Friday, July 19, 2019

අනතුරේ පෙරලිය 64............සති තුනක පමණ සංචාරය නිමවූ අපි නැවත නිවසට පැමිනියෙමු.මැවැනි සංචාරයකට මට සහභාගී විමට වාසනාව උදාවූවේ මාව මෙලෙස දේශානී නමැති තරුණිය බවට පත්වීම නිසාය. මා පිරිමියෙකුව සිට ගැහැණු ලමයෙකු බවට පත්වීම මගේ අවාසනාවක් නොව වාසනාවක් ලෙස දැනෙන්ටවිය. මට ලැබුනු මෙම ගැහැණු ජීවිතයට තිබුනාවූ පිරිමි ජීවිතයට වඩා බොහෝසේ ඇලුම්කිරීමට පටන් ගත්තේ එහි තිබුනු අමුතුම සුන්දරත්වය නිසාදැයි කල්පනා කරන්ට වුනෙමි. දේශානී නොයෙක් ආකාරයට රූපලාවන්‍ය භාවිතාකරමින් සිරුර අලංකාර කරගෙන සිටිබව චායා රූපවලින් සහ නොයෙක් දෙනාගේ කතාබහවලින් දැනගැනිමට ලැබුනත් මා එතරම් එවැනි දේට පෙලබුනේ නැති අතර මට අවශ්‍යය වුයේ සාමාන්‍යය ලෙස රූපලාවන්‍ය භාවිතා කරමින් හැකිතරම් මගේ සිරුරේ තිබුනු ස්වාභාවික ලස්සන සහ සුන්දරත්වය මතුකර ගැනීමටය.මා කොන්ඩය නොකපා එය වැවීමට පටන්ගත්තේද නිසාය. දේශානි ලිංගික ආශාවන් ඇවිස්සෙන සුලු ඇදුම් ඇද සිටියත් මා විනීත ඇදුම් පැලදුම් ඇදීමට පටන් ගත්තෙමි. මාගේ මෙම අලුත් පුරුදු නිසා සහ ගතිගුනවල වෙනස් කම් නිසා සැමගේ ආදරය මාවෙත ලබා ගැනිමට හැකිවිය......ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ අපේ දුව ගොඩක් වෙනස්වෙලා.....ඉස්සර තිබුන නරක ගති දැන් මොකුත්ම නෑ.....අම්මා නිතර පවසනු ඇසුනි.
                 නත්තල් දින අපිට පල්ලි යෑමට හැකිවූවේ නත්තලට පෙර ලංකාවට පැමිනීමට හැකිවූ නිසාය.....නත්තල වෙනුවෙන් මල්ලී ගවමඩුවක් නිර්මානය කල අතර මාද එයට උදවු උපකාර කරන්ට වුනෙමි. ඉස්සරනම් අක්ක මේවට බනිනව.....මල්ලී පැවසුවේය..... මොකටද....මා ඇසුවෙමි...ඇයි අක්ක කියපුව මතක නැද්ද.....මේව ඇති වැඩක් නැතිලු.....මේව ඔක්කොම බොරුවැඩලු....දෙවියො කියල කෙනෙක් නැතිලු....ජෙසු කියල කෙනෙකුත් හිටියෙ නැතිලු...පවසා සිනාසුනු ඔහු......දැන් අක්කම....දෙවියොත් ඉන්නව ජේසුත් ඉන්නව කියල මේ වැඩටත් උදවුවෙනව.....පැවසුවේය.....ඔහොම තමයි මල්ලි.....කෙනෙකුට කරදරයක් වෙන්න ඕනෑ ඕව සිහිවෙන්න......මා මෙලෙස පැවසුවත්...දේශානි හිටිය විදියටනම් මොනම කරදරයක් ආවත් එයානම් මේව විශ්වාස කරන්නෙ නෑ කියල මම දන්නව..... .....එහෙත් මා දැන් දේශානි නොවන බව මෙයාල දන්නෙ නෑනෙ.....සිතන්ට වුනෙමි.
                 මෙම නිවසේ නත්තල් පාටි පවත්වන බව දැනගත්තේ එදින රාත්‍රියේ නත්තල් දේව මෙහෙය සඳහා  පල්ලියට ගොස් පැමිනෙන අතර තුරය.දින දෙක තුනක්ම නිවස තුල නත්තල් සැනකෙලි ස්වභාවයක් දිස්විය.මාගේ මිතුරියන් කිහිපදෙනෙකුටද මේ සඳහා ආරාධනා  කලෙමි. ලස්සනට සැරසුනු ගැහැණු ලමුන් අතර මටද සුරූපී ගැහැණු ලමයෙකු ලෙස සහභාගී වීමට ලැබීම මගේ ජීවිතයේ ලැබුනු තවත් වාසනාවන්ත සිද්දියක් විය. මේ උත්සව නිසා ගැහැණු  ලමයෙක් ලෙස මටද ලස්සනට සැරසී සිටීමට සිදුවීම සාමාන්‍ය දෙයක් විය. දිනපතා  නොයෙක් ආකාරයට මසා තිබුනු වටිනා ඇදුම් ඇදීමට සිදුවිය. සැමදෙනාම මගේ ගතිගුන සහ රූප ස්වභාවය වර්නා කරමින් කතාකරන්ට විය....මම ප්රියන්ත විදියට හිටියනම් මෙචර ලස්සනට ඇදුම් අදින්න පුලුවන්ද.....මේවගෙ ගැහැනු ඇදුම් අදිනකොට මාව කොච්චර ලස්සනට පේනවද.....කොයිතරම් සැහැලුවක් දැනෙනවද....ඇත්තටම මේ ගැහැනු කම කොයිතරම් සුන්දරද....නිතර මා කන්නාඩියෙන් මගේ හැඩබලමින් කල්පනා කරන්ට වුනෙමි.
                 ජනවරි පලමුදින උදාවූ බැවින් අපි පල්ලි ගියෙමු. යාඥා වෙන් පසු මට පියතුමා මුනගැසීමට හැකිවිය....කොහොමද සංචාරය හොදයිද.....එතුමා ඇසුවේය......හුගක් එන්ජෝයි කලා පාදර්.... මා සතුටින් පැවසුවෙමි.....ඔයා ගැහැනු ලමයට උදවු කරන්න ජිවිතය ගැනත් නොතකා පාරට පැන්න හින්දනෙ මේ ඔක්කොම වාසනාව ලැබුනෙ...ඕක තමයි කියන්නෙ කෙනෙක්ට උදවු කරන කොට දෙවියන් වහන්සේ කෙනා දෙස බලනව කියන්නෙ......කී එතුමා.....ඔයා ගැහැනු ලමයෙක් උන එක තමයි තියෙන එකම ගැටලුව...මාව ගැහැනු ලමයෙක් බවට පත්වීම ගැන කනගාටුවෙන් කතා කරන බව තේරුනි.....අනේ එහෙම එකක් නෑ පාදර්....මම මේ ගැහැනු ජීවිතේට හුගක් කැමතියි.....කොල්ලෙක් වෙලා හිටියට වඩා මේ ජීවිතේ හොදයි පාදර්.....මා පැවසූ විට එහෙනම් කමක් නෑ සිනාසෙමින්  පවසා.....ආශීර්වාද කලේය.
                 පාසැල් නිවාඩු කාලයද ගෙවී ගොස් නැවත අලුත් අවුරුද්ද සඳහා නව පන්ති ආරම්භවිය. එංගලන්තයෙන් රැගෙන පැමිනි තෑගි යහලුවන් අතර බෙදා දෙන විට ඔව්න් සතුටින් ඉපිලෙන අයුරු දැකගැනීමට ලැබුනි...මම ප්‍රියන්ත කාලෙදි යාලුවන්ට මේවගෙ තෑගි දෙන්න මට වත්කමක් තිබුනෙ නෑනෙ.....අද මම දේශානි බවට පත්වෙලා හින්ද... ඒකෙනුත් මොනතරම් සතුටක් ලබනවද....කල්පනා කලෙමි.

                   මාගේ උසස් පෙල විභාගය මේ වසරේ මැද භාගයේ පැවැත්වෙන බැවින් අපිට පාඩම් කටයුතු සදහා කාලය වැය කිරීමට සිදුවුවද. මා මීට පෙර මෙම පාඩම් මාලාව සම්පූරන කරගෙන සිටි බැවින්  මට තිබුනේ නැවත මතක් කර ගැනීම පමනි.මේ අතර මට අමතක කිරීමට නොහැකිවූ චරිතයක් වුයේ එංගලන්තයේදී හදුනාගැනීමට ලැබුනු මාලන්ය. අපි ලංකාවට පැමිණ සති දෙකකින් පමන පසුව ඔහුද ලංකාවට පැමිණි බව ආරංචිවිය

No comments: