(ජීවිතය සුන්දරයි 28)....................... ...................මම ඇස්දෙක ඇරල බැලුව. මගේ ඇඟ තවමත් ගැහෙනව.....මේකනම් භයානක හීනයක්. මම ඔය රස්සාවට ගියොත් වෙන දේ තමයි මේ හීනෙන් පෙනුනෙ.ඒහින්ද මේ ඉන්න විදිහටම ඉන්නව....මම ඇදේ ඉදගෙන කල්පනා කලා.....බය උන හින්ද ඇගපුරාම දාඩිය. ඒ උනාට ඇදගෙන හිටිය නයිට් ගවුම ගැලෙව්වෙ නෑ....ගෑනුන්ට දාඩිය දැම්මට පපුව ඇරගෙන ඉන්නෙ නෑ...මාත් ගැහැණියෙක් නම් ඒකට පුරුදුවෙන්න ඕනැ.....මම සිතාගත්තා....මාමෙ මම ඊයෙ රෑ මහ භයානක හීනයක් දැක්කනෙ....ඒ මොකක්ද...මාම මගෙන් ඇහුව.මම දැක්ක හීනෙ විස්ත්ර කිව්ව...එහෙම කියල....මම ඒ රස්සවට යන්නෙ නෑ මාමෙ....මේ හීනෙ හැටියට එහෙට ගියාම මට ලොකු ප්‍රස්නයක් වෙනව. ...ඔය ලමය කොහොමද එහෙම කියන්නෙ...මාම ඇහුව....ඇයි මාමෙ ඒ හීනෙ වගේ එයාල මට ගහල පැන්නුවොත්....මම කිව්ව...මාම මගෙ කතාවට හිනාවුනා....ඔය හීනෙන් විච්ච දේවල් වෙන්නෙ නෑ බන්.හීනෙන් පේන දේට විරුද්ද දේවල් තමා සිද්දවෙනව කියන්නෙ....ඔහු කිව්ව...ඒ කොහොමද...මම ඇහුව.....කතාවක් තියෙනවනෙ මගුල් ගෙයක් හීනෙන් දැක්කම මලගෙයක් වෙනව කියල. ඒ වගෙම මරනයක් දැක්කම මගුල් ගෙයක් වෙනව කියල....අනික ඔය හීන කවුද බන් ඇත්ත වෙනව කියල විස්වාස කරන්නෙ.....මාම කිව්ව....ඒ උනාට බුදු හාමුදුරුවොත් කොසොල් රජ්ජුරුවන්ට හීන දාසයක් ගන විස්තර කරල තියෙනවනෙ...ඒ වලුනෙ දැන් කාලෙ සිද්ධ වෙන්නෙ. මම කිව්ව. අනේ මම දන්නෙ නෑ බන් ඕව.ඒ වුනාට ඔය හීනෙ ගැන එච්චර හිතන්න එපා....මාමා කිව්ව.....මම ඒ රස්සවාට යන්නෙ නෑ මම තීරනය කර ගත්තා....දවස් දෙකක් පමන ගතවුනා....දැන් ඔයලමය ගත්ත තීරනය මොකක්ද ...මාම ඇහුව.....මම යන්නෙ නෑ කියල තීරනය කලා....මම කිව්ව.... එයාලට ඒක කියල පනිවිඩයක් ඇරියද.....මාම ඇහුව....නෑ මම කිව්ව. එහෙනම් එන්නෙ නෑ කියල කෝල් කරල කියපන්. එයාල උඹ එනකන් බලා ඉන්නවනෙ...මාම කිව්ව......එහෙනම් එන්නෙ නෑ කියල කියන්නම්.....ඉක්මන් වෙන්න හොද නෑ තව ටිකක් හිතල බලන්න ඕනෑ.....මම රෑ ඇදේ ඉන්න ගමන් කල්පනා කලා...ඒ දරුව බලා ගන්න ගියොත් මට එලිපිටම ගැහැනියෙක් වගේ ඉන්න පුලුවන්.....ඒ දරුවට අම්ම කෙනෙක් වෙන්නත් පුලුවන්...එහෙම වෙන්න පුලුවන්නම් කොයි තරම් දෙයක් ද....හෙට කොයිකටත් කෝල් එකක් දාල බලනව.....මම හවස ටෙලිපෝන් තියෙන තැනකට ගියා.....ඒ මහත්තය දීල තිබුන අන්කයට කතාකලා...ඒක බිසී කියල පනිවිඩයක් ආව....තව පොඩ්ඩකින් ආයෙක් මලන්න ඕනැ......පැය භාගයක් විතර ගියා.....ආයෙත් කෝල් එකක් ගත්ත.....ඒත් වැඩකලේ නෑ.....දැන් මොකද කරන්නෙ මෙතන ඉදල වැඩට යන්නත් පරක්කු වෙනව....මම ආපහු ගියා.....අර මහත්තෙලාට පනිවිඩේ දුන්නද...මාම මගෙන් ඇහුව.....කතා කරන්න බෑ මාමෙ....මම කිව්ව......අපි රෑවෙලා කතාකරමු.....රෑවුනාම ටෙලිකොම් වහනවනෙ මාමෙ....මම කිව්ව....ඒ කත් ඇත්ත....මටවත් පෝන් එකක් තිබුනනම් කතා කරන්න තිබුන....එක එක්කෙනාගෙන් ඉල්ලන එකත් හරි නෑ නෙ....මාමා තවදුරටත් පැවසුවා....හෙට ආයෙත් උත්සාහ කරල බලනව....මම කිව්ව. ඔව් ඉක්මනට පනිවිඩයක් දීපන්....මාමා කිව්වා.මම පහුවදා නැවත ටෙලිකොම් එකට ගිහින් කෝල් එක ගත්ත...ඇති යන්තම් රින්ස් යනව.....ටික වෙලාවක් ගියා....තව චුට්ටකින් ගන්න කියල පිරිමි කෙනෙක් කතා කරල පෝනෙක තිබ්බ.....සමහර විට ඒ කතා කලේ එදා හමුවුන සංජීව මහත්තය වෙන්න ඇති....මට හිතුනා....මෙයාලට කෝල් ගන්න මෙච්චර අමාරුද....මට හිතුනා.....බැරි උනොත් දමල ගහල නිකා ඉන්නව....මට තරහක් ඇතිවුනා.....සුලු වෙලාවකින් ආයෙත් ගත්ත ඒත් කතා කරන්න බැරිවුනා.....වැඩක් නෑ මම යනව යන්න.....මම ආයෙත් හෝටලේට ගියා......පනිවිඩේ දුන්නද.....මාම ඇහුව...ආපෝ එයාලට කෝල් ගන්න ගියාම එපාවෙනව....මම දමල ගහල ආව එන්න මම කිව්ව......ලොකු මිනිස්සු උනාම ඔහොම තමා බන් එයාලට කතා කරන්න ලේසි නෑ....මාමා කිව්ව.....අපිට පෝන් එකක් නැති එකේ පාඩුව තමා....මාමා මා දිහා බලල දුකෙන් කිව්ව.....මාම පෝන් එකක් ගත්ත නම් හරිනෙ....මම කිව්ව.....අපිට කොහේද බන් ඕව ගන්න සල්ලි.....කිව්ව මාම සුසුමක් පිටකලා.....මට මාම ගැන දුකක් ඇතිවුනා.....දුප්පත් අපිට පිහිට වෙන්නෙ මේවගෙ දුප්පත් අයම තමා...මාමට පෝන් එකක් තිබුනනම්....මේ කිසි කරදරයක් නෑ නේ....මම කල්පනා කලා.....ඇදුනුයි රත්තරන් බඩුයි ගත්තට පස්සෙ මා ගාව පෝන් එකක් ගන්න තරම් සල්ලි නැතුව ඇති.....කොයි එකටත් බලන්න ඕනැ....මම හිමින් සැරේ මගෙ කාමරේට ගිහින් සල්ලි ටික ගනන් කලා .....බාල පෝන් එකක් නම් ගන්න සල්ලි තියෙනව.....හෙට හවසට එකක් ගන්න ඕනැ...එතකොට කොහේවත් යන්න ඕනැ නෑ.....පහුවදා මම පෝන් එකක් අරගෙන සිම් එකකුත් දාගෙන හෝටලේට ආව.......මාමෙ මම අලුතෙන් පෝන් එකක් ගත්ත ....පෝන් එක මාමට පෙන්නුව.....ඕක තමයි බන් කරන්න ඕනැ ...තමන් ගාව තියෙනවනම් කරදරයක් නෑ නෙ... කිව්ව මාම....දැන් වත් ඉතින් පනිවිඩේ දීපන්....තාම කොනෙක්සන් දීල නෑ තව ටික වෙලාවකින් හරියයි.....මම කිව්ව....එහෙමත් එකක්ද.... මාමා හිනාවුනා.....අද නම් රෑවෙලා කතාකරල බලන්න ඕනැ....මම හිතා ගත්තා......වැඩ ඉවරකරල කාමරයට ගිහින් පෝන් එක බැලුව. දැන් සිග්නල් හරි වගේ.....අර අන්කයට කෝල් එක ගත්තා......අනිත් පැත්තෙන් පිරිමි කෙනෙක් හලෝ කියනව ඇහුනා......සන්ජීව මහත්තයද.... මම ඇහුව.....ඔව්...කවුද ඔය කියල ඇහුව.....එදා අනුරාධපුරේ දි හම්බවුනේ බබා මට අම්ම කිව්වෙ....ආ මේ ඔයාද...සන්ජීව මහත්තය සතුටෙන් කතාකරන බව මට තේරුනා...මම මේ කොයි වෙලාවෙ කතා කරයි ද කියල බල බලා හිටියෙ.....දැන් කවද්ද එන්නෙ....මගෙන් ඇහුව....මම ඒ අදහස අතහැරිය මහත්තය..මම ඒක කියන්නයි කතා කලේ.....මම කිව්ව...
No comments:
Post a Comment