Monday, June 6, 2016


(දෙවෙනි උපත 9)........................................චූටි අයියා ආපසු පැමිනිවිට මම ඔහු ගිය ගමන ගැන ඇසුවෙමි....රස්සාව ගැන බලන්නම් කිව්ව ..ඒකට කරන්න ඕනැ වැඩත් කිව්ව.....ඔහු පැවසුවේය....එහෙනම් ඒ ටික කරන්න එතකොට හරියයි....මම කීවෙමි....මට ආයෙත් කෙල්ලෙක් වෙන්න බැරිද කියලත් ඇහුව....එතකොට හිනාවෙලා ඇහුව ඇයි දැන් පිරිමිකම එපාවෙලාද කියල......මම කිව්ව මීට වඩා ඒ ජීවිතේ හොදයි කියල හිතෙනව කියල......එහෙමනම් නංගිත් එක්ක එන්න කිව්ව...ඒ සැරේ මම කිව්ව එයා ආයෙත් පිරිමියෙක් වෙන්න කැමති නෑ කියල....පස්සෙ මොකද කිව්වෙ ...මම ඇසුවෙමි...එහෙනම්..ඒ වැඩේ අමාරුයි කිව්ව ....හරි වැඩේ දැන් මොකද කරන්නෙ...මම ඇසුවෙමි.....ඒක තමා මාත් කල්පනා කලේ....ජොබ් එකේ වැඩේ හරි ගියොත්. ආයෙත් ගිහින් අහනව....ඔහු කීවේය. අයියා දේවාලෙන් දුන් උපදෙස් පිලිපදින්ටවිය.....සති දෙකක් පමන ගතවිය. චූටි අයියාට රජයේ රැකියාවක්ට පත්වීමක් ලැබුනි. එය ලිපිකාර රැකියාවක් නිසා ඔහු කැමැත්තෙන් එම රැකියාවට යන බව පෙනෙන්ට තිබුනි.....දැන් අයිය බර වැඩ කරන්නෙ නෑනෙ. ඒ හින්ද ගැහැණු ලමයෙක් වෙන්න ඕනැනෑනෙ....මම අයියාගෙන් ඇසුවෙමි....ඒකනම් එහෙම තමයි....ඒත් ඒ ඔෆිස් එකේ කෙල්ලො ලස්සනට ඇද පැලදගෙන සතුටින් ඉන්නව දකින කොට මටත් ආශ හිතෙනව ඒ වගේ ඉන්න....ඔහු කීවේය....ඔයත් සාරියක් ඇදගෙන යන්නකො....මම විහිලුවට කීවෙමි....ආපෝ මට ගල්වලින් ගහල පන්නයි....කෙල්ලො කලිසම් අදිනව වගේ නෙවෙයිනෙ කොල්ලො සාරි ඇනදම.....ඔහු පැවසුවේය.....ඒකනම් ඇත්ත ඔන්නම් මටත් කලිසමක් ඇදගෙන ඕනැ තැනක යන්න පුලුවන් කවුරුවත් මොකුත් කියන්නෙ නෑ....ඒත් අයියෙ මම කැමති නෑ ආයෙත් පිරිමියෙක් වගේ අදින්න....මම පැවසුවෙමි.දැන් අයියාට තිබෙන ගැටලුව ඒ දවස්වල මටද තිබුනු බව මට මතික්විය. ඒ දිනවල මම කුඩා දරුවෙක් නිසා. කෙල්ලෙක් මෙන් සැරසුනත් පිරිමි ලමයෙකුගේ පෙනුම නොතිබුනි....දැන් අයියාගේ මුහුනේ රැවුල. පිරිමි කටහඩ. සිරුරේ හැඩිදැඩි පෙනුම නිසා කෙල්ලෙක් ලෙස සැරසී සමාජය ඉදිරියට යෑමට අපහසු වී ඇත....මෙයා හින්ද තමයි මට කෙල්ලෙක් වෙන්න පුලුවන් වුනේ...මම කොහොමද අයියට උදව් කරන්නෙ....මම කල්පනා කලෙමි...දිනක් මට කතා කල චූටි අයියා....නන්ගි දැන් මම කරන රස්සාව කිසි කරදරයක් නෑ ඔෆිස් එකේ හැමෝම හොදයි.හොද පඩියකුත් හම්බවෙනව....නන්ගි කැමති නැද්ද එහෙම රස්සාවක් කරන්න....මම තාම ඉගෙනගන්නවනෙ....පස්සෙ බලනව....මම කීවෙමි.....සුලු වෙලාවක් මා දෙස බලා සිටි අයිය....ඔයාට මම කරන රස්සාව කරන්න කැමති නැද්ද කියල ඇහුවෙ.....ඔහු කීවේය....මොනවද මේ අයිය කියන්නෙ....කලබලයට පත්වූමම.....ඒ කියන්නෙ අපිදෙන්න ආපහු මාරු වෙමු කියලනෙ...අයියේ...මට ඔය රස්සාව තියා මේ රටේ රජකම හම්බවෙනව කිව්වත් මගෙ මේ ගැහැනු කමනම් අත හරින්න කැමති නෑ.....මම මගේ විරුද්ධත්වය ප්‍රකාශ කලෙමි.....මා එසේ පැවසූ විට ඔහු කනගාටුවෙන් මා අසලින් ඉවත් විය....මම එයා ගෙ ශරීරයේ ඉදගෙන ඇයි මට එහෙම කියවුනේ....මට දුකක් ඇතිවිය...පව් අයියගෙ ගෑණු කම නැතිකරගත්තට එයා ගොඩක් දුක් විදිනව.ඉතින් මම කොහොමද මෙච්චර ආශාවෙන් තියාගෙන ඉන්න මගෙ ගෑණු කම ආයෙත් එයාට දෙන්නෙ...එහෙම උනොත් ආයෙත් මාව පිරිමියෙක් වෙයි....අනේ මටනම් බෑ පිරිමියෙක් වෙලා ජීවත් වෙන්න......මම දුකෙන් කල්පනා කලෙමි....කමක් නෑ මම ටිකදවසකට මෙක එයාට දෙනව....මට සිතුනි...එහෙම කලත් එයා ආයෙත් මට ආපහු දුන්නෙ නැත්නම්....මට බය සිතුනි......බෑ බෑ මට බෑ ආයෙත් මගෙ ගැහැනුකම එයාට දෙන්න....මම සිතා ගත්තෙමි......අයියා දිගටම මගේ ඇදුම් ඉල්ලා ගෙන ඇදගැනීමට පුරුදුවිය....ඒ අතර කැමරාවක් මිලට ගත් ඔහු. කැල්ලෙක් මෙන් ඇද සිටින ආකාරය පොටෝ වලින් පෙන්නුවේය....දිනක් අපි දෙදෙනා පමනක් නිවසේ තනිවිය...එදින මා ඔහුට මගේ ලස්සන ගවුන් අන්දවා උපරිම ලෙසම ලස්සන කලෙමි.....ඔහුගේ සිරුරේ තිබුනු හඩිදැඩි පෙනුම නිසා ගැහැණු පෙනුම ලබා දීමට අපහසු විය....මම අද කෙල්ලෙක් උනේ නැත්නම් මම ඇන්දත් මේවගෙනෙ....මට සිතුනි...කෙල්ලෙකු ලෙස ඇද පැලද සිටින විට චූටි අයියා ඉතා සතුටින් සිටින බව දුටුවෙමි....දේවාලෙට ගිහින් මෙයාව මේ විදියටම කෙල්ලෙක් කරගන්න බැරි වෙයිද.....මම කල්පනා කලෙමි....අපි දෙන්නම් ගියොත් අපි දෙන්නව මාරු කරයි....එහෙම උනොත් මට මැරෙන්න වෙන්නෙ.....මටනම් බෑ....සිතූ මම....අයියෙ ඔයා ආයෙත් සැරයක් දේවාලෙට ගිහින් කෙල්ලෙක් කරල දෙන්න කියල ඉල්ලන්න...ඒක තමා මමත් කල්පනා කලේ තව ටිකක් උත්සාහ කරල බලන්න ඕනැ..... මා ඔහුට ඩුන් ගවුමේ හැඩ බලමින් පැවසුවේය.....මම ආයෙත් යනව නන්ගි......මට දැ මේ පිරිමි ශරීරෙ පේනකොටත් අප්‍රසන්නයි.....ඔහු කීවේය.....මම ඔයාට මගේ සරීරෙ නොදී හිටියනම් මාත් ඔයා වගේ ලස්සන කෙල්ලෙක් නෙ......මම කරගත්ත මෝඩ වැඩේ .....ඔහු සෙමින් කොදුරනු ඇසුනි....................

No comments: