා මග පෙන්වන කෙනෙකු ලබා ගන්ට විය......ගියවර මා කෙල්ලෙක් මෙන් සැරසී මෙම ගමන පැමිනියද මට තිබුනේ පිරිමි සිරුරකි. එහෙත් අද ගැහැණු ශරීරයක් අයිතිව කැලේ මැදින් ගමන් කරන්ට සිදුවිය. එදා එතරම් අමාරුවක් නොදැනුනත් අද එදා නන්ගීට මෙන් මටද මහන්සි දනුනි.....මහන්සියි නේද දුවේ....අම්මා විශාල ගසක් මුල ඉදගත්තාය.....ගියසැරේ එනකොට මට මෙච්චර මහන්සියක් දැනුනෙ නෑ ...මම අම්මා අසලින් වාඩිවී පැවසුවෙමි.....මොකද නැත්තෙ යන්න බෑ කියකියානෙ ගියෙ......අම්මා එසේ පැවසූ විට....මම?....මම එහෙම අමාරුයි කිව්වෙ නෑ.....මම කීවෙමි.....ඔයා නෙවෙයිනෙ ..ඔයාගෙ නන්ගිනෙ එහෙම කිව්වෙ....අද නන්ගිට ගානක් වත් නෑ...එයා දැන් කොලෙක්නෙ....සිනාසුනු අම්මා.....ගැහැනු අපිට පිරිමින්ට වගේ වැඩිය මාන්සි වෙන්න බෑනෙ.....කීවාය.....අම්ම කිව්ව එකත් ඇත්ත මාව නංගි උනාට පස්සෙ ඉස්සර වගේ නෙවෙයි ඇගේ ශක්තිය අඩුයි කියල තේරෙනව.....මම සිතුවෙමි.....අපි දේවලය අසලට ගොස් මුල් දින මෙන් පූජාව තැබුවෙමු....දැන් දරුවො දෙන්නගෙ ගැටලුව හරිනෙ මේ පූජාව ගෙනා එක හොදඩ්යි අවුරුද්දක් පහුවුනානම් ආපහු වෙනස්වෙනව....පැවසූ කපු මහතා ඔය දෙන්නට ආයෙත් වෙනස් වෙන්න හිතක් ආවොත් දෙන්න එක්කම මෙතනට එන්න.....කීවේය......ඈ දුවේ ඔයාලට ආයෙත් වෙනස්වෙන්න ඕනැද.....අපි ආපසු පැමිනෙන විට...අම්මා ඇසුවාය......අපෝ මටනම් ඕනැනෑ.....මම එකවරම පැවසූවිට.....අම්මෝ මටත් බෑ....චූටි අයියාද කීවේය......කමක් නෑ කවද හරි හිතුනොත් කියන්නකො.....අම්මා පැවසුවාය.....මම නම් හිතන්නෙ නෑ....මම පැවසුවෙමි.....
දිනෙන් දින මගේ රූමත් කම වැඩිවෙන බව දුටු අතර චූටි අයියා ගේ රැවුල වැවෙන බවද දැක ගනීමට ලැබුනි. ඔහු ඒ ගැන ආඩම්බරයෙන් සිටින බවද දැකගැනීමට ලැබුනි. චූටි අයියා සාමානය පෙල විභාගය සමත්වීම මම බෙහෙවින් සතුටට පත්වුනෙමි.....ලගදිම මටත් එම විභාගයට මුහුන දීමට දන්නා මම හොදින් පාඩම් කලෙමි........චූටි අයියා උසස් පෙල සමත්වෙනවිට මට සාමාන්‍ය පෙල සමත්වීමට හැකිවිය.......මම කොල්ලෙක් වෙලාම හිටියනම් මට තිබුන මනසික ගැටලුව නිසා මෙතරම් උනන්දුවෙන් වැඩකර විභාග සමත්කර ගැනීමට නොහැකි වනබව මට සිතුනි.........................
No comments:
Post a Comment