(ජිවිතය සුන්දරයි 12).....................................ගෙදර ගිහින් අක්ක ඉස්සර ඇන්ද ලමාසරිය හෙව්වත් හම්බවුනේ .....මේ හදිස්සියෙ හොයන්න බෑ ගෙදර කවුරුවත් නැති වෙලාවක හොයන්න ඕනැ...හිතාගත් මම අක්කගෙ වෙන ඇදුම් ටිකක් අරගෙන මගේ කාමරේ හන්ග ගත්ත.....මම මේ ආකාරයට මාස දෙකක් විතර අක්කගෙ ගවුන් ඇදගෙන කෙල්ලෙක් වගේ ඉන්න උත්සාහ කලා....
එදා ස්කෝලෙ නිවාඩු දවසක් වුන හින්ද අම්මයි තාත්තයි අක්කයි කොහේද ගමනක් යනව කියල මට ගෙදර ඉන්න කිව්ව.ඒ වචනෙ ඇහුනට පස්සෙ මට සෑහෙන සතුටක් ඇතිවුනා.....හෙට මට දවසෙම කෙල්ලෙක් වගේ ඉන්න පුලුවන්....මා සිතන්ට වුනා......පහුවදා එයාල පිටවෙනකම් මම ආශාවෙන් බලාසිටියා.අපි එනකොට හවස් වෙයි ...දවල්ට නැන්දගෙ ගෙදරින් කෑම කන්න මම නැන්දට කියල තියෙන්නෙ.....අම්ම මට පැවසුව....එයාල පිටත් වෙලා ටික වෙලාවකට පස්සෙ මම අක්කගෙ කාමරේට ගියා.අක්කගෙ කබඩ් එක ඇරිය කොයික අදින්නද කියල හිතාගන්න බැරුව ගියා.....ඒකෙ ඇදුම් ගොඩගහල....මම ඇදන් හිටිය ටී සර්ට් එකයි කලිසමයි ගලවල මගෙ කාමරේට විසිකලා......පුරුෂ ලිංගය නොපෙනෙන්න බැදගත්ත.ඊට පස්සෙ අක්කගෙ කාමරේට ගියා පැන්ටියකුයි යට සායකුයි බ්රෙසියරයයි ඇද ගත්ත ...දැන් තියෙන්නෙ ලස්සන ගවුමක් තෝරගෙන ඇදගන්න.....කල්පනාකල මම.කබඩ් එකේ ගවුන් එකින් එක තෝරන්න පටන් ගත්ත.....මම ආසම ගවුම අහුවුනා.....මම දන්නව මේක ඇදල ඉන්න කොට අක්ක ගොඩක් ලස්සනයි කියල.....ඒක ඇදගත්ත ඒක මගේ ඇගේ ගානටම හරි.....අක්කගෙ කන්නාඩි මේසෙ ගාවට ගියා....හරිම ලස්සනයි....කොන්ඩෙට හවරිය දාගන්න ඕනැ....හවරිය ඔලුවෙන් තියාගෙන ....අම්මගෙ කාමරේට ගියේ තව හවරි තියෙනවද කියල බලන්න.....හොද වෙලාවට තව එකක් හම්බවුනා දෙකම හිසට තියාගත්ත....අක්කගෙ තොප්පියක් තිබුන ඒක දාගත්තම පහලට වැටුන කෙස්ටික විතරයි පෙනුනෙ.....මුහුනෙ පියර ටිකක් දාගත්තම මුහුන කෙල්ලෙක්ගෙ වගේ පැහැපත් උනා.....අක්කගෙ ඉමිටේසන් කරාබු වගයක් කන්නඩි මේසෙ උඩ තිබුන....ඒව අල්ලල බැලුව....මේව කොහොමද දාගන්නෙ මගෙ කන් පෙති විදල නෑනෙ....මට දුකක් ඇතිවුනා....මාලෙකුයි වලලු ටිකකුයි තිබුන මාලෙ ගෙලේ බැදල වලලු ටික දාගත්ත ඒ වලලු මගේ අතට ගානටම හරිගියා. මුද්දක් තිබුන ඒකත් ඇගිල්ලට දාගත්ත.....කන්නාඩියෙන් බලන කොට දැන් මාව නියම කෙල්ලෙක් වගේමයි.....මාත් අක්ක වගේමයි......අක්කගෙ සෙරෙප්පු දෙකත් දාගත්ත ඒකෙ පිටිපස්සෙ අඩිය උසයි ඇවිදින කොට ටිකක් අමාරු උනා....පුරුදු වෙන්නත් එක්ක වැඩිපුර ගේ පුරා ඇවිද්ද....ටිකක් වෙලා ඇවිදින කොට අඩිඋස සෙරෙප්පු දාගෙන අවිදින්න පුරුදු උනා. මම්ට හිතුන මම දැන් මේ ගෙදර ඉන්න කෙල්ලෙක් කියල...මේ ගෙදර ඉන්නෙ අක්කයි මල්ලියි නෙවෙයි...අක්කයි නංගියි කියල හිතුන.....මගෙ කාමරේට ගියහම මගෙ ඇදුම් ටික දැක්ක.....නන්ගි කෙනෙක් ඉන්න කාමරේ කොහොමද පිරිමි ඇදුම් තියෙන්නෙ.....මේ කාමරෙත් තියෙන්න ඕනැ ගැහැණු ඇදුම්.....මට හිතුනා....මම ඒ අදුම් ඔක්කොම ටික එකතු කර ගත්ත.....එක පොට්ටනියක් කරල එලියට ගෙනිච්ච....මේ ටිකට දැන් මොකද කරන්නෙ...මම කල්පනා කෙරුව....දැන් මේව වැඩක් නෑ දොට්ට විසිකරනව.....මම ඒටික ගේ පිටිපස්සෙ කුනුගොඩට විසිකලා.....අක්කගෙ ඇදුම් ටිකක් මගේ කාමරේ තිබුන රෙදි රාක්කෙට දැම්ම....දැන් මගෙ කාමරෙත් කෙල්ලෙකුගෙ කාමරයක්....මට පුදුම සතුටක් දැනුනා....අනේ මට හැමදාම මෙහෙම ඉන්න ඇත්නම්.......කමරාවක් තිබුනනම් පොටෝටිකක් ගහගන්න තිබුන....මට අයියව මත උනා....අපේ ගෙදර තිබුන ලෑන්ඩ් පෝන් එකෙන් අයියට කෝලෙකක් ගත්ත.....අයියෙ කැමරාවත් අරන් අපේ ගෙවල් පැත්තෙ එන්නකො.....මම කිව්ව.ටික වෙලාවකින් ගෙදර සීනුව නාදෞනා...ජනේලෙන් බැලුව කවුද කියල....අයිය....මම දොර ඇරිය.....කෝ..මල්ලි කියාගෙන අයිය ගෙට ඇතුලුවුනා.....අයියට මාව අදුන ගන්න බැරිවෙලා කියල මට තේරුනා....මට හිනාගියා.....ඇයි...අයිය ඇහුව...මම අක්ක නෙවෙයි.....මම කිව්ව....මට අදුන ගන්න බැරිවුනානෙ....අයිය හිනාවෙවී කිව්ව.....අදනම් ඔයා අක්ක වගේමයි.....අයිය කිව්ව. ඔන්න අද ඕනැ තරම් පොටෝ ගන්න පුලුවන්..හවස් වෙනකම් ගෙදර කවුරුත් නෑ...මම කිව්ව.......ශා මරුනෙ...අයිය සතුට ප්රකාශ කලා....අයිය මගේ කාමරේට ගියා.....කෝ ඔයාගෙ ඇදුම් ටික...අයිය පුදුම වෙලා ඇහුව.....ඒව දොට්ට විසිකලා අයියෙ....මම කිව්ව....විසිකරල හරියනවද...අම්මල එනකොටත් ඔහොම ඉන්නද කල්පනාව....අයිය ඇහුව....අපෝ නෑ ඒ වෙලාවට ගන්නව....මම කිව්ව.අයිය මාව එක එක විදියට තියෙල පොටෝ ගත්ත. මම අක්කගෙ ඇදුම් මාරු කරකර පොටෝගත්ත.....ලස්සන පොටෝටිකක් අයිය ගත්ත පොටෝ බලමින් පැවසුවා......
ඇයි ඔයා ඔයගෙ ඇදුම් ටික එලියට විසිකලේ අනතුරුව අයිය ප්රස්නකලා.......ඊට වඩා මේ ඇදුන් ලස්සනයි......මම උත්තර දුන්න......අපි කොල්ලොනෙ මල්ලියෙ....අපිට කෙල්ලන්ගෙ ඇදුම් ඇදගෙන ඉන්න බෑනෙ....අයිය කිව්ව.....ඒවුනාට මම ආශයි මේ විදියට ඉන්න.....මම කිව්ව.....ඔහොම ඉන්නනම් ඔයත් කෙල්ලෙක් වෙන්න ඕනැ....අයිය එහෙම කිව්වම.....එහෙම වෙනවනම් කොච්චර දෙයක්ද.....මගේ හිත තුල තිබුනු බලවත් කැමැත්ත අයිය ඉස්සරහ පිට කලා.....ඇයි මල්ලියෙ ඒ....ඔහු පුදුම වෙලා මාදිහා බලා සිටියා.....අයි එහෙම වෙනවට අයිය කැමති නැද්ද.....මම ඇහුව....අයියෝ මල්ලියෙ කෙල්ලෙක් වෙනව වගේද කොල්ලෙක් උනාම කරදරයක් නෑනෙ.....අයිය කිව්ව...කෙල්ලෙක් උනාම මොනවද තියෙන කරදර..... මම නෝකඩුවෙන් ඇහුව..........
No comments:
Post a Comment