Thursday, June 9, 2016

 
(දෙවෙනි උපත 11).......................................මා කෙල්ලෙක් ලෙස ජීවත් වෙන අවසන්න දින කිහිපය. මෙය බව මා දැනගත්තෙමි....ආයෙත් මට කවදාවත් කෙල්ලෙක් නම් වෙන්න හම්බවෙන්නෙ නෑ....මා කොට්ටයේ හිස ඔබා ගෙන අඩන්න පටන්ගත්තෙමි....කෙතරම් ඇඩුවත් මගේ ගැටලුවට විසදුමක් සොයා ගැනීමට නොහැකිවිය....දැන් ඉතින් මම ඉගෙන ගත්ත ඒව ඔක්කොම ඉවරයි. මට දැන් වෙන්නෙ කොල්ලෙක් විදියට චූටි අයිය ගිය කන්තෝරුවට යන්න...මම ඒ කන්තොරුව ගැන මොකුත් දන්නෙත් නෑ. මාව අයිය උනාම ඒ ජොබ් එකෙන් අයින් වෙනව...ඒත්..මාව කොල්ලෙක් උනාම මෙයාල මට නිකන් ඉදගෙන කන්න බොන්න දෙයිද?....ගැහැනු ලමයින්ටනම් ජොබ් එකක් තිබුනත් එකයි නැතත් එකයි...කොල්ලෙක් උනාම මොකක් හරි කරන්න වෙනව....මටනම් බෑ කොල්ලෙක් විදියට ජොබ් කරන්න....මට බෑ ආයෙත් කොල්ලෙක් විදියට ජීවත් වෙන්න....අයිය පත්තුකරපු පාන නිවන්න ඕනැ...මට සිතුනි...එක අතකට ඒක මහ පව් වැඩක් මම මෙච්චර කල් සතුටින් හිටියෙ එයා හින්ද....මට බෑ එහෙම කරන්න...එයාගෙ උරුමෙ එයාට දීල අයින් වෙනව.....ජීවත් වෙන්න බැරිනම් මැරෙනව එච්චරයි කරන්න පුලුවන්.....මම දුක්බරව කල්පනා කලෙමි.....මා දුකින් සිටි සතිය පුරාම චූටි අයියා බලා පොරොත්තු සහිතව පහන පත්තු කලේය. සතිය ගෙවී ගියේය....එහෙත් අපේ වෙනසක් නොමැති බව දුටුවෙමු.....කිසි වෙනසක් වෙලා නෑනෙ නන්ගි....අයියා කීවේය...ඒකතමා මාත් කල්පනා කලේ..මම පැවසුවෙමි......තවත් දින දෙකක් පමන පසුවිය....එදා ගෙදර පැමිනි අයියා.....මම රස්සාවෙන් අස්වුනා .......මටත් අම්මා ටත් කීවේය....ඇයි එකපාරටම එහෙම තීරනයක් ගත්තෙ....අම්මා ඇසුවාය....මට අස්වෙන්න හිතුන අම්මෙ ඒකහින්ද අස්වුනා....අපරාදෙනෙ අයියගෙ ජොබ් එක....මම කීවෙමි.....මට දැන් ඔක්කොම එපාවෙලා තියෙන්නෙ....පැවසූ අයියා දුකෙන් යුතුව කාමරයට ගියේය.....අයියෙ මේක හරිගියෙ නැත්නම් ආයෙත් දේවාලෙට ගිහින් කියමු.....අයියා කල්පනා කරමින් සිටිනවිට මම පැවසුවෙමි....වැඩක් නෑ නංගි මේව ඔක්කොම මගෙ මෝඩකමනෙ.....මම හිතා හිටියෙ කොල්ලෙක් වෙනව කියන්නෙ සතුටින් ඉන්න පුලුවන් කියල ...කෙල්ලෙක් වෙලා ඉදල කොල්ලෙක් වුනාම තමයි කෙල්ලෙක් වෙලා ඉන්න එක කොයිතරම් හොද්ද කියල තේරෙන්නෙ......ඔහු පැවසන්ට විය.....ඔයාගෙ ඔය ප්රාර්තනාව ඉස්ට වෙයි. අපි ආයෙත් ගිහින් බලමු....මම නැවත කීවෙමි.මෙලෙස දින හතක් පමන ගතවිය.....මා චූටි අයියාගේ කාමරයට ගියෙමි.....චූටි අයියා කාමරයේ නොසිටියේය. මා වටපිට පැලුවෙමි.අයියා ගේ ඇදුම් රාක්ක්යේ ගැහැණු ඇදුම් තිබුනු අතර මේසය මත ගැහැනු ලමුන් භාවිතා කරන රූප ලාවන්ය කීපයක් තිබුනි....මෙයා මටත් හොරෙන් ගැහැනු ලමයින් ගෙ ඒව හොයාගෙන ගැහැනු ලමයෙක් වගේ අදිනවද.....මෙච්චර කාලයක් මගෙ ඇදුම් ඇන්දෙ. අද මේ තියෙන ඇදුම් ඔක්කොම මගෙ ඒව නෙවෙයි.....මම ඒවා පරීක්ශා කරමින් ...කල්පනා කලෙමි....මේ ඔක්කොම ඇදුම් මෙයා සල්ලිවලට ගත්තෙ කොහෙන්ද....මට ගැටලුවක් ඇතිවුනි....එත කොට කෝ අයිය ඇන්ද පිරිමි ඇදුම්.....මම ඒවා සොයන්ට පටන් ගත්තෙමි......ඒ වා එකක්වත් පෙනෙන මානයක නොතිබුනි....ඉස්සර මම වගේ අයිය දිගටම කෙල්ලෙක් වගේ ඇඳගෙන ඉන්නනද දන්නෙ නෑ හදන්නෙ....මට සිතුනි....එහෙම උනොත් මට වුනු දේ අයියටත් වෙයි..අනේ පව්....මට දුක සිතුනි....සුලු වෙලාවකින් දිගු කොන්ඩය පිට දිගට විහිදුවාගත් ඉතාමත් රූමත් තරුනියක් කාමරය තුලට ආවාය.....අමුත්තිය දැක කලබලයට පත්වූ මම....ඔයා කවුද කෝ චූටි අයිය ඇසුවෙමි.....අහින්සක සිනහවකින් මුව සරසාගත් ඇය...මම දැන් චූටි අයිය නෙවෙයි ....පැවසුවාය.....එහෙනම් අපි දෙන්න ආයෙත් මාරු වෙලාද?.ඇතිවූ දුක සමග කලබල්යට පත්වූ මම කන්නාඩිය ඉදිරි පිටට ගියෙමි.....සුපුරුදු ගැහැනු රුවම කැඩපතෙන් දිස්විය....පුදුමයි මම මගේ පපු පෙදෙස ඩෙස බැලුවෙමි....රවුමට හැඩගැසුනු පියයුරු එලෙසම තිබුනි. එක් අතකින් මගේ කකුල් අතර අත ගෑවෙමි....වෙනදා තිබුනු හිස්බව මිස කිසිවක් අතට හසු නොවුනි.....මාව වෙනස් වෙලා නෑ....පුදුමයි....සිතමින් තරුනිය දෙස බැලුවෙමි.....ඇය සිනහසෙමින් මාව අදුනන්න බෑ නේද .....ඇසුවාය......ඔයා ඇත්තටම කවුද....අයගෙන් ඇසුවෙමි.....මම තමයි ඔයාගෙ චූටි අයිය....පුදුමයි කොහොමද ඕක වුනේ....මම ඇසුවෙමි....මටත් හිතා ගන්න බෑ...කී ඇය.....මම උදේ ඇහැරිලා බලනකොට වෙනසක් තේරුනා. මම හිමින් බාත් රූම් එකට ගිහින් මොකද වෙලා තියෙන්නෙ කියල බැලුව. එතකොට තමා තේරුම් ගත්තෙ මාව කෙල්ලෙක් වෙලා කියල....එතකොට මේ ඇදුම් කොහෙන්ද....මම ඇසුවෙමි....අනේ මන්ද ඒවත් ඔක්කොම වෙනස් වෙලා....ඇත්තටම මෙහෙම වෙච්ච එක හොදයි. දැන් ඔයා ආයෙත් කොල්ලෙක් වෙන්නෙ නැතුව මාව කෙල්ලෙක් වුනානෙ....මම දැන් ඔයාගෙ අක්ක නංගියේ.... ඇය මාව ආදරයෙන් තුරුලුකරගෙන මගේ මුහුන සිපගැනීමට පටන් ගත්තාය....මම ඉක්මනින් අම්මා සොයාගෙන කුස්සියට ගියෙමි....මොකද අද ඇරෙන්න දවල්වුනේ....මා දුටු අම්මා ඇසුවාය.....අම්මෙ මගෙ චූටි අයිය අක්කකෙනෙක් වෙලා එන්නකො පෙන්නන්න....මම ඇය සමග අක්කාගේ කාමරයට ගියෙමි....පුතා දැන් ලස්සන කෙල්ලෙක්නෙ.....ඇය දුටු අම්මා සතුටින් පැවසුවාය....ඔයාලෙ දෙන්නගෙම ප්‍රාර්ථනා ඉස්ටවුනානෙ ඔයාල සතුටු වෙන්නව නම් ඒක අපිටත් සතුටක්.....මෙය ඇසූ තාත්තා පැවසුවේය....දෙන් අපිට පුතු දෙන්නයි දූල දෙන්නයි....අම්මා සිනාසෙමින් ....පැවසුවාය.....ඔව් ඒක හොදයි සමහරු කියනවනෙ ගෙදරක වැඩිමල් කොල්ලො තුන් දෙන්නෙකුට පස්සෙ කෙල්ලෙක් ඉන්න එක හොද නෑ කියල....දැන් ඒකත් වෙනස් වුනානෙ...තාත්තා පවසන විට ...ඒකනම් ඇත්ත....අපිට දැන් දූල දෙන්නෙක් ඉන්න හින්ද පොඩ්ඩක් වගකීම වැඩිවුනා එච්චරයි.....අම්මා පැවසුවාය......
දැන් ඔය දෙන්න ගැහැනු ලමයිනෙ...ඔයාල දෙන්න එක කාමරේ නිදාගන්න....අම්මා කීවාය....ඒක තමා මම නංගිට කියන්න හිටියෙ ..මම නිදාගන්න ඇද ඩබල්ඇදක් හින්ද අපි දෙන්නට එක ඇදේ නිදාගන්න පුලුවන්.....අක්කා කීවාය..................

No comments: