Friday, July 19, 2019

අනතුරේ පෙරලිය 56..........අපි දෙදෙනා පල්ලියතුල කතාකරමින් සිටින අතරතුර අනිත් අය පිටවී යන අයුරු දුටු මා...අපිත් යමුනේද අක්කෙ කී මා යන්න හැරෙනවිට මාලන් තවමත් යාච්ඤාවේ යෙදී සිටින අයිරු දක්නට ලැබුණි. මා ඔහු පැමිනෙන තුරු නැවතී හිටියත් මා ඉදිරියෙන් ගමන්කල අක්කා දිගටම එලියට ගමන් කලේ මා නැවතුනු බව නොදැනය......මා ඔහු යාච්ඤා කරන අයුරු බලා සිටියෙමි. ටික වෙලාවකින් ඔහු එය නවතා වටපිට බලන අයුරු දුටුවෙමි....හදිසියේ මාව දුටු ඔහු......ඔයා විතරක් මොකද මෙහෙ කෝ අනිත් අය ....පුදුමයෙන් මෙන් ඇසුවේය.....අනිත් අය එලියට ගියා මාලන් අයියෙ....ඔයා විතරක් ඉන්නව දැකල නැවතුනා.....මා කීවිට.... මොකටද....ඇසුවේය......මඟ ඇරෙයි කියල.....මා කීවෙමි.....මග ඇරෙන්න මම පොඩි එකෙක්යෑ....නෑ අයියෙ අනිත් අය කවුරුවත් පේන්න හිටියෙ නැතිවුනාම....මොකද උනේ කියල හොයනවනෙ.....මා කීවිට....හුම්ම්.... කියා හිස සැලූ ඔහු එලියට යන්ට විය. සුලු වෙලාවක් නැවතුනු මා මේ තරමටවත් මාලන්  සමග කතා කිරීමට ලැබුනු එක ගැන නැවතී දෙවියන් වහන්සේට ස්තූති කරන්ට වුනෙමි. ස්තූතිය අවසන්කල මා එලියට යෑමට හැරෙනවිට මාලන් දොරකඩ අසල මා පැමිනෙන තුරු බලා සිටිනු දක්නට ලැබුනි. ඔහු දෙස බලා සිනාසුනු මා ඉක්මනින් ඔහු අසලට ළඟාවනවිට ඔහු කඩිනමින් මිදුලට බැස අපේ කට්ටිය සොයමින් වටපිට බලන්ටවිය.....මාවනම් කමක් නෑ මේ නන්ගිවත් දාල මෙයාල කොහාටද ගියේ ඔහු සෙමින් කියනු ඇසුනි.....අපට තරමක් දුරින් ඔවුන් සුදු ජාතිකයින් කිහිප දෙනෙක් සමග කතාකරමින් සිටිනු දක්නට ලැබුනි...... අර අතන ඉන්නෙ අයියෙ..... මා ඒදෙසට අත දිගුකර පෙන්නූ බැවින් ඔහු දෙසට ගමන් කරන්ට වූ අතර මාද ඔහු සමග යන්ට වුනෙමි. ඔහුගේ ඉක්මන් ගමන් විලාසය නිසා ඔහුසමග ඉක්මනින් ගමන් කල බැවින් මාව හිමමත ලෙස්සා ඇදවැටුනි....මා නැගිලිමට උත්සාහ කරනවිට නැවත ඇදවැටුනි.... ඉක්මනින් මා අසලට පැමිනි මාලන් මට නැගිටීමට උදවු කර ඇඟේ ගෑවී තිබුනු හිම කැට ගසා දමන්ටවිය....ඔයාට ගොඩක් ස්තූත්යි අයියෙ....මා කියන විට පුදුමයෙන් මෙන් මා දෙස බලන අයුරු දුටුවෙමි.....සොරි ඔයාගෙ ඇගට අත තිබ්බට....මට බය හිතුන අදත් බනියි කියල.....ඔහු කීවේය.....මම මොකටද බනින්නෙ...ඔයා මට උදව්වක්නෙ කලේ.... මා කීවෙමි..... වුනාට ඉස්සර එහෙම නෑනෙ.....දැන් ඉන්නෙ ඉස්සර හිටිය දෙශානි නෙවෙයි මාලන් අයියෙ.... මා පැවසුවෙමි....අපි ඔව්න් දෙසට යනවිට කොහේදෝ සිට අපි අසලට පැමිනි විශල් අයියා සහ මල්ලී.....ඔය දෙන්න මෙච්චර වෙලා යාඥා කලා ..... ඇසුවේය. ....යාඥා කරන්න පල්ලියට ගියහම හොඳට යාඥා කරන්න ඕනැ ....නැතුව වෙන අය වගේ ඔන්න මම ඔබවහන්සේට දුක් ගැනවිල්ල කිව්ව මගෙ ගැන බලාගන්න කියල එන්නෙ නෑ.....ඔහු සිනාසෙමින් කීවිට මාලන්ටත් තියෙන්නෙ මගේ අදහසමනෙ....මට සිතුනි....ඒකනෙ... අපි හොදට යාඥා කරනව.....මා කීවෙමි......අපි කිව්වෙ...පුදුමයෙන් වගේ පැවසූ අයියා.... නයයි මුගටියයි වගේ හිටිය දෙන්න සෙට් වෙලාද....ඇසුවේය.....කිසිවක් නොකී මා ලැජ්ජාවෙන් බිම බලාගත්තෙමි.....අපි කතාකරමින් තාත්තලා සිටින ස්තානයට ගියෙමු.....මා එක්ක ආපු නන්ගිට මොකදවුනේ කියල බලනකොට නංගි ආපහු යාඥා කරනව දැකල මම මෙහාට ආව.....මගේ අත අල්ලා ගත් අක්කා පැවසුවාය....
             මා ප්රියන්ත ලෙස ජීවත්වූ අවදියේදී මට ඇසුරු කිරීමට ලැබුනේ පිරිමි යහලුවන්ය. මට කෙතෙක් පිරිමි යහලුවන් සිටියත් මා ගැහැනු ලමයෙකු බවට පත්වූ පසු මාලන් දැකීමෙන් ඇතිවූ අමුතු හැගීම කවදාවත් ඇතිවී නොතිබුනි.ඔහු කෙරෙහි මගේ සිත මෙතරම් ඇදී යන්නේ මාව දැන් ගැහැණු ලමයෙක් බවට පත්වී ඇති නිසා නේද...මෙය සාමාන්‍යය  ගැහැනු ගැහැනු ලමයෙකුට ස්වභාවයෙන් ලැබෙන හැගීමක් මිස වෙනත් දෙයක් නොවනන බව මට වැටහුනි.
             නැවත හෝටලයට ගිය අපි දහවල් ආහාරය ගෙන.....තවත් ස්තානයක් නැරබීමට යෑම සදහා ගමන ආරම්භ කලෙමු.....සුදු පැහැති හිම කදුවලින් වටවී තිබුනු එම ස්තානය ඉතා දැකුම්කලු පෙදෙසක් විය......අසල වෙලද සැලකින් චෙරි ගෙඩි කිහිපයක් මිලදීගත් මා සැමටම බෙදාදුන් අතර මාලන්ට දීමට ගියේ මේවා ගනීදැයි නොගනීදැයි ඇතිවූ සැකයෙන් යුතුවය. එහෙත් ඔහු කිසිම වෙනසක් නොපෙන්වා ඒවා අතට ගත් බැවින් මා බෙහෙවින් සතුටට පත්වුනෙමි......මාලන් දැන් නංගි එක්ක සේප් වගේ නේද.....මා අක්කා අසලට ගියවිට ඇය ඇසුවාය.....මාලන් අයියට දැන් මම කවුද කියල තේරෙන්න ඇති අක්කෙ...මා කීවෙමි....ඔයා දැන් වෙනස් කෙනෙක් කියල එයාටත් තේරෙන්න්න ගත්ත එක ලොකු දෙයක්.....අක්කා කීවාය.

              එදින රාත්රිය ගතකලේ එම පෙදෙසේ හෝටලයකය.....රාත්රී නින්දට යෑමට සූදානම් වනවිට .....දිශ්නි ...අක්ක කිව්ව එයාට ඔයත් එක්ක ස්කයිප් වලින් කතාකරන්න ඕනැ කියල පවසූ ඇය ඇගේ අයි පෑඩ් එක ක්රියාත්මක කලේය......මගෙන් තවත් මොනවහරි අහන්න වෙන්න ඇති....පාදර් කිව්ව වගේ බොහොම කල්පනාවෙන් උත්තර දෙන්න ඕනැ....මා සිතාගත්තෙමි.....ඇය සමග කතාකිරීමට සම්භන්ද කරදුන් අක්කා....මා අතට අයි පෑඩ් එක දුන්නාය....කොමද නංගි හොදට එන්ජෝයි කලාද ඇසුවාය.....ඔව් අක්කෙ මෙහෙ ගොඩක් තැන්වලට ගියා මා කී අතර එම ස්තානවල තොරතුරුද කීවෙමි.....ඒක නෙවෙයි නංගි....... මම ඔයාගෙන් අහන්න කියල හිටියේ.... 

No comments: