Friday, July 19, 2019

අනතුරේ පෙරලිය 86..........කැන්ටිම තුලට ගිය අපිට තවමත් එයතුල සෙනඟ නොසිටි බැවින් තරමක පාලු ස්වභාවයක් ගෙනදුනි. මා මේසයක් ළඟ වාඩිවී කෑම පර්සලය දිග හැරීමට සූදානම් වනවිට.....ඉන්න මම පිගන් දෙකක් ඉල්ලගෙන එන්නම්.....මාලන් නැගිටීමට සූදානම් වනවිට....පිගන් මොකටද අපි දෙන්න එක්කම මේකෙන් කමුකො.....ඇසූ මා.....ඇයි මාත් එක්ක එක කෑම එකේ කන්න හිරිකිතද.... ඇසුවෙමි....අපෝ නෑ නංගි ....එහෙම හිතාගෙන නෙවෙයි කිව්වෙ....ඒක ලේසි හින්ද....ඔහු පැවසුවේය......උදෑසන කෑම පාර්සලයේ මොනවා තිබෙනවා දැයි නොදැන එය දිගහැරිය මට ඉදිආප්ප සහ මස්කරියක් තිබෙනබව දක්නට ලැබුනි.....ඉතින් කමු......පාර්සලය ඔහු සමීපයට ලන්කර පැවසූ මා එක් කොනකින් අනන්ට වුනෙමි....එහෙත් තවමත් ඔහු බලා සිටිනු දුටු මා......මොකද....ඇසුවෙමි.....ඔයා ඉස්සෙල්ල කන්නකෝ.....පැවසුවේය.....ඉදිආප කටක් ඇනූ මා ඔහුගේ මුවට ලන්කර.....මේක කන්නකො කීවෙමි.....මොකද මේ....ලැජ්ජාවෙන් මෙන් ඇසූ ඔහු.....එය කන්ටවිය.....කවන්න ඕනැ නෑ මම කන්නම්..... කී ඔහු ඉදිආප්ප අනන්ට විය....අනාගත් එම කට මගේ මුවට ලන්කර....මේක මගේ ගානෙ....කීවේය....කටවල් කිහිපයක් කවාගත් අපිදෙදෙනා එක කෑම පාර්සලය බෙදාගෙන අනුබව කරන්ට වුනෙමු...මා ප්රියන්ත ලෙස සිටි සමයේ සමහර දිනවල මගේ යහලුවන් අතර එක කෑම පාර්සලය බෙදාගෙන හවුලේ කෑ ආකාරය සිහිපත්විය. එදා සේම මා ගැහැනු ලමයෙකු බවට පත්වූ පසුද යහලුවන් වෙනුවට යෙහෙලියන් සමග එක කෑමපාර්සලයේ කෑම ගත්තෙමු.එදා පිරියන්ත ලෙස යහලුවන් සමග කෑම ගත්තාට වඩා ගැහැනු ලමයෙක් ලෙස යෙහෙලියන් සමග කෑම කෑමේදී යම්කිසි සුන්දරත්වයක් සතුටක් භුක්තිවිදීමට හැකිවූවද අද මාලන් සමග මෙසේ බෙදාගෙන කෑම ගැනීම පුදුමාකාර ලෙස සතුටක් දැනෙන්ටවිය. ඒසතුට සමගම ඔහු කෙරෙහි පුදුමාකාර ආදරයක්ද දැනෙන්ට විය..... මගේ සිතතුලට දැනෙන ආදර හැගීම මාලන්ටත් තියෙනවද දන්නෙ නෑ ....ඔහු දෙස බලා කල්පනා කල මා....හෙටත් මම ඔයාටත් එක්ක කෑම එකක් ගේන්නම්....ගෙදරින් එහෙම කාල එන්න එපා.....මා කීවෙමි....අක්ක හැමදාම උදේට කෑම එක හදල දෙනව.....කාල ආවෙ නැත්නම් එයාට අප්සට් යයි.....මාලන් කීවේය....මම ඔයාටත් එක්ක කෑම ගේනව කියන්නකො....මා කීවෙමි.....එක පාරටම එහෙම කියන්න පුලුවන්ද.....එහෙනම් ඔයා ගෙදරින් කාල එන්න... හැබැයි මගෙ එකෙනුත් කන්න ඕනැ....මා කීවිට.....ඔයාගෙ කෑම එකෙන් කන්න මාත් ආශයි....හරි කමක් නෑ....ගේන්නකො....අවසානයේදී ඔහු එකගවිය.
                එක නෙවෙයි.....මම අයියගෙන් වැදගත් දෙයක් අහන්න හිටියෙ....ඊයෙ ඒක අහන්න හදනකොට ඉශාරි ආවනෙ..... මොකක්ද..... ඔහු කෑම කන අතරතුර ඇසුවේය.....ඇයි අයියෙ අසේල ගැන මට එහෙම දෙයක් කිව්වෙ.....මා සිතතුල හිරකරගෙන සිටිදෙය ඇසුවෙමි....කිසිවක් නොකියා කල්පනා කල ඔහු.....මම හිතුවෙ මට වඩා ඔයා අසේලට කැමති වෙයි කියල..... කොහොමද එහෙම කියන්නෙ....මා ඇසුවෙමි.....මට හිතුනෙ ඔයා ඉස්සර මාත් එක්ක තිබුන තරහව තාම ඇති කියල.....ඉතින් මම කිව්වනෙ දැන් ඒව මතකත් නෑ කියල.....මා පිලිතුරු දුන්නෙමි...ඇයි ඔයා මම අසේල ගැන එහෙම ඇහුවම මෙච්චර මාව මග අරින්න පටන්ගත්තෙ........ඔහුද මගෙන් ප්රශ්නකරන්ට විය....ඒකට උත්තරේ මම අත හෝදගෙන ඇවිත් දෙන්නම්.... මා කෑම ගැනීම නවත්වා පැවසූ විට.... තව තියෙනවනෙ මේටිකත් කන්න.....ඔහු කීවේය.....අම්මෝ ඇති බඩ දැන් ෆුල්.....කුස අතගාමින් කීවෙමි.....ඉදිආප්ප දහයකට වඩා කෑවෙ නෑ නේද... ඔහු ඇසුවේය.....අපෝ දහයක් කෑවම හොද්ටම ඇති....මා කීවිට ...මෙතැන තව ගොඩක් තියෙනවනෙ.....ඔහු කීවේය.....මම වගේද අයිය කොල්ලෙක්නෙ අනේ... කොල්ලන්ට ඕනැ තරම් කන්න පුලුවන්නෙ....සිනාසෙමින් පැවසූ මා අත සෝදා ගැනීම සදහා ගියෙමි. මා එසේ පැවසූ දේ සත්‍යයක් බව අත්දැකීමෙන්ම දැන ගැනීමට හැකිවූයේ මාවත් ගැහැනු ලමයෙකු බවට පත්වූ පසුය. ඉස්සර මා පිරියන්ත ලෙස සිටි සමයේ ගත් කෑම තරම් කෑම ප්‍රමාණයක් ගැහැණු ලමයෙකු වූ පසු ගැනීමට නොහැකිබව තේරුම් ගෙන සිටියෙමි. එයට හේතුව මට දැන් ලැබී ඇති සුරුබුහුටි කාන්තා සිරුර බව කල්පනාකලෙමි.

            මා අත් සෝදා මාලන් අසලට යනවිට ඔහුද කෑම අවසන් කර සිටියේය. ඔහු අත සොදා පැමිනෙන විට යෝගට් දෙකක් අතැතිව පැමිනෙනු දුටුවෙමි.... ඉතින් ඔයා දෙනව කිව්ව උත්තරේ දෙන්නකො.....එක යෝගට් එකක් මට දුන් ඔහු අනික කඩමින් ඇසුවේය.....මට හිතුන අයියෙ .....අයිය කොච්චර ලගින් මාව ආස්සරේ කලත් මට කැමති නෑ කියල... හින්ද මට හිතුන ඒක හින්ද තමයි අසේලට මාව සම්බන්ධ කරන්න හදන්නෙ කියල.....අසේල කියන්නෙත් නරක කොල්ලෙක් නෙවෙයි කියල මම දන්නව.....ඒත් අයියෙ මම කැමති එකම එක්කෙනාටයි....මට එයා නැතුව වෙන කවුරුවත් ඕනැ නෑ අයියෙ.....මා දුක්බරව කියනවිට..... කවුද ඔහු ඇසුවේය.

No comments: