Tuesday, June 21, 2016


(ජීවිතය සුන්දරයි 16)............................මම දහයට විතර අයිය හම්බවෙන්න ගියා.....ආ ඔය ලමයද මොකද ආවෙ.....මාව දැක්ක නැන්ද කවදාවත් නැතුව මගෙන් ඇහුව....අයිය හම්බවෙන්න......මම කිව්ව.....මෙහෙ ඇති අයියෙක් නෑ..ඔයා මෙහෙ නාවට කමක් නෑ මෙහෙත් ගැහැණු ලමයෙක් ඉන්නව මට එයාව පරිස්සම් කරගන්න ඕනැ.....නැන්ද මට දොස් කියන්න උනා....අක්ක උදෙන්ම මෙහාටත් ඇවිල්ල මොනව හරි කියල....තේරුම් ගත්ත මම ආපහු ගෙදර ගියා....මට දැන් කවුරුවත් නෑ වගේ.....මම ඇදට ගිහින් අඩන්න පටන්ගත්ත....පහුවදා පාසැල් ගියා....පාසැලේ විවේකකලෙන් පස්සෙ මාලගට ආව යාලුවෙක් .......මොකද බන් උඹ ගෙදරදී ගැහැනු ඇදුම් අදිනව කියන්නෙ.....කවුද කියන්නෙ....මම ඇහුව....උඹේ අක්කනෙ බන් කිව්වෙ...මොන බොරුද බන් .....මම කිව්ව.යාලුව හිනාවුනා මිසක් වෙන කිසිදෙයක් ඇහුවෙනෑ....අක්ක මේව මෙහෙත් කියලනෙ...මෙයානම් මගෙ අක්ක නෙවෙයි මගෙ හතුරෙක්ද කොහේද....මම කල්පනාකලා.
දැන් අක්ක කාමරේ අගුලු දාන හින්ද මට එයාගෙ ඇදුම් අරගන්න බැරිවුනා...ගවුන් අඳින්න ආශාව තිබුනත් ඒක කරගන්න බැරිවුනා....දැන් මා එක්ක අම්ම තාත්තත් වැඩිය කතාකරන්නෙ නෑ....නැන්ද බනින හින්ද එහාට යන්නත් බෑ....පහුවදා පාසැල් ගියාම කෙල්ලො කට්ටියක් මා දිහා බලාගෙන හිනාවෙනව දැක්ක....මම එයාල ලගින් යනකොට. කෙල්ලෙකුට ඇන්දම ලස්සන ඇති නේද...එතැන හිටිය කෙල්ලෙක් මට ඇහෙන්න කියල හිනාවුනා.....අක්ක මේක මුලු ස්කෝලෙටම දීල වගේ....මට හිතුන....උඹ ඊයෙ කිව්වෙ බොරුනෙ බන්....ඊයෙ ගව්න් අදින්නෙ අත්තද අහපු යාලුව මට කිව්ව....ඒ මොකක්ද...මම ඇහුව...උඹේ අක්ක හැම එක්කෙනාටම ඕක කියනව...එයාගෙ ඇදුම් තියාගන්න බැරිලු උඹ ඒව අරන් අදිනවලු.....නෑ බන්...මම පැවසුවත්....මේ නිකන් මට බොරුනොකිය හිටහන්...උඹේ අක්කනෙ කියන්නෙ.....ලැජ්ජ නැද්ද බන් උඹ කොල්ලෙක් නේද....මට අපහාස කරමින් කිව්ව....මට දැඩි දුකක් ඇතිවුනා...මම ගෙදර ගියත් මට අතිවුන මානසික පීඩනය හින්ද හැම දෙයක්ම එපාවුනා....අයිය හම්බවෙලා මේව කියන්න ඕනැ...ඒත් නැන්ද මම එහාට යනවට කැමති නෑ.
පහුවදා පාසැල් ගිහින් එනකොට අයියව හම්බවුනා....මට අයියලගෙ ගෙදර එන්න බෑ....ඒ මොකද...අයිය ඇහුව....අයියටත් ආරන්චි ඇතිනෙ....මම කිව්ව......ඔව් ඔයා අක්කට හිරිහැර කරන්න ගියා කියල අක්ක කිව්ව කියල අපේ අම්ම කිව්ව....අනේ අයියෙ මම එහෙම දෙයක් කලේ නෑ. අයිය දන්නවනෙ මා ගැන. මම එයාගෙ ඇදුම් ඇදගෙන ඉන්නව අහු උනා විතරයි....අනේ මන්ද මල්ලි...ඔක්කොමල විස්වාස කරන්නෙ ඔයා නරක කෙනෙක් කියල....අයිය කනගාටුවෙන් කිව්ව.මම දන්නව අයියට මාව බේරගන්න බෑ කියල ඒ හින්ද මම අයියට මොකුත් කියන්න ගියේ නෑ....දැන් මට ස්කෝලෙ යන්නත් බෑ හැම කෙනාම හිනාවෙනව අපහාස ක්රනව. ගෙදර ඉන්නත් බෑ මාව කවුරුවත් ගනන් ගන්නෙ නෑ.....මීට වඩා හොදයි මැරිල ගියානම්.....මට වෙලාවකට හිතුන....සිය දිවි නසාගන්න එක විශාල පවක් කියල මම අහල තියෙනව.මැරෙන්න හිතුනත් මට බෑ ඒ පව්කාර වැඩේ කරන්න.මම දැන් මොකද කරන්නෙ තනියම කල්පනා කලා....ස්කෝලෙදි ඇතිවෙන ගැටලු හින්ද පාඩම් වැඩත් අතපසු වුනා.. පාසැල් යන එක එපාවුනා....මම දවසක් පාසැල් උන්නෙ නැතුව ගෙදර හිටිය....මොකද උඹ අද ස්කෝලෙ යන්නෙ නැද්ද....අම්ම ඇහුව....මට බෑ ස්කෝලෙ යන්න...මම කිව්ව.....ස්කෝලෙ ලමයි මට හිනාවෙනව....ඒ මොකටද....අම්ම ඇහුව....අක්ක මොනවද මා ගැන කියල....මම කිව්ව....වැරදි වැඩ කලාම ඔහොම තමයි....උඹට ඔහොම නෙවෙයි වෙන්න ඕනැ...අක්ක හින්ද හොදයි...වෙන කෙනෙක් නම් පොලීසි ගිහිල්ල. මෙලහට උඹ ඉන්නෙ හිර කූඩුවෙ....අම්ම මෙහෙම කියනකොට....මම අක්කට කිසි වැරැද්දක් කලේ නෑ...මම කිව්ව....අනේ මගේ මොකුත් අහගන්නෙ නැතුව පල යන්න....මදෑ මාත් පුතෙක් කියල එකෙක් හැදුව .බලනකොට ඌ වල්බල්ලෙක්......අම්මා අක්කාගේ කතාව විස්වාස කරගෙන මට හොදටම බැන්න. මට අගේ නිවැරදි බව ඔප්පුකරගන කිසිම විදියක් තිබුනෙ නෑ....මම දින කිහිපයක් ම ස්කෝලෙ ගියෙ නෑ.....තොට ස්කෝලෙ යන්න බැරිනම් මක බෑවිල පල යන්න...තත්ත මට බනින කොට අක්ක සන්තෝසෙන් හිනාවෙනව මම දැක්ක.....ඇයි අක්ක මේතරමට මා එක්ක තරහ...මට හිතාගන්න බැරිවුනා. දැන්නම් එන්න එන්න ගෙදර තත්වය හොද නෑ...මට හිතුන. මම හොදට කල්පනා කරල අවසාන තීරනය ගත්තා...

No comments: