Thursday, June 30, 2016

(ජීවිතය සුන්දරයි 38).................................................සෙනසුරාද ඉරිද මොන්ටිසෝරි නැතිහින්ද අපි ගෙදර හිටිය. ඒත් මහත්තයට එදාටවත් නිවාඩු තිබුනෙ නෑ ..ඉරිදා උදේ ගිහින් දවල් කෑමට ආව.....අනේ මන්ද මහත්තයට එයාගෙ පුතා ලග ඉන්නවත් වෙලාවක් නෑනෙ....ඒක තමා පුතා නිතරම අම්මගෙ ආදරේ බලාපොරොත්තු වෙන්නෙ....මම කල්පනා කලා......සදුනි ...මම හෙට ජපන් යනව...එන්න සතියක් විතර යයි...පුතා හොදට බලාගන්න...පැවසුවා....ඇයි මහත්තය හදිස්සියෙ....මම ඇහුව. හදිස්සියෙ නෙවෙයි බිස්නස් වැඩවලට නිතර යන්න වෙනව....පුතා සදුනි ගාව හොදින් ඉන්න හින්ද බය නැතුව යන්න පුලුවන්...මහත්තය කිව්ව.....වෙනද වගේ වැඩටික කරගෙන යන්න. මොනව හරි ගැටලුවක් උනොත් මට කෝල්කරන්න....තවදුරටත් කිව්ව.....සදුද හවස මහත්තයගෙ අක්කට වැන්දල. පුතාවත් ටිකවෙලාවක් හුරතල් කරල...වාහනේට නගින්න ගිහිල්ල මට කතා කලා...මම ගිහින් එනකන් පරිස්සමින් ඉන්න. කොහේවත් අනවස්ය ගමන් යන්න එපා......කියල වාහනේට නැග්ග.....එයාගෙ වාහනේ ගේට්ටුවෙන් පිටවෙනකන් බලා හිටිය මම කාමරේට ගියා....මහත්තය නැතිවුනාමත් හරි පාලුයි මට හිතුනා....ඒ සතියෙ පුතා එක්ක මොටිසෝරි ගියේ හුගක් කල්පනාවෙන්... මහත්තය නැති අතරෙ මොකුත් ගැටලුවක් උනොත්...මට බය හිතුන. ගිය දවසෙම රෑ මගෙ පෝන් එකට කෝල් එකක් ආව ...මම කතාකලාම මහත්තය කියල දැනගත්ත....කොහොමද සදුනි....මගෙන් ඇහුව....වැරැද්දක් නෑ මහත්තය පුතා මොන්ටිසෝරිගියා....මම කිව්ව...මහත්තයට කොහොමද මම ඇහුව...මට අවුලක් නෑ දැන් ඉන්නෙ ටෝකියෝ වල හෝටලේක....මහත්තයට බුදුසරනයි....මම කිව්ව...පරිස්සමින් ඉන්න කියල එයා පෝන් එක තිබ්බ.....මහත්තය නැති හින්ද නෝන තමයි ගෙදර අනිත් වැඩගැන බැලුවෙ....මට තෙරුනා මහත්තය යන්න ඉස්සෙල්ල ගෙදර වියදම් නෝනට දීල ගිහින් කියල......
ඊයෙ රෑ මහත්තය කතාකලා නෝනා....මම නෝනට කිව්ව....එයා එහෙම තමා...පුතාගැන අහන්න නිතරම කෝල්කරනව....මගෙන් අහල ඊටපස්සෙ තව කෙනෙක්ගෙන් අහනව...එතකොට හරියට ඇත්ත දැනගන්න පුලුවන්නෙ....නෝනා හිනාවෙවී කිව්ව.පහුවදා අපි දවල් කෑම අරගෙන පුතා එක්ක සෙල්ලම් කරකර ඉන්න කොට මහත්තය කතා කලා. මගෙ පෝන් එකටයි කතා කලේ...මම පුතා ගැන විස්තර කිව්වම පුතත් එක්ක කතාකරන්න මගෙ පෝන් එක පුතාට දුන්න....පුතා මහත්තයත් එක්ක කතාකරල..මට දීල....අම්මගෙ පෝන් එක පරනයිනෙ අලුත් එකක් ගන්නකො කිව්ව....හොදවෙලාවට මහත්තය පෝන් එක තියෙල.... පුතා කිව්ව එක ඇහුනනම් හොද නෑ....මට හිතුනා...අනේ පුතේ මම පුතාගෙ අම්ම වගේ හිටියට මම දුප්පත් කොල්ලෙක් මට කොහෙන්ද පුතේ ඔචර ඕවට වියදම් කරන්න සල්ලි. අඩුගානෙ මාව කෙල්ලෙක්වත් උනානම් පුතාගෙ ඇත්ත අම්මවගේ ඉන්න උත්සාහ කරන්න තිබුන.....එහෙනම් පුතාගෙ තාත්ත මට ඔනැත්රම් වියදම් කරයි.....මම පුතා දිහා බලාගෙන දුකෙන් කල්පනාකලා....මහත්තය ජපානෙ ඉන්නකාලෙ තුල දවසකට දෙතුන්පාරක් මට කතා කරල පුතාගෙ විස්තර ඇහුවා...දවසක් මට පුතා කිව්ව මගෙ පෝන් එකෙන් එයාගෙ පොටෝ එකක් ගන්න කියල....මේකෙන් පොටෝගන්න බෑ පුතේ...මම කිව්ව....අම්ම බොරුකියන්නෙ...එහෙනම් තාත්ත ගන්නෙ....ඒක අලුත් පෝන් එකනෙ පුතේ..මම කිව්ව...ඉතින් අම්මත් ගන්නකො අලුත් එකක්....පුතා කිව්ව. මට ඕවගන්න සල්ලි නෑ පුතේ.....ඉතින් තාත්තගෙන් ඉල්ල ගන්නකො එයා ගාව ගොඩාක් සල්ලි තියන්වනේ......හා පුතේ මම තාත්තගෙන් ඉල්ල ගන්නම්......කියල පුතාගෙ හිත සතුටුකෙරුවා.....සතියෙන් පස්සෙ මහත්තය ගෙදර ආව....මම දැක්ක මහත්තයගෙ අක්කට මොනවද පර්සලයක් දෙනව...නෝන හිනාවෙලා ඒක ගත්තා....පුතාටත් මොනවහරි දීල ඊට පාසෙ තව පාර්සලයක් අතේ තියාගෙන මහත්තයගෙ ඇදුම් බෑක් එක ගත්ත ගැහැනු කෙනාට දීල මේ ටික ඔක්කොම බෙදාගන්න කියල කාමරේට ගියා.......පුතාට දුන්න පාර්සලේ නෝන ඉස්සරම නෝනට පේන්න විවුර්ත කලා.....ඒකෙ තිබුනෙ චොක්ලට් වගයකුයි සෙල්ලම් බඩුයි.....එයා ඒටික දැකල ගොඩක් සතුටුවුනා...මට චොකලට් එකක් දුන්න.....එපා පුතේ ඕව ඔක්කොම පුතාටනෙ ගෙනාවෙ පුතා කන්න....මම කිව්ව........ඒත් පුතා මට බලෙම්ම කැවුව....මම හිතුවෙ බබා බලාගත්තට මටත් මොනවහරි ගෙනෙයි කියල...ඒත් මහත්තය මට මොකුත් ගෙනැත් නෑ.....එක අතකට මම මෙයාලගෙන් මොනව ලැබෙයි කියල බලාපොරොත්තු වෙන්නද...මමත් අනිත් අයවගේ මේගෙදර වැඩකරන කෙනෙක්.....මට මෙයාල මේවිදියට සලකන එකත් ලොකු දෙයක්.....මහත්තය ඇවිත් ටිකවෙලාවකින් ආපහු ගෙදරින් පිටවෙනව දැක්ක....අනේ මන්ද මල්ලිට ගෙදර ඉන්න වෙලාවක් නෑ....නෝන කියනව මට ඇහුන.
මම පුතත් එක්ක කාමරේට ගියා. මහත්තය ඔක්කොටම මොනව හරි ගෙනත් දුන්න මට විතරයි ගෙනත් දුන්නෙ නැත්තෙ..මගෙන් මොකක් හරි වැරැද්දක් උනාද මට බයකුත් හිතුනා......මම කොච්චර මේක අමතක කරන්න හැදුවත් බැරුවගියා....මගෙ ඇස්දෙකට කඳුළු ආව. කමක් නෑ මට මේ ලැබුන දේවල් හොදටම ඇති.....මම සුසුමක් පිටකලා.

No comments: