Thursday, June 23, 2016

(ජීවිතය සුන්දරයි 21)................. ................උඹ ඔනැ එකක් කරහන් හැබයි වැඩටික හරියට කරන්න ඕනැ.....මාම කිව්ව....එදා රෑ මම වැඩ ඉවර කරල නාගෙන කාමරේට ගියා.ගෙනා නයිට් ගවුම ඇදගත්ත...ඊට පස්සෙ ලෑස්තිවුනේ කන විදින්න. අද එක කනක් විදගෙන බලනව...සර්ජරි ස්පිරීට් වලින් කන්පෙත්ත හෝදගත්ත කනේ විදින්න ඕනැ තැන පෑනෙන් ලකුනු කරගත්ත. ඉන්ජෙක්සන් කටුව ලකුනට තියල තදකලා. ටිකක් රිදුන. කොච්චර රිදුනත් කෙල්ලෙක් වෙන්න තියන ආශාව හින්ද ඒ වේදනාව දරාගෙන කටුව කන්පෙත්ත හිල්වෙන්න තදකලා. කටුව කන්පෙත්තෙ අනිත් පැත්තෙන් මතුවුනා. කටුව අයින් කරල ගෙනා කරාබුවක් ස්පිට්රීට් වලින් හෝදල විද්ද හිල ගාවින් තියල තද කලා....ඒක දානකොටත් ටිකක් රිදුන..ඒ වුනාට ආශාව ඊටවඩා වැඩියි....කරාබුව කනට සවිකලා...දැන් එක පැත්තක් කෙල්ලෙක් වගේ...හෙට රෑට අනිත් කනත් විදගන්නව....මම හිතාගත්ත....නයිට් ගවුම ඇදගෙන රෑ නින්දට ගියා....උදේ ඇහැරිලා කුස්සියට ගියා ඒ වෙනකොට මාම ඇවිල්ල වැඩ පටන්ගන්න හදනව...මගෙ කොන්ඩෙන් කන වැහිල තිබුන හින්ද. මාමට කරාබුව පෙනුනෙ නෑ....උයන්න යනකොට මම කොන්ඩෙ වුඩට කරල තොප්පිය දාගන්නව එතකොට කෙස් වැටෙන්නෙ නෑ.....උඹ එහෙනම් කරාබුවකුත් දාගත්ත නේද.....මා දිහා බැලුව මාම ඇහුව....අනිත් එකටත් දාගත්තනම් හොදයි කියල හිතෙනව.....මම කිව්ව...ඔව් හොදයි තමා කන්දෙකට කරාබු දාගෙන චීත්තයක් ඇදගත්තනම් ලස්සනට හිටියි....මාම හිනාවෙමින් කිව්ව....දැන් ඉන්න කෙල්ලො චීත්ත අදින්නෙ නෑනෙ මාමෙ....මම කිව්ව.....එහෙනම් පොඩ්ඩක් හිටහන්කො මම උඹට ගවුමක් හොයල දෙන්න.....මාම හිනාවුනා....ඇයි මාම කැමතිද මම ගවුමක් ඇදගෙන වැඩකරනවට....මොකද බන් නැත්තෙ මට එතකොට උඹේ ලස්සන බලබලා වැඩ කරන්න පුලුවන්.....මාම පැවසුවා...මාම කියන එකත් ඇත්ත මට ගවුමක් ඇදගෙන වැඩ කරන්න පුලුවන්නම් නියමයි...ඒවුනාට අනිත් අය ඒකට කැමතිවෙයිද....මුදලාලි දැක්කොත් මාව කඩෙනුත් එලව ගනියි....කොන්ඩෙ වවල කරාබු දැම්ම කියල මුදලාලිට ගානක් නෑ ඒ උනාට මම කෙල්ලෙක් වගේ හැසිරෙන්න ගත්තොත් මුදලාලි මා ගැන වැරදියට හිතා ගනීවි....ඒහින්ද ගවුන් අදින වැඩේ වෙනද කලා වගේ හොරෙන්ම කරනව.....මම හිතාගත්ත.එදා රෑ මම අනිත් කනත් විද ගත්ත....කන්දෙකේම කරාබු දැම්මාම මාව නියම කෙල්ලෙක් වගේ.......කන්නාඩිය ලොකු එකක් හින්ද මගේ ප්‍රතිබිමබය හොදින් පෙනුන..... ගවුම ඇදගෙන කොන්ඩෙ වවල කරාබු දැම්මම ලස්සනේ බෑ....මම ආශාවෙන් කන්නාඩිය දිහා බලා හිටියා...දැන් තියෙන එකම කරදරේ තමයි පුරුෂ ලිංගය. ඒකත් අයින් කලගන්න පුලුවන්නම්.....ඒ පොට්ටනියම එකට කොටයක් උඩින් තියෙල කුස්සියෙ මස්කපන පිහියෙන් ගැහුවනම් එක පාරින් වෙන්වෙයි....එතකොට ඒක බෝල දෙකත් එක්කම වෙන්වෙයි..ශා එතකොට ඒටික ඔක්කොම ඉවරයි... ...අපෝ එතකොට ලේ ගිහින් මාව මැරෙයි....ඒ ගැන හිතන්නවත් හොද නෑ....මට බය හිතුනා.පහුවදා මාම දැක්ක මම අනිත් කනටත් කරාබු දාගෙන ඉන්නව.....මම හිතුවෙ උඹ බොරුවට කිව්වෙ කියල දැන්බලන කොට අනිත් කනටත් කරාබු දාගෙනනෙ....උඹ දැන් හරියට ගෑනු ලමයෙක් වගේනෙ...අදුනන්නෙ නැති කෙනෙක් හිතයි ගැහැනු ලමයෙක් කියල....මාම කිව්ව. එයාල ඕනැ එකක් හිතපුවාවෙ මට මොකද මම කිව්ව...මාම හිනා වුනා මිසක් වෙන මොකුත් කිව්වෙ නෑ.....මම බැලුව ජෝන් මාම කුස්සියෙ වැඩ කරන්න කෙල්ලෙක් ගෙනහල්ලද කියල. හෝටලේ වැඩකරන සිරිල් අයිය. හිනාවෙමින් කිව්ව....කන් දෙකේම කරාබු දාන්නෙ කෙල්ලොනෙ. කොල්ලො දන්නෙ එක කරාබුවක් විතරයි....සිරිල් අයිය තවදුරටත් කිව්ව....මම කන් දෙකටම දා ගත්ත....මම සිනාසෙමින් කිව්ව....අලුත් ස්ටැයි එකක් නෙ කමක් නෑ සිරිල් අයිය කිව්ව....එදා ඉදන් මට හෝටලේ වැඩ කරන අය කිව්වෙ කුස්සියෙ නන්ගි කියල. එයාල එහෙම කියනවට මම විරුද්ධ උනේ නෑ....මට එහෙම කියනවට හිත යටින් සතුටු වුනා.............

No comments: