අනතුරේ පෙරලිය 68.............පසුදින මා පාසැල් ගොස් පැමිණ ටික වෙලාවකින් මාලන්ගෙන් ඇමතුමක් ලැබුණි.....අද මොනව කියන්නද දන්නෙ නෑ......අක්ක මා ගැන මොනවහරි කිව්වද දන්නෙත් නෑ.....කල්පනා කරමින් හලෝ කීවෙමි.....අනේ සොරි නංගි ඊයෙ මම ඔයාට කෝල් එක ගන්න කොටම මෙතෙන්ට මගෙ යාලුවෙක් කඩාගෙන වැටුනනෙ....ඒකයි ඉක්මනට තිබ්බෙ.....ඔයාගෙ අක්ක මට කිව්ව මම වැඩිය කතාකලේ නෑ කියල අඩනව දැක්ක කියල......නන්ගිට දුක හිතුනද....ඔහු අසන්ට විය.....නෑ... නෑ... අයියෙ....ඒ අක්ක දැක්ක හැටිවෙන්න ඇති....ඔහු එසේ ඇසූවිට ලැජ්ජාවට සහ කලබලයට පත්වූ මා පැවසුවෙමි. ......බොරු නේද කියන්නෙ....ඇසූ ඔහු....ඔයා දැන් ඒ ඉස්සර හිටිය දෙශානි නෙවෙයිකියල සචිනි අක්ක ඊයෙත් මා එක්ක කිව්ව....ඒක මටත් දැන් තේරෙනව.....ඔහු කියන්ටවිය....මාත් දන්නෙ නෑ අයියෙ මට මොකද වුනේ කියල....මා කියනවිට.....මන්නම් දන්නව...ඔහු සිනාසෙමින් කිවේය....ඒ මොකක්ද.....එදා ඇක්සිඩන්ට් එක වෙලාවෙ ඔයාගෙ මොලේ අනිත් පැත්ත ගහල ඒකයි.....ඔලුවෙන් හිටගන්න එහෙම යන්න එපා ආයෙත් නියම පැත්තට හැරෙයි..... ඔහුගේ සුපුරුදු විහිලුවලින්.... පවසන්ටවිය......එහෙම උනානම් මාව මැරෙනවනෙ....අයියෙ.....මා කීවෙමි.....නංගිගෙ දැන් තත්වෙ හැටි බලනකොට මැරිල ඉපදිලා වගේ තමයි.......කීවේය.....අනේ මන්ද අයියෙ මටත් හිතාගන්න බෑ....මා පැවසුවෙමි.....ඇත්තටම නංගි ඔයා දැන් වෙන කෙනෙක්ද.....ඔහු එකවරම ඇසූවිට....මම ප්රියන්ත කියල අක්ක මෙයාට කිව්වද දන්නෙ නෑ.....සැක සිතුනු මට කිසිවක් කියාගත නොහැකිවිය.....ඔක්කොමල මගෙන් ඕකම තමා අහන්නෙ....ඒත් මම දන්නෙ නෑ අයියෙ......මා පිලිතුරු දුන්නෙමි.....ඔයා වෙනකෙනෙක් වෙලානම් එයා හුගක් හොද කෙනෙක්.....ඉස්සර ඔයත් එක්ක මෙහෙම කතාකරන්න බෑනෙ.....එදා බැන්න ටික නම් මට තාම මතකයි....ඒත් ඔයා දැන් වෙන කෙනෙක් වෙලානම් ඒ දේශානි දැන් මෙහෙ නෑ කියල හිත හදාගන්න පුලුවන්.....ඔහු පවසන්ටවිය......දැන් ඒ දේශානි නෑ කියල මටත් හිතෙනව අයියෙ.....ඒ හින්ද හිත හදාගන්න.....මා පැවසුවෙමි.....හරි හරි මම හිත හදා ගන්නම්.....සිනාසෙමින් කී ඔහු.....ඔයාලගෙ විභාගෙ මේ අවුරුද්දෙ නේද තියෙන්නෙ.....ඇසුවාය.....ඔව් අයියෙ තව මාස කීපයයි තියෙන්නෙ..... පැවසුවෙමි.....හොදට විභාගෙ කරල ෆස්ට් ටයිම්ම මෙඩිකල් කොලේජ් එන්න......මාත් හිතාගෙන ඉන්නෙ එහෙම තමයි ඒත් මොනව වෙයිද කියල කවුද දන්නෙ......මා කීවෙමි......මට ආරන්චි හැටියටනම් ඔයා තමයි පන්තියෙ ඉන්න බ්රයිට්ම පොර කියල.......අයිය කොහොමද ඒක දන්නෙ......මා පුදුමයෙන් ඇසුවෙමි....කොහොම හරි දන්නවනෙ.....අනේ අයියෙ කොහොමද දැනගත්තෙ කියල කියන්නකො.....මා නැවත ඇසුවෙමි.....ඔයා දන්නවද සජානි ටිච....ඔව් අපිට පිසික්ස් කරන්නෙ ඒ ටීච තමා..... කී මම අයිය කොහොමද දන්නෙ....ඇසුවෙමි.....ඒ ටීච මගෙ නැන්දනෙ.....මම මේ ඊයෙ පෙරෙයිද දැන ගත්තෙ එයා ඔයාට උගන්වනව කියල.....ඒ කොහොමද.... අයිය මා ගැන ඇහුවද.... ඇසුවෙමි...මම ඔයා ගැන මොකුත් ඇහුවෙ නෑ.....ඔයා ඉන්ග්ලන්ඩ් වලින් ගත්ත නේද තෑගි භාන්ඩ වගයක් ඒ එකක් එයාගෙ ගෙදර තියෙනව දැකල මම ඇහුව කොහෙන්ද හම්බවුනේ කියල....එත කොට තමා ඔයා ගැන විස්තර කිව්වෙ.....අම්මෝ ඔයා ගැන පුදුම වර්නනාවක්නෙ කලේ....ඔහු සිනාසෙමින් කීවේය.....එයත් කියන්නෙ ඔයා ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ අමුතුම කෙනෙක් වෙලා කියල.....උගනන්න ඉස්සෙල්ල උත්තරේ කියනවලු....එයානම් කියන්නෙ ඔයාට උගන්නන්න දෙයක් නෑ කියල....ඒ ටීච හොදට උගන්නන හින්ද මට හොදට තේරෙනව....ඒක වෙන්න ඇති එහෙම කියන්න ඇත්තෙ.....මීට කලින් මා මේවා පාඩම් කර ඇතිබව නොකියා පැවසුවෙමි.....කමක් නෑ කොහොම හරි පලවෙනි පාරම කොළඹ ටම එන්න ට්‍රයි කරන්න.
මෙලෙස සෑහෙන වෙලාවක් කතා කරමින් සිටි අපි සංවාදය විසන්දි කලෙමු.....දුරකතනය මේසය මත තැබූ මා මෙතෙක් වෙලා මාලන් සමග කතා කිරීමට ලැබීම ගැන අත්දෙක උඩට උස්සමින් සතුටින් සිනාසෙනවිට....මොකද අක්කෙ ලොකු ජොලියක් ගිහින් වගේ......දොර අසලසිට මා දෙස බලා සිටි මල්ලී ඇසුවාය....නෑ මල්ලි මේ...මේ....සචිනි අක්ක කතා කලානෙ....කිසිවක් කියා ගැනිමට නොහැකිවූ මා ගොතගසමින් කීවෙමි.....සචිනි අක්කද එහෙම නැත්නම්.....කී ඔහු එතැනින් කතාව නවත්වා.....ලැප් එක පොඩ්ඩක් යූස් කරන්න ආවෙ.....කීවේය.....ප්රියන්ත කල මා භාවිතාකල පරිඝණකය ඔහුට පරිහරනය කිරීමට දී තිබුනත් එය භවිතා කිරීමට ඉඩදී තිබුනේ මා ඉදිරි පිටදී පමනි. ඔහු එම නීතිය අකුරටම පිලිපදින්ට වූ නිසා මෙතෙක් කිසිම ගැටලුවක් වී නොතිබුනි....
මාලන් මා ස්මග ඉතාම සුහද සිලීව මෙතරම් දීර්ග වෙලව කතා කිරීම ගැන සතුටට පත්වූ මා මේ ගැන සචිනි අක්කාට පැවසීමට වෙලාව එනතෙක් බලා සිටියෙමි. රාත්රී හත පමන වනවිට අක්කාගෙන් ඇමතුමක් ලැබුනි.....එහෙත් එකවරම මාලන් ගැන නොකියා සිටියේ ඔහුගැන කීමට සිතතුල තිබුනු ලැජ්ජා සීලී බව නිසාය.....මාලන් අයියට කතා කලාද නංගි ටික වෙලාවකින් ඇය ඇසුවාය.....එයා කතාකලා අක්කෙ.....ඉතින් මොනවද කිව්වෙ..ඇය ඇසූවිට.....අක්ක කිව්වද එදා මම ඇඩුව කියල....ඇඩුවෙ ඇයි කියල ඇහුව.....කෙල්ලෙකුගෙන් එහෙම අහන්න දෙයක් තියනවයෑ....ගත්ත ගමන් වචනයක් දෙකක් කතාකරල පෝන් එක තිබ්බම කෙල්ලන්ට දුක හිතෙන බව එයා දැනගන්න ඕනැනෙ.....කොල්ලන්ගෙ හැටි ඔහොමම තමයි.....ඇය දොස් කියමින් පවසන්ටවූවාය.....අනේ පවු අක්කෙ මාලන් අයියට දොස් කියන්න එපා.....ඒ වෙලාවෙ කවුද යාලුවෙක් ඇවිල්ල......මා කීවිට.....ඉතින් පස්සෙ හරි කතා කරන්න තිබුනනෙ....ඇය කීවාය.
No comments:
Post a Comment