අනතුරේ පෙරලිය 71.............අපිට චොකලට් අරන් දුන්නත් ඔහු චොකලට් නොකන බව දැක්ක මා මට ලැබුනු එකෙන් කැබැල්ලක් කඩා ඔහුදෙසට දිගුකලෙමි.....මට එපා ඔයාල කන්න...ඔහු එය ප්‍රතික්ෂේප කරමින් පැවසුවේය......ඇයි ඔයා කන්නෙ නැත්තෙ..... ඇසුවෙමි.....මම චොකලට් වලට එච්චර ආශ නැ....ඒ වුනාට කමක් නෑ මේ කෑල්ල කන්නකො......මා ඔහුට බලකලෙමි.....එපා නන්ගියේ.....ඔහු නැවත කීවේය......කෑවෙ නැත්නම් මම තරහයි.....එම කැබැල්ල ඔහුගේ මුවට ලන්කරමින් කීවෙමි....අනේ එපා නංගි.....ඔහු මගේ අතේ මැනික්ක්ටුව ළඟින් අල්ලගෙන පවසනවාත් සමගම.....එකවර වැටුනු කැමරාවක ආලෝක කදම්බයක් නිසා මා ඒදෙස බැලුවෙමි......ප්‍රංශයේ සිටින දිශ්නි අක්කා අපිව සොයාගෙන ගුවන් තොටුපලට පැමින ඇතිබව දුටුවේ එවිටය. ඇය අත තිබුනු කැමරාවෙන් අපේ චායාරූප ගත්බව පැහැදිලිවිය.....ඔය දෙන්නගෙ ලස්සන පොටෝ එකක් ගත්ත .....ඇය සිනාසෙමින් පවසන්ටවිය.......ඩැන් ඉතින් මම මාලන් අයියට චොකලට් කවන පොටෝ එක ඔක්කොටම පෙන්වයි වගේ....ලැජ්ජාවෙන් කල්පනා කල මා ඇය අසලට ගොස්.....අයිය ආවෙ නැද්ද අක්කෙ.....ඇසුවෙමි.....එයත් එක්ක තමා ආවෙ...එර අතන ඔයාගෙ අම්මයි තාත්තයි එක්ක කතාව.....ඔයාල දෙන්න මෙතන ඉන්නව දැකලයි මෙහාට ආවෙ.....ඇය පැවසුවාය.....මාලන්ද අපි අසලට පැමිනියේය.....මම ආව හින්ද ඔයාල දෙන්නට බාධා උනානේද.... ඇසූ ඇය....අපි අසලින් ඈත්විමට සැරසෙනවිට.....අනේ නෑ අක්කෙ...මාලන් අයිය අපිට චොකලට් අරන් දුන්න ඒ උනාට එයා කන්නෙ නෑනෙ....මා කීවිට....ආ ඒකයි මේ කවන්න හැදුවෙ.....මම මෙතැනින් යන්නම් අතේ තියාගෙන ඉන්නෙ නැතුව් කවන්නකෝ...ගත්ත චායාරූපය නරබමින් පැවසූ ඇය අපි අසලින් දුරස්වූවාය.....හරි වැඩේනෙ මාලන් අයියෙ මේ අක්ක දැන් ඕක හැමෝටම පෙන්වයි....මා ලැජ්ජාවෙන් පැවසූ විට.....ඉතින් මොකෝ....අපි දෙන්න දැන් යාලුවොනෙ.....එය එතරම් ගනන් නොගෙන සිනාසෙමින් පැවසුවේය....ඉතින් මේක කන්නකො...මා කඩාගත් චොකලට් කැබැල්ලා නැවත ඔහුට දීමට උත්සාහ කලත් නොහැකිවූබැවින්....මුවට ලන්කර කෑවෙ නැත්නම් තරහම තරහයි කීවෙමි......එවිට ඔහු එය මුවතුලට ගත්තේ මා අතිනි.....රසයි නේද....ඔහු එය කන ආකාරය බලමින් කීවෙමි......නන්ගිගෙ අතින් කාපු හින්ද රසයි.....ඔහු සිනාසෙමින් කීවේය......ආ එහෙනම් හැම දෙයක්ම මගේ අතින් කවාගනියි.....මා සිනාසෙමින් කීවිට......කියන්න බෑ.....කී ඔහු සිනාසුනේය.
අපි පැරිසියේ හෝටලයකට ගිය අතර අක්කා සහ අයියාද අපි සමග පැමිනියෝය.මෙම ගමනට මාලන් අයියාද එකතුවූ නිසා ඔහු සහ මල්ලීට වෙනම කාමරයක් ලබා දුන් අතර මට අම්මා සහා තාත්තා සමග සිටීමට සිදුවිය.
අලුත් දේවල් මතක් උනාද නංගි .....මා අසලට පැමිනි අක්කා අනිත් අයට නොඇසෙන ලෙස අසුවෙ මා ගැන පරීක්ෂා කිරිමට ඇයට තිබුනු උවමනාව නිසා බව තේරුනි.....අර මම කිව්ව නේද මැරුන ප්රියන්තගෙ නෝට්ස් වගයක් ගෙනත් කියවනව කියල.....මට හිතෙන්නෙ ඒව ලියල තියෙන්නෙ මමමයි කියල.....මා කීවිට....ඔයා ඒකාලෙ ප්රියන්ත හින්ද තමයි එහෙම හිතෙනව ඇත්තෙ...ඇය කීවිට...පුදුමෙ කියන්නෙ අක්කෙ ඒ නෝට්ස් ඔක්කොම මම මීට ඉස්සරත් පාඩම් කරපුව වගේනෙ.....තවදුරටත් කීවෙමි.....ඔව් ප්රියන්ත ගිය අවුරුද්දෙනෙ විභාගෙ කරන්න හිටියෙ ඒ මතකයන් තාම ඔයාගෙ ඔලුවෙ ඇති....ඇය පැවසුවාය.....ඇත්තටම මම ප්රියන්තනම් දේශානිට මොකද වුනේ......ඇසුවෙමි.....එයා ඔයාගෙ තිබුනු ඇගට යන්න ඇති.....ඒ සිරුර මැරුනට පස්සෙ එයත් මැරෙන්න ඇති.....ඇය කීවේය.....එතකොට මම දැන් ඔයාගෙන නංගි කෙනෙක් නෙවෙයිනෙ.....නියම නංගි මැරිලනෙ....ඒකට අක්කට දුක හිතෙන්නෙ නැද්ද.....මා ඇසුවෙමි...සුලුවෙලාවක් කල්පනා කල ඇය.....එයා අපිත් එක්ක හොදට හිටියනම් දුක හිතෙන්න තිබුන.....ඒත් එයාට වඩා ඔයා ගොඩක් හොද හින්ද එච්චර දුකක් හිතෙන්නෙ නෑ....ඒත් දේශානි නංගි සුවර්ගයට යන්න කියල මම නිතරම යාඥා කරනව.....ඇය එසේ පවසන විට යම්කිසි දුකක්ද ගැබ්වී තිබුනු බව තේරුනි......තව ටික දවසක් යනකොට ඔයාගෙ ඇත්ත අතීතය හොදට මතක් වෙයි එතකොට මට කියන්නකො....ඇය ඉල්ලීමක් කලාය.
අපත් සමග දිවා ආහාර ගත් ඔව්න් දෙදෙනා සෑහෙන කාලයක් ගතකර ආපසු ගියෝය. අපගේ මීලග ගුවන් ගමන තිබුනේ ස්වීඩනයයේ තාත්තාගේ හෝටලයටය. මාලන් අයියාද අපිත් සමගම එහෙයන්ට සූදානම් වූයේ තාත්තාගේ සහ අම්මාගේ බලවත් ඉල්ලීමටය.....අයිය හොදනෑ....මා මාලන් ට කිවෙමි....ඒ මොකද....ඔහු පුදුමයෙන් මෙන් ඇසුවේය.....තවපොඩ්ඩෙන් ඔයා අපිව දාල තනිවම එන්ග්ලන්ඩ් යනවනෙ.....මා බොරු තරහක් පෙන්නමින් අමනාපයෙන් මෙන් උරහිස ගස්සා කීවේ අනිකුත් ගැහැනු ලමුන් තුල ඇති හැසිරිම් සහ ගතිගුන දැන් මාතුලද ඇතිබව සනාථ කරමිනි.....මම හින්ද ඔයාගෙ තාත්තට ගොඩක් වියදම්නෙ ලමයො ඒකයි මම තනියම යන්න හැදුවෙ.....ඔහු කීවේය.....ඕකත් තාත්තට ගානක්ද අයියෙ....මා කීවිට දැන් සුවිඩන් වලට ගියාම මොනව ඉලන්නද හදන්නෙ.....ඔහු සිනාසෙමින් ඇසුවේ....ලන්කාවෙන් පිටත්වෙනවිට මා පැරිස් වලින් බැස්ස පසු ඉල්ලන්නම් කී කතාව සිහිකරමිනි...ඒව එහෙට ගියාම කියනම්කො.....මා පැවසුවෙමි....මේවගේ චොකලට්ද....ඔහු ඇසුවේය....කියන්න බෑ ඊටවඩා ලොකු දෙයක් වෙන්නත්පුලුවන්....පවසා සිනාසුනු මා ඊටවඩා ලොකුනෙ අයියෙ....ඔයා අපිත් එක්ක යනඑක අපිටත් පාලු නෑනෙ.....මා කීවෙමි.....ඔයා දැන් හරිම අමුතුයි නංගි......මා දෙස ආදරයෙන් මෙන් බලාසිටි ඔහු කීවේය....ඒ මොකද....ඇසුවෙමි....ඔයාට ඉස්සර මාව පේන කොටත් තරහෙන්නෙ හිටියෙ...ඒකයි......මම දැන් මැරිල අලුතෙන් උපන්න එක්කෙනෙක්නෙ අයියෙ...ඒහින්ද වෙන්න ඇති.....මා සිනාසෙමින් පැවසූවිට.......ඔයාගෙ අක්කල දෙන්න කියන්න වගේ ඔයා වෙනකෙනෙක් ද දන්නෙ නෑ..... ඒත් එයාල ඔය පුනරුපත්තිය පිලිගත්තට මම ඕව පිලිගන්නෙ නෑ......ඒත් මට තේරෙනව ඔයාටනම් මොකක් හරි ලොකු දෙයක් වෙලා තියෙනව කියල....ඔහු මා දෙස සැක මුසුව බලමින් කීවේය.
No comments:
Post a Comment