Friday, July 19, 2019

අනතුරේ පෙරලිය 69.............සචිනි අක්කා මාලන් සම්බන්ධව දොස් කීවද ඔහුසමග මේතරමට හෝ කතාකිරීම ගැන මා සතුටට පත්වීමනිසා අක්කාගේ කීම එතරම් ගනන් නොගත්තෙමි. මාලන් දෙශානී ගැන තිබුනු තරහව අමතක කිරීම නිසා මට බයක් සැකයක් නොමැතිව කතාකිරීමට හැකිවිය. මේ නිසා අපි දවසකට දෙකකට වරක් දුරකතනයෙන් කතා කිරීමට පුරුදුවිය. ඉගෙනගන්නා විෂයයන් සම්බන්ධයෙන් ගැටලුවක් ඇතිවූ විටද ඔහුගෙන් අසාගැනීමට හැකිවීම මගේ පාඩම් කටයුතුවලට උපකාරයක් විය.
             මා මාලන් සම්බන්දව යෙහෙලියන් සමග කතා කිරීමට පටන්ගත්විට ඔව්න් මාගැන පුදුමයට පත්වූවේ මින් පෙර දෙශානී මෙලෙස පිරිමි කෙරෙහි සුබවාදී ලෙසෛ කතා නොකෙරීම නිසා බව මට තේරුනි. අප්රියෙල් නිවාඩුව ලන්වෙන විට  මාත් මාලනුත් අතර තිබුනු මිත්‍රත්වය තවත් වැඩිවී තිබුනි. මාගේ සිත ඔහු කෙරෙහි බැදී තිබුනද මාලන් කෙසේ සිතනවා දැයි මට හිතා ගැනීමට නොහැකිවිය. ඔහු මා සමග විහිලු තහලු කරමින් කතා කරන විට ඔහුද මා කෙරෙහි බැදීමක් ඇත්දැයි සැක සිතුනත් මේගැන ඇසීමට තරම් ධෛර්යයක් නොතිබුනි.
              මට කියන්න බැරිවුනා නෙ දුවේ තාත්ත කිව්ව මේ අප්‍රියෙල් නිවාඩුවට පුන්චි අම්මලගෙ ගෙදර යන්න පුලුවන්ද කියල දුවගෙන් අහන්න කියල....මොකද දුවගෙ විභාගෙටත් තව මාස කීපයක්නෙ තියෙන්නෙ.....අම්මා පැවසුවාය.....අක්කා කැමතිවෙයි අම්මෙ යමු.....මෙය අසාගෙන සිටි මල්ලී මට පෙර පවසන්ටවිය.....මේ ඔයාට විභාග නැතිවුනාට අක්කට පාඩම් කරන්න තියෙනවනෙ.....අක්කට පාඩුවෙනවනම් ගිහින් බෑනෙ පුතේ.....අම්මා ඔහුට පැහැදිලි කරන්ට වූවාය.....කමක් නෑ අම්මෙ අවස්ය පොත් ටික ගෙනිච්චම එහෙදි පාඩම් කරගන්නත් පුලුවන්නෙ..... හින්ද පාඩුවක් වෙන්නෙ නෑ.....මා කී විට....එහෙනම් තාත්තට කියන්නම් ගමන ලෑස්ති කරගන්න කියල......තෑන්කියු අක්කේ .....සතුටින් උඩපනිමින් මා අසලට පැමිනි මල්ලී මාව බදාගෙන මගේ මුහුන සිපගන්ට වූවේය.
              මාලන් අයියේ අපි මේ නිවාඩුවට එංගලන්ඩ් යනව අයියයත් යනවද.....මාලන්ට කතාකර ඇසුවේ ඔහුද අපේ ගමනට එකතු කර ගැනීට දැඩි කැමත්තක් ඇතිවූ නිසාය....මට එක්සෑම් එකක් තියෙනව නංගි .....කල්පනා කරමින් කී ඔහු.....අනිත් එක ඔයාගෙත් එක්සෑම් ලගයි නේද......ඇසුවේය.....ගැටලුවක් නෑ අයියෙ මම දැන් සිලබස් එකම කවර් කරල තියෙන්නෙ...අමතක වෙන හින්ද පොඩ්ඩ පොඩ්ඩ මතක් කරගන්න එක විතරයි තියෙන්නෙ...ඒකට අවශ්‍යය කරන පොත්ටිකක් අරන් යනව...... පැවසුවෙමි......මෙච්චර ඉක්මනට ඔයාලගෙ සිලබස් එක කවර් කලාද.....ඔහු පුදුමෙන් මෙන් ඇසුවේය.....තාම නෑ අයියෙ...අර මාව බේරරගත්ත ප්රියන්ත අයියගෙ නෝට් ටික කියෙව්ව එයා ගිය අවුරුද්දෙනෙ එක්ස්සෑම් කරන්න හිටියෙ....ඒව කියවන කොට මට හොදට පාඩම් හිටිනව.....මා පැවසුවෙමි.....අනුන්ගෙ නෝට් කියෙව්වම කොහොමද ඔච්චර හොදට පාඩම් හිටින්නෙ.....ඔහු පුදුමයෙන් මෙන් ඇසුවේය.....දන්නෙ නෑ අයියෙ ඒව මමම ලිව්ව ඒව වගේ මතක් හිටිනව....මා ප්රියන්ත බව යන්තමට හැඟවීම සදහා එලෙස පැවසුවෙමි.....අනේ මන්ද....කී ඔහු....මම මේ නිවාඩුවට නොයන්න හිතාගෙන හිටියෙ...ඒත්..නංගිලත් යනවනම් මාත් එන්නම්....අයියට කරදරයක් නම්....ඉන්න.....මා දුකෙන් මෙන් කිවෙමි.....ලොකු කරදරයක් නෑ නංගි පාඩම් කරන්න විතරයි තියෙන්නෙ... මාත් නෝට්ස් ටික අරන් එන්නම්කො...එතකොට නිවාඩු වෙලාවට දෙන්නත් එක්කම පාඩම් කරන්න පුලුවන්නෙ.....ඔහු පැවසුවේය.
                 අම්මෙ මාලන් අයියත් අපිත් එක්කම ලන්ඩන් යන්න එනව කිව්ව....ඉන් පසු දින අම්මාට කීවෙමි..... ලමය දන්නෙ කොහොමද අපි යනව කියල.....ඇය පුදුමයෙන් මෙන් ඇසුවාය.......මම නිකමට කිව්ව අපි යනව කියල.... සැරේ තමා කිව්වෙ එයත් යනව කියල.....මා කතා කල නිසා ඔහු පැමිනෙන බව නොකියා එසේ කීවෙමි..... පුතත් අපිත් එක්කම යනවනම් කොච්චර හොදද..සතුටින් කී අම්මා......අපිත් එක්කම එයිද දන්නෙ නෑ.....ඇසුවාය...... දන්නෙ නෑ අම්මෙ......අම්මම අහල බලන්නකො.....කී මම ඔහුගේ අක්කයට දුරකථන ඇමතුම ගෙන අම්මාට දුන්නෙමි......ඔහුගෙන් ආගිය තොරතුරු කතා කර.....පුතත් අප්‍රියෙල් වලට ලන්ඩන් යනවලු නේ ඇසුවාය....පුතාටත් පුලුවන්නෙ අපිත් එක්කම ලන්ඩන් යන්න ....එකටම ටිකට් බුක් කලාම හරිනෙ....මම විජේ අන්කල්ට කියන්නම්......පුතත් අපිත් එක්කම එනව කිව්වයි කියල.....අම්මා අවසානයේ පැවසුවාය....තාත්තා ගෙදර පැමිනි පසු අම්මා මේ බව තාත්තාට කීවාය..... පුතත් අපිත් එක්ක එනවනම් හොදයිනෙ....එන්න කියන්න මම ලමයටත් එක්ක ටිකට් බුක් කරන්නම්....තාත්තා එසේ පැවසූ විට මගේ සිතට ඇතිවූ සතුටේ නිමාවක් නොමැතිවිය.......අපේ තාත්ත කිව්වනෙ අයියට අපිත් එක්ක එන්න ටිකට් ගන්න එපා කියල....මා විහිලුවට මෙන් කීවෙමි...... මොකද ඇයි එයා කැමති නැද්ද මම ඔයාල එක්ක එනවට......ඔහු දුකෙන් මෙන් කියනු ඇසුනි.....ඔයා බයවුනා නේද....මා සිනාසෙමින් ඇසුවෙමි....කමක් නෑ නංගි මම නවතින්නම් ඔයාල ගිහින් එන්න.......ඔහු දුක්බරව කීවිට.....නවතින්න නෙවෙයි අනේ කිව්වේ.....තාත්ත ඔයාටත් එක්ක ටිකෙට් ගන්නව කියල.....අම්මෝ මම බයවුන තරමක්....මම හිතුවෙ අපි දෙන්න ආස්සරේ කරනවට තාත්ත කැමති නෑ කියල.....ඔහු සතුටින් පැවසූ ඔහු .....තාත්තට කියන්න මම සල්ලි දෙන්නම් කියල....හා මම තාත්තට කියන්නම්.....මා කීවෙමි.
             අප්‍රියෙල් නිවාඩුව පටන්ගත් වහාම ලන්ඩන් බලා යෑම සඳහා සියල්ල සූදානම් කරන්ට වුනෙමු. මාලන් අයියාටද අපිත් සමගම ගුවන් අවසර පත් වෙන්කර ගැනීම නිසා අපිට එකටම යා හැකිවිය.....අපි කටුනායක ගුවන්තොටුපොලට යනවිට මාලන් අයියාද පැමින සිටිබව දක්නට ලැබුනි.....ඔහු අමීර් කාන් වගේ නිසාදෝ බොහෝ දෙනෙක් ඔහු දෙස බලනු දුටුවෙමි.....මේ හැම දෙනෙක්ම අයිය දිහා බල බලා යනව...මම හිතන්නෙ අමීර් කාන් කියල රැවටිලාද කොහේද......මම ඔහුට සිනාසෙමින් කීවෙමි.....ඔව්....අමීර් කාන් ප්රියන්කා චොප්රා එක්ක සූටින් වලට ඇවිත් යනව කියල හිතනව ඇති.....ඔහු සිනාසෙමින් කීවේය.....කෝ ඉතින් ප්‍රියංකා  චොප්රා.....මා වටපිට බලමින් ඇසුවෙමි....මේ ඉන්නෙ....ඔහු මගෙ දෙසට ඇගිල්ල දිගුකර පැවසුවේය.....මම කොහේද අයියෙ එයා වගේ වෙන්නෙ....කීවෙමි.....එයා නෙවෙයි උනාට ඔයා ප්‍රියංකා චොප්රාට වඩා ලස්සනයිනෙ.....ඔහු කීවිට අනේ බොරු කියන්න එපා අයියෙ.....මා අමනාප මුහුනක් පෙන්වා කිවෙමි.....මම කිව්වෙ ඇත්තනෙ ලමයෝ.....ඉස්සර ඔයාගාව තිබුනු අහන්කාර සැර ගතිය දැන් නැති හින්ද .....ඔයා දැන් ගමක ඉන්න අහින්සක ලස්සන ලමයෙක් විදියටයි මටනම් පේන්නෙ....ඔහු පවසනවිට ඔහුගේ ඇස්වලින් ආද්ර බැල්මක් ඇතිවුනා දැයි  සැකයක් ඇතිවිය.
               අපි ගුවන් යානයට ගොඩවූ පසු අම්මා සහ තාත්තා එක ලග ආසනවල වාඩිවූ අතර මල්ලී කවුලුව අසල ආසනයක වාඩිවිය...මා මල්ලී අසල ආසනයට යනවිට....ඇයි දුවේ මාලන් ගාව වාඩි වුනානම් ඔය දෙන්නට කතා කරකර යන්න පුලුවන්නෙ පාලුවක් නෑ නෙ....එන්න නංගි මෙතැනින් වාඩිවෙන්න.....මාලන්ද කතා කලේය....මා ඔහු අසලින් වාඩිවුනේ සිතට අමුතුම ලැජ්ජා සහගත බවකින් යුතුවය.                               

No comments: