Friday, July 19, 2019

අනතුරේ පෙරලිය 55.........එක අතකට බැලුවම ඔයාට එහෙම දෙයක් වෙලානම් මම ගොඩක් කැමතියි.......ඇයි අක්කෙ එහෙම කියන්නෙ....මා ඇසුවේ දෙශානි ගැන තවදුරටත් දැනගැනීම සදහාය....මට තාම තේරුම්ගන්න බෑ ඔයා ඉස්සර හිටිය දේශානි නංගිමද කියල ....ඒත් මට හිතෙනව ඔයා ඇත්තටම වෙන කෙනෙක් නම් එයා ගොඩක් හොඳ කෙනෙක් කියල.....අක්කා එසේ පැවසූ විට මගේ සිතට යම් සහනයක් ඇතිවිය...ඒත් අක්ක මෙහෙම හිතුවට අනිත් අය මා ගැන දැන ගත්තොත් මොනව වෙයිද....මගේ සුපුරුදු සැකය නැවත මතුවන්ට විය......ඇත්තටම නංගි ඔයාට පරන දේවල් ගැන මතකෙට එන්නෙම නැද්ද....ඇසුවාය....මතක නෑ අක්කෙ....මා සුපුරුදු පරිදි පැවසුවෙමි.....ඉස්සර දේශානි පල්ලියට ගිහින් යාච්ඤා කරන හැටිවත් දන්නෙ නෑ.....ඒත් දැන් ඔයා දන්නෙ කොහොමද.....ඇය එසේ ඇසූවිට මට කිසිවක් කියාගත නොහැකිවූ නිසා කල්පනාකරන්ට වුනෙමි......ඔයා වෙනකෙනෙක් වෙලා හිටියනම් එයා පල්ලියෙ යාච්ඤා කරල පුරුදු ඇති ඒකයි ඔයාට පුරුද්ද ඇවිත් තියෙන්නෙ.....ඒවගේම ඔයා දවස්වල පුඩ්බෝල් සෙල්ලම් කරලත් ඇති ඒක හින්ද තමයි හොදට සෙල්ලම් කලේ......ඇය එසේ කියනවිට මගේ තත්වය ඇයට තේරී ඇතිබව මට වැටහුනි.....දැන් මොකද කරන්නෙ....සිතූ මා මමත් පල්ලියේ පියතුමාත් පමනක් දන්නා මෙම රහස හෙලිවුවහොත් කුමන තත්වයකට මුහුන පෑමට සිදුවේදැයි බියක් හටගත් මා හැකි ඉක්මනින් පියතුමාගෙන් උපදෙසක් ගත යුතුබව කල්පනා කලෙමි.
                 පසුදින උදෑසන අවදිවූ මා අක්කා අවදිවීමට පෙර මගේ දුරකතනය රැගෙන නාන කාමරය තුලට ගියේ මේ වනවිට ලංකාවට දහවල් කාලය බව දන්නා නිසාය. පියතුමාට ඇමතුමක් ගත් මා එතුමාට විස්තර කීවෙමි.....ඔය ලමයගෙ ජීවිතය ලමයගෙ ජීවිතේට වඩා ගොඩක් වෙනස් වෙලා හින්ද...ඔහොම සැක හිතෙන එක සාධාරණයි.....ප්‍රංසෙ ඉන්න ඔයාගෙ අක්ක මේවගැන පරීක්ෂණ කරන කෙනෙක් හින්ද සමහරවිට ඇත්ත එලිවෙන්නත් පුලුවන්.....ඒත් ඔයා බයවෙන්න එපා හිටපු දේශානිට වඩා ඔයා දැන් ගොඩක් හොද කෙනෙක් හින්ද ගැලලුවක් වෙන එකක් නෑ.....ඔය ලමයට ජේසුපිහිට තියනව...ඔයාට උන්වහන්සේගේ ආශීර්වාදය  ලබාගන්න පුලුවන්.....එතුමා පැවසන්ට විය....මෙහෙම ගියොත් මට ඇත්තම කියන්න වෙයිද පාදර් ....මා ඇසුවෙමි....නෑ ඔයා දැන්ම කලබල වෙන්න එපා ටික ටික පරන දේවල් මතක් වෙනබව පෙන්වන්න.....එතුමා කීවිට..... කිව්වෙ පාදර් ......මා ඇසුවේ එම පැවසූ දේ නොතේරුනු බැවිනි....මම කිව්වෙ දරුවෝ.....ඔයා මෙහෙහිටිය ප්රියන්ත කියල ටිකෙන් ටික හගවන්න.....එක පාරටම ප්රියන්ත කියල කියන්න එපා ඔයාට ටිකෙන් ටික පරන දේවල් මතක් වෙනබව හගවමින් එහෙම කරන්න....ඒත් අක්කල ඇහුවොත් විතරක් එහෙම කරන්න.....එතුමා පවසන්ටවිය....එතුමාගේ අවවාද පිලිගත් මා දුරකතනය විසන්ධි කලෙමි.
                     අද දින ඉරිදා දිනයක් බැවින් සියලුඩෙනාම පල්ලි යෑම සදහා සූදානම් වනබව දුටුවෙමි. අපී රටේ මෙන් නොව මෙහි ඕනෑ තරම් පල්ලි ඇතිබැවින් වැඩිදුරක් යාවුතු නැතිබව වැටහුනි.....ඉස්සර දේශානි දුව පල්ලි යනව කිව්වම අපිටත් එක්ක බනිනව දැන් පුදුම සතුටක්නෙ තියෙන්නෙ.....මා සූදානම්වී සිටිනවිට...අම්මා කීවාය....ඒකනෙ ලොකු අම්මෙ මටත් හිතාගන්න බැරි.....දැන් ඉන්නෙ දෙශානි නංගි නෙවෙයි ලොකු අම්මෙ......අක්කා කීවිට....මොකක්ද අක්කෙ ඒකිව්ව එකේ තේරුම.....මෙයා මැරල උපන්න කෙනෙක් නෙවෙයිනෙ.....අක්කාගේ කතාව අසා සිටි මාලන් කීවේය....මෙයා මැරිල ඉපදුනාවගේ තමයි....මාලන් පුතේ.....අම්මා කීවිට....සිහිය නැති වෙලා ආපහු සිහිය එනව කියන්නෙ මැරිල උපදිනව කියන එක නෙවෙයිනෙ....ඇන්ටි......එහෙනම් හොස්පිටල් වල සිහිය නැතිකරන ඔක්කොම ලෙඩ්ඩු මේවගේ මැරිල උපදින අය වෙන්න ඕනැනෙ....ඔහු සිනාසෙමින් කියන්ට විය....ඒක වෙනයි මේ දේශානි නන්ගිට සිද්දවුනදේ වෙන එකක්....මාලන් මල්ලි....අක්කා කීවාය.....මමනම් මැරිල උපදිනව කියන එක පිලිගන්නෙ නෑ ඒත් මෙවගෙ වෙලාවට අතීතය අමතක වෙනව කියලනම් දන්නව..... හින්ද ඔය බොරු මත පිලිගන්න එපා අක්කෙ.....ඔහු කීවිට....මෙයා දන්නෙ නැතිවුනාට....මේක ඇත්ත කියල මමදන්නව.....ඒක මෙයාලට කියන්න විදියක් නෑනෙ....මා කල්පනා කරන්ට වුනෙමි.

            උදෑසන ආහාර ගත් අපි හෝටලය අසල තිබුනු පල්ලියට ගියෙමු. මා පෙරමෙන් ඉතාමත්ම බැතිමත්ව යාච්ඤා කරන්ට වුන අතර බයිබලයේ තිබෙන නොයෙක් පාඨ කියවන්ට වුනෙමි.......මට ඔයා ගැන හරිම පුදුමයි නන්ගියෙ.....ඔයිට ඉස්සර බයිබලය කියවන්නෙවත් නැතුව හිටිය ඔයා කොහොමද ඒකෙ තියෙන පාඨ හරියටම කිව්වෙ....මා එසේ කියනු අසා සිටි අක්කා ඇසුවාය....මට සමහර ඒව මතකයි අක්කෙ.... කොහොමද මතක ...ඇය ඇසුවාය....ඉස්සර මම මේව කියවමින් යාඥා කරනව මතකයි.....මා කීවිට කොහේදිද.....මතක නෑ.....කොහේ හරි පල්ලියක.....මා කීවිට.....දිශ්නි කිව්ව එක ඇත්ත කියල දැන් මටත් හිතෙනව නංගි..... හිටිය දේශානි නෙවෙයි දැන් ඉන්නෙ.....ඔයා ඊටවඩා හුගාක් හොද කෙනෙක්....හිටිය දේශානි හරිම අහන්කාර කිසිමකෙනෙක්ව ගනන්ගන්නෙ නැති ඉක්මනට කේන්තියන චරිතයක්....ඔයා එයාමනම් ගතිගුන වලින් පොඩ්ඩක් හරි ඔයා ගාව තියෙන්න ඕනැ ....ඒත් ඔයාට තියෙන්නෙ වෙනස්ම චරිතයක්...ඇගේ සැකය තහවුරු කරමින් කියන්ට වූවාය.....

No comments: