Friday, July 19, 2019

අනතුරේ පෙරලිය 78..............ඉතින් කියන්නකො..... මට කියන්න ඕනැ කිව්ව එක......මාලන් පැවසුවේය.....අයිය මට අර බෝනික්ක තෑගි දුන්න එකට ගොඩක් තෑනක් කරනව.....පලමුවෙන්ම පැවසූ මා.... බෝනික්ක එදා ස්වීඩන් එයාර් පොර්ට් එකේදි  මම අතට අරගෙන බල බලා හිටිය එකමයි....ඒක අරන් දෙන්න කියල අම්මට කිව්වනම් අරන්දෙනව ඒත් ඒක ගොඩක් ගනන් කියල දැක්ක හින්ද එහෙමම තියල ගියා.....ටිකවෙලාවකට පස්සෙ මම බලපු බෝනික්කම අයිය අරන් එනව දැක්කම මට පුදුම හිතුන....මා මෙසේ පවසනවිට....බෝනික්කගෙ කතාව නෙවෙයි....බර්ත්ඩේ එක කිව්වෙ නැත්තෙ ඇයි කියල කිව්වෙ නෑනෙ....ඔහු අසන්ට විය.....ඒක ගැන කියන්න තමයි හදන්නෙ.....මා කීවෙමි.....හරි හරි...කියන්නකො බලන්න....ඔහු කී විට මා නැවත කතාව පටන්ගත්තෙමි.....මම දන්නවනෙ අයියෙ කොල්ලන්ට බෝනික්කො වැඩක් නෑ කියල.... හින්ද මම හිතුව අයියගෙ අක්ක කෙනෙකුට හරි නංගි කෙනෙකුට හරි දෙන්න කියල .....සචිනි අක්කගෙන් මේ ගැන ඇහුවම එයා කිව්ව අයියට අක්කල නංගිලා  නෑ කියල......ඉතින් මම අක්කට කිව්ව මාලන් අයිය ලස්සන බෝනික්කෙක් ගත්ත කාට දෙන්නද දන්නෙ නෑ කියල. ....ඊට පස්සෙ තමා සචිනි අක්ක අයියගෙන් ගැන ඇහුවෙ.... සැරේ අයිය කිව්වනෙ යාලු ගැහැනු ලමයෙකුට දෙන්න කියල.....මා කී විට..... ඉතින් ඒක ඇත්තනෙ.....ඔහු පැවසුවේය......ඉතින් ඒක ඇත්ත වුනත් ගැහැනු ලමය කවුද කියල මම දන්නෙ නෑනෙ....ඉතින් මම හිතුව අයියට ගර්ල් ප්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නව කියල.....ඉතින් ඔයාට ඉරිසියා හිතුන.....ඕක ඉතින් ගෑනු ගතියනෙ.....කී ඔහු සිනාසුනේය..... වෙන ගෑනු වෙන්න ඇති මම එහෙම නෑ....මා හිස ගස්සමින් කීවෙමි.....එහෙනම් මොකද උනේ....ඔහු ප්රශ්න කලේය.....අයියට ග්ර්ල් ප්රෙන්ඩ් කෙනෙක් ඉන්නවනම් මම වගේ කෙල්ලෙකුගෙ පාටියකට අයිය ආව කියල ගර්ල්ට ආරන්චි උනොත් මටත් එක්ක බනියි කියල  බය හිතුන......ඒකයි කියන්න ඕනැ කම තිබුනත් කිව්වෙ නැත්තෙ.....අවසාන වසයෙන් පවසා ඔහුගෙන් සමාව ගත්තෙමි. ....ඉතින් මම එදා කිව්වනෙ මට ගර්ල් ප්රෙන්ඩ් කෙනෙක් නෑ කියල ඒත් නිකන් යාලුවෙක් විතරයි ඉන්නෙ කියල.....ඔහු කීවිට....ඒවගෙ නිකම්ම නිකන් යාලුවෙකුට මේවගෙ වටිනා තෑග්ගක් දෙයි කියල හිතන්න පුලුවන්ද.....මා ඇසුවෙමි.....එහෙනම් ඔය දීල තියෙන්නෙ.....ඔහු සිනාසෙමින් කීවේය....එහෙනම් මාලන්ට මාව නිකම්ම නිකන් යාලුවෙක් විතරයි.....දුක් බරව කල්පනා කල මා කිසිවක් නොකියා සිනාසුනෙමි.
              පුතේ කෑමටිකක් කමු....අපි අසලට පැමිණ පැවසූ අම්මා.....ඔය අයියව එක්ක එන්න දුවේ.....කෝ අක්ක...ඇසුවාය....මා අක්කටද අඩගසමින් කෑම කාමරයට යනවිට පුන්චි අම්මාද කෑමට සූදානමින් සිටිනබව දැක ගැනීමට ලැබුනි.....මට මාලන් පුතා එක්ක කතා කරන්නවත් බැරිවුනා.....දෙන්න එක්ක බර කතාවක් හින්ද භාධා කරන්න ආවෙ නෑ.....ඇය අපි දෙස බලා පැවසුවාය.....ලොකු කතාවක් නෙවෙයි ඇන්ටි....පොඩ්ඩක් කතාකලා.....පැවසූ ඔහු අන්කලුත් ආවනම් හරිනෙ....එයාටයි පුතාටයි නිවාඩු නෑ කියල අපි දෙන්නට එන්න කිව්වනෙ.....අනිද්ද විතර ආපහු යන්න කියල ලෑස්තිවෙන්නෙ.....ඇය පැවසුවාය....ඒක නෙවෙයි... විජේ අන්කල් තාම නෑ නෙද....අම්මාගෙන් ඇසුවේය......එයා එන වෙලාවල් කියන්න බෑනෙ.....බිස්නස් කාරයො උනාම ඔහොම තමයි පුතේ.....අම්මා පැවසුවාය.
            රාත්‍රී ආහාරයෙන් පසු ටික වෙලාවක් අපි සියලු දෙනා සමඟ කතා කරමින් සිටි ඔහු ආපසු ගියේය. ....මාලන් කියන්න දාහකින්වත් හොයාගන්න බැරි හොද ලමයෙක් නේද අක්කෙ....පුන්චි අම්මා පවසන විට.....ඔව් නංගි පොඩිකාලෙ ඉදම්ම අපි දන්නවනෙ එදා ඉදම්ම ඔහොම තමයි....ලගදි ඩොක්ට කෙනෙක් වෙන්න ඉන්නව කියල කිසිම අහන්කාර කමක් නෑ....අම්මා ඔහුගේ හොද කියමින් කතා කරන්ට වූවාය.
              මොකද මාලන් කියන්නෙ....රාත්රී නින්දට යෑම සඳහා  ඇදේ දිගාවුනු අක්කා ඇසුවාය.....මාලන් අයියට තාම ගර්ල් ප්රෙන්ඩ් කෙනෙක් නැහැල්ලු අක්කෙ.....එහෙනම් ලස්සන බෝනික්කෙක් තෑගි දුනෙ.....ඇය ඇසුවාය..... නිකන් යාලුකමටලු.....මා දුකෙන් මෙන් පැවසූවිට......නිකන් යාලුකම තමයි දිගටම යන්නෙ.....ඇය සිනාසෙමින් කීවාය.....දේශානි ඉස්සර එයාට කරල කියල තියෙන දේවල් වල හැටියට මාලන් අයිය මට කවදාවත් කැමති වෙයි කියල හිතන්න අමාරුයි අක්කෙ.....මා පැවසුවෙමි...... දේශානිනෙ නංගි ඔයා දේශානි නෙවෙයිනෙ.....ඇය කීවාය.....එහෙනම් මම කවුද....එකවරම ඇසුවෙමි......ඇයි ඔයාට මතක නැතිවුනාද ඔයා ප්රියන්තනෙ......ඇය පැවසූ විට.....මම ඇත්තටම එදා හිටිය ප්රියන්තද අක්කෙ......මා නොදන්නා සේ ඇසුවෙමි......ඔයාට දෙශානි කල කී දේවල් මොකුත් මතක නෑ හැබයි ප්රියන්ත කල කී දේවල් මතක් වෙනව......එහෙම මතක් වෙන්නෙ ඔයා ප්රියන්ත විදියට හිටිය හින්දනෙ ලමයෝ....ඇය කියන්ට වූවාය


කමක් නොමැතිවිය. මා ප්රියන්ත කල පාඩම් කිරීමට සිදුවූවේ තනියම බැවින් බොහෝවෙලාවලදී කම්මැලි සිතුනි. එහෙත් මේ ගැහැනු ලමුන් නිසා එවැනි දෙයක් නොදැනුනි. ඔව්න් නොදන්නා කරුනු මගෙන් අසාගැනීම නිසා පාඩම් මතක තබා ගැනීම සඳහා එයද රුකුලක් විය.

No comments: