Thursday, June 30, 2016


ජීවිතය සුන්දරයි 37)...............................................පුතා එක්ක එන්න වලාවහරි හින්ද ලැහැස්තිවෙලා එලියට ගියා ඩ්රිවර් අන්කල් වාහනේ ගත්ත. පිටි පස්සෙ ආසනේ වාඩිවුන මම ...මොන්ටිසෝරියට ගියා... මම දැක්ක.. පුතා අනිත් ලමයි අතරින් මාගාවට දුවගෙන එනව....ඔහු මගේ අතේ එල්ලුනා ...මම එයාව වඩාගත්ත....එයාගෙ බෑක් එක ඩ්‍රිවර් අන්කල් ගත්ත. පුතාට ඕනැ උනේ ඉස්සරහ ආසනේ .මම එයාව ඒකෙන් ඉන්දවල පිටිපස්සට ගියා....අනකල් ටවල් ගන්න පුලුවන් තැනකින් නවත්තන්නකො...මම කිව්ව....මැඩම් ඒව ගන්නනම් මහරගමට යන්න වෙනව....ඔහු කිව්ව...එහෙනම් එපා පරක්කු වෙනව....මම ඒ අදහස අත හැරල දැම්ම.නෝනට කියල හවසටවත් යනව ...මම හිතාගත්ත......ගෙදර ගිය මම පුතාගෙ ඇදුන් මාරුකරල .මමත් ගෙදරට අදින ගවුමක් ඇද ගත්ත....වෙන කෙල්ලො ගමනක් යන්න අඳින ඇදුම් තමා මට දැන් ගෙදරට අදින්න වෙලා තියෙන්නෙ...මීට වඩා බාල ඇදුම් පරන ඇදුම් මට දැන් නෑ...ඔක්කොම හොද ඇදුම් තියෙන්නෙ.....මේවගෙ ඇදුම් ඇදගෙන ඉන්නකොට තේරෙන්නෙ කොහේ හර ගමනක් යන්න ඇදගෙන ඉන්නව වගේ.....මට අපේ අක්ක . නැන්දගෙ දුව.. නන්ගි ගෙ ඇදුම් ගැන මතක් උනා. එයාලට මම දැන් ගෙදරට අදින ගවුම් තරම්ම් වත් හොද ඇදුම් ගමනක් යන්නවත් තිබුනෙ නෑ....එදා මට අක්ක ගැහුවෙ ඒවගේ ඇදුම් ඇදගෙන ඉදල...එයාට මේවගෙ වටින ඇදුම් තිබුනනම් කොයි තරම් උඩගුවෙයිද.....අක්කෙ එදා මම ඔයාගෙන් ගුටි කෑවට ඔයාට වඩා හොද ගවුන් මට දැන් තියෙනව...මම හිමින් කිව්ව......අක්ක මට ගැහුවත් කමක් නෑ බොරු චෝද්නා කරල අම්මල තරහ කරල මාව ගෙදරින් පන්න ගත්ත .....දැන් අක්කයි . ගෙදර අයයි සතුටින් ඉන්නව ඇතිනෙ. නැන්දටත් එයාගෙ දුවව මගෙන් පරිස්සම් කරගන්න පුලුවන්නෙ.....මට ගෙදර අතීතය සිහිවුවත්....ඕව කල්පනා කරල මට දැන් වැඩක් නෑ....මම ගෙදර ගැන කල්පනා කරන එක නැවැත්තුවා....
නෝන කෑමට යනකොට මටත් කතා කලා. අපි කැම කෑවෙ නෝනත් එක්ක එක මේසෙ ඉදගෙන....මට හැමදාම මේ විදියට තමා කෑම කන්න වෙන්නෙ.....පුතාට කෑමටික කවන ගමන් කල්පනා කලා.....මාමට කෝල් කලාද ....නෝන මගෙන් ඇහුව.....නෑ නෝන...හවසට කතා කරනව....මම කිව්ව....මතක ඇතුව කතාකරන්න එයාල බලාගෙන ඇති......නෝන කිව්ව....හවස පුතා නිදාගත්තට පස්සෙ හෝටලේ මුදලාලිට කතා කරල ජෝන් මාම සම්බන්ධ කර ගත්ත....මාමෙ මම හිදින් ඉන්නව . මෙහෙ ගොඩක් හොදයි.....මම කිව්ව..එහෙම අහුවම මාම හුගක් සතුටුවුන බව මෙට තේරුනා....මමට තවම ගෝලයෙක් හබවුනේ නෑ කියල කිව්ව....එයා එක්කෙනෙක් හොයනව කිව්ව. ඒ කොල්ලෙක ගත්තට පස්සෙ මම නෝනට කිව්ව මාමට කතාකලා කියල.....ඒක හොදයි...නෝන කිව්ව. මට මේ වාසනාව ලැබුනෙ පහුගිය දවස්වල සිල් ගන්න ගියානෙ . ඒ කද දන්නෙ නෑ...මට හිතුනා. මෙහෙම නිකා ඉදල හරියන්නෙ නෑ තවත් පින් කරන්න ඕනෑ....නෝනා මේ පැත්තෙ පන්සලක් තියෙනවද....මම ඇහුව...ලග තියෙනව..අයි කියල මගෙන් ඇහුව....පෝයට සිල් ගන්න පුලුවන්නෙ...හවසට වදින්න යන්නත් පුලුවන්නෙ.....මම කිව්ව....ඒකනම් හොද අදහස...ඔයා ගෙදරදිත් සිල් ගන්නවද....මගෙන් ඇහුව...ඔව් පහුගිය දවස්වල සිල් ගත්ත...ගිය පෝයට තමා බැරිවුනේ...මම උත්තර දුන්න.....බුදුන් වදින්නනම් පන්සල් යන්න ඕනැ නෑ ....මෙහෙ බුදු කුටිය තියෙනවනෙ....පෝයට සිල්ගන්න යමු මාත් එන්නම්. මට තනියෙම යන්න කම්මැලිකමේ හිටියෙ.....නෝනා කිව්ව....බුදු කුටිය කොහේද නෝන තියෙන්නෙ...මම ඇහුව...එන්න පෙන්නන්න...මාව....ගෙයි උඩට එක්ක ගියා....තුන්වෙනි තට්ටුවෙ තමා බුදු කුටිය තිබුනෙ. ඒතන කවුරුවත් වන්දනා කරල නෑ කියල පෙනුන....කවුරුවත් මෙහාට එන්නෙ නෑ මටත් තනියම මෙතැනට එන්න කම්මැලියි අනේ....නෝනා කිව්ව....අපි සුද්ද කරල මෙතැන හදාගෙන වදින්න පටන්ගම්මු....මම කිව්ව....ඒකනම් හොදයි...නෝනා සතුටින් කිව්ව...නෝනා රූපට කිව්ව මම කියන වැඩේ කරන්න කියල....රූපා මාත් එක්ක බුදුකුටියට ගියා...බලන්නකො මෙතැන ජරාවාස වෙලා.....අපි පොඩ්ඩක් මෙතැන සුද්ද කරමු...මම කිව්ව.....මම කරන්නම් . මැඩම් පැත්තකට වෙලා ඉන්න...ඇය යටහත් පහත් ලෙස කිව්ව....කමක් නෑ රූපා මාත් උදව්කරන්නම්....මම කිව්ව....අපෝ එපා මැඩම්.. ලොකු මැඩම් දැක්කොත් මට බැනුම් අහන්න වෙයි....ඒ ඇයි මම ඇහුව....මැඩම්ගෙන් වැඩ ගන්නව කියල.....ලොකු මැඩම් සැරයිද මම ඇහුව...ඔව් සැරකරනව...ඒවුනාට ලොකු මැඩම් අපිට හොදට සලකනව.....ඇය කිව්ව.....රූප හමතැනම තිබුන දූවිලි පිහදාල අතුගාල එතැන ලස්සනට පිලියෙල කලා....ඊට පස්සෙ එයා වදින්න ඕනැ පොල්තෙල් පහන්තිර හදුන් කූරු ..වගේ ඒව ඒක ඇතුලින් තිබ්බ....මට දැන් තිබුනෙ මල්ටිකක් කඩාගෙන ඇවිත් පූජාකරන එක විතරයි.....මිදුලෙ තිබුන ....ඉද්ද මල් ගහකුයි සමන් පිච්ච මල් වැලකුයි.....මම හවස් වෙලා පුතත් එක්ක ඒ ගස්වලින් මල් කඩනව දැක්ක නෝනා.....සදුනී ....මටත් එක්ක මල්වට්ටියක් හදන්න.... කිව්ව......මටයි පුතාටයි වට්ටි දෙකයි ගෙනාවෙ...තව එකක් ගෙනල්ල මල් වට්ටි තුනක් හැදුව......ඉර බැසගෙන එන වෙලවෙ මායි පුතයි මල්පූජාකරන්න යනකොට නෝනටත් කතා කලා. නෝනත් කැමැත්තෙන්ම ආවා....මට තේරුනා පුතාට මේ වැඩ ඒතරම් තේරෙන්නෙ නෑ කියල ....ඒ හින්ද පුතාට බුදුහාමුදුරුවන්ට පූජාකරන හැටි කියල දෙන්න උනා...එදා රෑ මහත්තය ගෙදර ආපුවම ....තාත්තෙ අපි සාදු වැන්ද...පුතා මහත්තයට කිව්ව.....ඒ කොහේද සාදු වදින්න ගියේ.....මහත්තය පුතාගෙන් අහන ගමන් මා දිහා බැලුව...එයා හිතන්න ඇති අපි පන්සල් ගියා කියල.....මම ගෙදර කියන්න හදන කොටම....ඇයි තාත්තෙ උඩ තියෙන්නෙ...කිව්ව...මහත්තය හිනාවෙලා මා දිහා බලල...හුගදවසකින් එතැනට වදින්න ගියෙ නෑනෙ ...කිව්ව.....අපි සුද්ද කරල ගත්ත මහත්තය මම කිව්ව....මහත්තය ඒකට කැමතිවුනා......එදා ඉදන් හැම දාම හවසට අපි බුදුහාමුදුරුවන්ට වැදල ටික වෙලාවක් භාවනා කරල පින් රැස්කරගන්න පුරුදුවුනා.....මේ පින් කරන අතරෙ මගේ සුපුරුදු පැතුමත් කරන්න අමතක කලේ නෑ......

No comments: