අනතුරේ පෙරලිය 80.......මගේ විභාගය ලන්වනවිට මා නොදන්නා විෂයය කරුනු මාලන්ගෙන් දුරකතනයෙන් හෝ අසාගනීමට ලැබීම මා ලැබූ භාගයක් විය. ඉශාරී ඇතුලු පන්තියේ යෙහෙලියන් කිහිපදෙනෙක් අපේ නිවසට පැමින පාඩම් කරන්ටවිය. ඔව්න් සමඟ විහිලු තහලු කරමින් පාඩම් කරනවිට කම්මැලි කමක් නොමැතිවිය. මා ප්‍රියන්ත කල පාඩම් කිරීමට සිදුවූවේ තනියම බැවින් බොහෝවෙලාවලදී කම්මැලි සිතුනි. එහෙත් මේ ගැහැනු ලමුන් නිසා එවැනි දෙයක් නොදැනුනි. ඔව්න් නොදන්නා කරුනු මගෙන් අසාගැනීම නිසා පාඩම් මතක තබා ගැනීම සඳහා එයද රුකුලක් විය.
විභාගය වෙනුවෙන් අපි යෙහෙලියන් කිහිපදෙනා පල්ලියට ගොස් විශේෂ දේව මෙහෙයකට සහභාගීවී දෙවියන්වහන්සේගේ ආශීර්වාදය ද ලබාගත්තෙමු. අවුරුදු දෙකක උසස් පෙල පාඨමාලාව අවුරුදු හතරක පමන කාලයක් ප්‍රගුණ කල බැවින් මට හොදින් විෂයය කරුනු ධාරනය වීම මා දේශානී බවට පත්වීම නිසා ලැබුනු වාසනාවක් සහ භාග්‍යයක් විය.
විභාග දින උදාවූ පසු ලැබුනු ප්‍රස්න පත්‍රය එතරම් අමාරු නොවුනු අතර හැකිතරම් හොදින් පිලිතුරු සැපයූවෙමි.මා ප්‍රියන්ත ලෙස ගියවර විභාගයට පෙනී සිටියානම් මෙතරම් ලෙහෙසියෙන් පිලිතුරු සැපයීමට අපහසු වීමට ඉඩ තිබුනි. විභාගය අවසන්වූ පසු මා සමග පාඩම් කල යෙහෙලියන් කිහිප දෙනාද හොදින් පිලිතුරු සපයා ඇතිබව ඔව්න්ගේ කතා බහෙන් තේරුම් ගැනීමට හැකිවිය.
දුව මේදවස්ටිකේ පාඩම් කරල මහන්සිත් ඇතිනෙ කොහේ හරි විනෝද ගමනක් ගියොත් නරකද.....විභාගයෙන් පසු මා ගෙදරට වී විවේකයෙන් සිටිනවිට අමීර් කාන් රගපාන හින්දි චිත්‍රපටයක් නරබන අතරතුර අම්මා අසුවාය....ඒකනම් හොද අදහස අම්මේ......මාත් මේ කම්මැලිකමේ හිටියෙ.....මා සතුටින් පිලිතුරු දුන්නෙමි.....අපි තාත්තත් එක්ක කතා කරල බලමුකො.....අම්මා පැවසුවාය.
මේ දවස් වල අලුත් ප්‍රොජෙක්ට් එකක් පටන් අරන් තියෙන හින්ද මටනම් ටිකක් බිසියි දුවේ.....එදින රාත්‍රී මාව තාත්තා අසලින් වාඩිකරවාගෙන තුරුලු කරගනිමින් කීවිට අපි කතා කල විනෝද ගමන සම්භන්දව අම්මා තාත්තාට පවසා ඇතිබව තේරුම් ගත්තෙමි...අනේ තාත්තේ....තාත්ත නොගිහින් අපි යන්නෙ කොහොමද.....මා ඔහුට තවත් තුරුලුවෙමින් කනගාටු ස්වරයෙන් කීවෙමි.....මම නොගියට ඔයාල යන්න....ඔයාලට යන්න ඕනැ තැන කියන්න මම ඒ සේරම ලෑස්තිකරල දෙන්නම්.....තාත්තාගේ පිලිතුර විය.......එහෙමන් අපි සිංගප්පූර් යමු.....මෙය අසා සිටි....මල්ලී කීවේය....තාත්ත එන්නෙ නැති එකේ අපිට වෙනරටවලට යන්න බෑනෙ මල්ලි....මා ඔහුට කීවෙමි......අපි කීපාරක් එහෙ ගිහින් තියනවද.... ඇසූ ඔහු....තාත්ත නැතුවට බයවෙන්න දෙයක් නෑ..කීවේය..හරි.. හරි...මම ඒකට හොඳ ට්‍රැවල් ඒජන්සි එකක් අල්ලාල දෙන්නම්කො....තාත්තා පැවසුවේය....තාත්තත් යන්නෙ නැති එකේ ඊට වඩා හොද නැද්ද නුවරඑලියෙ පැත්තෙ යන එක.....කාලෙකින් ගියෙත් නෑනෙ....අම්මා යෝජනා කලාය.....ඒකනම් හොදයි අම්මෙ....මා පැවසුවේ මෙතෙක් කලක් නුවරඑලිය පලාතේ ගොස් නොතිබුනු බැවිනි.....එහෙත් හොදයි....මල්ලීද කැමතිවිය.
ඉශාරිටද මෙම ගැන සම්භන්ධව දැනුම් දුන් අතර ඇය සහ ඇගේ අම්මාද පැමිනීමට පොරොන්දුවු වූවාය.....අම්මේ මාලන් අයියටත් කිව්වොත් එයත් එයිද දන්නෙ නෑ.....මා අම්මාගෙන් ඇසුවෙමි....තාත්තත් නැති එකේ ගැහැනු ලමයි යන ගමනට කොල්ලෙක් යන එකනම් ඒතරම් හොද දෙයක් නෙවෙයි...ගැටලුකාරී ලෙස කල්පනාකරමින් කී අම්මා.....කොයි එකටත් තාත්තගෙන් අහල බලමු..... කීවාය.
මාලන් කියන්නෙ නරක ලමයෙක් නෙවෙයිනෙ මැටිල්ඩා යනවනම් අහල බලන්න.....අම්මා තාත්තා ගෙන් මේ ගැන ඇසූ විට ඔහු පැවසුවේය...මාලන් අපි සමග යනවාට තාත්තාගේ විරුද්ධතාවයක් නොදැක්වූ බැවින් එදිනම ඔහුට මේ ගමන ගැන දුරකතනයෙන් කීවෙමි.....මගේත් එක්සෑම් එකත් ඉවරයි....කී ඔහු.....දැන් කවද්ද යන්න හිතාගෙන ඉන්නෙ.....ඇසුවේය....තාම දිනයක් නෑ අයියෙ....අයියට නිවාඩු දිනයක් කියන්න....ඇසුවෙමි...මටනම් වීක් එන්ඩ් වල තමා පුලුවන් ඔහු පැවසුවේය......එහෙනම් වීක් එන්ඩ් එකේ ලෑස්ති කරගන්නම්....පැවසූ මා අම්මාට කීවෙමි.
මාලන් පැවසූ පරිදි අපි සති අන්තයේ නුවරඑලියේ සංචාරය කලෙමු. අපේ මුලු වියදමම තාත්තා විසින් දැරූ අතර නතරවූයේ සුඛෝපබෝගි හෝටලයකය.මෙම සන්චාරය දවස් දෙකකට සීමා වූවද අපි ඉතාමත් විනෝදයෙන් ගතකලෙමු. මාලන්ගේ විහිලු තහලු නිසා අපි සිනාසුනු වාර අනන්ත විය. මෙම සංචාරය නිසා මාත් මාලනුත් අතර ඇති හිතවත් කම තවදුරටත් වර්ධනය වූ බව දැනෙන්ට වූ අතර මාලන්ට ඇත්තේ මාගැන ආදරයක්ද එසේ නැතහොත් යහලු කමක් දැයි තවමත් දැනගැනීමට නොහැකිවිය. ඔහු මාගැන ආදරයක් ඇති නොවන්නේ දේශානී ඔහුට කල අපහාස සහ බැනුම් තවමත් මතක තිබෙන නිසායයි මා කල්පනා කරන්ට වුනෙමි.
මාස කිහිපයකින් පසුව අපේ විභාග ප්‍රතිඵල නිකුත්වී තිබුනි. මාත් ඉශාරිත් උසස් ලෙස සමත්වී තිබුනු අතර තවත් යෙහෙලියන් කිහිපදෙනෙක්ද සමත්වී තිබුනි......අපි හිතුවට වඩා හොදට දුව පාස් වෙලානෙ...තාත්තා සතුටින් කියන්ටවූවාය...දුව ඇක්සිඩන්ට් නොවී හිටියනම් මම හිතන්නෙ නෑ මේතරම් හොදට පාස්වෙයි කියල......ඒ දවස්වල මෙයා ඉගෙනගන්න හොරයිනෙ.....ඒකෙන් පස්සෙනෙ හොද ලමයෙක්වුනේ...අම්මා කියනවිට.....ඒදවස්වල හිටියෙ දේශානි වුනාට දැන් ඉන්නෙ ඒ දේශානි නෙවෙයිනෙ ඒකනෙ මෙහෙම පාස්වෙන්න පුලුවන්වුනේ.......මා සිතින් කිවෙමි. මාලන්ට මෙම පණිවිඩය පැවසූ විට බෙහෙවින් සතුටු වූ ඔහුඅපිට කොළඹ වෛද්‍ය විද්‍යාලයට ඇතුලුවීමට හැකිවන බව දැන්වීය. මාලන් පැවසූ පරිදිම මටත් ඉශාරිටත් කොළඹ වෛද්‍යවිද්‍යාලයට ඇතුලුවීමට වරම් ලැබුනි.
No comments:
Post a Comment