අනතුරේ පෙරලිය 62.............මාලන් මල්ලි දන්නවනෙ දැන් නංගිට ඔය ඔක්කොම අමතක වෙලා කියල....මෙයා දැන් වෙනස්ම කෙනෙක් වෙලානෙ....මල්ලිත් ඒවගෙ දෙයක් සිද්ද්වුනේ නැති විදියට ඕව අතහැරල දාන්න.....ඇය මාලන්ට අවවාද කරන්ටවූවාය.....මමත් උත්සාහ කරල බලන්නම්කො....මාලන් කෙලින් නොකියා එසේ පැවසුවේය.....කවුරු මොනවිදියට කිව්වත් මාලන් ඒක අමතක කරන්නෙ නෑ වගේ ....මා කල්පනා කලෙමි.
තව දවසක් පමණ ගතකල අපි ආපසු පුංචි අම්මලාගේ නිවස බලා පිටත්වුනෙමු. නිවසට පැමිණි පසු මාලන් අපෙන් සමුගෙන පිටත්වීමට සූදානම් වනවිට මගේ සිතට දුකක් සහ පාලුවක් දැනෙන්ටවිය......මා ඔහුට අතට අතදී සුබපැතුවේ ඉතාමත්ම කනගාටුවෙන් යුතුවය....ආයෙ කවද්ද මේ පැත්තෙ එන්නෙ අයියෙ.....මා ඇසූ විට.....ආ මෙයා මෙහෙට වෙලා ඉන්නද කල්පනාව.... ඇසූ අම්මා ......තාත්ත කිව්ව අනිද්ද ලංකාවට යන්න ලෑස්තිවෙන්න කියල.....කීවාය.....මාත් තව සතියකින් විතර ලංකාවට යනව ඇන්ටි....මාලන් කීවේය.....ඒ ආපුවහම අපේ ගෙවල් පැත්තෙත් එන්න......මා ආරාධනා කලෙමි......අප්පේ ඉස්සර පෙන්නන්න බැරුව හිටිය මාලන් මල්ලිව දැන් නන්ගිට නැතුව බැරි කෙනෙක් වෙලා වගේනෙ....අක්කා සිනාසෙමින් කීවාය.....එහෙම එකක් නෑ අක්කෙ මම නිකන් කිව්වෙ.....එයට ලැජ්ජා සිතුනු මා අක්කට පමනක් ඇසෙන ලෙස කීවෙමි.....කමක් නෑ ලමයිනි.....දැන් දෙන්නගෙ තරහ මරහ නැනෙ.....අම්මා සතුටින් කීවාය.
අම්මා පවසූ පරිදි අපි දින දෙකකින් ලංකාව බලා පිටත්වීමට සූදානම් වුනෙමු.....අපි සාප්පුවකට ගොස් ලන්කාවට රැගෙන යෑම සඳහා අවශ්‍යය දේවල් මිලදී ගත් අතර මගේ පාසැල් මිතුරියන් සඳහා සහ ගුරුවරියන්ට දීම සදහා තෑගි කිහිපයක්ද ගත්තෙමි.
මේ දවස්ටික විනෝදයෙන් ගතකල මෙම නිවස හැරයෑම දුක් ගෙනදෙන කරුනක් විය.....ආයෙත් අප්‍රියෙල් නිවාඩුවටත් එනවනෙ.....කල්පනා කල මා හිත හදා ගත්තෙමි.....අපි ගුවන් තොටුපල බලා පැමිනෙන විට පුංචි අම්මාගේ ගෙදර අයද අපත් සමග පැමිනි අතර මාලන්ද මගදී එකතුවුන බව දක්නට ලැබුනි....අනේ මාලන් ආපු එකනම් ලොකු දෙයක් මා සතුටින් යුතුව කල්පනා කලෙමි. ...අපි ගුවන් තොටුපලට ඇතුලුවීමට ප්‍රථම ඔව්න්ට සමුදුන් අතර මා මාලන් අසලට ගොස් ඔහුට අතදී අයිය තාමත් මා එක්ක තරහද...... ඇසුවෙමි.....කවුද කියන්නෙ....ඔහු ඇසුවේය.....එහෙනන් තරහ නෑනෙ... කී මම.....එහෙ ආපුවහම අපේ ගෙදර එනවනෙ මා ඔහුගේ අත අල්ලාගෙනම කීවෙමි....දිගු සුසුමක් හෙලූ ඔහු....එන්නම් එන්නම්.....කීවේය.....මා ඔහුගේ ඇස්දෙක දෙස සුලු වෙලාවක් බලා සිටියේ මම ඔයාට ආදරෙයි මාලන්....සිතින් පවසමිනි....ඔහුද මගේ ඇස්දෙක දෙස බලා හිටියත් ඔහු කුමක් සිතන්නේදැයි ගැටලුවක් ඇතිවිය.....එයත් මම හිතුව එක හිතනවනම් මගෙ වාසනාව.....සිතමින් ඔහුගෙන් සමුගත්තෙමි.
අපි නැවත ලන්කාවට පැමිනෙන අතරමග මෙහෙට පැමිනියාක් මෙන් ප්‍රංශයේ නතරවුනෙමු. දවස් දෙකක් හෝටලයක නතරවූ අපිට එහෙ සිටින අයියා සහ දිස්නි අක්කා නැවත වරක් මුනගැසීමට ලැබුනි......එහෙදි නංගි හොදට එන්ජෝයි කලාලු නේද....අක්කා ඇසුවාය...ඔවු අක්කෙ අපි ගොඩක් තැන්වල ඇවිදින්න ගියානෙ.....මා කියනවිට....අක්ක හරියට කියන්නෙ අපි මීට ඉස්සෙල්ල ගිහින් නැතුව වගේනෙ....මල්ලී කීවේය....අක්කට ඒව අමතක වෙලා හිද අලුතින් ගියාවගේ තමයි.....අක්කා කියනවිට....සොරි ඒක මට අමතක උනානෙ....මල්ලී පැසුවේය....මාව පැත්තකට එක්කගෙන ගිය...අක්කා....ඔයාව බේර ගත්ත කියන ප්රියන්තව හොදට අදුනන ඇන්ටි කෙනෙක් ගැන අපේ අම්ම දන්නවනෙ....මම ඒ ඇන්ටිත් එක්ක පෝන් එකෙන් කතාකරල ප්රියන්තගෙ විස්තර ඇහුව.....එයා කියන විදියට ප්රියන්ත කියන්නෙ හුඟක් හොද අහින්සක ලමයෙක්ලු.....හොදට ඉගෙනගන්නත් පුලුවන් හින්ද ඒ ඇන්ටිත් උදවු කලාලු.....එයාට ලැප් එකක් එහෙමත් අරන්දුන්නලු.....ඇය එසේ කියනවිට....මේ කියන්නෙ ඒදවස්වල මට ගොඩක් උදවු කල....ඩේසි....ඇන්ටි ගැන නේද..... කල්පනාවිය.....මේ ඇන්ටිත් එක්ක කතාකලානම් මගේ ගැන ගොඩක් දේවල් දැගන්න ඇති.....අක්කත් ඒ චරිතෙ එක්ක සන්සන්දනය කරල මම ඒ ප්රියන්තමයි කියල දැනගන්යිද දන්නෙනෑ.....මගේ සිතට බයක් ඇතිවිය.....මා ඇයව නොහදුන්නක් මෙන් අසාගෙන සිටියෙමි..... ඒ ඇන්ටි ප්රියන්ත ගැන කියල ගොඩක් දුක්වුනා....ඒයා ප්රියන්තට සලකල තියෙන්නෙ එයාගෙම දරුවෙක් වගේ....දෙමවුපියන් නැතුව හිටිය එයාට හොදට උගන්නල ලොකු කෙනෙක් කරන්නලු ඉදල තියෙන්නෙ.....ඇය කියනවිට මගේ ඇස්වල කදුලු පිරුනු බව දෙනුනු නිසා ලෙන්සුවෙන් දෑස් පිස දැමුවෙමි.....ඇයි නංගි අඩන්නෙ...ඒ ඇන්ටිව දන්නවද අසුවාය....ඒ ඇන්ටි මට ගොඩක් උදවුකලා අක්කෙ.....කියවුනේ මා නොදැනුවත්වමය...
No comments:
Post a Comment