අනතුරේ පෙරලිය 72.............ඇත්තටම පුනුරුපත්තිය කියන්නෙ මොකක්ද......මා නොදන්නා ලෙස මෙසේ ඇසුවේ ඔහු මේ ගැන දරන ආකල්පය පැහැදිලි කර ගැනීම සඳහාය.....මැරුනට පස්සෙ අයෙත් උපදිනව කියන එකනෙ......සමහරු කියනවනෙ අපි මැරුනට පස්සෙ වෙනකෙනෙක් වෙලා ආපහු උපදිනව කියල....ඔහු පැවසූවිට.....එහෙනම් මටත් දැන් වෙලා තියෙන්නෙ එවගේ දෙයක්ද.... ඇසුවෙමි.....ඔයාට ඒවගේ දෙයක් වෙන්න ඔයා මැරුනෙ නෑනෙ......ඔහු පැවසුවේය......මාත් ඉතින් ඒ දවස්ටිකේ ඉදල තියෙන්නෙ මැරිල වගේනෙ.....සිහි නැතිවෙනව කියන්නෙ....මෙරෙනව කියන්නෙ දෙකක් මිසක් එකක් නෙවෙයි...ඔයාට වෙලා තිබුනෙ සිහිනැති වෙන එක විතරයි....මැරුනෙ නෑ....එහෙම එකේ කොහොමද නැවත උපත්තියක් තිබුනත් ඔයාව වෙනකෙනෙක් වෙලා නැවත උපදින්නෙ.....ඔහු ප්රශ්නකරන්ට විය.....ඔහු එසේ පැවසුවද මගේ ඇත්ත තත්වය දන්නේ මා ඇතුලු කිහිප දෙනෙක් පමනි......මෙවැනි දෙවල් විශ්වාස නොකරන ක්රිස්තු භක්තිකයන් හට මට සිදුවී ඇති දෙය පැහැදිලි කරන්ට යෑම මට මොලේ අමාරුවක් සෑදී ඇතිබව සිතීමට හේතුවක් බව කල්පනා කල නිසා ඔහුට මේගැන නොකීමට සිතාගත්තෙමි.
සුවිඩනය බලා ගමන් කිරීම පසුදින යොදාගෙන තිබුනු නිසා අපිට ගියවර මෙන් නගරයේ සන්චාරය කිරීම අපහසුවිය. පසු දින උදෙන්ම අපි ස්වීඩනය බලා ගමන් කලෙමු. මෙවරද මට වාඩිවිමට ලැබුනේ මාලන් අසල අසුනක් නිසා මා වඩාත්ම සතුටුවුනෙමි. ස්විඩනයේ ස්ටොක්හෝම් ගුවන් තොටුපලින් බැස්ස මා අම්මා සමග සාප්පු තිබෙන ස්තානයට ගියෙමු.එහි තිබුනු බොනික්කෙක් දුටු මා එය අතට ගෙන හැඩබැලීමට පටන් ගත්තේ දැන් මගේ සිතතුල තිබෙන්නේ පෙර තිබුනු පිරිමි සිතිවිලි නොව ගැහැනු සිතුවිලි බව ප්රදර්ශණය කරමිනි. ස්වාභාවික හැඩයට නිමාකර තිබුනු එය මිලදී ගැනීමට ආශාවක් ඇතිවූවද මිල ගනන් වැඩිනිසා කිසිවෙකුට නොකී මා එය තිබුනු ස්තානයේ තබා ආපසු ගියෙමි. ටිකවෙලාවක් ගතවිය. මාලන් මා අතගාමින් සිටි බෝනික්කා අතට අරගෙන අප අසලට පැමිනෙනු දුටු මා පුදුමයෙන් ඔහු දෙස බැලුවෙමි. මොකද මාලන් පුතේ බෝනික්කෙකුත් අරගෙන කාට දෙන්නද.....අම්මා ඔහුගෙන් ඇසුවේ කොල්ලන්ට බෝනික්කන් වැඩක් නැතිබව දන්නා නිසාය....යාලුවෙකුට තෑග්ගක් දෙන්න කියල......ඇන්ටි....ඔහු සිනාසෙමින් පැවසුවේය......ලස්සන බෝනික්කෙක් හරියට ඇත්ත බබෙක් වගේමයි..... එය අතට ගෙන හැඩ බලමින් කී ඇය ගොඩක් ගනන් ඇතිනේද.... ඇසුවාය....ඩොලර් සීයක් විතර උනා ඇන්ටි.....ඔහු කීවේය.....කවුද අප්පේ මෙච්චර වටිනා තෑග්ගක් දෙන්න තරම් ඉන්න ඔයාගෙ යාලුවා...අනිවාරයෙන්ම ගැහැනු යාලුවෙක් වෙන්න ඕනැ.....අම්මා සිනාසෙමින් ඇසුවාය.....ඔහු එයට ලැජ්ජා සහගත ලෙස සිනාසුනා මිස කිසිවක් කීවේ නැත.....මගේ සිත ගත් එම බෝනික්කා මාලන් මිලට ගෙන ඇත්තේ කාට දීමටදැයි මගේ සිත තුල ගැටලුවක් ඇතිවිය.... මෙයා නෑ කිව්වට අනිවාරයෙන්ම මාලන්ට ගර්ල් ප්රෙන්ඩ් කෙනෙක් ඇති....එයාට දෙන්න තමයි මේක ගන්න ඇත්තෙ..... කල්පනා කල මා....එය අම්මාගෙන් ඉලාගෙන ඇත්තටම ලස්සනයි නේද අම්මේ....කියමින් ආශාවෙන් තුරුලු කරගෙන නැවත මාලන් අතට දුන්නෙමි.....ඔහු එය රැගෙන අප සමග ගුවන් තොටුපලෙන් පිටවිය.
අපි ගියවරමෙන් තාත්තාගේ හෝටලය බලා ගමන් කලේ එම හෝටලයේ සිට පැමිනි ලොකු තාත්තාගේ වාහනයෙනි. මලන් ගැන මගේ සිත තුල අමුතු ආදරයක් ඇතිවී තිබුනද ඔහුට කවදාවත් මට ආදරය කිරීමට නොහැකි බව දැනගත් පසු මගේ සිතට දැඩි දුකක් ඇතිවිය. එහෙත් ඒ බව නොපෙන්වා ඔහු සමග කතා කලෙමි.....මාලන්ගෙ ගර්ල් ප්රෙන්ඩ් හරිම වාසනා වන්තියක් වෙන්න ඇති මාලන් වගේ කඩවසම් හොද ගතිගුන තියෙන කෙනෙක් ලබන්න.....මට ලස්සන කෙල්ලෙක් වෙන්න වාසනාව ලැබුනට මේවගෙ කඩවසම් ගුනයහපත් කොල්ලෙකුගේ ආදරය ලබන්න තරම් වාසනාව නැතුව ඇති....මා තවදුරටත් කල්පනා කරන්ට වුනෙමි.
අපි හොටලයට යනවිට අයියලා දෙදෙනාද එහි සිටින බව දක්නට ලැබුනි. ඔව්න් මාලන්ව හොදින් හදුනන බව ඔහු සමග කතාබස් කරනවිට දැක ගැනීමට ලැබුනි.....මාලන් කියන්නෙ මේ පවුල් වල අයත් එක්ක ගොඩක් ලගින් ආස්සරේ කරන කෙනෙක්නේ.....මා සිතන්ට වුනෙමි. දින දෙකක් එහි ගතකල අපි නැවත ලන්ඩන් නුවර බලා යෑමට ගුවන් තොටුපලට ගියෙමු. මෙවර මට මාලන් අසල ආස්නයේ වාඩිවීමට හැකිවූවද මල්ලීට එම ආසනය දී මා ඔහු අසලින් වෙනත් ආසනයක අසුන් ගත්තේ ඔහුට වෙනත් ගැහැනු ලමයෙක් සිටිනබව දැනගත් නිසාය.....ඇයි නංගි ඔයා ඔතැනට ගියේ මාත් එක්ක තරහ වෙලාද.....මාලන් ඇසුවේය.....අනේ නෑ අයියෙ.....මට කවුලුව ලග යන්න හිතුන.....කීවෙමි......හීත්රෝ ගුවන් තොටුපලින් එලියට යනවිට පුන්චි අම්මලාගේ ගෙදර අය අපි පැමිනෙන තෙක් බලාගෙන සිට ඇති බව දක්නට ලැබුනි.....පුන්චි අම්මා සහ අක්කා මාව බදාගෙන සිපගන්ට විය......අයියා මාලන් සමග එකලග වාඩිවූ අතර මා අක්කා සමග වාඩිවුනෙමි....මට නන්ගිට කියන්න බැරිවුනානෙ .....දිස්නි අක්ක ඔයාගෙ ලස්සන පොටෝ එකක් එවල තිබුන මගේ ලැප් එකේ ඇති ගියහම පෙන්වන්නම්කො....ඇය කීවාය......කොහේදි ගත්ත එකක්ද....මා ඇසුවෙමි......ඒක දැක්කම නන්ගිට මතක් වෙයි.....ඇය සිනාසෙමින් කීවාය.
ගියවර අපි මෙහෙ පැමිනෙන විට මුලු පලාතම හිමෙන් වැසීගොස් තිබුනද දැන් ඒ සියලුම හිම දියවී ගස්වල කොල සෑදී අමුතුම වෙනසක් ඇතිවී ඇතිබව දැක ගැනීමට ලැබුනත් අපිට හිම මත සෙල්ලම් කිරීමට නොහැකි වීම ගැන දුකක් ද ඇතිවිය.
No comments:
Post a Comment