අනතුරේ පෙරලිය 89.........අකමැති වෙන්න හේතුවක් නෑනෙ....දැනටත් ඒ දෙන්න ගොඩක් ලඟින්නෙ ආස්සරේ කරන්නෙ....තාත්තා පවසනු ඇසුණි......දුවට ඇහුනද තාත්ත කිව්ව දේ.....මා රූපවාහිනිය දෙස බලාගෙන ඔව්න්ගේ කතා බහවලට සවන්දෙමින් සිටිනවිට අම්මා ඇසුවාය.....අම්මලාගේ කැමැත්තක් අම්මේ.....මා පැවසූ විට ....ඒකනෙ මම කිව්වෙ අපේ දුව කැමතියි කියල......තාත්තා සතුටින් සිනාසෙනු දුටුවෙමි.
මගේ පැතුම ඉටුවූ බව දැනගත් මා කාමරය තුලට ගොස් අම්මා සහ තාත්තාගේ අදහස් මාලන් සමග පැවසුවෙමි......අම්මේ... දැන් තමා මගේ ඇඟට ලේ ටිකක් ඉනුවෙ....මට හිතුනෙ ඔයාගෙ ගෙදරින් ගැටලුවක් වෙයි කියල.....ඔහු සතුටින් පැවසුවේය.මා උපන්නාට පසු මගේ මව සහ පියා අහිමිවිය. ඉන්පසු අසරන බාවයට පත්වූ මාව පල්ලියේ පූජක තුමාගේ කරුනාවෙන් මා එහි අනාත නිවසක හැදුනු වැඩුනු අතර මට ඇතිවුනු අපහසු කම් සහ චිත්ත වෙදනාවන් එමට ඇති විය. එහෙත් මා ඒවා අමතක කරමින් හොදින් ඉගෙන ගැනීමට මහන්සිවූ අතර හොද දේව භක්තිකයෙක් බවට පත්වීමට හැකිවිය. මට තිබුනු එම අපහසුතාවන් සියල්ල හමාර කරමින් විශාල අනඅතුරකට මුහුන පාන්ට සිදුවිය. එයින් පසු දින ගනනක් සිහිසුන්ව සිටි මගේ ජීවිතය මෙතරම් විශාල පරිවර්තනයකට භාජනය වේ යයි කිසිවිටක සිතුවේ නැත.එදා කඩවසම් කොල්ලෙක් ලෙස සිටි මා අද රූමත් ගැහැනු ලමයෙකු බවට පත්වීමට වාසනාව උදාවි ඇත.මුලදී ගැහැනු ලමයෙකු වීම කරදරයක් ලෙස සිතුනද කල්යනවිට ගැහැනු කම පිරිමි කමට වඩා සුව පහසු බවක් දැනෙන්ට වූ නිසා ගැහැනු කම ගැන දැඩි කැමත්තක් ඇතිවිය. මට ගැහැනු ජීවිතයට සහ හැසිරීම් රටාවට මෙතරම් ඉක්මනින් හුරුවීමට හැකිවූවේ එම දැඩි කැමැත්ත නිසාය. ඉන්පසු මා ගැහැනු ලමයෙක් ලෙස පිරිමියෙක් ගැන ආදරයක් ඇතිවුවේ මාලන් ගැනය.මා එදා පිරිමි ලමයෙක් ලෙස ගැහැනු ලමයෙකුට ආදරය කිරීමට සිතුනද අද මා ගැහැනු ලමයෙකු ලෙස පිරිමි ලමයෙකුට ආදරය කරමින් ඊට වඩා සුන්දර අත්දැකීමක් විදගන්නා බවතේරුනි.
තවත් මාස කිහිපයකට පසු මා දෙවෙනි වසරට මාරුවූ අතර මාලන් අවසාන වසරට පත්විය. මේ කාලය වනවිට මාලන්ගේ නිවසේ අය සහ අපි අතර කිට්ටු සම්බන්ධතාවයක් ගොඩ නැගී තිබුනේ මාලන් සහ මා තර තිබුනු සම්භන්දතාවය නිසාය.අපි නිතර මාලන්ගේ අයියාගේ නිවසටද ගිය අතර ඔව්න්ද අපේ නිවසට පැමිනෙන්ටවිය. අපි නිවාඩුවට අනිවාරයෙන්ම පුංචි අමාගේ ගෙදර ගිය ගමන් මාලන්ගේ නිවසට යෑමටද අමතක නොකලෙමු. දිනක් මාලන්ගේ පවුලේ සැවොම අපගේ නිවසට පැමිනෙන බව දැනුන් දී තිබුනේ විවාහය ගැන කතා කර ගැනීම සදහාය......ඔයා සාරියක් ඇදල ඉන්නව දෙකලම නෑ..සාරියට ඔයා හරිම හැඩ ඇති..දිනක් මාලන් පවසනු මතක් විය.....මට සාරි අදින්න තේරෙන්නෙ නෑ අනේ....එදින මා කීවෙමි...දැන් තව ඉස්සරහට මෙහාටත් සාරි තමා අදින්න වෙන්නෙ.....දොස්තර නෝන කෙනෙක් උනාම සාරිය ඇදල ලස්සනට පිලිවෙලට ඉන්න ඕනැ.....ඔහු පැවසූ දේ මතක් විය.... එයාල එන දවසට මම මොකක්ද අම්මෙ අදින්නෙ.....අම්මාගෙන් ඇසුවෙමි.....හොද ගවුමක් අරන් එමු.....අම්මා යෝජනා කලේය......මට ආශයි අම්මෙ එදාට සාරියක් අදින්න....මා පැවසුවෙමි....ඒකනම් හොද අදහස....අමමා සිනාසෙමින් කීවේය......අපි හෙට සාරියක් ගන්න යමු.....කී අම්මා සාරි ජැකට් එකකුත් ඉක්මනට මහගන්න වෙයි.....කීවාය. ....පසුදින සාප්පුවට ගිය අපි ලස්සන සාරියක් තෝරාගත් අතර මට හරියන සාරි ජැකට් එක මසා ගැනීම සදහා මහන ස්තානයකට මිනුනඋම් ලබා දුන්නෙමි. ගැහැනු බව ලැබීමෙන් පසු සාරියක් ඇද නොසිටි මට මෙය ඇදගෙන හැඩ බැලීමට දැඩි කැමත්තක් ඇතිවිය.
මා පැතූ පරිදිම මාලන්ගේ ගෙදර අය පැමිනෙන දින සාරියෙන් සැරසීමට වාසනාව උදාවිය. සාරිය ඇදගෙන කනකර ආභරන පැලදූ විට මගේ ලස්සන තවත් වඩිවී ඇතිබව කැඩපත තුලින් දැකගැනීමට හැකිවිය. මෙදින පුන්චි අම්මලාද පැමින සිටි අතර පුන්චි අම්මා සහ අක්කා මගේ රුව වර්නා කරමින් කතා කරන විට මා ගැහැනු ලමයෙකු බවට පත්වීම ගැන තවත් සතුටුවුනෙමි.මා ගැහැනු ලමයෙකු බවට පත්වූ පසු අඳින ලද පලමු සාරියෙන්ම සිරුරට පුදුම සැහැල්ලුවක් දැනෙන්ටවිය.....මට කොල්ලෙක් වෙලා ඉන්නවුනානම් අද මට මේවගේ ලස්සනට සැහැල්ලුවෙන් ඉන්න හම්බවෙන්නෙ නෑනේ.....මා අතීතය සිහිකරමින් කල්පනා කරන අතරතුර සාරියේ හැඩ බලන්ට වුනෙමි.....ඇත්තටම මාව කෙල්ලෙක් උන එක මොනතරම් වාසනාවක්ද.....මාව දේශානී බවට පත්කල දෙවියන් වහන්සේට ස්තූති කරමින් කල්පනා කලෙමි.
මාලන් ඇතුලු පිරිස ගෙදරට පැමිනි පසු මා සාරිය ඇදගෙන ඉදිරියට ගියෙමි......දේශානි දුවව මෙච්චර කාලයක් දැක්කට අදනේ ලස්සන දැක්කෙ.....මාලන්ගේ අම්මා මා දෙස බලා මගේ හැඩරුව ගැන වර්නා කරමින් කතාකරන්ට විය.....මාලන්ද මාදෙස අශාවෙන් බලන අයුරු දුටුවෙමි.
අපේ විවාහ සම්බන්ධයෙන් සියලු දෙනා කතා කරන්ට විය.....අපේ පුතා ඊලග අවුරුද්දෙ අවුට් වෙනවනෙ.....ඊට පස්සෙ රෙජිස්ටර් කලොත් හොදයි කියල මට හිතෙන්නෙ.....මාලන්ගේ තාත්තා කීවේය.....ඔව් ඒක හොඳයි අපේ දුවටත් තව කල් තියෙනවනෙ.....තාත්තාද පැවසුවේය. මේ කතාවෙන් පසු අපේ කසාදය තවත් කල්යනබව තේරුනත් මාලන් සහ මා එයට විරුද්ධත්වයත් නොදැක්වූවෙමු.
No comments:
Post a Comment