(ජීවිතය සුන්දරයි 32)....................... ........................ගේ ගාව වාහනේ නැවැත්තුව.....අපි හැමෝම බැස්ස. ඩ්රයිවර් බැහැල ගිහින් මගෙ බෑකෙක එලියට ගත්ත....පුතා කෙලින්ම ගේ ඇතුලට දිව්ව....ගේ ඇතුලෙ ඉදන් ගැහැණු කෙනෙක් එලියට ආව....මේ මැඩම්ගෙ බෑක් එක එයාගෙ කාමරේට ගෙනියන්න....මහත්තය මාව පෙන්නල මැඩම් යනුවෙන් මාව ඒ ගැහැනුකෙනාට හදුන්වලා දුන්න....මම කොහොමද මේ ගෙදර මැඩම් වෙන්නෙ....මහත්තයට වැරදිලාද කොහේද එයාගෙ අක්ක වගේ මාව පේන්න ඇති....මට හිතුන....ඒ ගැහැනු කෙනත් මා දිහා හොදට බලල මගෙ බෑක් එක අතට ගත්ත.....කොයි කාමරේටද සර්...එයා මහත්තයගෙන් ඇහුව...ඊයෙ පිලියෙල කරල තිබ්බ කාමරේ.....මහත්තය කිව්ව. .....එන්න මැඩම් කිව්ව ගැහැනු කෙනා මාව උඩ තට්ටුවට එක්ක ගියා....කොතන හරි පොඩි කාමරයක් තිබුනොත් හොදයි මමත් ඇය එක්ක ගියා....ඇය කාමරේ දොර ඇරල මගෙ බෑක් එක ඒක ඇතුලෙන් තිබ්බ....මගෙ කාමරේ කොහේද මම ඇගෙන් ඇහුව....ඕක තමා මැඩම් කාමරේ.....කියල එයා ගියා....මේක ලොකු කාමරයක්නෙ....ඩබල් ඇදක් තිබුනෙ ඒකෙ උඩින් ඉදගත්තම ඇගට ගොඩක් සනීප දැනුන.. මම හිතන්නෙ ස්පින් හයිකරපු මෙට්ටයක්....ලොකු කන්නඩි මේසෙයක් තිබුන...කබඩ් එකක් තිබුන.. ඒකෙ යතුරත් ඒකෙමයි තිබුනෙ....සුලු වෙලාවකින් මහත්තයගෙ අක්ක පුතත් එක්ක ආව....අම්මේ ඔයා දැක්කෙ නෑනෙ මට තාත්ත ගෙනත් දුන්න.....පුතා මට එයාගාව තිබුන සෙල්ලම් බඩු පෙන්නුවා.....ශා පුතාට ගොඩක් සෙල්ලම්බඩු අරන්දීලනෙ.....මම ඒවබලන අතර කිව්ව.....ඇයි නෝන මට මෙච්චර ලොකු කාමරයක් දුන්නෙ...පොඩි එකක් දුන්නනම් හොදටම ඇතිනෙ....ඒක මහත්තයගෙ තීරනේනෙ.....ඔයාට නාන්න ඔනෙනම් බාත්රූම් එක තියනව....මට ඒක ඇරල පෙන්නුව....කාමරේටම බාත්රූම් එකකුත් තියෙනව...මගෙ කාමරේ තියෙන්නෙ මේ පැත්තෙ මහත්තයගෙ කාමරේ අනිත් පැත්තෙ....එයා කාමර තියන තැන් කියල ....හරි අමාරුයි මම නාගන්න යනව.....කිව්ව එයා කාමරෙන් ගියා.....පුතා මාගාවට වෙලා සෙල්ලම් බඩු අරගෙන සෙල්ලම් කරනව....මම බෑකෙක ඇදල ඇදුම් ටික එලියට ගත්ත.....මට තිබුනෙ ගවුම් දෙක තුනයි ඒටික ඇදුම් රාක්කෙ එලුව....රේසරෙයි සබනුයි අරගත්ත මම .....පුතා ඔහොම ඉදගෙන සෙල්ලම් කරන්නකො...අම්ම පොඩ්ඩක් නාගෙන එන්නම් ....මම කිව්ව....නාන කාමරයට ගිය මම නාගෙන මුහුන හොදට සිනිදුවෙන්න ඇවුල කපාගත්ත....මගෙ මුහුනෙ රැවුල හොදට ගනව නැති හින්ද මුහුනෙ සුමට බව රැදිල තියෙනව....පපුවෙ කකුල් වල එන කෙස් ටිකත් කපාගත්ත....ගවුම ඇදගෙන එලියට ආව....පුතා තාමත් තනියම සෙල්ලම් කරනව....අම්මෙ මේකෙ රෝදෙ ඩාල දෙන්නකො....මට කැඩුන කාර් එකක් පෙන්නල කිව්ව....මම ඒක හදල දුන්නම එයා සතුටින් හිනාවුනා ....ටික වෙලාවකින් මහත්තයගෙ අක්ක ආව......පුතා අද හොදයි නේද....පුතා දිහා බලල එයා කිව්ව....මම හිනාවුනා.....මගෙ ඇදුන් රාක්කෙ දිහා බැලුව අක්කා.....ඔයාට ඇදුන් තියෙන්නෙ ඔච්චරද ඇහුව....මම මොකුත් නොකිය බිම බලා ගත්ත.....එයා කල්පනා කරනව මට තේරුනා........ඊටපස්සෙ එයා කාමරෙන් පිටවුනා.....අම්මෙ යමුකො එලියට....මට පුතා අඩගැහුව....මම එයත් එක්ක ඉස්තෝප්පුවට ගියා එතකොට රෑවීගෙන එනව.....මිදුලෙ ඔන්චිල්ලාව පදිමු...පුතා ඇහුව.....දැන් රෑවෙලානෙ පුතේ හෙට උදේ පදිමු.....හෙට ස්කෝලෙ යන්නෙ නැද්ද....පුතා ඇහුව....පුතා දැන් ස්කෝලෙ යනවද....ඇයි දන්නෙ නැද්ද.....පුතා ඇහුව....ගිහින් ඇවිල්ල පදිමුකෝ....මම පුතාව වඩාගෙන ආයෙත් කාමරේට ගියා......මම ගියාට පස්සෙ අක්ක ගැහැනු කෙනෙක් එක්ක රෙදි වගයක් අරන් ඇවිත් මගේ ඇද උඩින් දැම්ම......මේ ඔක්කොම චිත්රාන්ගනී නංගි ඇන්ද ඇදුම් ඔකොම හෝදල තියෙන්නෙ ඔයාට මේව හරි ඇති බලන්න....එයා ඉන්න කොට ඔයාගෙ සයිස්ම වගේ තමයි.....කිව්ව එයාල කාමරෙන් ගියා.....මම ඇදුම් එකින් එක බැලුවා. ලස්සන ගවුන් සාය බ්ලවුස් තිබුනා.....මම ලස්සන ඒව වෙනම තියාගත්ත....බ්රෙසියර් වගේකුත් තිබුනා...ඒව මම ගත්ත ඒවට වඩා වටිනව කියල තේරුනා....දැන් පුතා ඉන්න හින්ද ඇදල බලන්න බෑ රෑට බලන්න ඕනැ...මම හිතාගත්ත.....ඇදුම් අතර දිග කලිසම් වගයක් තිබුන.....මේවනම් මට වැඩක් නෑ.. මෙච්චර කාලයක් කලිසම් ඇන්දෙ කැමැත්තකින් නෙවෙයි....ඒ හින්ද මේටික අයින් කරනව....මම ඒව තෝරල වෙන්කලා....මහත්තය මට එයාගෙ කාමරේට කතා කලා. මම දරුවත් එක්ක කාමරේට ගියා.....මේ කාමරේ තමා මායි නෝනයි නිදාගත්තෙ......පුතා හම්බවුනාට පස්සෙ එයත් හිටියෙ මේ කාමරේ. දැන් පුතා නිදාගන්නෙ මා එක්ක ..මම නැති දාට මගෙ අක්ක ගාව හිටියෙ.....රෑ නවය විතර වෙනකොට පුතා නිදා ගන්නව...ඊට පස්සෙ මම හිටියොත් මේ ඇදෙන් තියන්න ..මම නැතිදාට නෝනගෙ ඇදේ නිදිකරවන්න....ඔයාට මොකක් හරි ගැටලුවක් අඩුපාඩුවක් තිබුනොත් බය නැතුව මට කියන්න....මගෙ නොම්මරේ ඔයා ගාව තියෙනවනෙ....තියෙනව මහත්තය...මම කිව්ව....මෙයාව උදේට මොන්ටිසෝරි එක්ක යන්න ඕනැ...ඒකට වාහනයක් තියෙනව....ඒ වැඩේ ඔයාට බාරයි ටිකක් පුරුදුවෙනකම් නෝන එයි....හවස තුනෙන් ඉස්සෙල්ල පුතාට නාවන්න ඕනැ....හොදද.....රෑවෙලා නාවන්න එපා....ඔයාට තියෙන්නෙ පුතාගෙ වැඩ ටික විතරයි වෙන වැඩවලට සේවකයො ඉන්නව....මම එයාලට කියල තියෙන්නෙ පොඩි මැඩම් කියන්න කියල. මොකද මගෙ නෝනටත් එයාල කිව්වෙ පොඩි මැඩම් කියල....නෝනට එයාල කියන්නෙ ලොකු මැඩම් කියල.....ඔයා නිතරම ඉන්න ඕනැ පුතාගෙ අම්ම විදියට.....මහත්තය මට කරන වැඩටික කියල දුන්නා.....රෑ කෑම කන්න සේවිකාවක් මට කතාකලා මම පුතත් වඩාගෙන ගියා... එන්න වාඩිවෙන්න නෝන මට කෑම මේසෙ පුටුවක් පෙන්නල කිව්ව.....මහත්තයත් වාඩිවෙලා හිටිය....මම කොහොමද මේ මහත්තය නෝන එක්ක එකට ඉදගෙන කෑම ගන්නෙ...මම පස්සෙ ගන්නම් ...බැගෑපත්ව කිව්ව....වාඩිවෙනව...නෝන සැරෙන් කිව්ව....මමත් බයෙන් එයාල එක්ක වාඩිවුනා පුතත් මා ලගින් වාඩුවුනා.....මම ඉස්සෙල්ලම පුතාට කැවුව....දැන් පුතා හොදයිනෙ...මහත්තය කිව්ව.....පුතා මගේ අතින්ම කෑම කන්න කැමතිබව මට තේරුනා......රාත්රියේ පුතාට නින්ද ගියාට පස්සෙ මහත්ත්යගෙ කාමරේ අදෙන් නිදිකල මම නැවත මගේ කාමරේට ගිහින් දොර වහගත්ත......දැන් මට මේ ඇදුම් එකින් එක ඇදල බලන්න පුලුවන්.....කාමරේ ඒ සී කරල හින්ද දාඩියත් නෑ.....මම ගවුමක් අතට ගත්ත..................
No comments:
Post a Comment