Friday, July 19, 2019

අනතුරේ පෙරලිය 74............මාලන් පැවසූ පරිදි පසුදින සවස පැමිනි ඔහු මේ සැරේ කොහේ හරි ට්‍රිප් එකක් යන්නෙ නැද්ද ඇසුවේය. .....හෙට අනිද්ද යන්න හිතාගෙන ඉන්නෙ පුතා......අන්කල්ට කැම්පස් එකේ නිවාඩුවක් ගන්න බැරුවනෙ ඉන්නෙ.....පුන්චි අම්මා පැවසුවාය.....ඇයි ඇන්ටි සැටඩේ සන්ඩේ පුලුවන්නෙ.....මාලන් ඇසුවේය. ....මේ වීක් එන්ඩ් එකේ එයාට කොන්පරන්ස් එකක්ලුනෙ..කී පුන්චි අම්මා...අපි අන්කල් ආවම කතාකරමුකො.... කීවාය.
               මාලන් මල්ලි ස්වීඩන් වලින් ලස්සන බෝනික්කෙක් ගත්ත කියල ආරංචියි......මාලන් අපි සමඟ විහිලු කරමින් කතා කරන අතරතුර අක්කා ඇසුවාය.....අක්ක කොහොමද දන්නෙ... මෙයා වෙන්න ඇති කියන්න ඇත්තෙ.....ඔහු මා දෙස බලමින් ඇසුවේය.....කවුරු කිව්වත් ඇත්තනෙ....අක්කා කීවාය.....කොල්ලො බෝනික්කො පාවිච්චි කරන්නෙ නෑනෙ....කාට දෙන්නද.....ඇය ඇසුවාය......ඒක ලස්සන හින්ද ගත්ත අක්කෙ.....ඔහු පැවසූවිට.....ගර්ල් ප්‍රෙන්ඩ් දෙන්න නේද...සිනාවක් මුව තුල රදවාගෙන ඇසූ අක්කා..මල්ලිට ඒක දෙන්න අක්කල නංගිල නෑනෙ.....කීවාය....ගර්ල් ප්රෙන්ඩ් කෙනෙක් තාම නෑ අක්කෙ....ලැජ්ජා සහගත ලෙස පැවසූ ඔහු..... යාලුවෙකුට දෙන්න.....කීවාය......ගෑනු යාලුවෙක්නෙ....අක්කා කීවාය.....නැතුව පිරිමි යාලුවන්ට බෝනික්කො දැනවයෑ....අක්කේ.....මා පැවසුවෙමි.....ඔහු එයට සිහින් සිනාවක් පලකල අතර කිසිවක් කීවේ නැත.....මොකක්ද ඔයාල ගර්ල් ප්රෙන්ඩ් කෙනෙක් ගැන කතාවෙනව ඇහුන.....කාගෙද....අයියා අපි අසලින් වාඩිවී ඇසුවේය.....මල්ලි දන්නෙ නැති වුනාට දැන් මාලන් මල්ලිට ගර්ල් ප්රෙන්ඩ් කෙනෙක් ඉන්නවනෙ.....අක්කා කීවිට....නෑ..පුදුමයෙන් කී ඔහු....ඇත්තද මචන්......මාලන්ගෙන් ඇසුවේය.....එහෙම කෙනෙක් නෑ බන් මේ අක්කගෙ ඔලුව හොදනෑ.....ඔහු පිලිතුරු දුන්නේය.....නෑ කියන්නෙ කොහොමද ලමයට දෙන්න තෑගිත් අරගෙන.....අක්කා කියනු ඇසුනු අයියා.....මචන් උඹනන් මාර බඩුවක්නෙ....අපිටත් හන්ගනව එහෙනම්....අයියා ඔහුට දොස් කියන්ටවිය.....ඒක යාලුවෙකුට දෙන්න බන් ගත්තෙ.....මාලන් කීවිට....බෝනික්කෙක් ගත්තෙ ගැහැනු යාලුවෙකුට දෙන්න මිසක් පිරිමි යාලුවෙකුට දෙන්න නෙවෙයිනෙ......අක්කා කීවාය......කවුද මචන් කෙල්ල.....අයියා සිනාසෙමින් ඇසුවේය.....එයා නිකන් යාලුවෙක් විතරයි.....මාලන් කීවෙය......ඔච්චර වටිනා බෝනික්කෙක් දෙන්න යාලුවෙක් විතරක් වෙන්න බෑනෙ.....ඊට වඩා එහා ගිය දේකුත් ඇති.....මා කීවෙමි....ඒකනන් ඇත්ත අයියා පැවසුවේය. අපි කෙතරම් උත්සාහ කලද එම ගැහැනු ලමයා කවුදැයි දැනගැනීමට නොහැකිවූ බැවින් එම උත්සාහය අතහැරීමට සිදුවිය .
            බාප්පා පැමිනෙන විට සවස්වී තිබුනි. මේ වනවිටද මාලන් අප සමග සිටි බැවින් අපේ ගමන සම්භන්දව කතා කලෙමු.....මටනම් වීක් එන්ඩ් එකේ එන්නවෙන්නෙ නෑ ඔයාල ගිහින් එන්න....බප්පා කීවේය...අන්කල් එන්නෙ නැතුව කිසි ගතියක් නෑනෙ....මාලන් පැවසුවේය....මට එන්න පුලුවන්කමක් තිබුනනම් එනව...ඒත් මොනව කරන්නද.....ඔහු දුකෙන්මෙන් කීවේය. .......මොනව කරන්නද ලමයිනේ.....වැඩි දුර යන්නෙ නැතුව පාර්ක් එකකටවත් ගිහින් එමු......මේ දවස්වල මල් පිපිල ලස්සනට ඇති.....අම්මා කීවිට අපි සැවොම එයට එකඟ උනෙමු.
            මාලන්ගේ සිත තුල ගැහැනු ලමයෙක් ඇතිබව තේරුම් ගත් බැවින් මට යම් දුකක් හටගෙන තිබුනද බව නොපෙන්වා ඔහුසමග කතාබස් කරන්ට වුන අතර වෙනදා මෙන් ඔහු අසලට වී සිටීමෙන් මග හරින්ට උනෙමි. මේ නිසා මා නිතරම අක්කා අසලම සිටීමට කැමැත්ත දැක්වූවෙමි.
            සෙනසුරාදා උදෙන්ම අපි ලන්ඩන් නගරය සන්චාරය කිරීමෙන් අනතුරුව පාක් එකකට ගියෙමු. එම පාර්ක් එක ලන්ඩන් වල පිහිටාතිබුනු පාර් වලින් එකක්වුන අතර සිත්ගනා සුලු ස්තානයක් විය......මොකද නංගිට ආයෙත් පරන දේවල් මතක් වෙනවද....මා මාලන්ව මගහරින බව තේරුන්ගත්තාක් මෙන් ඇසුවේය.....අනේ නෑ අයියෙ....මට තාම ඒව මතක් වෙන්නෙ නෑ......පැවසූ මා ....ඇයි එහෙම ඇහුවෙ.....ඇසුවෙමි.....දැන් නංගි මීට ඉස්සෙල්ල වගේ නෙවෙයි.....මාව මග හරිනව වගේ තේරුනා ඒකයි ඇහුවෙ.....ඔහු කීවේය.....එහෙම දෙයක් නෑ අයියෙ.....මා කිසිවක් සිදු නොවුනාක් මෙන් පැවසුවෙමි.....එහෙනම් කමක් නෑ.....මට හිතුනෙ ආයෙත් පරන තරහවල් මතක් වෙලා කියල.......ඔහු සිනාසෙමින් කීවේය. මාලන් මට කැමතියි කියන්නෙ නැතුව වෙන ගෑණු ලමයෙක් යාලුකරගත්තෙ. තාම දේශානි ගැන තියන සැකය හින්ද වෙන්න ඇති.....කල්පනා කරන්ටවුනෙමි.
            අපි සතියක් පමන මෙහි ගතකර ආපසු ලංකාව බලා පිටත්වීමට සූදානම් වී මාලන්ටද අපි සමග යෑමට තාත්තා කතා කලේය. අන්කල්ගෙ වියදමෙන් මෙහෙට ආවෙ ආයෙත් අන්කල්ගෙ වියදමෙන් යන්න බෑනෙ....මාලන් එය පරතික්ශේප කරමින් පැවසුවේය.....මාලන්ට වෙන ගැහැනුලමයෙක් හිටියත් කමක් නෑ මෙයා අපිත් එක්ක එනවනම් හොදයි.....කල්පනා කල මා....මොනවද අයියෙ මෙහෙ ආව වගේ අපිත් එක්කම යමුකෝ...... කීවෙමි.....මා එසේ කීවිට කල්පනා කල ඔහු....ඔයාල බල කරන හින්ද එන්නම්.....මාලන් කීවේය. මාලන්ව කිසිම දිනක මට අයිති නොවන බව දැන ගත්තද ඔහු සමඟ ලන්කාවට පැමිනීමට ලැබීම මගේ සිතට සතුටක් ගෙනදුනි.
             අපි ලන්කාවට පැමිණ මසකට පමන පසු මගේ උපන්දිනය යෙදී තිබෙන බව අම්මා මතක් කලාය....දුවගෙ උපන්දිනේ ලගයි නේද.....ඇය ඇසුවාය.......නොවැම්බර්නෙ අම්මෙ.....මා කීවෙමි....නොවැම්බර් වෙන්නෙ කොහොමද මැයි විසි හතනෙ.....පැවසූ ඇය..... මෙයාට උපන්දිනෙත් අමතක වෙලානෙ....සිනාසෙමින් කීවාය....මා උපන්දිනය ලෙස ගනන් බලා තිබුනේ ප්රියන්ත කල උපන්දිනය බව සිහිවූවේ එවිටය......ඒක තමා මට වැරදුනානෙ.......පැවසුවෙමි. මගේ උපන්දින සාදය තරමක් ලොකුවට ගන්නා බව අම්මා පැවසූවිට තාත්තාද එයට කැමත්ත දැක්වූවේය. මේ නිසා මගේ පාසැල් යෙහෙලියන් කිහිප දෙනෙකුටද ආරාධනා  කලෙමි. එහෙත් මාලන්ට ආරාදනා කිරීමට මගේ හිත නොනැමුනේ ඔහුව දැන් මට කවදාවත් අයිති නොවන බව දන්නා නිසාය.


No comments: