අනතුරේ පෙරලිය 77..............එහිදුටු දෙයින් පුදුමයටත් දුකටත් පත්වූ මගේ ඇස්වලට කඳුලු ඉනුවේ ඉබේටමය. මා එය මුහුනට ලන්කරගෙන ඉකිබිදින්ට වූවෙමි......මොකද නංගි.... ඇසූ අක්කා මගේ හිස අතගා අතේ තිබුනු තැග්ග බලන්ට විය....ආනේ.... ලස්සන බෝනික්කෙක් නේද.....අක්කා එය බලමින් ඇසුවාය.....මෙච්චර ලස්සන බෝනික්කෙක් දීලත් ඇයි නංගි අඩන්නෙ......දුකටද සතුටටද.....සිනාසෙමින් ඇසුවාය......මේක තමයි අක්කෙ මාලන් අයිය ස්වීඩනයෙදි ගත්ත කිව්ව බෝනික්ක...මම මොනව හිතුවත්.....මේක අරන්තියෙන්නෙ මට කියල දැනගෙන හිටියෙ නෑනෙ.......මා ඉකිබිදිමින් කීවෙමි......ඔයා කිව්වෙ මාලන් අයියට වෙන ග්ර්ල් ප්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නව කියලනෙ...මමත් හිතුවෙ එහෙම තමයි අක්කෙ.....අනේ මට වැරදුනා අක්කෙ.....මම මාලන් අයියට ලොකු වැරැද්දක් කලා.....අඩමින් පැවසුවෙමි. මා පිරිමියෙකු වශයෙන් ජීවත්වූ කල කිසිම දිනක මෙසේ කදුලු වගුරමින් අඬා නැතත්. අද මට ඇඩීම නවත්වා ගන්ට නොහැකිවී ඇත්තේ මාවත් දැන් ගැහැනු ලමයෙක් වී ඇති නිසා බව තේරුනි. ගැහැනු අයට දුකක් පැමිනි විට ඕනෑම අවස්තාවක ඇඩීමට හැකිවීම ඔව්න්ටම ආවේනිකවූ ලක්ෂණයකි. එම ආවේනික ලක්ෂණය දැන් මාතුලද පිහිටාඇත. ඒවගේම සතුටක් පැමිනි විට පිරිමියෙකුට වඩා දැඩි සතුටක් ලැබිය හැකිබවද ගැහැනු ලමයෙක් වූ මා අත්දැකීමෙන්ම දැනගැනීමට හැකිවිය.
මාලන් අයිය කිව්වෙ... මේක යාලුවෙකුට දෙන්න ගත්තෙ කියල....ඉතින් අපි හිතුවෙ එයාට ගැහැනු ලමයෙක් ඇති කියලනේ.....අක්කා පැවසුවාය.....ඒක තමා අක්කෙ අපිට වැරදුනා....දැන් මොකද කරන්නෙ.....මාලන් අයිය තරහ වෙලා ඇති......මා අක්කාගේ පපුවට තුරුලුවී ඉකිබිදිමින් ඇසුවෙමි......එයා එහෙම තරහ වෙන්නෙ නෑ නංගි .....ඔයා අඩන්නෙ නැතුව ඉන්න මම මාලන් අයියත් එක්ක කතා කරල බලන්නම්.....ඇය දුරකතනය ගෙන ඔහුට කතා කරන්ට විය.....කොහොමද මල්ලි.....කී ඇය ඔහුත් සමග සුලුවෙලාවක් ආගිය තොරතුරු කතාකර.....දේශානි නන්ගිට ඔයත් එක්ක කතා කරන්න ඕනැලු.....පැවසූ ඇය මට දුරකථනය දුන්නාය.......අනේ අයියෙ මට සමාවෙන්න.....මා ගත් කටටම කීවෙමි.....ඒ මොකටද.....ඔහු ඇසුවේය.....ඔයාට පාටිය කියන්න බැරිවුනාට.....මා දුකෙන් මෙන් කීවෙමි....ඉතින් මාත් කොහොම හරි ආවනෙ.....කී ඔහු..... තමන්ගෙ හිතවත් කමක් තියෙනවනම් කිව්වත් නැතත් ඒකට සහභාගී වෙනව.....ඔහු කිසි වෙනසක් නොපෙන්වා කියන්ටවිය.....ඒ උනාට මගේ හිතට හරිනෑ අයියෙ.....ඒ මොකද....ඔහු ඇසුවේය......මට අයියව හම්බවෙලා මේ ගැන කියන්න ඕනැ......මා පැවසුවෙමි....පාටිය ඉවර වුනාට පස්සෙ කියන්න දෙයක් නෑනේ.....ඔහු සිනාසෙමින් කීවේය.....ඒක නෙවෙයි අයියෙ.....පාටිය කිව්වෙ නැති හේතුව කියන්න...මා කීවිට....ආ දැනුයි මට තේරුනේ නිදසට කරුනු කියන්න.....කී ඔහු....ඕනැ වෙලාවක එන්න.....හැබැයි මම ගෙදර එනකොට නම් රෑ හතවිතර වෙනව.....ඔහු පැවසුවේය. මා දැන් ගැහැනු ලමයෙකුබැවින් රාත්‍රියේදී පිරිමි ලමයි සිටින ස්ථානවලට යෑම නුසුදුසු බව කල්පනා කල මා....ඒ වෙලාවටනම් අම්ම එන්න දෙන එකක් නෑ අයියෙ....පැවසූ මා....සැටඩේ වගේ එන්න පුලුවන් ඒත් සචිනි අක්ක ඊට ඉස්සෙල්ල ආපහු යනව.....අම්මත් එක්ක ඇවිල්ලා මට කියන්න ඕනැ ඒව කතාකරන්න බෑනෙ.....පැවසුවෙමි....මාත් මේ වීක් එන්ඩ් එකේ ගෙදර එන්නෙ නෑ....ඔහු පැවසුවේය.....එහෙනම් මට අයියව හම්බවෙන්න බැරිවෙයි නේද.....මා දුක්බරව ඇසුවෙමි.....බලමුකෝ......ඔහු උත්තර දුන්නා මිස විසදුමක් දුන්නේ නැත.
මොනව කිව්වත් දැන් මාලන් මාව මග හරිනවද දන්නෙ නෑ....මා ඇමතුම විසන්දි කර කල්පනා කලෙමි.....මොකද කියන්නෙ.....මා කල්පනා කරනවිට අක්කා ඇසුවාය....මාලන් අයිය මාව මුනගැහෙන්න අකමැතිද දන්නෙ නෑ අක්කෙ......කීවෙමි....එහෙම එකක් නැතුව ඇති නංගි.... අපි ටිකක් බලමුකො.....ඇය කීවාය.
පසුදින මා පාසැල් ගොස් පැමිනි පසු .....අද රෑට මාලන් අයිය මෙහෙ එනව කිව්ව.....අක්කා පැවසුවාය.....අම්ම මොකුත් හිතයිද දන්නෙ නෑ.....මා කීවෙමි.....මොනව හිතන්නද.....මාලන් දන්නෙ නැති කෙනෙක් නෙවෙයිනෙ.....මම ඔයාගෙ අම්මටත් කිව්ව.....ඇය පැවසූ විට....ඉතින් මොකද කිව්වෙ.....ලොකු අම්මට එදා මාලන් එක්ක ටිකක් කතා කරන්න බැරිවුන හින්ද එන එක හොදයි කිව්ව.....අක්කා පැවසූ විට ඔහු එනවාට අම්මාගේද අකමැත්තක් නොමැති බව තේරුනි.
ඔහු පැවසූ පරිදි රාත්‍රී අට පමන වනවිට පැමිනියේය.....පුතා එනවයි කිව්ව හින්ද අපි මග බලාගෙන හිටියෙ.....අම්මා පැවසූවිට......ගෙදෙට්ට ගියෙත් නෑ ඇන්ටි කොළඹ ඉදන් කෙලින්ම මෙහාටයි ආවෙ....එහෙනම් කෑම ටිකක් එහෙම කාලම යන්න.....අම්මා පැවසුවාය.....එපා ඇන්ටි ගෙදර ගිහින් කන්න පුලුවන්.....එහෙම කොහොමද.....අද නංගි අයිය වෙනුවෙන්ම කෑම හදල තියෙන්නෙ....අක්කා සිනාසෙමින් කීවාය.....ඔයාල කතා කරකර ඉන්නකො මම පොඩ්ඩක් කුස්සිය පැත්තට ගිහින් එන්නම්....අම්මා අපි අසලින් ඉවත්වූවාය.......දැන් නංගි කියන්න ඕනැ කිව්ව ටික මාලන්ට කියන්නකො.....පැවසූ අක්කාද අපි අසලින් ඉවත්වන්ට සුදානම් වනවිට.....අක්ක හිටියට කමක් නෑ...මා කීවෙමි.....මාව ඕනෙ වෙන්නේ නෑ.....කී ඇය අපි දෙදෙනා ශාලයේ තනිකර ඉවත්වූවාය.
No comments:
Post a Comment