Friday, July 19, 2019

අනතුරේ පෙරලිය 79...........අක්ක කියන එකෙත් ඇත්තක් තියෙනව......මට දැන්නම් හිතෙනව අක්කෙ මම එදා හිටිය ප්රියන්තමයි කියල.........මා මෙසේ පැවසුවේ මා එදා සිටි දේශානි නොවුනාට අක්කලාගේ විරුද්ධත්වයක් නොමැති බව තෙරුනු නිසාය.....මට මතක් වෙනව දේශානිව බේරගන්න පාරට පැන්න හැටි.... ලමය පාර අයිනට තල්ලු කරනවත් එක්කම මාව වාහනේ හැපුනා.....එච්චරයි මම දන්නෙ.....මා තවත් දෙයක් හෙලිකරමින් පැවසුවෙමි.....ඉතින් ඔයාට තේරුනේ නැද්ද ඔයා පාරට පනිනකොට වාහනේ හැපෙයි කියල....මාව හැප්පුනත් මට ඕනැවුනේ එයාව බේරගන්න.....මා කීවිට.....ඔයානම් පුදුම ලමයෙක් තමයි.....අනුන්ගෙ ජීවිතයක් බේරගන්න ඕයාගෙ ජීවිතේ බිලිදුන්න....ඇය කීවාය......ජේසුස් වහන්සේ අපි වෙනුවෙන් ජීවිතේ බිලි දුන්නනම් අපිට බැරිද අක්කෙ ඕවගෙ ද්යක් කරන්න....මා පැවසූවිට......මාව තුරුලුකරගෙන සිපගත් ඇය.....ඔයානම් පුදුම කොල්ලෙක්.....කීවාය.....මම කොල්ලෙක් නෙවෙයි අක්කෙ කෙල්ලෙක්....මාව කොල්ලෙක් ලෙස අමතනවාට විරුද්දව කීවෙමි....එදා ඔයා කොල්ලෙක් හින්දනේ මම එහෙම කිව්වෙ.... වුනට දැන් මම කෙල්ලෙක්නේ.....මා පැවසූවිට.....ඔයා කොල්ලෙක් වෙලා ඉදල කෙල්ලෙක් වුනාට දුක හිතෙන්නෙ නැද්ද.....ඇය ප්‍රශ්න කලාය......අනේ නෑ අක්කෙ මට පිරිමි ජීවිතේට වඩා මේ ගැහැනු ජීවිතේ හොදයි...ඒක ඇත්ත ඔයාදැන් එදා ජීවත්වුනා වගේ කාත් කවුරුවත් නැති කොල්ල්ලෙක් නෙවෙයිනෙ.....ඇය පැවසුවාය...... එදාට වඩා මට අද හැමදේම ලැබුනත් ඒකම නෙවෙයි අක්කෙ මට තියෙන සතුට මාව ගැහැනු ලමයෙක් උන එකම ඊට වඩා හොද හින්දයි එහෙම කිව්වෙ......මම දැන් කෝටිපතියෙකුගේ දුවක් වීම නිසා සතුටෙන් සිටිනබව අක්කා සිතාගෙන සිටිනබව තේරුනු නිසා මා එසේ කීවිට පුදුමයෙන් මෙන් මා දෙස බැලූ ඇය.....ඇයි එහෙම කියන්නෙ....පිරිමියෙක් වෙලා ඉන්නකොට කිසි කරදරයක් නෑනෙ.....ඇය පුදුමයෙන් මෙන් කීවාය......ගැහැනු ලමයෙක් උනාම පොඩි පොඩි කරදර තියෙනව තමයි.... වුනාට අක්කෙ...මටනම් තේරෙන්නෙ ගැහැනු ලමයෙක් උනාම ඊට වඩා සැහැල්ලුවක් සුන්දරත්වයක් තියෙනව කියල....කි මා මමනම් හරිම ආශයි අක්කෙ මේ ගැහැනු ජීවිතේට.....මා අත්දෙක පපුව මත තියාගෙන සතුටින් පැවසුවෙමි.....මටනම් හිතෙන්නෙ පිරිමියෙක් උනාම මීට වඩා හොදයි කියල.....අක්කා කීවාය....අක්ක ඔහොම කියන්නෙ ඔයා කවදාවත් කොල්ලෙක් වෙලා ඉඳල නැති හින්දනෙ.....අක්කත් කොල්ලෙක් උනොත් ඊට වඩා ගැහැනු ජීවිතේ කොච්චර හොඳද කියල තේරෙයි......මා පැවසූ විට......මමනම් මෙච්චර කල් හිතාගෙන හිටියෙ පිරිමි වෙනව කියන්නෙ ගැහැනු අපිට වඩා හොදයි කියල..අක්කා කීවාය.....එහෙම තමයි ගැහැනු අය ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නෙ ඒත් පිරිමියෙක් වෙලා ඉදල කෙල්ලෙක් වෙන්නම ඕනැ ගැහැනු ජීවිතේ තියෙන සැහැල්ලුව තේරුම් ගන්න....මා පැවසුවෙමි....නංගිට වගේ ඉතින් අපිට ගැන අත්දැකීම් නෑනෙ....ඒත් නංගි කියන එකේ ඇත්තක් ඇති කියල මට දැන් තේරෙනව.....අය කීවිට....ඇත්තක් ඇති නෙවෙයි අක්කෙ ඇත්තක් තියෙනව......මා අක්කා තුරුලු කර ගනිමින් කීවෙමි.....ඒකනෙ....කී ඇයද මාව තුරුලුකර ගැත්තාය.
මා පිරිමියෙක් ලෙස සිටියානම් මෙලෙස ගැහැනු ලමයෙකුට තියා පිරිමි ලමයෙකු සමගවත් තුරුලු වී නින්දට යා හැකිද.කොල්ලෙක් කොල්ලෙක් සමඟ මෙලෙස තුරුලු වී නිදා ගතහොත් එයින් අදහස් වන්නෙ සමාජයේ අසම්මත ක්රියාවක් නේද.එහෙත් දැන් මා ගැහැනු ලමයෙකු ලෙස අක්කාට තුරුලු වී නිදා ගැනීම ආදරයක් මිස කිසිම අසම්මත ක්‍රියාවක් නෙවෙයි නේද. මෙයින් තේරෙන්නේ ගැහැනු ලමයෙක් වීම කෙතරම් වාසනාවන්ත දෙයක් යන්න නේද. මා පිරිමියෙක් ලෙස මෙසේ ගැහැනු ලමයෙක් තුරුලු කර ගත්තානම් මොන මොන දේවල් සිතෙයිද. ඒවගේම තිබුනු පුරුෂ ලින්ගයත් ප්‍රානවත්වී විශාල වෙනවා නේද. එහෙත් දැන් මට එවැනි පුරුෂ ලින්ගයක් නොමැති නිසා ප්රානවත් වීමක් සිදුවන්නේ නැති බැවින් එම කරදරයෙන්ද නිදහස් වී ඇත. එම පුරුෂ ලිංගික පද්ධතිය නොමැති නිසා දැනෙන සැහැල්ලුවට මා බෙහෙවින් ඇලුම් කරන බැවින් එය නොමැතිවීම සම්බන්ධව සතුටක් මිස මෙතෙක් කිසිම දුකක් හටගෙන නොතිබුනි. පුරුෂ ලින්ගික පද්දතිය අහිමි වුවද පපුවමත පියයුරු දෙක විශාල වී ඇත. එදා සිට ගැනු අයගේ පිරිපුන් පියයුරු දෙස බැලීමට ආශාකල මට එවැනි දෙකක් මටම ඇතිවීම සම්භන්දවද කැමත්තක් ඇතිවීඇත. මේ නිසා මා පියයුරු දෙකට දැඩි ලෙස ආශා කරන බැවින් ඒවා විශාලවීම ගැනද කනගාටුවක් නොමැත.
තවත් දින දෙකක් පමන ගතකල පුන්චිඅම්මා සහ අක්කා ආපසු ලන්ඩන් බලා පිටත්විය. ඔවුන් සමග කාලය ගතකල මට ඔව්න්ගෙන් වෙන්වීම නිසා දුකක් දැනුනි....අපිට නිවාඩුවක් ලැබුන ගමන් කට්ටියම එක්ක මෙහෙ ටික දවසක් ඉදල යන්න එන්නම්කෝ....පුන්චි අම්මා මගේ මුහුන සිපගනිමින් පැවසුවාය. යනකොට දිශ්නි අක්කයි අයියයි මුනගැහුනොත් මතක් කලා කියන්න.....මා අක්කාට සමුදෙමින් කීවෙමි.

මාලන් මාව මුනගැසීමට පැමිනි දින සිට දිනකට වරක් හෝ මට කතා කිරිමට පටන් ගෙන තිබුනු අතර රාට්රී කාලයේ ඔහුගෙන් ඇමතුමක් පැමිනෙන තුරු මා නොඉවසිල්ලෙන් බලාගෙන සිටියෙමි. අපි දෙදෙනා මෙලෙස දුර කතනවලින් කතා කලද. ඔහු මට ආදරය කරනවා එසේ නොමැතිනම් යහලු කමට පමනද යන්න දැනගැනීමට ක්‍රමයක් නොතිබුනි.

No comments: