Thursday, June 30, 2016


(ජීවිතය සුන්දරයි 40).............................................ඔයා ඇත්තටම කෙල්ලෙක් උනානම් මම ඔයාව කසාදබදිනව කෙල්ලෙ.....මහත්තය දුකෙන් වගේ මට කිව්ව....මම ලැජ්ජාවෙන් බිම බලා ගන්නව දැක්ක මහත්තය ඇයි කියල ඇහුව....මට ඒකට වාසනාවක් නෑ මහත්තය....මම කිව්ව....ඒකතමා..... පැවසූ මහත්තයා...මා අසලින් ගියා. ටික වෙලාවකින් මා ලගට ආව නෝන. මොකද මහත්තය කියන්නෙ...මගෙන් ඇහුව....මොකුත් නෑ නෝන පුතා ගැන අහන්නෙ...මම හිතට ආවදේ කිව්ව....නෝන මා ලගින් වාඩිවුනා....මල්ලිට හැමදාම ඔය විදියට තනියම ඉන්න බෑනෙ...මම එයාට හැම තිස්සෙම කියන්නෙ හොද කෙනෙක්ව හොයාගෙන කසාද බැදගන්න කියල. කොහේද එයා ඒකට කැමතිනෑනෙ....නෝනා මහත්තය ගැන පැවසුවා....ඇයි නෝන එයා කැමති නැත්තෙ...මම ඇහුව....එයා බයයි බදින එක්කෙනා පුතාට වෙනස්කමක් කරයි කියල....එක අතකට ඒකත් ඇත්ත නෝන.....මම කිව්ව....එහෙමත් වෙන්නෙ නෑ සදුනි. දැන් ඔයා කොයිතරම් පුතාට ආදරෙයිද. ඔයා පඩිත් එපා කියලනෙ පුතාට සලකන්නෙ.....මම හිතන්නෙ නෑ පුතාගෙ අම්ම ඉන්න කොටවත් ඔයා පුතාට ආදරේ කරන තරම් එයාවත් අදරේ කලයි කියල...මහත්තය හොද නෝන කෙනෙක් හොයාගෙන බැද ගත්තම .මට පුලුවන්නෙ නෝන මේ පුතාව බලාගන්න....මම මෙහෙම කිව්වම නෝන හයියෙන් සුසුමක් පිටකලා....මහත්තයට ඕනැතරම් සල්ලි තියෙනව. අපිට කුලමල මොකුත් ඕනැ නෑ . දුප්පත් උනත් හොද හැදියාව තියෙන අහින්සක ගැහැනු ලමයෙක් තමා මහත්තයට ගැලපෙන්නෙ.....නෝන මෙහෙම කියනකොට....නෝනගෙ යටි අදහස මට තේරුනා....ඒත් කොහොමද දෙවියනේ මම මේ මහත්තයව බදින්නෙ....මම දුකෙන් බිම බලාගත්ත....මගෙ කරුම ලෙඩක් හින්ද මටත් කසාදයක් කරගන්න බැරිවුනානේ......නෝනා දුකෙන් මා එක්ක කිව්ව.....ඇයි නෝන.....මොකක්ද අස්නීපෙ..මම ඇහුව. මට ගර්බාසෙ අව්ලක් තියෙනව කියල කසාද බදින්න එපා කියල තියෙන්නෙ....ඉතින් බෙහෙත් කලේ නැද්ද....මම ඇහුව...හුගක් දේවල් කලා හරිගියෙ නෑ පස්සෙ මම තීරනය කලා ගෙදරට වෙලා ඉන්න......නෝන මෙහෙම කියන කොට මට නෝන ගැන කනගාටුවක් ඇතිවුනා....දැන් බලනකොට මායි නොනයි දෙන්නම එකයිනෙ.....නෝන ගැහැනියෙක් වෙලා උපන්නට ඒව හරියට පිහිටල නෑ....මම ගැහැනියෙක් වෙලා උපන්නට මට ලැබිල තියෙන්නෙ පිරිමි ශරීරයක්...ඉතින් අපි කොහොමද කසාද බදින්නෙ....මම කල්පනා කලා...ඒ වුනාට නෝන හිතගෙන ඉන්නෙ මාත් කෙල්ලෙක් කියල. මේව කොහොමද නෝනට කියන්නෙ....එදා රෑ පුතාව නිදිකරවලා මහත්තයගෙ ඇදේ තියල මගේ කාමරේට ඇවිත් දොර වහගත්ත. ඊට පස්සෙ ඇදගෙන හිටිය ඇදුම් ටික ගලවල නිරුවත් වෙලා කන්නඩිය ගාවට ගියා. උඩින් කොහොම හන්ගගෙන හිටියත් මට තියෙන්නෙ පිරිමි සිරුරක් මට ඒ සිරුර දැක්කම දුකක් ඇතිවුනා...මට එපා මේ ශරීරය මට එපා මේ පුරුෂ ලින්ගෙ. මට ඕනැ ලස්සනට ඉස්සිලා තියෙන පියයුරු දෙකක්....මම කන්නාඩිය ඉස්සරහ ඉදගෙන අඩන්න පටන්ගත්තා....මොනව කරන්නද කොච්චර ඇඩුවත් මේක වෙනස්කරන්න බෑනෙ....හිතුව මම....නැවත ගවුම ඇදගෙන ඇදේ ඇලවුනා...මට නිතරම කල්පනා වුනේ මහත්තය දවල් කිව්ව දේ....ඔයා කෙල්ලෙක් උනානම් මම ඔයාව කසාද බදිනව.....
මට කොහේද එහෙම වාසනාවක්.....මට මේවචන ටික මතක්වෙන වාරයක් පාසා හිතුනා....නෝනගෙත් හිතේ තියෙන්නෙ මහත්තයට මාව බන්දල දෙන්න...ඒක කවදාවත් වෙන්න බැරි එකක් කියල නෝනට තේරෙන්නෙ නෑ...අපිට කසාද බදින්න බැරි වුනත් මහත්තය මට ආදරෙයි කියල තේරුනේ එයා නිතර මාදිහා බලනකොට....එයා කොහේ ගියත් දවසකට කීපවාරයක් මා එක්ක කතා කරන්නෙ මාව අව්ස්ය නිසා කියල මට තේරුනා....ඒත් අපිදෙන්න අතර තියෙන්නෙ විශාල තාප්පයක්. අපිට කවදාවත් ඒ තාප්පෙ කඩන්න බෑ....මහත්තය මා ගැන උනන්දුවුනත් කවදාවත් මගෙ ඇගටවත් අත තියෙල නෑ...එහෙම උනානම් අපි දෙන්න සමලින්ගික වෙනව නේද කියල මහත්තයට හිතෙනව ඇති... ඇත්තටම මාත් කැමති නෑ සමලිංගික සම්භන්දවලට.....මම කවද හරි කෙල්ලෙක් උනොත්විතරයි පිරිමියෙකුට ආදරේ කරන්නෙ....මට නිතරම හිතෙන්නෙ මේ විදිහට...සදුනි හෙට පාටියක් තියෙනව. පුතත් එක්ක යන්න ඔනැ...දවසක් මහත්තය කිව්ව....මම කල්පනා කලේ ඔයා කොහොමද එක්ක යන්නෙ කියල......මොකක්ද මහත්තය පාටිය....අපේ මහප්පගෙ දුවගෙ පුතාගෙ පස්වෙනි උපන්දිනේ....එහෙ එන්නෙ ඔක්කොම නෑදැයො ....මට ඔයාව වැඩ කාරියෙක් විදියට එක්ක යන්නත් බෑ...පුතාගෙ අම්ම විදියට එක්ක යන්නත් බෑ.....මගෙ කිව්වොත් ඉවරයක් නැති ප්රස්න තමා....ඔයගෙ පෙලපත ඉදන් කියන්න වෙනව....මොකද කරන්නෙ කියල කල්පනා කලේ....මම ගෙදර ඉන්නම් මහත්තෙල යන්න...මම කිව්ව.....එහෙම හරියන්නෙ නෑ කිව්ව මහත්තය ටික වෙලාවක් කල්පනා කලා....හරි ඕනැ එකක් උනාවෙ මම බලාගන්නම්....ඔයා හෙට පාටියට ලෑස්තිවෙන්න....මට කිව්ව.....හැබයි සාරියක් ඇදගෙන ගියොත් තමා හොද....මහත්තය කිව්ව....සාරි අදින්න තේරෙන්නෙ නෑනෙ මහත්තය මම කිව්ව....නෝන ඉන්නෙ නෝනගෙන් අහගෙන ඇදගන්න....ඒකත් ඇත්ත තමා මාගාව සාරි තියෙනවනෙ...නෝනගෙන් අහගෙන ඇදගන්නව....මම කල්පනා කලා.....

(ජීවිතය සුන්දරයි 39)................................................රෑ පුතා මගේ ඇදේ නිදාගත්ත. මේ දවස්ටිකේ මා ගාව නිදිකරවපු පුතා නෝනගෙ ඇදේ තමා නිදාගත්තෙ. ඒත් අද මහත්තය ආවහම එයාගෙ ඇදෙන් තියන්න කියල නෝන කිව්ව. ඒ හින්ද මම ගාව නින්ද ගිය බබාව එක්ක යන්න මහත්තය එනකම් හිටිය...මහත්තය එනකොට ටිකක් රෑවෙලා තිබුනා...එයා රෑ කෑම කාල එනකන් බලා හිටිය.....නින්දගිය පුතා වඩාගෙන මහත්තයගෙ කාමරේට ගියා....හොදටම නින්දගිහින්නේද....මේ වැඩ හින්ද පුතා එක්ක හරියට කතාකරන්නවත් බරිවුනා....මහත්තය.....පුතාගෙ හිස අතගාමින් පැවසුවා....මම මගෙ කාමරේට ගියා.....මට මොනව නැතත් කෙල්ලෙක් විදියට ජීවත්වෙන්න පුලුවන්නෙ....මගේ රුව කන්නාඩියෙන් බලා සතුටුවුනා.
පහුවදා මම පුතාව මොන්ටිසෝරි ඇරලවල ගෙදරට ආවම..ඊයෙ..සදුනිට මහත්තය මොනවද ගෙනත් දුන්නෙ....නෝන මගෙන් ඇහුව.......මේ බලන්න මට ලස්සන බ්ලවුස් එකක් ගෙනහල්ල....ඇය එය මට පෙන්නුව....මම මොකුත් කියන්නෙ නැතුව ඒක දිහා බලල ...ලස්සනයි ....කිව්ව. ..සදුනිට මොනවද හම්බවුනේ....ඇය ආයෙත් ඇහුව......මට මොකුත් ඕනැ නෑ නෝන...මම කිව්ව....ඒ කියන්නෙ ඔයාට මොකුත් හම්බවුනේ නැද්ද.....මගෙන් ඇහුව....ඕව ඕනෙ නෑ නෝන මට ඕනැතරම් ඇදුම් තියෙනවනෙ.....මම කිව්ව....මේක වෙන්න බැරි වැඩක්නෙ මල්ලි රට ගිහිල්ල එනකොට මෙහෙ වැඩකරන ඔක්කොටම මොනවහරි ගෙනත්දෙනව....ඇය පැවසුවා....මම අලුතින් ආව හින්ද වෙන්න ඇති නෝන....මම කිව්ව....අලුතින් ආවට ඔයලමය කරන්නෙ ලොකුවැඩක්.....ඇය කිව්ව....ඉන්නකො මම මල්ලිගෙන් අහන්න...අනේ ඕව ගැන අහන්න එපා නෝන....මහත්තය මේ විදියටවත් සලකන එකත් ලොකුදෙයක්නෙ.....මම කිව්ව. මම ඊට පස්සෙ ඒක ගැන හිතන්න ගියෙනෑ. හවස මහත්තය ආවත් මුකුත් කිව්වෙ නැතිහින්ද මම හිතන්නෙ ....නෝන.. මහත්තයගෙන් කිසිදෙයක් අහල නැතුව ඇති ...එහෙම වෙනවනම් හොදයි....මම කල්පනා කලා.දවස් හතරක් විතර ගතවුනා එදා මහත්තය ඇවිත් තිබුනෙ අපි උඩ බුදුන් වදින වෙලාවෙ.... අපි බුදුන් වැදල එලියට එනකොට මහත්තය එලියෙ ඉදගෙන බලා ඉදල......ආ මල්ලි දැන්ද ආවෙ...නෝන ඇහුව....ඔව් අක්කෙ ...අද ටිකක් ඉක්මනට ආව පුතා නැති හින්ද මෙහාට ආවෙ....පුතා ...අපි සාදු වැන්ද.......කියමින් මහත්තයගෙ අතේ එල්ලුනා. මම සදුනිට කෝල් එකක් දැම්ම කොහේද කියල බලන්න. රින් වෙනව මිසක් ගත්තෙ නැත්තෙ මොකද කියල බලන්න ආවෙ.....අපෝ අම්මගෙ තියෙන්නෙ කබල් පෝන් එකනෙ ඒ කෙන් පොටෝ එකක්වත් ගන්න බෑනෙ......පුතා මහත්තයට කිව්ව....ඇයි මම ගෙනත් දුන්න පෝන් එක?....මහත්තය ඇහුව.....මම ඔයාට දෙන්න කියල එකක් ගෙනාව ඒක මගෙ බෑක් එකේ ඇති...හදිසියේ මතක් වූ ඔහු හිසේ අත තබා ගත්ත....සොරි කිව්ව ඔහු කාමරේ ටගියා....පුතා මාත් එක්ක මහත්තයගෙ කාමරේට ගියා....මහත්තය මට ගෙනා පාර්සලේ දුන්න....මම ස්තූත්යි කියල ඒක අරගෙන කාමරේට ගිහින් බැලුව. ඇත්ත තමයි ඒක ඇතුලෙ පෝන් එකක් තවත් පොඩි පෙට්ටි වගයක් තිබුන....ඒව විවුර්ත කලාම දැක්කෙ ලස්සන ගැහැණු ආභරන වගයක් තිබෙන බව. පෝන් එක ජපානෙන් ගත්ත අලුත් එකක් කියල දැක්ක ...මට දැන් පුලුවන් මගෙ සිම් එක මේකට දාගන්න... ඒත් මම මේවගෙ ඒව පාවිච්චි කරල නැති හින්ද. කිසිදෙයක් කරගන්න බැරිවුනා....මේක අහගන්න වෙන්නෙ ..මහත්තය ගෙන්ම තමා....මම ඒකත් අරගෙන මහත්තය ගාවට ගියා.....මොකද ...මගෙන් ඇහුව.මේකට සිම් එක දාන හැටි තේරෙන්නෙ නෑ මම කිව්ව...ඕකත් තේරෙන්නෙ නැද්ද කිව්ව මහත්තය....කෝදෙන්න කියල මගෙ පෝන් එකත් ඉල්ල ගත්ත ...මම මේක හදල කතාකරන්නම් ....ඔහු කිව්ව...මම ආපහු කාමරේට ආව.....මම වැරදියට හිතාගෙන හිටියට මහත්තය මටත් තෑගි ගෙනල්ලනෙ.....මට සතුටක් දැනුන....මහත්තයා පෝන් එක හදල ඒක වැඩකරන හැටිත් කියාදුන්න....ඒකෙන් ස්කයිප් වන්න පුලුවන් හින්ද...මීට පස්සෙ ස්කයිප් වලින් කතා කරන්න කිව්ව... ගෙදර වයි පයි තියෙන හින්ද නෙට් යන්නත් පුලුවන් කියල මහත්තය කිව්ව....ඔන්න පුතේ දැන් අම්මට පුතාගෙ පොටෝ ගහන්න පුලුවන් ...මම පුතාගෙ පොටෝ එකක් අරගෙන පෙන්නුව...එයා සතුටින් හිනාවුනා....
මෙහාට අවිත් මාස දෙකක් විතර ගියා මේ කාලෙ පුරාවට මම හුගක් සතුටින් හිටියා.. එදා හෝටලයෙන් ආව අන්තිම දවසෙ තමා මම අවසන් වතාවට කොල්ලෙක් වගේ ඇදගෙන හිටියෙ. එදා ඉදන් මේ දක්වා මම පිරිමි ඇදුමක් ඇදගෙන හිටියෙ නෑ අඩුගානෙ පිරිමි ඇදුමක් ඇල්ලුවෙවත් නෑ ...අන්ද තරමක් ඇන්දෙ ගැහැනු ඇදුම් පමණයි . ජීවත් වුනේ කෙල්ලෙක් වගේ... මට දැන් පිරිමි කම අමතක වෙලා වගේ දැනෙන්නෙ....මගෙ ඇගත් වෙනස් වෙලා නියම කෙල්ලෙක් වෙනවනම් කොයිතරම් දෙයක් ද ....මම කල්පනාකලා......මහත්තය කොහේ ගියත් දවසකට දෙතුන් සැරයක් මා එක්ක ස්කයිප් වලින් කතාකරන්න පුරුදු වෙලා හිටිය ..එයාට නිතරම පුතාගෙ තොරතුරු දැනගන්න ඕනැවෙලා තිබුන....මටත් දිනෙන්දිනම පුතා නැතුව බරිවුනා...සමහර වෙලාවට මට හිතුන මම ඇත්තටම පුතාගෙ අම්මද කියල...ඔය අතරෙ මහත්තය මට පඩිය දුන්න...මට පඩි ඕනැ නෑ මහත්තය.....මම කිව්ව....ඇයි ඒ...මහත්තය පුදුමයෙන් ඇහුව.....අම්ම කෙනෙක් පඩියට වැඩකරන්නෙ නෑනෙ මහත්තය...මම කිව්ව....ඒ උනාට ඔයා මෙහාට ආවෙ පඩියටනෙ....මහත්තය කිව්ව.....මට මේවගෙ අම්ම කෙනෙක් වෙන්න වෙයි කියල එදා හිතුවෙ නෑ මහත්තය....මම කිව්ව...ඒකට කමක් නෑ මේක තියාගන්න...මහත්තය මට ආයෙත් බලකලා....මම ගත්තෙ නැති හින්ද...මහත්ත්ය කිව්ව මට බෑන්ක් එකවුන්ට් එකක් හදල ඒකට දානව කියල.....සතියක් විතර ගතවුනා . දවසක් හවස පුතත් එක්ක මිදුලෙ බැන්කුවෙ වාඩිවෙලා ඉන්න කොට මහත්තය අපි අසලින් වාඩිවෙලා. මාදිහා බලාඉන්නව මම දැක්ක......මහත්තය මොකක් හරි මට කියන්න හදන්නෙ....මම කල්පනා කලා.

(ජීවිතය සුන්දරයි 38).................................................සෙනසුරාද ඉරිද මොන්ටිසෝරි නැතිහින්ද අපි ගෙදර හිටිය. ඒත් මහත්තයට එදාටවත් නිවාඩු තිබුනෙ නෑ ..ඉරිදා උදේ ගිහින් දවල් කෑමට ආව.....අනේ මන්ද මහත්තයට එයාගෙ පුතා ලග ඉන්නවත් වෙලාවක් නෑනෙ....ඒක තමා පුතා නිතරම අම්මගෙ ආදරේ බලාපොරොත්තු වෙන්නෙ....මම කල්පනා කලා......සදුනි ...මම හෙට ජපන් යනව...එන්න සතියක් විතර යයි...පුතා හොදට බලාගන්න...පැවසුවා....ඇයි මහත්තය හදිස්සියෙ....මම ඇහුව. හදිස්සියෙ නෙවෙයි බිස්නස් වැඩවලට නිතර යන්න වෙනව....පුතා සදුනි ගාව හොදින් ඉන්න හින්ද බය නැතුව යන්න පුලුවන්...මහත්තය කිව්ව.....වෙනද වගේ වැඩටික කරගෙන යන්න. මොනව හරි ගැටලුවක් උනොත් මට කෝල්කරන්න....තවදුරටත් කිව්ව.....සදුද හවස මහත්තයගෙ අක්කට වැන්දල. පුතාවත් ටිකවෙලාවක් හුරතල් කරල...වාහනේට නගින්න ගිහිල්ල මට කතා කලා...මම ගිහින් එනකන් පරිස්සමින් ඉන්න. කොහේවත් අනවස්ය ගමන් යන්න එපා......කියල වාහනේට නැග්ග.....එයාගෙ වාහනේ ගේට්ටුවෙන් පිටවෙනකන් බලා හිටිය මම කාමරේට ගියා....මහත්තය නැතිවුනාමත් හරි පාලුයි මට හිතුනා....ඒ සතියෙ පුතා එක්ක මොටිසෝරි ගියේ හුගක් කල්පනාවෙන්... මහත්තය නැති අතරෙ මොකුත් ගැටලුවක් උනොත්...මට බය හිතුන. ගිය දවසෙම රෑ මගෙ පෝන් එකට කෝල් එකක් ආව ...මම කතාකලාම මහත්තය කියල දැනගත්ත....කොහොමද සදුනි....මගෙන් ඇහුව....වැරැද්දක් නෑ මහත්තය පුතා මොන්ටිසෝරිගියා....මම කිව්ව...මහත්තයට කොහොමද මම ඇහුව...මට අවුලක් නෑ දැන් ඉන්නෙ ටෝකියෝ වල හෝටලේක....මහත්තයට බුදුසරනයි....මම කිව්ව...පරිස්සමින් ඉන්න කියල එයා පෝන් එක තිබ්බ.....මහත්තය නැති හින්ද නෝන තමයි ගෙදර අනිත් වැඩගැන බැලුවෙ....මට තෙරුනා මහත්තය යන්න ඉස්සෙල්ල ගෙදර වියදම් නෝනට දීල ගිහින් කියල......
ඊයෙ රෑ මහත්තය කතාකලා නෝනා....මම නෝනට කිව්ව....එයා එහෙම තමා...පුතාගැන අහන්න නිතරම කෝල්කරනව....මගෙන් අහල ඊටපස්සෙ තව කෙනෙක්ගෙන් අහනව...එතකොට හරියට ඇත්ත දැනගන්න පුලුවන්නෙ....නෝනා හිනාවෙවී කිව්ව.පහුවදා අපි දවල් කෑම අරගෙන පුතා එක්ක සෙල්ලම් කරකර ඉන්න කොට මහත්තය කතා කලා. මගෙ පෝන් එකටයි කතා කලේ...මම පුතා ගැන විස්තර කිව්වම පුතත් එක්ක කතාකරන්න මගෙ පෝන් එක පුතාට දුන්න....පුතා මහත්තයත් එක්ක කතාකරල..මට දීල....අම්මගෙ පෝන් එක පරනයිනෙ අලුත් එකක් ගන්නකො කිව්ව....හොදවෙලාවට මහත්තය පෝන් එක තියෙල.... පුතා කිව්ව එක ඇහුනනම් හොද නෑ....මට හිතුනා...අනේ පුතේ මම පුතාගෙ අම්ම වගේ හිටියට මම දුප්පත් කොල්ලෙක් මට කොහෙන්ද පුතේ ඔචර ඕවට වියදම් කරන්න සල්ලි. අඩුගානෙ මාව කෙල්ලෙක්වත් උනානම් පුතාගෙ ඇත්ත අම්මවගේ ඉන්න උත්සාහ කරන්න තිබුන.....එහෙනම් පුතාගෙ තාත්ත මට ඔනැත්රම් වියදම් කරයි.....මම පුතා දිහා බලාගෙන දුකෙන් කල්පනාකලා....මහත්තය ජපානෙ ඉන්නකාලෙ තුල දවසකට දෙතුන්පාරක් මට කතා කරල පුතාගෙ විස්තර ඇහුවා...දවසක් මට පුතා කිව්ව මගෙ පෝන් එකෙන් එයාගෙ පොටෝ එකක් ගන්න කියල....මේකෙන් පොටෝගන්න බෑ පුතේ...මම කිව්ව....අම්ම බොරුකියන්නෙ...එහෙනම් තාත්ත ගන්නෙ....ඒක අලුත් පෝන් එකනෙ පුතේ..මම කිව්ව...ඉතින් අම්මත් ගන්නකො අලුත් එකක්....පුතා කිව්ව. මට ඕවගන්න සල්ලි නෑ පුතේ.....ඉතින් තාත්තගෙන් ඉල්ල ගන්නකො එයා ගාව ගොඩාක් සල්ලි තියන්වනේ......හා පුතේ මම තාත්තගෙන් ඉල්ල ගන්නම්......කියල පුතාගෙ හිත සතුටුකෙරුවා.....සතියෙන් පස්සෙ මහත්තය ගෙදර ආව....මම දැක්ක මහත්තයගෙ අක්කට මොනවද පර්සලයක් දෙනව...නෝන හිනාවෙලා ඒක ගත්තා....පුතාටත් මොනවහරි දීල ඊට පාසෙ තව පාර්සලයක් අතේ තියාගෙන මහත්තයගෙ ඇදුම් බෑක් එක ගත්ත ගැහැනු කෙනාට දීල මේ ටික ඔක්කොම බෙදාගන්න කියල කාමරේට ගියා.......පුතාට දුන්න පාර්සලේ නෝන ඉස්සරම නෝනට පේන්න විවුර්ත කලා.....ඒකෙ තිබුනෙ චොක්ලට් වගයකුයි සෙල්ලම් බඩුයි.....එයා ඒටික දැකල ගොඩක් සතුටුවුනා...මට චොකලට් එකක් දුන්න.....එපා පුතේ ඕව ඔක්කොම පුතාටනෙ ගෙනාවෙ පුතා කන්න....මම කිව්ව........ඒත් පුතා මට බලෙම්ම කැවුව....මම හිතුවෙ බබා බලාගත්තට මටත් මොනවහරි ගෙනෙයි කියල...ඒත් මහත්තය මට මොකුත් ගෙනැත් නෑ.....එක අතකට මම මෙයාලගෙන් මොනව ලැබෙයි කියල බලාපොරොත්තු වෙන්නද...මමත් අනිත් අයවගේ මේගෙදර වැඩකරන කෙනෙක්.....මට මෙයාල මේවිදියට සලකන එකත් ලොකු දෙයක්.....මහත්තය ඇවිත් ටිකවෙලාවකින් ආපහු ගෙදරින් පිටවෙනව දැක්ක....අනේ මන්ද මල්ලිට ගෙදර ඉන්න වෙලාවක් නෑ....නෝන කියනව මට ඇහුන.
මම පුතත් එක්ක කාමරේට ගියා. මහත්තය ඔක්කොටම මොනව හරි ගෙනත් දුන්න මට විතරයි ගෙනත් දුන්නෙ නැත්තෙ..මගෙන් මොකක් හරි වැරැද්දක් උනාද මට බයකුත් හිතුනා......මම කොච්චර මේක අමතක කරන්න හැදුවත් බැරුවගියා....මගෙ ඇස්දෙකට කඳුළු ආව. කමක් නෑ මට මේ ලැබුන දේවල් හොදටම ඇති.....මම සුසුමක් පිටකලා.

ජීවිතය සුන්දරයි 37)...............................................පුතා එක්ක එන්න වලාවහරි හින්ද ලැහැස්තිවෙලා එලියට ගියා ඩ්රිවර් අන්කල් වාහනේ ගත්ත. පිටි පස්සෙ ආසනේ වාඩිවුන මම ...මොන්ටිසෝරියට ගියා... මම දැක්ක.. පුතා අනිත් ලමයි අතරින් මාගාවට දුවගෙන එනව....ඔහු මගේ අතේ එල්ලුනා ...මම එයාව වඩාගත්ත....එයාගෙ බෑක් එක ඩ්‍රිවර් අන්කල් ගත්ත. පුතාට ඕනැ උනේ ඉස්සරහ ආසනේ .මම එයාව ඒකෙන් ඉන්දවල පිටිපස්සට ගියා....අනකල් ටවල් ගන්න පුලුවන් තැනකින් නවත්තන්නකො...මම කිව්ව....මැඩම් ඒව ගන්නනම් මහරගමට යන්න වෙනව....ඔහු කිව්ව...එහෙනම් එපා පරක්කු වෙනව....මම ඒ අදහස අත හැරල දැම්ම.නෝනට කියල හවසටවත් යනව ...මම හිතාගත්ත......ගෙදර ගිය මම පුතාගෙ ඇදුන් මාරුකරල .මමත් ගෙදරට අදින ගවුමක් ඇද ගත්ත....වෙන කෙල්ලො ගමනක් යන්න අඳින ඇදුම් තමා මට දැන් ගෙදරට අදින්න වෙලා තියෙන්නෙ...මීට වඩා බාල ඇදුම් පරන ඇදුම් මට දැන් නෑ...ඔක්කොම හොද ඇදුම් තියෙන්නෙ.....මේවගෙ ඇදුම් ඇදගෙන ඉන්නකොට තේරෙන්නෙ කොහේ හර ගමනක් යන්න ඇදගෙන ඉන්නව වගේ.....මට අපේ අක්ක . නැන්දගෙ දුව.. නන්ගි ගෙ ඇදුම් ගැන මතක් උනා. එයාලට මම දැන් ගෙදරට අදින ගවුම් තරම්ම් වත් හොද ඇදුම් ගමනක් යන්නවත් තිබුනෙ නෑ....එදා මට අක්ක ගැහුවෙ ඒවගේ ඇදුම් ඇදගෙන ඉදල...එයාට මේවගෙ වටින ඇදුම් තිබුනනම් කොයි තරම් උඩගුවෙයිද.....අක්කෙ එදා මම ඔයාගෙන් ගුටි කෑවට ඔයාට වඩා හොද ගවුන් මට දැන් තියෙනව...මම හිමින් කිව්ව......අක්ක මට ගැහුවත් කමක් නෑ බොරු චෝද්නා කරල අම්මල තරහ කරල මාව ගෙදරින් පන්න ගත්ත .....දැන් අක්කයි . ගෙදර අයයි සතුටින් ඉන්නව ඇතිනෙ. නැන්දටත් එයාගෙ දුවව මගෙන් පරිස්සම් කරගන්න පුලුවන්නෙ.....මට ගෙදර අතීතය සිහිවුවත්....ඕව කල්පනා කරල මට දැන් වැඩක් නෑ....මම ගෙදර ගැන කල්පනා කරන එක නැවැත්තුවා....
නෝන කෑමට යනකොට මටත් කතා කලා. අපි කැම කෑවෙ නෝනත් එක්ක එක මේසෙ ඉදගෙන....මට හැමදාම මේ විදියට තමා කෑම කන්න වෙන්නෙ.....පුතාට කෑමටික කවන ගමන් කල්පනා කලා.....මාමට කෝල් කලාද ....නෝන මගෙන් ඇහුව.....නෑ නෝන...හවසට කතා කරනව....මම කිව්ව....මතක ඇතුව කතාකරන්න එයාල බලාගෙන ඇති......නෝන කිව්ව....හවස පුතා නිදාගත්තට පස්සෙ හෝටලේ මුදලාලිට කතා කරල ජෝන් මාම සම්බන්ධ කර ගත්ත....මාමෙ මම හිදින් ඉන්නව . මෙහෙ ගොඩක් හොදයි.....මම කිව්ව..එහෙම අහුවම මාම හුගක් සතුටුවුන බව මෙට තේරුනා....මමට තවම ගෝලයෙක් හබවුනේ නෑ කියල කිව්ව....එයා එක්කෙනෙක් හොයනව කිව්ව. ඒ කොල්ලෙක ගත්තට පස්සෙ මම නෝනට කිව්ව මාමට කතාකලා කියල.....ඒක හොදයි...නෝන කිව්ව. මට මේ වාසනාව ලැබුනෙ පහුගිය දවස්වල සිල් ගන්න ගියානෙ . ඒ කද දන්නෙ නෑ...මට හිතුනා. මෙහෙම නිකා ඉදල හරියන්නෙ නෑ තවත් පින් කරන්න ඕනෑ....නෝනා මේ පැත්තෙ පන්සලක් තියෙනවද....මම ඇහුව...ලග තියෙනව..අයි කියල මගෙන් ඇහුව....පෝයට සිල් ගන්න පුලුවන්නෙ...හවසට වදින්න යන්නත් පුලුවන්නෙ.....මම කිව්ව....ඒකනම් හොද අදහස...ඔයා ගෙදරදිත් සිල් ගන්නවද....මගෙන් ඇහුව...ඔව් පහුගිය දවස්වල සිල් ගත්ත...ගිය පෝයට තමා බැරිවුනේ...මම උත්තර දුන්න.....බුදුන් වදින්නනම් පන්සල් යන්න ඕනැ නෑ ....මෙහෙ බුදු කුටිය තියෙනවනෙ....පෝයට සිල්ගන්න යමු මාත් එන්නම්. මට තනියෙම යන්න කම්මැලිකමේ හිටියෙ.....නෝනා කිව්ව....බුදු කුටිය කොහේද නෝන තියෙන්නෙ...මම ඇහුව...එන්න පෙන්නන්න...මාව....ගෙයි උඩට එක්ක ගියා....තුන්වෙනි තට්ටුවෙ තමා බුදු කුටිය තිබුනෙ. ඒතන කවුරුවත් වන්දනා කරල නෑ කියල පෙනුන....කවුරුවත් මෙහාට එන්නෙ නෑ මටත් තනියම මෙතැනට එන්න කම්මැලියි අනේ....නෝනා කිව්ව....අපි සුද්ද කරල මෙතැන හදාගෙන වදින්න පටන්ගම්මු....මම කිව්ව....ඒකනම් හොදයි...නෝනා සතුටින් කිව්ව...නෝනා රූපට කිව්ව මම කියන වැඩේ කරන්න කියල....රූපා මාත් එක්ක බුදුකුටියට ගියා...බලන්නකො මෙතැන ජරාවාස වෙලා.....අපි පොඩ්ඩක් මෙතැන සුද්ද කරමු...මම කිව්ව.....මම කරන්නම් . මැඩම් පැත්තකට වෙලා ඉන්න...ඇය යටහත් පහත් ලෙස කිව්ව....කමක් නෑ රූපා මාත් උදව්කරන්නම්....මම කිව්ව....අපෝ එපා මැඩම්.. ලොකු මැඩම් දැක්කොත් මට බැනුම් අහන්න වෙයි....ඒ ඇයි මම ඇහුව....මැඩම්ගෙන් වැඩ ගන්නව කියල.....ලොකු මැඩම් සැරයිද මම ඇහුව...ඔව් සැරකරනව...ඒවුනාට ලොකු මැඩම් අපිට හොදට සලකනව.....ඇය කිව්ව.....රූප හමතැනම තිබුන දූවිලි පිහදාල අතුගාල එතැන ලස්සනට පිලියෙල කලා....ඊට පස්සෙ එයා වදින්න ඕනැ පොල්තෙල් පහන්තිර හදුන් කූරු ..වගේ ඒව ඒක ඇතුලින් තිබ්බ....මට දැන් තිබුනෙ මල්ටිකක් කඩාගෙන ඇවිත් පූජාකරන එක විතරයි.....මිදුලෙ තිබුන ....ඉද්ද මල් ගහකුයි සමන් පිච්ච මල් වැලකුයි.....මම හවස් වෙලා පුතත් එක්ක ඒ ගස්වලින් මල් කඩනව දැක්ක නෝනා.....සදුනී ....මටත් එක්ක මල්වට්ටියක් හදන්න.... කිව්ව......මටයි පුතාටයි වට්ටි දෙකයි ගෙනාවෙ...තව එකක් ගෙනල්ල මල් වට්ටි තුනක් හැදුව......ඉර බැසගෙන එන වෙලවෙ මායි පුතයි මල්පූජාකරන්න යනකොට නෝනටත් කතා කලා. නෝනත් කැමැත්තෙන්ම ආවා....මට තේරුනා පුතාට මේ වැඩ ඒතරම් තේරෙන්නෙ නෑ කියල ....ඒ හින්ද පුතාට බුදුහාමුදුරුවන්ට පූජාකරන හැටි කියල දෙන්න උනා...එදා රෑ මහත්තය ගෙදර ආපුවම ....තාත්තෙ අපි සාදු වැන්ද...පුතා මහත්තයට කිව්ව.....ඒ කොහේද සාදු වදින්න ගියේ.....මහත්තය පුතාගෙන් අහන ගමන් මා දිහා බැලුව...එයා හිතන්න ඇති අපි පන්සල් ගියා කියල.....මම ගෙදර කියන්න හදන කොටම....ඇයි තාත්තෙ උඩ තියෙන්නෙ...කිව්ව...මහත්තය හිනාවෙලා මා දිහා බලල...හුගදවසකින් එතැනට වදින්න ගියෙ නෑනෙ ...කිව්ව.....අපි සුද්ද කරල ගත්ත මහත්තය මම කිව්ව....මහත්තය ඒකට කැමතිවුනා......එදා ඉදන් හැම දාම හවසට අපි බුදුහාමුදුරුවන්ට වැදල ටික වෙලාවක් භාවනා කරල පින් රැස්කරගන්න පුරුදුවුනා.....මේ පින් කරන අතරෙ මගේ සුපුරුදු පැතුමත් කරන්න අමතක කලේ නෑ......

Wednesday, June 29, 2016

(ජීවිතය සුන්දරයි 36).............................................අද රෑ... කඩෙන් ගෙනාව ගවුම ඇදල බැලුව ඒක අලුත්ම මෝස්තරයක් හින්ද ලස්සනට පෙනුන...පාටියකට යන්න හොදයි. ඒත් මට මොන පාටිද..කව්ද මාව ඕවට එක්ක යන්නෙ.......මම දුකෙන් කල්පනා කලා. ගත්ත බ්‍රෙසියර් දෙකත් ඇදල බැලුව ඒකත් හරි.ගනකම ලේන්සු ටිකක් ගෙනාවනම් බ්‍රා එකේ කප් එකට යටින් තිබ්බනම් හොදට පෙනෙයි....දැන් මම එතනට තියන්නෙ මගෙ පරන ලේන්සු....අනිත් දවසෙ මතක් කරලම ගේන්න ඕනැ...ටවල් එකක් ඕනැ... ඒක ගන්න යනගමන් ගන්නව.....මම හිතාගත්ත....අපි ඊයෙ රෑ වගේ එකම මේසෙ ඉදගෙන කෑම ගත්ත....මට තේරුනා මේ මහත්තයයි නෝනයි දෙන්නම මට වැඩකාරියෙකුට වගේ සලකන්නෙ නෑ කියල. එයාල මට සලකන්නෙ එයාලගෙ එක්කෙනෙක් වගේ.....පුතත් මා ලගට වෙලා සතුටින් ඉන්නව . එයා කව්රු කියන එක නෑහුවත් මම කියන එක අහනව...සමහර වෙලාවට මටත් අකීකරු වෙනව...ඒවෙලාවට මම කියන්නෙ...ඔන්න පුතේ ඔයාගෙ අම්ම තරහවෙලා යන්න යනව....එහෙම කිව්ව ගමන් එයා කීකරුවෙනව.....එයාගෙ අම්ම ආයෙත් එයාට නැතිවෙයි කියල එයා හරිම බයෙන් ඉන්නෙ කියල අපි කාටත් තේරුනා. ඒත් මම නිතර එහෙම කියල එයාගෙ හිත රිද්දන්න ගියෙ නෑ මට ඕනැවුනේ එයාට අහිමිවුන අම්මගෙ ආදරේ ආයෙත් ලබාදෙන්න...මම නිතරම එයාට ආදරෙන් කතා කලා....ආදරෙන් සුරතල් කලා ඒ වෙලාවට මට හිතෙනව මාත් අනිත් අම්මලවගේ ඇත්තම අම්ම කෙනෙක්ද කියල..මට.මේ විදියට මේ පුතාට ආදරයක් දැනෙනවනම් මගෙ කුසෙන් වැදුවනම් කොයි තරම් ආදරයක් ඇතිවෙයිද....මම කල්පනා කලා. පුතා නිදාගන්න කොට රෑ නවය විතර වෙනව එතකම් මට එයාගෙ වැඩ කරන්න ඕනැ...මොන්ටිසෝරියෙ කරපු වැඩත් ඒ අතරෙ මම එයාට මතක් කරනව.....
පහුවදා මම විතරයි පුතා එක්ක ගියේ. නෝන කිව්ව මට විතරක් යන්න කියල. ඒ ගිහින් පුතාව දාල ගෙදර ආව.....ඇයි සදුනි ආපහු ආවෙ...නෝන ඇහුව. ...මහත්තය කිව්ව එහෙ ඉන්න එපා ඇවිත් ආපහු යන්න කියල...මම ඒ වෙලාවෙ එහෙම කිව්වට ඒක හොදයි කියල මටත් හිතෙනව....නෝන එහෙම කිව්වම...නෝන දැනගෙනද මං ගැන මට සැකයක් ඇතිවුනා....ඒ මොකද නොන...මම බිය මුසුව ඇහුව......ඔතැනට එක එක ජාතියෙ අය ඇවිත් ඉන්නවනෙ සදුනි වගේ ඇහැට කනට පේන ගැහැණු ලමයෙක් ඔතැන ඉන්න කොට ගැටලු ඇතිවෙන්න පුලුවන්නෙ....නෝන එහෙම කිව්වම මගේ බය අඩුවුනා...ඒක වෙන්න ඇති නෝන මහත්තයත් නවතින්න එපා කිව්වෙ....නෝන සාලෙ ටි වී බලනකොට මම කාමරේට ගියා. ඇදපු ඇදුම් ටික හෝදන්න ඕනැ...කොහේද දන්නෙ නෑ හෝදන තැන තියෙන්නෙ කිලුටු ඇදුම් ටික අරගෙන කල්පනා කලා... ඒව ටික අරගෙන මම සාලය හරහා කුස්සිය පැත්තට යන්න ගියා...කොහේද සදුනි රෙදිත් අරන් යන්නෙ....නෝන මගෙන් ඇහුව....මේ ටික හෝදල දාන්න නෝන...මම කිව්ව.....ඔහොම පොඩ්ඩක් ඉන්න කිව්ව නෝන.....රූපා කියල කාටද කතාකලා....මේ ගෙදර ගැන තාම මම දන්නෙ නැති හින්ද රූපට කියයි මට රෙදි හෝදන තැන පෙන්නන්න කියල.... මම එයා එනකම් එතැන නැවතුනා...මැදිවියේ ගැහැනු කෙනෙක් ආව.....ඇයි මැඩම් ...එයා බැගෑපත්ව ඇහුව......මේ මැඩම්ගෙ රෙදි වගයක් තියෙනව ඒටික හෝදල දෙන්න කියල කතාකලේ....නෝන කිව්ව...ඇය මාගාවට ඇවිත් ...දෙන්න මැඩම් කියල රෙදිටික අරගත්ත.....මම පුදුම වෙලා රූපා දිහා බලල නෝන දිහාත් බැලුව....එතකොට මම මේ ගෙදර වැඩකාරියක් නෙවෙයිද....මේ වැඩකරන අය මගෙත් වැඩකාරියොද? මේකනම් මහ පුදුම වැඩක්...මම මෙහෙම හිතන කොට...රූපා ඔහොම ටිකක් ඉන්නව....කිව්ව නෝනා....මීට පස්සෙ මේ මැඩම්ගෙ රෙදි එහෙම තියනවනම් අහල බලල හෝදල දෙනව . මැඩම් කිව්වොත් කාමරේ එහෙම අස්කරල දෙනව.....මට නිතම රූපට මතක් කරන්න බෑ....හොදමයි මැඩම් කියල එයා ගියා.....සදුනි ඔයාට තියෙන්නෙ බබාගෙ වැඩටික විතරයි අනිත් වැඩවලට මෙහෙ කට්ටිය දාල ඉන්නව.....නෝන මට කිව්ව....ඒ උනාට නෝන මම ඇන්ද ඇදුම් නෙ...මම කිව්ව.....ඔයා බබාගෙ වැඩ කරන කොට ඔයාගෙ වැඩ එයාල කරල දෙයි....මාව පුදුම කරවමින් නෝන කිව්ව.....හරියට වෙලාව බලල පුතාව එක්ක එන්න යන්න..අනතුරුව නෝන මට කිව්ව...මම හොදයි නෝන කියල ආපහු කාමරේට ගියා.....තව වෙලා තියෙනව එතකන් මොනවද කරන්නෙ. මම හීනෙකින් වත් හිතාගෙන හිටිය දේවල්ද මට දැන් මේ වෙන්නෙ....මම කල්පනා කලා...මට මතක් උනා හෝටලේදි දැක්ක භයානක හීනෙ....ඒක ගැන ජෝන් මාමට කිව්වම එයා කිව්වෙ ඒක සුබ හීනයක් කියල.... හීනෙකින් සිද්ද වෙන්නෙ හිනෙ අනිත් පැත්ත කියල ජෝන් මාම එදා කිව්ව . මට හිතෙන්නෙ ඒ කතාව ඇත්ත වෙලා වගේ. මම දැන් මේ ගෙදර පොඩි මැඩම් ..පුතාගෙ අම්ම...මම කෙල්ලෙක් උනානම් මහත්තයගෙ වයිෆ් වෙනව....මම හිටියෙ කොහේද දැන් ඉන්නෙ කොහේද . කෝටිපතියෙකුගෙ ගෙදර පොඩි මැඩම්.....මේක ඇත්තක් ද හීනයක් ද...මම කල්පනා කලා....මම අත විකාගත්ත රිදෙනවද කියල බලන්න...ඒත් රිදෙනව....මේක හීනයක්නම් මේ රිදිල්ලට ඇහැරෙනව......මට මෙහෙම උනේ මොනවගේ පිනක් පෑදිලාද ....මම කල්පනා කලා.....සදුනී ...කියාගෙන නෝන මගෙ කාමරේට ආව...මොකද කල්පනාවකට වැටිල....මගෙන් ඇහුව......ගෙදරින් ආවට පස්සෙ මාමට කතාකරන්න බැරිවුනා නෝන.....මම කිව්ව....ඉතින් කෝල් එකක් දෙන්නකො..මට කිව්ව...එයාට පෝන් එකක් නෑ නෝන....ලග ගෙදරකට දෙන්න බැරිද....මගෙන් ඇහුව.....මම වැඩ කල හෝටලේට කිව්වොත් පනිවිඩේ දෙයි ...හවසට දෙනව....මම කිව්ව....ඒක හොදයි. නැත්නම් බලා ඉන්නවනෙ.....නෝන කිව්ව. ඊයෙ ගත්ත ගවුම ඇදුම් රාක්ක්යේ තියෙනව දැක්ක ගවුම අතට ගත්ත ඇය ඒක හොදට බැලුව....ගවුම ලස්සනයි නේද ඇහුව....මම හිනාවුනා....
(ජීවිතය සුන්දරයි 35).............................................දවල්මොන්ටිසෝරිය ඇරෙන වෙලාව කිට්ටුකරල වාහනේ ආව....මේ වාහනේ ඩ්‍රයිවර් අවුරුදු පනහක විතර වයස අහින්සක පෙනුම තියෙන එක්කෙනෙක්...එයා මාව හොයනව මම දැක්ක....මම එයා ගාවට ගිහින් ලොකු මැඩම් ආවද කියල ඇහුව....ආවෙ නෑ මට ගිහින් මැඩම්වයි බේබිවයි එක්ක එන්න කිව්ව....එයා උටහත් පහත් ලෙස මට කිව්ව....ඇයි මෙයාල මට මැඩම් කියල මේතරම් ගරු කරල කතාකරන්නෙ....මාත් මෙයාලවගේ මේ ගෙදර සේවිකාවක් විතරයි....මට මේ ගැන පුදුම හිතුන....ඇරුනට පස්සෙ පුතත් එක්ක පිටිපස්සෙ සීට් එකට නැග්ග....මම ඉස්සරහ යන්නද අම්මෙ...පුතා මගෙන් ඇහුව....මම එයාට ඉස්සරහට යන්න ඉඩදුන්න.....ගෙදරට ගිය වෙලේ ඉදන් මට තිබුනෙ පුතාගෙ වැඩ....එයා කෑම කාල දෙකට විතර නිදාගන්නව කියල මහත්තයගෙ අක්ක කිව්ව ...මම එයාව මගේ ඇදේ නිදිකෙරෙව්ව.....මට වෙන කරන්න දෙයක් නැති හින්ද මට දුන්න ගවුන් ටික අරගෙන පරීක්ෂා කරන්න ගත්තා.....මම මෙහෙම ගවුන් බලමින් ඉන්න කොට නෝන කාමරේට ආව ....ඇදුන් ටික ඔයාට හරියනවද....නෝන ඇහුව....හරියටම හරි නෝන මටම මහල වගේ....මම කිව්ව....මට ඔයාව දැක්කාම හිතෙනව....අපේ චිත්‍රාන්ගනී නන්ගි මැරිල නෑ ඉපදිලා ආපහු ඇවිල්ල කියල. එයයි මායි එකවගෙද නෝන....මම ඇහුව...ඒක තමා පුතත් රැවටිලා තියෙන්නෙ.....එයා නැතිවුනේ මොනව වෙලාද නෝන....මම ඇහුව. එයාට මොකක් හරි පපුවෙ අමාරුවක් තිබිල හදිස්සියෙ නැතිවුනේ...දැන් මාස හයක් විතර වෙනව...අනේ පව් මට කියවුනා....ඊට පස්සෙ පොඩිපුතාට අම්ම නැති සාන්කාව හැදුන. පුතා අම්මට හරි ආදරෙන් හිටියෙ ඒක වෙන්න ඇති. අපි පුතාට මේක මගහරවන්න නොකල දෙයක් නෑ ....දොස්තරල කීදෙනෙකුට පෙන්නුවද.....ඒත් හරිගියෙ නෑ...එහෙම ඉන්නකොට තමා රුවන් වැලිසෑය ගාවදි ඔය ලමයව හබවුනේ....ඒ හොයාගත්තෙත් පුතානෙ....අපි ඒ දවස් ටිකේම පුතාට හොදවෙන්න කියල ගොඩක් දේවල් කලා භාර උනා ...පින් කලා මම හිතන්නෙ ඒ කරපුදේවලටද දන්නෙ නෑ දෙවියො දුන්න වගේ ඔයාව මුනගැස්සුවෙ....මට ඔය ලමයගෙ නම අහගන්නත් බැරිවුනානෙ.....කව්රුහරි ඇහුවොත් කියන්න කියල සදුනි කියන නම හිතාගෙන හිටිය... ඒ හින්ද .....සදුනි...කියල එකවරම කියවුනා.....දැන් පොඩිපුතා හොදට ඉන්නව මගෙ හිතටත් සතුටුයි....නෝනා නින්ද ගිහින් හිටිය පුතාගෙ හිස අතගාමින් පැවසුවා....සදුනි ඔයාට මොනව හරි අඩුපාඩු තියෙනවනම් කියන්න....ඇය මට කිව්ව....මොකුත් නෑ නෝනා....මට උට ඇදුම් ටිකක්නම් ගන්න ඕනැ ...ලැජ්ජාවෙන් කිව්ව....ඉතින් ශොප් එකකට යමු....නෝනා කිව්ව....මහත්තය එනකොට රෑවෙයි ඒ හින්ද හවස්වෙලා අපි යමු....නෝන කිව්ව.....හවස තේ වෙලාව එනකොට පුතත් ඇහැරුනා...අපි පුතාවත් ලැහැස්ති කරගෙන ශොප් එකට ගියා....අපේ ගමන් වලට මේ කාර් එක තමයි දීල තිබුනෙ....ඒකත් අලුත්ම ජපන් වාහනයක් හින්ද හැම සපපහසු කමක්ම තිබුනා....වාහනේ යන හැම වෙලාවෙම පුතා ඉස්සරහ යෑමට කැමැත්තක් දැක්වූවා....කොල්ලො උනාම ඔහොම තමයි...නෝන කිව්ව....මම කොල්ලෙක් උනාට ඕවගෙ ආශාවල් තිබුනෙ නෑ...පොඩිකාලෙ ඉදන්ම මගේ හිතේ තිබිල තියෙන්නෙ ගැහැනු අදහස්. දැන්තමා මට ඒ අදහස් කිසි ගැටලුවක් නැතුව එලියට දාන්න පුලුවන් වෙලා තියෙන්නෙ.....අපි සාප්පුවට ගියා....පුතාට ඕනැවුනේ සෙල්ලම් බඩු...මටයි නෝනටයි ඕනැවෙලා තිබුනෙ ඇදුම්.....පුතාගෙන් බේරෙන්න බැරි හින්ද එයාගෙ ඒව අරන්දුන්න.....ඊට පස්සෙ අපිගියේ ඇදුම් තෝරන්න නෝන එයාට ඇදුම් තෝරන ගමන් මටත් ගවුම් තෝරන්න ගත්ත.....මට එපා නෝන මට තියනව...මම කිව්ව....ගෑනියෙකුට ඇදුම් වැඩිවෙන්නෙ නෑ සදුනි....මට කිව්ව.....එයා ගෙන් බේරෙන්නම බැරි තන මාත් ගවුමක් ගත්ත.....ඊට පස්සෙ පැන්ටි කීපයකුයි යට සායවල් ටිකකුයි ගත්ත....බ්රෙසියර් නම් තියෙනව...ඒත් තව දෙකක් විතර ගත්තොත් හොදයි...මම පැඩ් තියෙන ඒව දෙකක් ගත්ත.....පුතාටත් ඇදුන් කිහිපයක් අරගෙන ගෙදර ගියා.....අරන් දුන්න සෙල්ලම් බඩුටික අරගෙන පුතා මා ගාවට ඇවිත් මාවත් හවුල් කරගෙන සෙල්ලම් කලා....මහත්තය එනකොට රෑවෙලා තිබුන.. ආව ගමන් මහත්තය මාව හෙවුවේ ....කොහොමද පුතා අව්ලක් නැද්ද,,,මගෙන් ඇහුව.....එයාගෙන් කරදරයක් නෑ මහත්තය....අම්ම නැතිවිච්ච එකේ ගැටලුව තමා එයාට තිබුනෙ..දැන් ඒකහරි......මහත්තයා කිව්ව. ඔයාට ගැටලුව ඇතිවුනේ නෑ නේද....මගෙන් රහසින් වගේ ඇහුවා.....නෑ මහත්තය..මම අද උදේ මොන්ටිසෝරිය ගාව නැවතිලා හිටිය. එතන හිටිය ගැහැනුත් එක්ක කතා කර කර හිටියත් එයාලට මාව අදුන ගන්න බැරිවුනා....මම කිව්ව...හැබැයි ඒ වැඩේනම් භයානකයි පුතා දාල ගෙදර එන්න . ඇරෙන වෙලාවට යන්න....මට කිව්ව....එක අතකට මහත්තය කියන එකත් ඇත්ත කාට හරි මා ගැන පොඩිහරි සැකයක් ආවොත්. ඒ හින්ද පුලුවන්තරම් තනියෙම ඉන්න එක තමා නුවනට හුරු.....මම හිතා ගත්තා..........
(ජීවිතය සුන්දරයි 34)...............................................පුතාව මොන්ටිසෝරි එක්කයන්න තියනව මේ තියෙන්නෙ එහාට යන්න අන්දන ඇදුම්....අටහමාරට පටන්ගන්නෙ අටට විතර මෙහෙන් ගිහාම ඇති.....නෝනත් එනවද ...මම ඇහුව....ඔව්...මම දවසක් දෙකක් එන්නම් ඊටපස්සෙ ඔයලමයට පුලුවන්නෙ තනියම යන්න....පුලුවන් නෝන..මම කිව්ව....මැඩම් කෑම ලෑස්තියි....ගැහැනු ලමයෙක් ඇවිත් කිව්ව අපි උදේ කෑමට ගියා....මට බෑ දැම්ම කන්න...පුතා කිව්ව.....ඒ මොකද....නෝන ඇහුව...බඩ පිරිල..පුතා කිව්ව....මොකද.....අම්මගෙන් කුක්කුවත් බිව්වද.....නෝන හිනා වෙමින් ඇහුව.....ඉදිආප්ප තිබුනෙ...මම ඉදිආප්ප තිකක් අනල කවන්න හැදුව බෑකිව්ව පුතා මම කවනකොට කෑව....දැන් බලනකොට ඔයට විතරනෙ කවන්න පුලුවන්.....නෝන කිව්ව. මහත්තය කෑවද නෝන....එයා කොහේද ගියා දැන් ඇවිත් කයි...අපි කාලයමු....මට කිව්ව....අපි ලෑස්තිවෙලා පුතා එක්ක යන්න එලියට බැස්ස....එලිය මිදුල දැක්කෙ දැන් ඒක මල්වත්තක් වගේ ලස්සන මල් වවලතිබුනා.....පුතාට සෙල්ලම් කරන්න ඔන්චිල්ලවකුත් තිබුන.....කාර් එකක් අපි ගාව නැවැත්තුව අපි පිටිපස්සෙ සීට් එකට නැග්ග....මොන්ටිසෝරිය තිබුනෙ අපිට කිලෝමීටර් දෙකක් විතර ඈතින්.....පුතාව පන්තිය ඇතුලට එක්ක ගියා. මීට පස්සෙ මෙයා තමා පුතාව එක්කයන්න එන්නෙ..නෝනා..මාව පෙන්නල එතන හිටිය අක්ක කෙනෙකුට කිව්ව...ඔන්නම්..ඇරෙනකන් අතනට වෙලා ඉන්න පුලුව. අම්මල ගොඩදෙනෙක් ඉන්නව බයවෙන්න ඕනැ නෑ...නෝන කිව්ව....එතකොට වාහනේ මම ඇහුව....වාහනේ වෙලාවට මෙතෙනට එයි.....ඉන්නවනම් ඉන්න මම ගිහින් වාහනේ එවන්නම්....මොකුත් ගැටලුවක් උනොත් ගෙදරට කෝල් කරන්න නොම්මරේ දන්නවද.....මහත්තයගෙ නොම්මරේ තමා දන්නෙ...මම කිව්ව..එහෙනම් මේක පෝන් එකේ දාගන්න....මම පෝන් එක ගත්ත. මගේ පෝන් එක දිහා බැලුව නෝනා...මොකක්ද ඔය පෝන් එක....අඩුගානකට ගත්ත එකක් නෝන මම කිව්ව.....එහෙනම් මේක ගහගන්නකො කිව්ව නෝන මට ගෙදර නොම්මරේ කිව්ව.....ගෙදර ගියත් කරන්න වැඩක් නැති හින්ද මෙතැන ඉන්නම් කිව්ව මම මෙතැන නැවතුනා....එයා වාහනේ නැගල ආපහු ගියා.....දෙමවුපියෝ ඉන්න තැන හොදට හදල තිබුන....මම එතැනට ගිහින් වාඩිවුනා....තව අක්කල කීප දෙනෙකුත් එතැන හිටිය.....පොතක් ගෙනාවනම් බලබලා ඉන්න තිබුන...මට හිතුනා....ඒත් එතැන තිබුන මේසෙ උඩ පත්තර වගයක් තිබුන. මම තරුනී පත්තරේ අරගෙන කියවන්න ගත්තා.....හෝටලේ හිටියනම් මෙලහකට පිරිමි ඇදුම් ඇදගෙන කුස්සියෙ දාඩිය දාගෙන වැඩනෙ....අද මම කෙල්ලෙක් විදියට ඇදගෙන කෙල්ලෙක් වගේ ගැහැනු ගොඩේ ඉදගෙන තරුනි පත්තරේ කියවනව....මට කොහෙන් පාත්වුන වාසනාවක්ද මම දන්නෙ නෑ....පත්තරේ බලන ගමන් කල්පනා කලා.....මට මතක් උනා අපේ අක්ක මේ පත්තරේ ගන්නව ...ඒක කියවන්නෙ අම්මයි අක්කයි විතරයි...මම කියවන්නෙ නෑ....අද මට මේක කියවන්න ආශාවක් ඇතිවුනා....මටත් දැන් ඉන්නවෙලා තියෙන්නෙ ගැහැනියෙක් වගේ හින්ද මේවගෙ ගැහැනු පත්තර කියවන්න වෙනව....ජෝන් මාමට පින්සිද්දවෙන්න මට දැන් හොදට උයන්න පුලුවන්. ඒ හින්ද මට ගැහැනියෙක් වෙනව කියන්නෙ අමාරු දෙයක් නෙවෙයි....මට ඇහුන ඇදුම් මහන හැටිගැන අක්කල දෙන්නෙක් කතාවෙනව...මම ඒ කතාව ආශාවෙන් අහගෙන හිටිය. මටත් ආශ හිතුන ඒවගෙ ගවුම් මහන්න ඉගෙනගන්න....ඒත් පුතාගෙ වැඩ හින්ද ඒව කරන්න බෑනෙ...මම කල්පනා කලා....අදමයි නන්ගිව දැක්කෙ ...අක්ක කෙනෙක් මා ළඟින් වාඩිවෙලා කිව්ව....අදද දරුව බාරදුන්නෙ....එයා ඇහුව....නෑ පරන එක්කෙනෙක් අදයි මම ආවෙ...මෙච්චර කාලයක් බබා එක්ක ආවෙ මහත්තයගෙ අක්ක....අද ඉදන් ඒ වැඩේ මම බාරගත්ත.....මම කිව්ව....හැමදාම අනුන්ට කියල කරගන්න බැනෙ නේද...එයා ඇහුව....ඔව් අනේ....මම උත්තර දුන්න.....මෙයා විතරඩ ඔයාට ඉන්නෙ...මගෙන් ඇහුව...මම ..ඔව්..කිව්ව...මෙගෙ ලොකු පුතා ස්කෝලෙ එකවසරෙ එයාව ස්කෝලෙට ඇරලවල තමා දුව මෙහාට එක්ක එන්නෙ....දැන් යනකොට පුතාවත් එක්කගෙන යනව....ඔයාටත් තව එක්කෙනෙක් දෙන්නෙක් හිටියොත් හොදයි නේද.....එයා මගෙන් ඇහුව....හොදයිනම් තමා පිරිමින්ට කවද ලමයි හම්බවෙන්නෙ. මේ අක්ක ඒක දන්නෙ නෑනෙ.....හිතෙන් හිනාගිය මම..ඒකනම් ඇත්ත තමයි අක්කෙ.... කිව්ව...ඇයි මහත්තය කැමති නැද්ද ...එයා ආයෙත් ඇහුව.....එහෙම එකක් නෑ....මම ලැජ්ජා ගතියක් පෙන්වා කිව්ව....ඔයාට තව වයස තියෙන හින්ද අවුලක් නෑනෙ නංගි ඔයාට වයස අව්රුදු විස්සක්වත් නැතුව ඇති මගෙ හිතේ.....අක්ක මා දිහා හොදට බලල කිව්ව....මම කෙටියෙන්..නෑ..කිව්ව... ඒකනෙ...අක්ක කිව්ව......මේ කෝච්චියට අහුවුනොත් තව මොනව අහයිද මන්ද ...ඒ වුනාට ගැහැනියෙක් විදියට ඉදගෙන ගැහැණු කතා කියන්න මගේ සිතට ආශාවක් ඇතිවුනා.....ඒ හින්ද මම ඇය අසලින් අයින් වෙන්නෙ නැතුව මාතෘකාව වෙනස් කලා.....අක්ක දැන් ගිහින් උයන්නෙ කොහොමද...මම ඇහුව....උදෙම්ම නැගිටල උයල මහත්තයට කැම පාර්සලයක් හදල දීල අනිත්ව තියල එනව....දවල්ට ගියාම කන්න පුලුවන්.....එයා කිව්ව...උදෙම්ම නැගිටින්න ඕනැනෙ... මම ඇහුව...රෑ සූදානම් කරල තිබ්බම පහට නැගිට්ටත් ඇති...හතවෙනකොට ඔක්කොම ඉවර කරගන්න පුලුවන්.....නන්ගිත් උයලද එන්නෙ...මගෙන් ඇහුව....අනේ නෑ...උයන්න එක්කෙනෙක් ඉන්නව...මම කිව්ව....තව ගැහැණු කෙනෙක් අපි අසලින් වාඩිවුනා....පුතාව දල බඩුවගයක් ගන්න ගියා අනේ...එයා මාත් එක්ක කතා කරමින් හිටිය අක්ක එක්ක කිව්ව ..මම හිතුවෙ අද ඇවිත් නෑ කියල....ඇය කිව්ව.....මෙයාල හැමදාම මෙහාට එන දෙන්නෙක් වෙන්න ඇති මට හිතුනා....ඒ දෙන්න කතාකරන අතර මම එතැනින් නැගිට්ට...එලියට ගිහින් පොඩ්ඩක් ඇවිදල ඇවිත් නැවත වාඩිවුනා.....එක තැන බලා ඉන්න කොට එපාවෙනව නේද නන්ගි....මාව දැක්ක වෙන අක්ක කෙනෙක් ඇහුව.....මම ඔව් අනේ..කියල එයත් එක්ක හිනාවුනා.....මේ කොයි කෙල්ල එක්ක කතාකරන්න පුලුවන් මට තියෙන කෙල්ලෙකුගෙ පෙනුම හින්දනෙ...මම ඇත්තටම කොල්ලෙක් කියල දැන ගත්තොත් මාව මෙතනින් පන්න ගනියි.....මට හිතුනා...

Tuesday, June 28, 2016

(ජීවිතය සුන්දරයි 33)...............................................මේගවුම ගොඩක් ලස්සනයි ඒවගෙම ගොඩක් ගනන් ඇති.....ඒවගෙම අනිත් ගවුන් ටිකත් දිග හරිමින් බැලුව . මේ ඔක්කොම ලස්සන ගවුම් ..දැන් මොකක්ද ඇදල බලන්නෙ....මට හිතාගන්න බැරිවුනා.. ඉස්සෙල්ල එතැන තිබුන බ්‍රෙසියරයක් ඇදගත්ත...ඒක ඇගට හරියටම හරි.....යට සාය ඇදගෙන හිටිය හින්ද. ඒක අදින්න ඕනැවුනේ නෑ ...ඊටපස්සෙ ගවුම ඇන්ද ...ඇගට හරියටම තියෙනව කියල තේරුනා.....කන්නාඩියෙන් බැලුවම මාව දැන් ලස්සන කෙල්ලෙක් වෙලා.....මම ටික වෙලාවක් ඒ ගවුමෙ හැඩ බැලුව....ඊලගට තව එකක් ගත්ත ඒකත් ඇදල හැඩ බැලුව.....මේවගෙ ගවුන් කීපයක් ම හැඩ බලල . කබඩ් එකට දාන්න කබඩ් එක ඇරිය ...ඒක හිස් කබඩ් එකක් ....හොද ගවුන් ටික ඒකට දැම්ම....සාය බ්ලවුස් ටිකත් ඇදල බැලුව.....ඒවත් කබඩ් එකට දැම්ම....තව සාරි වගේකුත් තිබුන....ඒවට හරියන ජැකට්. යට සායවල් තිබුන....ලස්සනට වැඩ දාල තියෙන මේ සාරි ගොඩක් ගනන් ඇති.....මම ආශාවෙන් ඒව අතගාමින් බැලුව....ඒත් මට සාරි අදින්න බෑනෙ....කොහොමද මේව අදින්න ඉගෙන ගන්නෙ....මම කල්පනා කලා.....ඇදුම් වලට අමතරව තවත් පාර්සලයක් තියෙනව දැක්ක..ඒක ඉටි බෑක් එකකට දාල තිබුනෙ මම ඒකත් බැලුව....ඉටිවලින් කවර් කරපු පොඩි පාර්සල්.....මම දැකල තිබුන මේවගෙ ඒව අක්ක ගාවත් තියෙනව...ඒව මොකටද පාවිච්චි කරන්නෙ කියල මම දැනගෙන හිටියෙ නෑ....ඒත් මේව ගැහැනු පාවිච්චි කරනව කියලනම් අහල තියනව....මේව පාවිච්චි කරන්න මම ගැහැනු ලමයෙක් නෙවෙයිනෙ...එයාල මමත් ගැහැනියෙක් කියල හිතාගෙන මේව ගෙනත් දෙන්න ඇති මට හිතුනා.ඒටිකත් කබඩ් එකේ යටින්ම තිබ්බ....නිතර අදින්න ගන්න ඒව රාක්කෙන් තියාගත්ත. ගවුන් බ්‍රෙසියර් තිබුනට පෑන්ටි වගේ යට ඇදුම් තිබුනෙ නෑ. මෙමෙත් කඩෙන් ගත්තෙ පැන්ටි තුනයි ....තව යට සයවල් ටිකකුයි පැන්ටි ටිකකුයි කඩෙන් ගන්න ඕනැ....මම කල්පනාකලා......එතැන තිබුන ලස්සන නයිට් ගවුමක් ඇදගෙන ඇදේ ඇලවුනා.....මේ කාමරේ නම් පුදුම සැප පහසුවක් තියෙන්නෙ....මේවගෙ තැනක ඉන්නත් කොයි තරම් පිනක් තියෙන්න ඕනැද....මට හිතුන....හෝටලේ ඉන්න කොට මම නිදාගත්තෙ බඩුමුට්ටු දාල තිබුන මඩුවකනෙ....ඒ අතින් දැන් දිවිය ලෝකෙ ගියාවගේ....ඇත්තට මාව දැන් නියම කෙල්ලෙක් උනොත්....මම ඒ ගහැනු ලෝකෙට මනසින් ගියා....මාව සුරංගනාවියක් වෙලා සුරන්ගනා ලෝකෙ පාවෙනව දැනුනා.....මම සතුටින් මෙට්ටෙ මත පෙරලෙන්න පටන්ගත්තා.....කොට්ටෙ තදින් තුරුලුකර ගත්තා.....මට දැනුන සතුට වචනවලින් කියල නිමාකරන්න බෑකියල මට තේරුනා....පිරිමි ශරීරෙයක් තියාගෙන මේව ඇන්දම මෙච්චර සනීපයක් දැනෙනවනම් ගැහැනු ශරීරයක් තියාගෙන මෙහෙම ඇදගෙන හිටියොත් මොන තරම් සතුටක් දැනෙයිද....මම කල්පනා කලා.....අනේ මට හැමදාම මෙහෙ ඉන්න ඇත්නම්...කිසිම කරදරයක් නොවී මෙහෙ ඉන්න ලැබේවා කියල දෙවියන්ගෙන් ඉල්ලුවා.......දැන් අම්මල මොනව කරනව ඇද්ද....මට එකවරම ගෙදර මතක්වුනා.....එක අතකට ඕනැ එකක් කරගත්තාවෙ....එයාලට මාව ඕනැ නැනෙ...එයාලට ගුනගරුක ආදරනීය අක්ක ඉන්නෙ...මම හිටියනම් අක්කටත් කරදරයක් නෙ.දැන් එයාගෙ ඇදුම් හොරෙන් අරන් අදින්න කෙනෙක් නෑනෙ...අක්ක ආඩම්බර කම් පෙන්නුවෙ අක්කගෙ ගවුන් ටිකටනෙ...ඕව්ව ඕනැ නෑ අක්කෙ මට දැන් ඕනැවටත් වඩා ගවුන් තියෙනව...ඒව ඕවට වඩා වටිනා ලස්සන ගවුන්.දැම් මට පන ගැහි ගැහි ගවුන් අදින්න ඕනැ නෑ ඕනැ ඒව ඇදගෙන ඕනැ තැනක තැනක යන්න පුලුවන්..දැන් මට ගවුන් අදින එක නෙවෙයි ගැටලුව බැරිවෙලාවත් පිරිමියෙක් වගේ ඇන්දොත් තමා ගැටලුව වෙන්නෙ.......මම ගෙදර ඒගැන කල්පනා කරන එක අතහැරිය. හව දවසක් දෙකක් ගිහිල්ල ජෝන් මාමට කතා කරන්න ඕනැ....ඒ මාමයි මුදලාලියි මට ගොඩක් වුදව්කලා එයාල අමතක කරන්න හොදනෑ....මට හිතුනා....මෙහෙ තත්වෙ කොහොමද කියල තව ටික දවසකින් තේරෙයි...ඒ හින්ද මේ දවස් ටිකේ ටිකක් කල්පනාවෙන් ඉන්න ඕනැ....මේ විදියට කල්පනා කරකර ඉන්නකොට දන්නෙම නෑ නින්ද ගිහිල්ල...ඇහැරෙන කොට වෙලාව හතර විතර උනා.....ටිකක් වෙලා ඇලවෙලා හිටිය....ඒත් නින්ද ගියේ නෑ....නැගිටල බාත් රූම් ගිහින් මුහුන හෝදගෙන. ලස්සන ගවුමක් ඇදගත්ත...කරට මාලෙ දාගෙන අතට වලල්ලු ටිකත් දාගත්ත....දැන් මේව ගලවන්න ඕනැ නෑ....හැබැයි දැන් දවසට දෙපාරක් විතර රැවුල කපල පව්ඩර් දාගන්න උනා...නැත්නම් රැවුල් කොට අහුවෙයිද කියල බය හිතුනා....මගෙ මුහුනෙ වැඩිය රැවුල නැති හින්ද ..මට ඒකත් හොදක් වුනා.....දන් අද ඉදන් නියම කෙල්ලෙක් වගේ ඉන්න වෙනව...මට සතුටක් දැනුනා.....උදෙට බබා ලෑස්ති කරන්න ඕනැ. කීයටද දන්නෙ නෑ එයා ඇහැරෙන්නෙ...ටික වෙලාවකින් දොරට තට්ටු කරන හඩක් ඇහුන...කවුද දන්නෙ නෑ මම දොර ඇරිය . ගෙදර වැඩකරන ගෑනු ලමයෙක් මට තේ අරන් ඇවිල්ල...මට පුදුම හිතුන....මම ගුඩ් මෝනින් කියල තේ එක අරන් දොර ඇරලම තියාගෙන ඇදේ වාඩිවෙලා තේ එක බොන්න පටන්ගත්තා.....තේ එක බීල ඉවර වෙනවත් එක්කම මම දැක්ක පුතා දුවගෙන කාමරේට එනව....එයා ආවගමන් මගේ උකුලේ වාඩිවුනා...එයාව සුරතල් කල මම ඔයා මුහුන හේදුවෙ නෑ නේද...ඇහුව.....මට ඕනැ වුනා මෙයාගෙ මූන හෝදන්න. ඒත් මොන සබන් ද ගාන්නෙ මෙයාගෙ දත් බුරුසු කොහේද මම කිසිවක් දැනගෙන හිටියෙ නෑ.....මම දරුවත් වඩාගෙන මහත්තයගෙ කාමරේ ගාවට ගියා... මහත්තය දොර ඇරගෙන හිටිය හින්ද මම කාමරය ඇතුලට නොගිහින් දොරට තට්ටු කලා...ඇතුලට එන්න...මහත්තය අඩගැහුව....මහත්තය බබාගෙ මුහුන හෝදන ඒවයි ඇදුනුයි කොහේද දන්නෙ නෑ තියෙන්නෙ......ආ ඒව නෝනගෙ කාමරේ ඇත්තෙ...එන්න..මහත්තය ගිහින් ..නෝනට කතා කලා.....පුතාව හෝදන උපකනටිකයි ඇදුන් ටිකයි මෙයට දෙන්න අක්කෙ....නෝන මට ඒටික දීල මේව ඔයාගෙ කාමරේ තියාගන්න....බබා නාවන කොට මේ සබන් ගාන්න.....ඇය මට උපදෙස් දුන්න.....මම ඒ ටිකත් අරගෙන....කාමරේ ට ගිහින් චූටි පුතා බාත්රූම් එකට එක්ක ගියා.....ජීවිතේ පලවෙනි සැරේට චුටි බබෙක්ගෙ වඩ කරන එක නුහුරු දෙයක් උනත් ටික වෙලාවකින් ඒක හුරුකරගන්න පුලුවන් වුනා.....මූන හෝදගෙන කාමරේට එනකොට නෝන කාමරේට ඇවිත් හිටියා......මම ඇරල තිබුන දොරත් වහල.....මොකද දන්නෙ නෑ..මම කල්පනා කලා.
(ජීවිතය සුන්දරයි 32)...............................................ගේගාව වාහනේ නැවැත්තුව.....අපි හැමෝම බැස්ස. ඩ්‍රයිවර් බැහැල ගිහින් මගෙ බෑකෙක එලියට ගත්ත....පුතා කෙලින්ම ගේ ඇතුලට දිව්ව....ගේ ඇතුලෙ ඉදන් ගැහැණු කෙනෙක් එලියට ආව....මේ මැඩම්ගෙ බෑක් එක එයාගෙ කාමරේට ගෙනියන්න....මහත්තය මාව පෙන්නල මැඩම් යනුවෙන් මාව ඒ ගැහැනුකෙනාට හදුන්වලා දුන්න....මම කොහොමද මේ ගෙදර මැඩම් වෙන්නෙ....මහත්තයට වැරදිලාද කොහේද එයාගෙ අක්ක වගේ මාව පේන්න ඇති....මට හිතුන....ඒ ගැහැනු කෙනත් මා දිහා හොදට බලල මගෙ බෑක් එක අතට ගත්ත.....කොයි කාමරේටද සර්...එයා මහත්තයගෙන් ඇහුව...ඊයෙ පිලියෙල කරල තිබ්බ කාමරේ.....මහත්තය කිව්ව. .....එන්න මැඩම් කිව්ව ගැහැනු කෙනා මාව උඩ තට්ටුවට එක්ක ගියා....කොතන හරි පොඩි කාමරයක් තිබුනොත් හොදයි මමත් ඇය එක්ක ගියා....ඇය කාමරේ දොර ඇරල මගෙ බෑක් එක ඒක ඇතුලෙන් තිබ්බ....මගෙ කාමරේ කොහේද මම ඇගෙන් ඇහුව....ඕක තමා මැඩම් කාමරේ.....කියල එයා ගියා....මේක ලොකු කාමරයක්නෙ....ඩබල් ඇදක් තිබුනෙ ඒකෙ උඩින් ඉදගත්තම ඇගට ගොඩක් සනීප දැනුන.. මම හිතන්නෙ ස්පින් හයිකරපු මෙට්ටයක්....ලොකු කන්නඩි මේසෙයක් තිබුන...කබඩ් එකක් තිබුන.. ඒකෙ යතුරත් ඒකෙමයි තිබුනෙ....සුලු වෙලාවකින් මහත්තයගෙ අක්ක පුතත් එක්ක ආව....අම්මේ ඔයා දැක්කෙ නෑනෙ මට තාත්ත ගෙනත් දුන්න.....පුතා මට එයාගාව තිබුන සෙල්ලම් බඩු පෙන්නුවා.....ශා පුතාට ගොඩක් සෙල්ලම්බඩු අරන්දීලනෙ.....මම ඒවබලන අතර කිව්ව.....ඇයි නෝන මට මෙච්චර ලොකු කාමරයක් දුන්නෙ...පොඩි එකක් දුන්නනම් හොදටම ඇතිනෙ....ඒක මහත්තයගෙ තීරනේනෙ.....ඔයාට නාන්න ඔනෙනම් බාත්රූම් එක තියනව....මට ඒක ඇරල පෙන්නුව....කාමරේටම බාත්රූම් එකකුත් තියෙනව...මගෙ කාමරේ තියෙන්නෙ මේ පැත්තෙ මහත්තයගෙ කාමරේ අනිත් පැත්තෙ....එයා කාමර තියන තැන් කියල ....හරි අමාරුයි මම නාගන්න යනව.....කිව්ව එයා කාමරෙන් ගියා.....පුතා මාගාවට වෙලා සෙල්ලම් බඩු අරගෙන සෙල්ලම් කරනව....මම බෑකෙක ඇදල ඇදුම් ටික එලියට ගත්ත.....මට තිබුනෙ ගවුම් දෙක තුනයි ඒටික ඇදුම් රාක්කෙ එලුව....රේසරෙයි සබනුයි අරගත්ත මම .....පුතා ඔහොම ඉදගෙන සෙල්ලම් කරන්නකො...අම්ම පොඩ්ඩක් නාගෙන එන්නම් ....මම කිව්ව....නාන කාමරයට ගිය මම නාගෙන මුහුන හොදට සිනිදුවෙන්න ඇවුල කපාගත්ත....මගෙ මුහුනෙ රැවුල හොදට ගනව නැති හින්ද මුහුනෙ සුමට බව රැදිල තියෙනව....පපුවෙ කකුල් වල එන කෙස් ටිකත් කපාගත්ත....ගවුම ඇදගෙන එලියට ආව....පුතා තාමත් තනියම සෙල්ලම් කරනව....අම්මෙ මේකෙ රෝදෙ ඩාල දෙන්නකො....මට කැඩුන කාර් එකක් පෙන්නල කිව්ව....මම ඒක හදල දුන්නම එයා සතුටින් හිනාවුනා ....ටික වෙලාවකින් මහත්තයගෙ අක්ක ආව......පුතා අද හොදයි නේද....පුතා දිහා බලල එයා කිව්ව....මම හිනාවුනා.....මගෙ ඇදුන් රාක්කෙ දිහා බැලුව අක්කා.....ඔයාට ඇදුන් තියෙන්නෙ ඔච්චරද ඇහුව....මම මොකුත් නොකිය බිම බලා ගත්ත.....එයා කල්පනා කරනව මට තේරුනා........ඊටපස්සෙ එයා කාමරෙන් පිටවුනා.....අම්මෙ යමුකො එලියට....මට පුතා අඩගැහුව....මම එයත් එක්ක ඉස්තෝප්පුවට ගියා එතකොට රෑවීගෙන එනව.....මිදුලෙ ඔන්චිල්ලාව පදිමු...පුතා ඇහුව.....දැන් රෑවෙලානෙ පුතේ හෙට උදේ පදිමු.....හෙට ස්කෝලෙ යන්නෙ නැද්ද....පුතා ඇහුව....පුතා දැන් ස්කෝලෙ යනවද....ඇයි දන්නෙ නැද්ද.....පුතා ඇහුව....ගිහින් ඇවිල්ල පදිමුකෝ....මම පුතාව වඩාගෙන ආයෙත් කාමරේට ගියා......මම ගියාට පස්සෙ අක්ක ගැහැනු කෙනෙක් එක්ක රෙදි වගයක් අරන් ඇවිත් මගේ ඇද උඩින් දැම්ම......මේ ඔක්කොම චිත්‍රාන්ගනී නංගි ඇන්ද ඇදුම් ඔකොම හෝදල තියෙන්නෙ ඔයාට මේව හරි ඇති බලන්න....එයා ඉන්න කොට ඔයාගෙ සයිස්ම වගේ තමයි.....කිව්ව එයාල කාමරෙන් ගියා.....මම ඇදුම් එකින් එක බැලුවා. ලස්සන ගවුන් සාය බ්ලවුස් තිබුනා.....මම ලස්සන ඒව වෙනම තියාගත්ත....බ්රෙසියර් වගේකුත් තිබුනා...ඒව මම ගත්ත ඒවට වඩා වටිනව කියල තේරුනා....දැන් පුතා ඉන්න හින්ද ඇදල බලන්න බෑ රෑට බලන්න ඕනැ...මම හිතාගත්ත.....ඇදුම් අතර දිග කලිසම් වගයක් තිබුන.....මේවනම් මට වැඩක් නෑ.. මෙච්චර කාලයක් කලිසම් ඇන්දෙ කැමැත්තකින් නෙවෙයි....ඒ හින්ද මේටික අයින් කරනව....මම ඒව තෝරල වෙන්කලා....මහත්තය මට එයාගෙ කාමරේට කතා කලා. මම දරුවත් එක්ක කාමරේට ගියා.....මේ කාමරේ තමා මායි නෝනයි නිදාගත්තෙ......පුතා හම්බවුනාට පස්සෙ එයත් හිටියෙ මේ කාමරේ. දැන් පුතා නිදාගන්නෙ මා එක්ක ..මම නැති දාට මගෙ අක්ක ගාව හිටියෙ.....රෑ නවය විතර වෙනකොට පුතා නිදා ගන්නව...ඊට පස්සෙ මම හිටියොත් මේ ඇදෙන් තියන්න ..මම නැතිදාට නෝනගෙ ඇදේ නිදිකරවන්න....ඔයාට මොකක් හරි ගැටලුවක් අඩුපාඩුවක් තිබුනොත් බය නැතුව මට කියන්න....මගෙ නොම්මරේ ඔයා ගාව තියෙනවනෙ....තියෙනව මහත්තය...මම කිව්ව....මෙයාව උදේට මොන්ටිසෝරි එක්ක යන්න ඕනැ...ඒකට වාහනයක් තියෙනව....ඒ වැඩේ ඔයාට බාරයි ටිකක් පුරුදුවෙනකම් නෝන එයි....හවස තුනෙන් ඉස්සෙල්ල පුතාට නාවන්න ඕනැ....හොදද.....රෑවෙලා නාවන්න එපා....ඔයාට තියෙන්නෙ පුතාගෙ වැඩ ටික විතරයි වෙන වැඩවලට සේවකයො ඉන්නව....මම එයාලට කියල තියෙන්නෙ පොඩි මැඩම් කියන්න කියල. මොකද මගෙ නෝනටත් එයාල කිව්වෙ පොඩි මැඩම් කියල....නෝනට එයාල කියන්නෙ ලොකු මැඩම් කියල.....ඔයා නිතරම ඉන්න ඕනැ පුතාගෙ අම්ම විදියට.....මහත්තය මට කරන වැඩටික කියල දුන්නා.....රෑ කෑම කන්න සේවිකාවක් මට කතාකලා මම පුතත් වඩාගෙන ගියා... එන්න වාඩිවෙන්න නෝන මට කෑම මේසෙ පුටුවක් පෙන්නල කිව්ව.....මහත්තයත් වාඩිවෙලා හිටිය....මම කොහොමද මේ මහත්තය නෝන එක්ක එකට ඉදගෙන කෑම ගන්නෙ...මම පස්සෙ ගන්නම් ...බැගෑපත්ව කිව්ව....වාඩිවෙනව...නෝන සැරෙන් කිව්ව....මමත් බයෙන් එයාල එක්ක වාඩිවුනා පුතත් මා ලගින් වාඩුවුනා.....මම ඉස්සෙල්ලම පුතාට කැවුව....දැන් පුතා හොදයිනෙ...මහත්තය කිව්ව.....පුතා මගේ අතින්ම කෑම කන්න කැමතිබව මට තේරුනා......රාත්රියේ පුතාට නින්ද ගියාට පස්සෙ මහත්ත්යගෙ කාමරේ අදෙන් නිදිකල මම නැවත මගේ කාමරේට ගිහින් දොර වහගත්ත......දැන් මට මේ ඇදුම් එකින් එක ඇදල බලන්න පුලුවන්.....කාමරේ ඒ සී කරල හින්ද දාඩියත් නෑ.....මම ගවුමක් අතට ගත්ත..................


(ජීවිතය සුන්දරයි 31)...............................................මමමෙක ගත්තෙ ලගදි හින්ද වැඩිදෙනෙක් මගෙ නොම්මරේ දන්නෙ නෑ...වැරදි නොම්මරයක්ද දන්නෙ නෑ....මම කතා කලා....අනිත් පැත්තෙන් ආවෙ ගැහැණු කටහඩක්.....ඔයා ඇහුව මම ඉන්නෙ කොතැනද කියල...කවුද දන්නෙ නෑ මේ කතාකරන්නෙ....කව්ද කතාකරන්නෙ ......මම ඇහුව. සංජීව මහත්තයගෙ අක්ක කතාකරන්නෙ......ඒ පැත්තෙන් කිව්ව...නෝනා දැන් කොහේද ඉන්නෙ....අපි අනුරාධපුරේ කිට්ටුවටම ඇවිල්ල ඉන්නෙ. ඔය ලමය කොතැනද ඉන්නෙ......... කොලඹ් බස් හෝල්ට් එකේ පරන ටවුමෙ ....මම ඉන්න තැන කිව්ව....ඔහොමම ඉන්න අපි එන්නම්....මට ඇහුන පොඩි ලමයෙකුගෙ කටහඬක් ....පුතත් එක්ක ඇවිල්ල වගේ මට හිතුනා. බිම තියගෙන හිටිය බෑක් එක අතට අරන් එයාල එනකන් හිටිය. ටික වෙලාවකින් මම දැක්ක සුරංග මහත්තය එනව. ඊට පිටිපස්සෙන් අක්ක බබත් වඩාගෙන එනව දැක්ක....මම එයාල ඉස්සරහට ගියා...මාව දැක්ක විතරයි චූටි බබා ... අම්ම අම්ම....කියමින් මට අඩගැහුව.....මහත්තයගෙ අක්ක බබා අරගෙන මා ගාවට ආව. පුතා මගේ බෙල්ල බදාගෙන මගේ අතට ආව.....අපි ගෙදර යමු අම්මෙ....මට තුරුලුවෙලා පැවසුවා....මම එයාගෙ කම්මුල් සිපගනිමින් .....අපි යමු පුතේ...කිව්ව.....පොඩ්ඩක් ඔහොමම ඉන්න කිව්ව මහත්තය කෝල් එකක් ගත්ත. ටික වෙලාවකින්. මදිවියේ කෙනෙක් අපිගාවට ආව ...සිරිපාල..මේ බෑක් එක ගෙනිහින් වාහනයට දාන්න....මගේ බෑක් පෙන්නල කිව්ව.....යමු..මහත්තය කිව්වම....අපි වාහනය ගාවට ගියා.....අම්ම...අපිත් එක්ක ගෙදර යනව නේද....පුතා නැවතත් ඇසුවා.....අනේ නෑ පුතේ මම මීට පස්සෙ පුතාව දාල කොහේවත් යන්නෙ නෑ...මම එයාව සුරතල් කරමින් පැවසුවා....ඩ්රැයිවර් අපිට දොර ඇරල දුන්න...මම වාහනේ ඇතුලෙන් වාඩිවෙලා පුතාව උකුලෙන් තියාගත්තා.....ඒ වාහනේ ආසන හරිම සැපපහසුයි....අපි ඉතින් කවද්ද මේවගෙ සැප වාහනේක ගිහින් තියෙන්නෙ......ඒ සී කරල හින්ද ඇගටත් සනීපයි.....ආපු එකේ වැදලමු යමු නේද අක්කෙ...සුරන්ග මහත්තය ඇහුව....මමනම් උදෙම්ම වැදල ආවෙ මහත්තය.....ඒකට කමක් නෑ තවසැරයක් වදිමු.....මහත්තයගෙ අක්ක කිව්ව.....ඒක නෙවෙයි ඔය ලමය උදේට කාලද ඉන්නෙ...අක්ක මගෙන් ඇහුව....තාම නෑ නෝන....මම උදේ ඉදම්ම තේ එකක්වත් නොබී මෙතැන හිටියෙ ඒ හින්ද බඩගිනිත් තිබුන....මහත්තයගෙ අක්ක එහෙම ඇහුවහම මට සතුටක් ආව....එහෙනම් ඔක්කොටම ඉස්සෙල්ල මෙයාට මොනවහරි කන්න තැනකට එක්ක යන්න....සිරිපාල....අක්ක ඩ්රැයිවර්ට කිව්ව. නෝනල තේ බිව්වද...මම ඇහුව....ඔව් එනගමන් බීල ආවෙ....මගෙ පුතා මොනවද කෑවෙ....මම පුතාගෙන් ඇහුව....මොකුත් නෑ.පුතා කියනකොට....අපෝ මෙයාට කවන එක තමා අමාරුම. වැඩේ....අක්ක කිව්ව. ලොකු හෝටලයක් ගාව වාහනේ නැවැත්තුවා....ඔයාට ඕනෙ දෙයක් ඉල්ල ගන්න....අක්ක මට කිව්ව.....මම ඉදිආප්ප ගෙන්න ගත්ත....මගෙ පුතා උදේට මොකුත් කෑවෙ නෑ නේද? අම්මගෙ අතින් කව්න්නද...මම පුතාගෙන් ඇහුවා....හා කිව්ව එයා මාලග පුටුවෙන් වාඩිවුනා.....මම කවන කොට පුතා කැමැත්තෙන් කනව මහත්තයයි අක්කයි බලා ගෙන ඉදල සතුටින් හිනාවුනා.....පුතා හොඩට කාල මගෙ අතින්ම කිරිතේ ටිකක්ද පොවාගත්ත....මම හිතන්නෙ කාලෙකට පස්සෙ තමා පුතා අද බඩපිරෙන්න කෑවෙ......මහත්තය පුතාගෙ හිස අතගාමින් පැවසුවා........මීලගට අපිගියේ රුවන් වැලි සෑය ගාවට... පුතා සතුටින් සෑමලුවෙ සෙල්ලන් කරන්න ගත්ත..... මම එයාගෙ අතට නෙලුම් මලක් දීල පූජාකෙරෙව්ව.....පුතා ඉස්සෙල්ලම හම්බවුනෙත් මෙහෙදි.....ඊලගට බෝධිය ගාවට ගිහිල්ල වැදල. ආපහු යන්න පිටත් වුනා.......ඒ වාහනේ යනකොට හරිම සැපපහසුවක් දැනුන....මටත් මේවගෙ වාහනේක යන්න වාසනාව ලැබුන....ඒයන්නෙත් කොල්ලෙක් විදියට නෙවෙයි කෙල්ලෙක් විදියට ඒක තවත් වාසනාවක්...ඒ විතරකුත් නෙවෙයි හුරතල් පොඩි පුතෙකුගෙ අම්ම කෙනෙකුත් වෙලා..ඒක කොයිතරම් වාසනාවක් ද.....මම කල්පනා කලා.....ඇත්තටම මාවත් කෙල්ලෙක් වෙලා උපන්නනම් ඒ මව් පදවිය මට උරුම වෙනවනෙ....ඒත් කමක් නෑ මෙහෙමවත් කෙල්ලෙක් වෙලා මනසින් හරි අම්ම කෙලෙක් විදියට ඉන්න පුලුවන් උන එකත් කොයිතරම් දෙයක්ද......මට සෑහෙන සතුටක් දැනුනා.....චූටි පුතා ඉස්සරහ මහත්තය ගාවට ගියේ පාර බලන්න ඕනැවෙලා .ඒ වුනාට එයා නිතරම මාදිහා බලන බව මට තේරුනා..... පුතාට නොපෙනෙන්න හැන් ගෙන්නම් මොකද කරන්නෙ බලන්න....නෝනා මට කිව්ව.. මම සීට් එක අස්සට වෙන්න මුවාවුනා.....කෝ මගේ අම්ම...එයා කෙදිරි ගගා මාව හොයන්න පටන්ගත්ත.....මාව දැක්කම තමා එයාගෙ මුහුන එලිය වැටුනෙ......පුතා.. පුතාගෙ අම්ම ඉන්න කාලෙත් මේවගෙ අම්මට ආදරෙයිද නෝන....මම ඇහුව.....ඒ කාලෙ එච්චර තේරුනේ නෑ.අම්ම නැතිවුනාට පස්සෙ තමා පුතාගෙ හිතට ඒක තදින්ම බල පෑවෙ....ඒක අමතක කරන්න අපි ගොඩක් ඒව කලා ඒ එකක්වත් හරිගියෙ නෑ....පස්සෙ වාසනාවට ඔය ලමයව හම්බවුනේ.....ඔය ලමයත් පුතාගෙ අම්ම වගේමයි.....දැන් පුතා හිතාගෙන ඉන්නෙ ඔයා එයාගෙ අම්ම කියල....අක්ක කිව්ව.....මහෙම උන එක අපි දෙගොල්ලගෙම වාසනාව....මෙයාලගෙ පුතාට අම්ම කෙනෙක් හම්බවුනා....මට හිතේ හැටියට කෙල්ලෙක් විදියට ජීවත්වෙන්න පුලුවන් කරමයක් හම්බවුනා....ඊට පස්සෙ අම්ම කෙනෙක් විදියටත් ඉන්නවෙලා......මම සතුටින් කල්පනා කලා.....අපි දවල් කෑමට හෝටලේකට ගියා.....මෙයාල නවත්තන්නෙම සුපිරි හෝටල්වල.....අපිනම් ඉතින් කොහේ හරි තැනකින් බත් ටිකක්කමව...ඔය හෝටල් වලට වියදම් කරන්න සල්ලි නෑනෙ.....මෙයාලට සල්ලි තියෙන හින්ද මේවගෙ තැන්වලට යනව......මම කෑම කනකොට පුතත් මම අතින් කෑම කවාගන්න මා ලගින් වාඩිවුනා.....දැන්නම් පුතා හරි හොදයි.....අක්ක පුතාගෙ හිස අත්ගෑව.....දැන් මට අම්ම ඉන්නවනෙ නේද අම්මෙ....පුතා ඇහුව...ඔව් මගෙ පුතේ.....මම ආදරෙන් කිව්ව.....පුතාට බත් කවන්න අමාරුයි කියල නැන්ද කියන්නෙ බොරුනේද.....බොරු නෙවෙයි එයාල අතින් කවනකොට රසනෑ......පුතා කිව්ව.....එතකොට මේව රසද මම ඇහුව....අම්මනෙ කවන්නෙ....රසයි.....පුතා කිව්ව....අපි කොලඹ යනකොට හවස් වුනා......මහරගමට ගිහින් දෙහිවල පාරෙත් යනව මම දැක්ක......අපේ ගෙවලුත් මීට එහානෙ තියෙන්නෙ....මම කල්පනා කලා......වාහනේ විශාල තාප්ප්යක් දාල තිබුන ගේට්ටුවක් අසල නැවැත්තුව. ගේට්ටුවෙ මුරකාරය ගේට්ටුව ඇරිය....ඇතුලෙ තට්ටුදෙකේ ලොකු ගෙයක් තිබුන.....රෑ කෑමට හෝටලේකට එන්න ඇති මට හිතුන.....මෙයාල තේ බොන්නත් අල්ලන්නෙ මේවගෙ ලොකු හෝටල්නෙ.......

Monday, June 27, 2016


(ජීවිතය සුන්දරයි 30).............................................මම කෙල්ලෙක් විදියට මාමත් එක්ක කොළඹ් බස් නැවතුම් පොලට ආව. කොලඹ යන්න ආව කිහිප දෙනෙක් එතැන හිටිය. ගැහැණු කීපදෙනෙකුත් හිටිය හින්ද හිතට බයක් නැතිවුනා.....මාමට බොහොම පින් මාමෙ.මෙතැන සෙනග ඉන්නවනෙ මට මෙටෙන්ට වෙලා ඉන්න පුලුවන්.....මම කිව්ව.උදෙන් හෝටලේ වැඩටික පටන්ගන්න තියනවනෙ ළමයො ඔයලමයත් නැති එකේ තනියමනෙ වැඩ කරන්න වෙන්නෙ.....නැත්නම් ඔයලමය යනකන් මෙතැනට වෙලා ඉන්නව.....මාම කිව්ව.....මාමට දැන් ගොඩක් මහන්සි වෙන්න වෙනව නේද. මුදලාලිට කියල කවුරුහරි හොයාගන්න ...ඔව් ලමයො ඉක්මනට කෙනෙක් හොයාගන්න ඕනැ.....මාම කිව්ව.මාම සුලුවෙලාවක් ඉදල ආපහුගියා. මම මෙතැන තනිවුනා....වටපිට බැලුවම එක තැනක ගැහනු කීප දෙනෙක් ඉන්නව දැක්ක...මමත් එයාල ගාවට ගියා....තාම හරියට එලිය වැටිල නෑ. මේ ස්තානෙ තරමක පාලු ස්වභාවයක් තිබුනා.මමත් ගැහැණු ලමයෙක් වගේ හින්ද ගැහැනු ගාවතමයි මගෙ ආරක්ශාව තියෙන්නෙ...ගැහැනු ගොඩේ හිටිය මට බයක් දැනුනෙ නෑ. මහත්තෙල එනව කිව්වෙ අටට විතර....තව සෑහෙන වෙලාවක් මෙතැන ඉන්න වෙනව....දිගටම මැතනටම වෙලා ඉන්න කොට ගැටලුවක් වෙයිද....මට හිතුන.....මෙයාලනම් දැන් බසෙක ආවහම යයි.....එතකොට මම මෙතන තනිවෙනව...ටිකක් එලිය වැටෙනකම් මෙයාල හිටියොත් ඇති.....මට හිතුනා. එලිය වැටීගෙන එනකොට කොලඹට බස් එකක් ආව...නගින්න මිස් කොලඹ.....ඒ බස් එකේ කොන්දොස්තර මට කිව්ව....මම මොකුත් නොකියා අහක බලාගත්ත....මිස් කොහාටද යන්නෙ...එයා මගෙන් ඇහුව...තව කට්ටියක් එනවයි කිව්ව එයාල එනකන් ඉන්නෙ......මම කිව්ව......දැන් බලන කොට මෙතැන වැඩිවෙලා ඉන්න හොදනෑ.....කොහාට හරි ගිහින් මෙතනට එන්න ඕනැ....ඒත් තාම හරියට එලිය වැටිල නැතිහින්ද තනියම පාරෙ යන්න හොඩනෑ.......මම ටික වෙලාවක් මෙතනම හිටිය . මේතන හිටිය අය බස් එකට නැග්ග හින්ද. මම තනිවුනා....ඒත් බස් එකේ සෙනග ඉන්න හින්ද බයක් හිතුනෙ නෑ.....කොන්දොස්තරත් මෙතන ඉදගෙන සෙනග නග්ග ගන්න කෑගහන හින්ද පාලුවක් දැනුනෙ නෑ.....මේක ගියොත් තව බස් එකක් ගහයිනෙ....අව්ලක් වෙන එකක් නෑ. මම බස් නැවතුම් පලේ බලාගෙන හිටිය...මම මහත්තයට කෝල් එකක් ගත්ත.....මහත්තය මම අනුරාධපුරේ පරන බස්නැවතුම් පලේ කොලඹ බස් හෝල්ට් එකේ ඉන්නෙ......ඔහුට මම ඉන්න තැන හරියටම කිව්ව....ඔයා දැම්ම තියා එතනට ආවද.....අපි තාම මග එනව....ඔතැනට එනකොට තව පැය දෙක තුනක්වත් යයි.....මහත්තයා කිව්ව.....එයාල මග එනව කියල දැනගත්තම මට සතුටක් ඇතිවුනා....කමක් නෑ මහත්තයා ...එනකම් මෙතැනට වෙලා ඉන්නම්....මම කිව්ව....අම්මෝ ඉතිරි පැය දෙක ගෙවාගන්නෙ කොහොමද.....මම කල්පනා කලා.....ස්රී මහා බෝධිය ගාවට ගියොත් වැදල කාලෙත් ගෙවාගෙන මෙතෙන්ට එන්න පුලුවන්.....මට හිතුන......ඒත් මෙතැන ඉදන් පයින් ගියොත් ටිකක් දුරයි.....සෙනග පුරවගත්ත කොලඹ බස් එකත් පිටත් උනා....දැන් මම හිටිය තැන හිස්වුනා....ටිකක් හිතට බයක් ආව....පාරට හොදට එලිය වැටිල තිබුන හින්ද....පාරට ගියා...පාර දිගේ..ටිකක් ඉස්සරහට මම දැක්ක සුදු ඇදගත්ත ගැහැනු කට්ටියක් පාරෙ යනව....මම ඉක්මනින් එයාල ගාවට ගියා.....ඔයාල වදින්නද යන්නෙ....මම එක ගැහැණු කෙනෙක්ගෙන් ඇහුව....මා දිහා බැලුව ඇය ...ඔව්...දුවේ....කිව්ව ඇය....දුවත් එහාටද යන්නෙ ඇහුව......කොලඹ යන්න ආවෙ තව කට්ටියක් එනව කිව්ව එයාල එනකොට තව පැය දෙකක් විතර යනව කිව්ව....ඉතින් වෙලාව තියෙන හින්ද වැදල එන්න හිතුව...තනියෙන් යන්න බයේ හිටියෙ ඇන්ටිල දැක්ක හින්ද ආවෙ. .....මේ වෙලාවෙ පාලු පාරවල්වල තනියම යනවට වැඩිය ඒක හොදයි....දුවත් එන්න අපිත් එක්ක යන්න....එයාල මට කතාකලා....ටිකක් දුර තියෙනව...මම කිව්ව....එච්චර දුර නෑ අපි හැමදාම බස් එකෙන් බැහැල මේ විදියට තමයි යන්නෙ.....වදින්නත් පුලුවන් කාලෙ ගෙවාගන්නත් පුලුවන්....හිතුව මම එයාල එක්ක බෝධිය වදින්න ගියා....එයාල ගෙනාපු මල් සුවද දුම් මටත් දුන්න....එයාල කිරිපිඩු දානය පිලියෙල කරගෙන ඇවිත් තිබුන හින්ද මමත් සතුටින් ඒ පූජාවලට සහභාගීයුනා.....පූජාව අවසානයේ මම ප්රාර්තනා කලේ නිවන ...ඒ එක්කම නිවන් දනාතුරු....යසෝදර දේවිය වැනි උත්තම කාන්තා ජීවිතවලම ඉපදේවා කියලත් ප්රාර්තනා කලා.. දෙවියන්ට පින් අනුමෝදම් කරල මම ඉල්ලා සිටියෙ මේ යන ගමම ඉතාමත් සාර්තක කර දෙන්න කියලා. සෑහෙන වෙලාවක් ගත්වුන හින්ද...මම එයාලගෙන් සමුඅරගෙන ආපහු ආව එනකොට හොදට එලිය වැටිල තිබුන හින්ද ගැටලුවක් ඇතිවුනේ නෑ ඒත් තනියම පාරෙ යන්න බයක් ඇතුනා....මල් කඩ ගාව ටික වෙලාවක් රැදිල හිටිය ඒ පැත්තට යන ගැහැනු කෙනෙක් එයිද කියල...මම දැක්ක එක අම්ම කෙනෙක් බෑක් එකකුත් උස්සගෙන ඒ පැත්තට යනව....මම ඉක්මනට එයා ගාවට ගියා....අම්ම ටවුම පැත්තටද යන්නෙ....මම ඇහුව...ඔව්...ඇය කිව්ව...මාත් ඒ පැත්තට තමා යන්නෙ....මමත් ඇයට එකතුවුනා...ඇය තිකක් වයස හින්ද බෑක් එක උස්සගෙන යන්නෙ අමාරුවෙක් කියල මට තේරුනා....බෑක් එක බරයි නේද අම්මෙ....මම ටික දුරක් අරන්යන්නද...මම ඇහුව....අනේ ලමයො ඔය ලමයගෙත් කරේ බෑක් එකක්. තව මේකත් උස්සගෙන යන්න පුලුවන්ද.... ඇය ඇහුව. අපෝ මගෙ එකේ තියෙන්නෙ ඇදුම් වගයක් ඒ හින්ද බර නෑ...ඕක දෙන්න.... ඇය මට බෑක් එක දීල ටික වෙලාවක් ගිමන් හැරිය....හරි අමරුයි දුවේ කකුල් රිදෙනව.....ඇය කියන ගමන් මොනව කරන්නද කියල ආයෙත් ගමන ආරම්භකලා. ඇගෙන් ගත්ත බෑක් එක ටිකක් බර තිබුනත් මට එය අපහසුවක් නොවුනි.....මේ වයසක අම්ම මේක උස්සගෙන ගියානම් කොයිතරම් අමාරුවක් ද මම ඇයට කලේ කොයිතරම් ලොකු උපකාරයක් ද යනගමන් කල්පනා කලා.....ඇය එක තැනක නැවතිලා මම මෙතැන නවතිනව...ඔයලමයට ගොඩක් පින්සිද්දවෙනව මට කල මේ උපකාරෙට...අය මට පින්දුන්නා.....තව බස් හෝල්ට් එකට තව මට තිබුනෙ චුට්ට දුරයි....ටවුමෙ සෙනග හිටිය හින්ද බයක් දැනුනෙ නෑ.....දැන්නම් අට පහුවෙලා ..එයාල දැන් ලගම ඇති.....මම කල්පනා කලා.....ටික වෙලාවකින් මගේ ටෙලිපෝනය නාදවුනා....මම ඒක අතට ගත්ත....මහත්තයගෙ නොම්මරේ නෙවෙයි වෙන නොම්මරයක්....කවුද මේ...මම කල්පනා කලා.....

(ජීවිතය සුන්දරයි 29).............................................ඇයි මොකක්ද ප්‍රශ්නෙ ......මට බය හිතෙනව මහත්තය......ඒ මොකටද බයවෙන්නෙ......මහත්තය දන්නවනෙ මම ගැහැනියෙක් වගේ ඇදගෙන හිටියට පිරිමියෙක් කියල.....මම ඔහුට පැවසුවා....ඉතින් මට ඒකෙන් ගැටලුවක් වෙන්නෙ නෑ කියල එදා කිව්වනෙ.....මහත්තයට මේක ගැටලුවක් නොවුනට වෙනකෙනෙකුට මා ගැන සැක හිතුනොත් ගැටලුවක් නේද...මම ඇහුවා.....එහෙම ගැටලුවක් වෙන්නෙ නෑ ඒකෙ වගකීම මම ගන්නම්....ඔහු පොරොන්දුවුණා....මහත්තය මම වැඩකරන තැන මුදලාලිට මම අස්වෙනව කියල කිව්වෙ නෑ....මට තව දවස් තුන හතරක් දෙන්න...මම කිව්ව.....හරි ඔකේ ....කියල එයා ටෙලිපෝනය තිබ්බ....පසුවදා මම මේ සාකච්චාව මාමට කිව්ව....අනේ මම දන්නෙ නෑ ලමයො...සමහර විට ඕකෙන් උඹට හොදක් වෙන්නත් පුලුවන්.....මාම කිව්ව.....කොයි එකටත් දැන්තියෙන්නෙ මුදලාලිට කියන එක....මාම තවදුරටත් පැවසුවා....ඔව් මාමෙ....අදම කියන්න හිතාගෙන ඉන්නෙ....ඒක හොදයි මාම පැවසුවා.....මුදලාලි නිදහස් වෙලාවක් බලල මම මුදලාලි ගාවට ගියා.....මොකද....මුදලාලි ඇහුව. මුදලාලි මහත්තය මට ගෙදරින් කතාකලා...මම යන්න කියල හිතාගෙන ඉන්නෙ.....ඒ මොකද බන් එක පාරටම....එතකොට කවද්ද ආපහු එන්නෙ....මුදලාලි ඇහුව....ආපහු එන්න වෙන්න වෙයි ද දන්නෙ නෑ මුදලාලි මහත්තය...මම කිව්ව...මුදලාලි ජෝන් මාම හම්බවෙන්න කුස්සියට ගියා.....බාස් උන්නැහැ මේක යන්න හදනව ....මුදලාලි කිව්ව....කමක් නෑ මුදලාලි කොල්ලගෙ අම්ම එන්න කියනවලුනෙ...මම කොහොම හරි මේ වැඩ ටික කරන්නම් මුදලාලි වෙන කෙනෙක් හොයල දෙන්නකො....මාම මා පැත්තට කතා කලා....උඹ කවද්ද බන් යන්නෙ....මුදලාලි ඇහුව. තව දවස් තුන හතරකින් යන්න ඉන්නෙ....මම කිව්ව. කමක් නෑ ඔක්කොටම වඩා තමන්ගෙ අම්ම ලොකුනෙ.....පවසූ මුදලාලි....මට යන්න අවසර දුන්න.......
කුස්සියෙ නන්ගි යන්නලු හදන්නෙ නේද ....හෝටලේ වැඩකරන අය මගෙන් ඇහුව....මම ඔව් කිව්වම එයාල ඇහුව අලුත් රස්සව හොදද කියල....මොන රස්සාවක් ද ලමයිනේ මෙයා යන්නෙ ගෙදර...මෙයා මේ ගෙදරින් තරහ වෙලානෙ මෙහාට ඇවිත් ඉදල තියෙන්නෙ.....මාම එයාලට කිව්ව.....ආයෙත් තරහ වුනොත් මේපැත්තෙ වරෙන්....ඔවුන් කිව්ව...ඇයි උබලට මේක නැතුව බැරිද ....මාම ඔවුන්ගෙන් ඇහුව. කුස්සියෙ නන්ගි උයන කෑම රසයි.....ඔවුන් හිනාවෙමින් කිව්ව....උඹල එහෙනම් මම උයන ඒව කන්නෙ නැතුව විසිකරනව.....මාම ඔවුන්ට බැන්න......මුදලාලිගෙ කැමැත්ත ගත්තට පස්සෙ මම සන්ජීව මහත්තයට කතාකලා.....එහෙනම් අනිද්ද අපි එනව එක්ක යන්න....මම කොලඹ බස් නැවතුම් පලේ ඉන්නම් .....මහත්තෙල උදේ අටවෙනකොට එන්න....මම කිව්ව.....මම මේගැන මාමට කිව්ව....ඔය ලමය දැන් යන්න හිතාගෙන ඉන්නෙ පිරිමි ඇදුම් ඇදගෙනද.....ඔහු ඇහුව...අපෝ නෑ කෙල්ලෙක් වගේ යන්නෙ...මම උත්තර දුන්නා. එහෙනම් මෙහෙ ඉදන් යන්න බෑනෙ බන්. වෙනද වගේ රෑ අපේ ගෙදර ඉදන්. පාන්දර පිටත් වෙයන්. මම ඔය ලමයව බස් හෝල්ට් එකට ගිහින් ඇරලන්නම්...... මාම එසේ පැවසූ විට මගේ සිතට සතුටක් ඇතිවුනා. මාව මෙහාට හදුන්වාදුන්න කඩේට ගිහින් ඒ මුදලාලිටත් මම යනබව කිව්ව.....ඔය ලමයට කෙලෙහි ගුන මතක තියනව නේද....ඔහොම අය ගොඩක් අඩුයි ..කිව්ව ඒ මුදලාලි මට ආසීර් වාද කලා....නැවත හෝටලයට ගිය මට ..මම මෙතැන සිටින අව්සන් දිනය අදබව මතක් වුනා....මම සැමට මේ ගැන පැවසුවා.....මම මුදලාලිට දනගහල වැන්ද....දරුවො ආයෙත් මොකක්හරි ගැටලුවක් උනොත් මෙහාට වරෙන්. මම උබ බව අමතක කරන්නෙ නෑ....හොදට අවන්කව වැඩකරන එවුන්ට කොහේ ගියත් හරියනව බන්...කිව්ව මුදලාලි මට සල්ලි කොලයක් දුන්න....මම කීයද කියල බැලුවෙ මුදලාලි මා මෙහාට ආ වෙලේ දුන්න අවවාදය මතක් උන නිසා....රුපියල් පන්දාහේ කොලයක්...මට සතුටක් ඇතිවුනා.....මම රෑ මාමත් එක්ක යන්න හදනකොට .....මුදලාලි මට සුබපැතුවා......මම මාමගෙ ගෙදරට ගිහින් කාමරේ දොර වහගෙන උදේට ඇදගෙන යන ගවුම් ලැස්ස්තිකර ගත්ත. මීට පස්සෙ මේ පිරිමි ඇදුම් වැඩක් වෙන්නෙ නෑ....මගේ පිරිමි ඇදුම් ටික වෙන්කරගෙන වෙනම ඉටි උරේකට දැම්ම.....ගැහැනු ඇදුම් ටික අලුතින් ගත්ත බෑක් එකේ අහුර ගත්ත. ගෙදරින් ගෙනා බෑක් එකත් ඒක ඇතුලට දාගන්න පුලුවන්වුනා. එදත් නින්දට ගියේ නයිට් ගවුම ඇදගෙන....පාන්දරින් ඇහැරිලා මූන හෝදගෙන යන්න ලෑස්තිවුනා....රෑ කන්වල පලදා ගත්ත රත්‍රන් කරාබු දෙක ලස්සනට දිලිසෙනව... කන්නාඩියෙන් දැක්ක මම ඒව ආශාවෙන් අත ගෑව ...දැමට මේ කරාබුදෙක හැමදාම උනත් දාගෙන ඉන්න පුලුවන්....ඇදගත්ත ගවුමත් ලස්සනයි......චේන් එක කරට දාගන්නවද ...මම කල්පනා කලා....පාන්දර හින්ද වලලු ටිකයි මාලෙයි දැම්ම දාගන්න හොදනෑ ඒ ටික හෑන්ඩ් බෑක් එකේ දාගත්ත සල්ලි ටිකත් ඒකට දාගත්ත....කොන්ඩෙත් කෙල්ලො පීරන විදියට පීරලා....කටු ගහගත්ත. දැන් මාව පේන්නෙ නියම කෙල්ලෙක් වගේ....ලින්ගය පිටිපස්සට නවල ඇදල බන්ද හින්ද පැන්ටිය ඇදම හොදට තදවුනා....අලුත්ම රේසරයකින් රැවුල කැපුව හින්ද මුහුන සිනිදුවට අත ගෑවෙන බව දැනුනේ මුහුනේ පවුඩර් තවරන විටයි.....දැන් ඔක්කොම හරි යන්න විතරයි තියෙන්නෙ....මාමත් ලෑස්තිවෙලා....එලියට ආව.....මාමෙ මෙතන ඇදුම් වගයක් තියෙනව....කාට හරි දුප්පත් කෙනෙකුට දෙන්න....මම වෙන්කරල ඉටි බෑක් එකට දැම්ම මගේ පාවිච්චිකල පිරිමි ඇදුම් ටික මාමට දුන්න......එතකොට ඔයලමයට ඇදුම්....මාම ඇහුව......මට දැන් පිරිමි ඇදුම් ඕනැනෑනෙ මාමෙ.....මම කිව්ව.....එතකොට පිරිමි අදුම් ටික ඔක්කොම අයින් කලාද.....මාම ඇහුව....මම ඔව් කිව්ව......කීපයක් හරි තියාගනින් හදිස්සියෙ ඕනැවුනොත්....මාම කිව්ව.....කෙල්ලෙක් විදියට ඉන්න බලාපොරොත්තුවෙන් ඉන්න මට හදිස්සියටවත් පිරිමි ඇදුම් අදින්න ඕනැ නෑ......අනේ මම්ද කිව්ව...මාම ඇදුම් ටික කාමෙරේ ඇතුලට දාල. දොර වැහුව....දැන් ඔක්කොම හරිද .....එකක් බැරිවුනානෙ කිව්ව මම මාමගෙ කකුල් දෙක අසල දනගහල වැන්ද....මාම මට ගොඩක් උදව්කලා මම මාමට ඒකට නයගැත්යි....මම කිව්ව....ඕව මොනවද දරුවෝ උඹට හරියනවනම් මට ඒ ඇති....මාම දුකෙන් කිව්ව.....
(ජීවිතය සුන්දරයි 28)..........................................මම ඇස්දෙක ඇරල බැලුව. මගේ ඇඟ තවමත් ගැහෙනව.....මේකනම් භයානක හීනයක්. මම ඔය රස්සාවට ගියොත් වෙන දේ තමයි මේ හීනෙන් පෙනුනෙ.ඒහින්ද මේ ඉන්න විදිහටම ඉන්නව....මම ඇදේ ඉදගෙන කල්පනා කලා.....බය උන හින්ද ඇගපුරාම දාඩිය. ඒ උනාට ඇදගෙන හිටිය නයිට් ගවුම ගැලෙව්වෙ නෑ....ගෑනුන්ට දාඩිය දැම්මට පපුව ඇරගෙන ඉන්නෙ නෑ...මාත් ගැහැණියෙක් නම් ඒකට පුරුදුවෙන්න ඕනැ.....මම සිතාගත්තා....මාමෙ මම ඊයෙ රෑ මහ භයානක හීනයක් දැක්කනෙ....ඒ මොකක්ද...මාම මගෙන් ඇහුව.මම දැක්ක හීනෙ විස්ත්ර කිව්ව...එහෙම කියල....මම ඒ රස්සවට යන්නෙ නෑ මාමෙ....මේ හීනෙ හැටියට එහෙට ගියාම මට ලොකු ප්‍රස්නයක් වෙනව. ...ඔය ලමය කොහොමද එහෙම කියන්නෙ...මාම ඇහුව....ඇයි මාමෙ ඒ හීනෙ වගේ එයාල මට ගහල පැන්නුවොත්....මම කිව්ව...මාම මගෙ කතාවට හිනාවුනා....ඔය හීනෙන් විච්ච දේවල් වෙන්නෙ නෑ බන්.හීනෙන් පේන දේට විරුද්ද දේවල් තමා සිද්දවෙනව කියන්නෙ....ඔහු කිව්ව...ඒ කොහොමද...මම ඇහුව.....කතාවක් තියෙනවනෙ මගුල් ගෙයක් හීනෙන් දැක්කම මලගෙයක් වෙනව කියල. ඒ වගෙම මරනයක් දැක්කම මගුල් ගෙයක් වෙනව කියල....අනික ඔය හීන කවුද බන් ඇත්ත වෙනව කියල විස්වාස කරන්නෙ.....මාම කිව්ව....ඒ උනාට බුදු හාමුදුරුවොත් කොසොල් රජ්ජුරුවන්ට හීන දාසයක් ගන විස්තර කරල තියෙනවනෙ...ඒ වලුනෙ දැන් කාලෙ සිද්ධ වෙන්නෙ. මම කිව්ව. අනේ මම දන්නෙ නෑ බන් ඕව.ඒ වුනාට ඔය හීනෙ ගැන එච්චර හිතන්න එපා....මාමා කිව්ව.....මම ඒ රස්සවාට යන්නෙ නෑ මම තීරනය කර ගත්තා....දවස් දෙකක් පමන ගතවුනා....දැන් ඔයලමය ගත්ත තීරනය මොකක්ද ...මාම ඇහුව.....මම යන්නෙ නෑ කියල තීරනය කලා....මම කිව්ව.... එයාලට ඒක කියල පනිවිඩයක් ඇරියද.....මාම ඇහුව....නෑ මම කිව්ව. එහෙනම් එන්නෙ නෑ කියල කෝල් කරල කියපන්. එයාල උඹ එනකන් බලා ඉන්නවනෙ...මාම කිව්ව......එහෙනම් එන්නෙ නෑ කියල කියන්නම්.....ඉක්මන් වෙන්න හොද නෑ තව ටිකක් හිතල බලන්න ඕනෑ.....මම රෑ ඇදේ ඉන්න ගමන් කල්පනා කලා...ඒ දරුව බලා ගන්න ගියොත් මට එලිපිටම ගැහැනියෙක් වගේ ඉන්න පුලුවන්.....ඒ දරුවට අම්ම කෙනෙක් වෙන්නත් පුලුවන්...එහෙම වෙන්න පුලුවන්නම් කොයි තරම් දෙයක් ද....හෙට කොයිකටත් කෝල් එකක් දාල බලනව.....මම හවස ටෙලිපෝන් තියෙන තැනකට ගියා.....ඒ මහත්තය දීල තිබුන අන්කයට කතාකලා...ඒක බිසී කියල පනිවිඩයක් ආව....තව පොඩ්ඩකින් ආයෙක් මලන්න ඕනැ......පැය භාගයක් විතර ගියා.....ආයෙත් කෝල් එකක් ගත්ත.....ඒත් වැඩකලේ නෑ.....දැන් මොකද කරන්නෙ මෙතන ඉදල වැඩට යන්නත් පරක්කු වෙනව....මම ආපහු ගියා.....අර මහත්තෙලාට පනිවිඩේ දුන්නද...මාම මගෙන් ඇහුව.....කතා කරන්න බෑ මාමෙ....මම කිව්ව......අපි රෑවෙලා කතාකරමු.....රෑවුනාම ටෙලිකොම් වහනවනෙ මාමෙ....මම කිව්ව....ඒ කත් ඇත්ත....මටවත් පෝන් එකක් තිබුනනම් කතා කරන්න තිබුන....එක එක්කෙනාගෙන් ඉල්ලන එකත් හරි නෑ නෙ....මාමා තවදුරටත් පැවසුවා....හෙට ආයෙත් උත්සාහ කරල බලනව....මම කිව්ව. ඔව් ඉක්මනට පනිවිඩයක් දීපන්....මාමා කිව්වා.මම පහුවදා නැවත ටෙලිකොම් එකට ගිහින් කෝල් එක ගත්ත...ඇති යන්තම් රින්ස් යනව.....ටික වෙලාවක් ගියා....තව චුට්ටකින් ගන්න කියල පිරිමි කෙනෙක් කතා කරල පෝනෙක තිබ්බ.....සමහර විට ඒ කතා කලේ එදා හමුවුන සංජීව මහත්තය වෙන්න ඇති....මට හිතුනා....මෙයාලට කෝල් ගන්න මෙච්චර අමාරුද....මට හිතුනා.....බැරි උනොත් දමල ගහල නිකා ඉන්නව....මට තරහක් ඇතිවුනා.....සුලු වෙලාවකින් ආයෙත් ගත්ත ඒත් කතා කරන්න බැරිවුනා.....වැඩක් නෑ මම යනව යන්න.....මම ආයෙත් හෝටලේට ගියා......පනිවිඩේ දුන්නද.....මාම ඇහුව...ආපෝ එයාලට කෝල් ගන්න ගියාම එපාවෙනව....මම දමල ගහල ආව එන්න මම කිව්ව......ලොකු මිනිස්සු උනාම ඔහොම තමා බන් එයාලට කතා කරන්න ලේසි නෑ....මාමා කිව්ව.....අපිට පෝන් එකක් නැති එකේ පාඩුව තමා....මාමා මා දිහා බලල දුකෙන් කිව්ව.....මාම පෝන් එකක් ගත්ත නම් හරිනෙ....මම කිව්ව.....අපිට කොහේද බන් ඕව ගන්න සල්ලි.....කිව්ව මාම සුසුමක් පිටකලා.....මට මාම ගැන දුකක් ඇතිවුනා.....දුප්පත් අපිට පිහිට වෙන්නෙ මේවගෙ දුප්පත් අයම තමා...මාමට පෝන් එකක් තිබුනනම්....මේ කිසි කරදරයක් නෑ නේ....මම කල්පනා කලා.....ඇදුනුයි රත්තරන් බඩුයි ගත්තට පස්සෙ මා ගාව පෝන් එකක් ගන්න තරම් සල්ලි නැතුව ඇති.....කොයි එකටත් බලන්න ඕනැ....මම හිමින් සැරේ මගෙ කාමරේට ගිහින් සල්ලි ටික ගනන් කලා .....බාල පෝන් එකක් නම් ගන්න සල්ලි තියෙනව.....හෙට හවසට එකක් ගන්න ඕනැ...එතකොට කොහේවත් යන්න ඕනැ නෑ.....පහුවදා මම පෝන් එකක් අරගෙන සිම් එකකුත් දාගෙන හෝටලේට ආව.......මාමෙ මම අලුතෙන් පෝන් එකක් ගත්ත ....පෝන් එක මාමට පෙන්නුව.....ඕක තමයි බන් කරන්න ඕනැ ...තමන් ගාව තියෙනවනම් කරදරයක් නෑ නෙ... කිව්ව මාම....දැන් වත් ඉතින් පනිවිඩේ දීපන්....තාම කොනෙක්සන් දීල නෑ තව ටික වෙලාවකින් හරියයි.....මම කිව්ව....එහෙමත් එකක්ද.... මාමා හිනාවුනා.....අද නම් රෑවෙලා කතාකරල බලන්න ඕනැ....මම හිතා ගත්තා......වැඩ ඉවරකරල කාමරයට ගිහින් පෝන් එක බැලුව. දැන් සිග්නල් හරි වගේ.....අර අන්කයට කෝල් එක ගත්තා......අනිත් පැත්තෙන් පිරිමි කෙනෙක් හලෝ කියනව ඇහුනා......සන්ජීව මහත්තයද.... මම ඇහුව.....ඔව්...කවුද ඔය කියල ඇහුව.....එදා අනුරාධපුරේ දි හම්බවුනේ බබා මට අම්ම කිව්වෙ....ආ මේ ඔයාද...සන්ජීව මහත්තය සතුටෙන් කතාකරන බව මට තේරුනා...මම මේ කොයි වෙලාවෙ කතා කරයි ද කියල බල බලා හිටියෙ.....දැන් කවද්ද එන්නෙ....මගෙන් ඇහුව....මම ඒ අදහස අතහැරිය මහත්තය..මම ඒක කියන්නයි කතා කලේ.....මම කිව්ව...

(ජීවිතය සුන්දරයි 27).........................................හැබැයි උඹ මුදලාලිට කියනවනම් වෙන රස්සාවක් හම්බවුනා කියන්න එපා....එහෙනම් මොකක්ද කියන්නෙ...මම ඇහුව....ටිකක් වෙලා කල්පනා කල මාම.....ගෙදරින් පණිවිඩයක් ආව කිව්වනම් හරි.....පැවසුව....ඒකත් හොද අදහස මම කිව්ව.......මගෙ පිරිමි ඇදුම් හෝදල එලිය වැලේ දැම්මට ගැහැණු ඇදුම් ඒවගෙ පේන්න දන්න බැරි හින්ද මම කලේ.....රෑට කාටවත් නොපෙනෙන්න හෝදලා.. කාමරේ වහලෙ ගාව හුලන් කවුලුවක් තිබුන එතනින් එල්ලන එක....මේ පැත්තෙ හොදට හුළඟ හමන හින්ද උදේ වෙනකොට ඒව වේලෙනව....ඊයෙ අන්ද ඒවත් වේලල අනිත් ඒවත් හෝදල වේලලා තියාගන්න ඕනැ කියල අද රෑ ඒ ටික හෝදන්න ගන්න කොට. වැඩකරන අයිය කෙනෙක් රෙදි ටික දැකල.......කුස්සියෙ නංගි ඔය තරම් ඇදුම් අදිනවද බන්...ඇහුව...මම බයවුනා මගෙ ගවුන් ටික දැක්ක කියල.. මම පොගන්න දාල තිබුන ඇදුම් ටික දිහා බැලුව....ඒ ඇදුන් වලට උඩින් තිබුනෙ පිරිමි ඇදුම්....ගැහැනු ඇදුම් මෙයාට පේන්න විදියක් නෑ...මම කල්පනා කලා....මම හිතන්නෙ රෙදි ගොඩ දැකල මෙහෙම කියන්න ඇති.....එයා යනකම් ඉදල.හෝදන්න පටන්ගත්ත.....මේ වැඩ කනව වගේ නෙවෙයි පොඩ්ඩ ඇත්නම් අහුවෙනව....මෙච්චර කල් හිටිය වගේ මෙහෙන් යනකල් අහුවෙන්නෙ නැතුව හිටියොත් ඇති....මම කල්පනා කලා.....බබා බලා ගන්න ගියොත් මේවගේ හැන්ගි හැන්ගි ගවුන් අදින්න ඕනෙ නෑ...එලිපිටම අදින්න පුලුවන්...ඒ වුනාට ඒ අය මොනවගේ අයද කියල කවුද දන්නෙ....මාම කිව්ව වගේ ඒ අය කොලඹ අය...මම මේවගෙ මම පිරිමියෙක් කියල දැනගත්තොත්...මොනව කරයිද කියල කව්ද දන්නෙ.මහත්තයට නම් මගෙ විස්තර කතාව කිව්ව. එයා පොරොන්දුවුනා මේක රහසක් විදියට තියා ගන්නම් කියල....ඒ උනාට විස්වාස කරන්න පුලුවන්ද....මේ වැඩෙන් මට එහෙයි මෙහෙයි දෙකම නැතිවෙයිද....මම කල්පනා කලා.....මේ සතිය ඇතුලත් එයාලට කියන්නත් ඕනැ....මොකද කරන්නෙ....පහුවදා කුස්සියෙ වැඩකරන ගමන්....මට බයක් හිතට එනව මාමෙ...කිව්ව....ඒ මොකද බන්..මාම මා දිහා බැලුවා.......මට එහෙ වැඩ කරන්න යන්න බයයි මාමෙ....මම කිව්ව......ඔය ලමයට විතරක් නෙවෙයි මටත් ඕක ගැටලුවක්.....එතකොට මාමත් කියන්නෙ..යන්න එපා කියලද....මම ඇහුව....මට ඕකට එක පාරටම උත්තරයක් දෙන්න බෑ....මාම කිව්ව....ඔය ලමය හිතල බලල තීරනයක් ගන්න....මාම කිව්ව.....මම එදා දවසෙම කල්පනා කලේ එහෙ යනවද නැද්ද කියන එක ගැන.
ඒ මහත්වරුන්ට පනිවිඩයක් ඇරිය මම ඔවුන් සමග ගියා. එහෙට ගියාම මට දුන්නෙ කුස්සියෙ තිබුන ගබඩා කාමරේ....මේකනම් හිටිය තැනට වඩා හොදයි. මට හිතුනා...මම ඇදුම් බෑක් එක මුල්ලකින් තියල ඇදුම් මාරුකලා........කෙල්ලෙක් විදියට ඇදගත්ත මම....එලියට ගියහම පුතා මා ලගට දුවගෙන ඇවිත්. අම්මෙ කියල මගේ ඇගේ එල්ලුනා.......මම එයාව වඩාගත්තා....එයා මගේ අතේම නිදා ගත්තා.....මම ගාවට පැමිනි මහත්තයගෙ අක්ක කෝ පොඩි බේබි මට දෙන්න කියල දරුව එයාගෙ අතට අරගෙන .උඹ ගිහින් කුස්සියෙ වැඩක් කරහන් කිව්ව....මහත්ය මටනම් කිව්වෙ බබා බලාගන්න විතරයි ඇයි මේ කුස්සියෙ වැඩත් බාරදෙන්නෙ....කල්පනා කලා....මම කුස්සිය පැත්තට ගියා...කුස්සියෙ හිටියෙ ඔක්කොම පිරිමි.....ගෙදරට උයන්නෙත් පිරිමිද..මට ගැටලුවක් ඇතිවුනා.....ගෑනු ඇදුම් ඇදගෙන මේ විදියට පිරිමි එක්ක ඉන්න පුලුවන්ද.....මම බයෙන් බයෙන් කුස්සියට ගියා.....මෙයාද මෙහාට එක්ක ආව කිව්ව නපුන්සකය...ඔවුන්ගෙන් එක්කෙනෙක් ඇහුව....ගම කාල මේ මහත්තය ඔක්කොටම කියල වගේ....මම ආපහු හැරුනා....උන්ගෙන් එක්කෙනෙක් මාගාවට ආව . මාව අල්ලගෙන බලෙන්ම අනිත් අය ගාවට එක්ක ගියා මම ඔවුන්ගෙන් බේරෙන්න දැගලුවා..ඒත් බැරිවුනා.....එතකොටම....මහත්තයගෙ අක්ක එනව දැක්ක.මොනවද ඔය කරන්නෙ..එහෙම කිව්වම උන් මාව අතහැරියා.මම ඉක්මනින් අක්ක ගාවට ගියා....උඹ මොකක්ද උන් එක්ක කරපු නැහැදිච්ච වැඩේ....මගෙ කම්මුලට එකක් ගහල ඇහුව......මම මොකුත් කියන්න ගියෙ නෑ...එයා මාව කාමරේකට එක්ක ගියා. මට උඹ ගැන සැකයි....කිව්ව ඇය....ගලවපන් ඇදුම් ටික.....මම දන්නව ඇදුම් ගැලවුවොත් පිරිමියෙක් කියල අදුන ගන්නව කියල.....මම ඇය දිහා බලා ගෙන හිටිය...මොනවද තව බලාගෙන ඉන්නෙ ගලවහන් කිව්ව.මම දැනගත්ත දැන්නම් බේරෙන්න බෑ කියලා...මම හිමින් සරේ ඇදගෙන හිටිය බ්ලවුස් එක ගැලෙව්ව.....උට එකත් ගලවහන් ..ඇය අනකලා.....දැන් හරි වැඩේ වෙන්නෙ...ඔක්කොම හොර අහුවෙන්නයි යන්නෙ....අපරාදෙ වැඩිය හොද රස්සාවක් හොයාගන්න ගිහින් තියෙන එකත් නැතිකරගත්ත....අපේ මුදලාලි වගේ නෙවෙයි මෙයාලට කිසි හිතක් පපුවක් නැති අයවගේ.....අහුවුනොත් මොනවයින් මොනව ව්යිද දන්නෙත් නෑ....වටපිට බැලුව පැනට යන්න විදියක් තියෙනවද කියල...ඒත් එහෙම තැනක් හොයාගන්න බැරිවුනා.....අක්කත් සාය ගලවනකම් බලාගෙන ඉන්නව. බැරිම තැන සාය පාත් කලා....ඕක විතරක් මදි......ඇය යට සායද අයින් කරන ලෙස බලකලා.....මට ලැජ්ජයි නෝන..... මම කිව්ව අනේ උඹේ ලැජ්ජාව...ගලවපන් ඕක ඉක්මනට කිව්ව...බයටම ඒකත් ගැලෙව්ව ඉතුරුවුනේ පැන්ටිය විතරයි ...ඒකත් ගලවන ලෙස බලකලා......ඒක ගලවනකොට මගෙ පුරුෂ ලින්ගය එලියට ආව.....මම ඕක හිතුව.උඹට අපිව අන්දන්න බෑ අපි කොළඹ තේරුනාද පැවසූ. ඇය කුස්සිය් කොල්ලො ටික එකතු කරගෙන එන්න කුස්සිය පැත්ත්ට ගියා....මම කාමරයෙන් එලියට පැන්න බැලුව ඒත් හෙලුවෙන් කොහේ දුවන්නද.....මම එහෙමම හිටියා....කොහේද ඕකා කියමින් කොල්ලො ටික මාගාවට එනව දැක්ක....මම හයියෙන් කෑ ගැහුව...ඒත් මාව බේරගන්න කවුරුවත් ආවෙ නෑ......එකෙක් මට ගැහුව. මාව වැටුනා අනිත් එවුනුත් ගැහුවා. මම බේරෙන්න දගලමින් කෑගැහුවා....ඒත් කෑගහන්නවත් බෑ බයට හඩ පිටවුනෙත් නෑ........

Saturday, June 25, 2016

(ජීවිතය සුන්දරයි 26)............................................මට උවමනා උනේ සිල් ඇදුමෙන් තොරව ලස්සන ගවුමක් ඇදගෙන දවසක් සමාජයේ ගැවසෙන්න....මෙ එන පෝය ඒකට යොදාගන්නව .....පෝය දිනේට ඉස්සෙල්ල දිනේ වෙනද වගේම මාමගෙ ගෙදර ගියා. පාන්දරින් නැගිට්ට මම කඩෙන් ගත්ත ලස්සනම ගවුම ඇදගත්ත රත්තරන් කරාබු දෙකයි චේන් එකයි වලලු දෙකයි පැලද ගත්ත. එලියට ආව මාම මාව දැකල පුදුම වුනා කියල මම දැක්ක....මොකද මාමෙ පුදුම වෙලා වගේ...මම ඇහුව...පුදුම වෙන්නෙ නැද්ද දරුවො ඔයා අද ලස්සන කෙල්ලෙක් වගේමයි.....තනියම ගියාට කමක් නෑ අදනම් ටිකක් පරිස්සමින් හිටහන් .....මාම කිව්ව...මම මොකුත් නොකියා හිනා වුනා......අපි යනකොට එලිය වැටීගෙන ආව . සිල්ගන්න යන අයයි වදින්න යන් අයයි පාරදිගේ යනව දැක්ක . මමත් ගැහැනු රන්චුවකට එකතුවුනා.....එයාල එක්ක ටික දුරක් යනකොට එක අක්ක කෙනෙක්...ඔයා තනියමද ආවෙ ..කියල ඇහුව......ඔව්..මම ලග ඉන්නෙ.....තනියෙම යනකොට බය නැද්ද...එයා ඇහුව....එක්ක එන්න කවුරුවත් හිටියෙ නෑ....මම කිව්ව...අනේ පව්..කිව්ව ඒ අක්ක...එන්න අපිත් එක්ක වදිමු...කිව්ව....ඔයා වගේ ලාස්ස්න කෙල්ලෙක් මෙහෙම තනියම එන එක හොද නෑ....දන් කාලෙ ඒතරම් නරකයි නන්ගි....ඇය මට අවවාද දෙමින් ගියා....මම අරන්ගිය පහන්තිර හදුන් කූරු එයාල එක්ක බෙදාගෙන වැන්දා...අපි වදින්න ඕනැ තැන්වලට ගිහින් වැන්ද එතැන අක්කල හතර දෙනෙක් හිටිය හින්ද මටත් තනියක් දැනුනෙ නෑ.....උදේ වරුවේ වැන්ද එයාල ... යන්න පිටත් උනා...අපි යනව නන්ගියේ පරිස්සමින් වැදගෙන රෑවෙන්න ඉස්සෙල්ල ගෙදර යන්න....එයාල යන කොට මට දුක හිතුනා...මම දන්සැලකින් කෑම කාල රුවන්වැලි සෑය ගාව හිටියා....මම සෑය දිහාබලාගෙන හිටියෙ ටිකවෙලාවකින් පොඩි පුතෙක් මාගාවට ඇවිත් අම්මෙ කියල කතා කලා....මම එයා දිහා බැලුව අව්රුදු තුනක විතර පොඩි පුතැක්....අම්මෙ ගෙදර යමු...මට කිව්ව...මේ ලමයට මොකක්හරි මොලේ අමාරුවක් තියෙනවද්ද දන්නෙ නෑ...මම එයා දිහා හොදට බැලුව ..ඒ එක්කම වයස විසි හයක විතර තරුනයෙක් දරුව ගාවට ආව....ඔය ඔයාගෙ අම්ම නෙවෙයි පුතේ....දරුව මගෙන් අහකට ගත්ත. දරුව මගෙ අම්ම කියමින් මා දිහා බලාගෙන අඩන්න ගත්තා...මා ගාවට ආව අවුරුදු තිහක විතර ගැහැනු කෙනෙක් මා දිහා බලල ..මෙයා අපේ නැතිවුන ගීතිකා නංගි වගේමයි....ඔයා කොහේද ඉන්නෙ ....මගෙන් ඇහුව....මේ ලග මම උත්තර දුන්න.....මම දැක්ක ඒ අයියට දරුව නලව ගන්න බෑ කියල එයා දරුවත් අරන් මා ගාවට ආව මම නැගිටල එයාව වඩා ගත්තා.. පුතා මාව බදාගෙන තුරුල් උනා එයා සතුටින් හිනාවෙනව මම දැක්ක....ඔයා බදලද...මම නෑ කිව්ව....මොකුත් වැඩකට යනවද...නෑ හෝටලේක උයන්න යනව....පඩිය කීයක් විතර හම්බවෙනවද...එච්චර නෑ. හය දාහක් විතර...මම කිව්ව...ඔයා කමතිද මේ දරුව බලාගන්න එන්න.....අපි ඔයාට පාලොස් දාහක් දෙන්නම්...වෙන වැඩක් කරන්න ඕනෙනෑ දරුව බලාගන්න පුලුවන්නම් ඒ ඇති.....දරුවගෙ තාත්ත කිව්ව....මහත්තෙල කොහේද මම අහුව...අපි කොලඹ...මහත්තය කිව්ව...ඔය්යගෙ අම්මටයි තාත්තටයි කියල බලමු....ඒ අක්ක කිව්ව. ....මට අම්ම තාත්ත නෑ....එහෙනම් කොහේද ඉන්නෙ...මාම කෙනෙක් ගාව මම කිව්ව...එහෙනම් ගැටලුවක් නෑනෙ....අක්ක කිව්ව...ඒ වුනාට එයාලට කියන්න ඕනැනෙ....මම කිව්ව....අහල බලල කියන්නම් නෝන. මන කිව්ව.. ඔයාගෙ නොම්බරය දෙන්න...මට කිව්ව...ටෙලිපෝන් නෑ නෝන මම කිව්ව...එහෙනම් මේ නොම්මරේට කතා කරන්න. මට එයාලගේ නොම්මරේ දුන්න.....අපි කතා කරන අතර තුර මට තුරුලුවෙලා පුතාට නින්ද ගිහින්...පව් අනේ පුතාට නින්ද ගිහින් දන් ගන්න ගියොත් ඇහැරෙයි මෙයාටම කියල වාහනෙන් තියා ගම්මු.....අක්ක කිව්ව....අනේ තරහ නැතුව...එනවද....අක්ක මගෙන් ඉල්ලුව...මම එයාලත් එක්ක ගියා ..එයාල ඇවිත් තිබුනෙ අලුත්ම ප්රාඩෝ ජීප් එකක ..ලොකු සල්ලි කාරයෝ වගයක්....මට හිතුනා....මම පුතාව පරිස්සමින් වාහනයෙන් තිබ්බ...මට මහත්තයත් එක්ක තනියම පොඩ්ඩක් කතාකරන්න ඕනැ....මම පුතාගෙ තාත්තට කිව්ව... එහෙනම් එන්න කිව්ව මහත්තය....සෙනග නැති හරියකට ගියා....මොකක්ද කියන්න ඕනැ...මගෙන් ඇහුවා...මට ඇතිවුන සිද්දිය මුල ඉදම්ම කිව්ව....පිරිමි කෙනෙක් කියල කියන්නම බෑනෙ....අවසානයේදී මහත්තයා කිව්ව....හරි මම මේක කාටවත් කියන්නෙ නෑ ඔයා පුතගෙ අම්ම වගේ පුතාව බලාගන්න මම ඔයාට හොදට සල කන්නම්.....ඔහු කිව්ව....මම මහත්තයට කෝල් කරල කියන්නම්.....මම අවසානයේදී එයාලට පොරොන්දුවුනා....එයාල කියනව වගේ මට අම්ම කෙනෙක් වගේ චූටි පුතෙක් බලාගන්න තියෙනවනම් කොච්චර දෙයක් ද...මම යනගමන් කල්පනා කලා.....පහුවදා මම මේ කතාව මාමට කිව්ව....බලාගෙන කොල්ලො ඔය කොලඹ ඉන්නෙ ලෝක හොරු ..උඹව මොනවට එක්ක යනවද දන්නෙ නෑ....මම නම් හිතන්නෙ නෑ මාමෙ. එයාල නරක අය කියල....මම කිව්ව......අනේ මන්ද උඹ මෙහෙන් යනව කියල දැන්ම මුදලාලිට කියපන්.....මම නම් ඔය වැඩේට එච්චර කැමතිනෑ.....ඔය ලමයගෙ කැමැත්තනෙ.......මාම කිව්ව.....