අනතුරේ පෙරලිය 73............ගමන අතරමගදී මාලන් ගේ නිවසට ගියේ ඔහුව ගිහින් ඇරලීම සඳහාය. ඔහුගේ නිවසට ගොඩවූ අපිට ඔවුන්ගෙන් තේ පැන් සංග්‍රහයක්ද ලැබුනි.මාලන් වෙනුවෙන් මෙතරම් මුදලක් වියදම් කිරීම සම්බන්ධව ඔහුගේ තාත්තා කතාකරනු ඇසුනි.....ඇයි මිස්ට විජේ අපේ පුතා වෙනුවෙන් මෙච්චර විශාල මුදලක් වියදම් කලේ.....පුතා කියනව එයාටත් මොකක්ද වගේලු......ඕව මොනවද මිස්ට ක්ලිපඩ්.....මේ පුතත් මගේ පුතෙක් වගේ තමයි.....තාත්තා සිනහසෙමින් පැවසූවේ වියදම් වූ මුදල ගැන එතරම් නොතකමිනි.....මිස්ට විජෙට ....ගොඩක් තෑන්ක්ස්......ඔහු තාත්තාට ස්තුති පූර්වකව පැවසීය. මාලන් පමනක් නොව ඔහුගේ පවුලේ අයද අපේ ගෙදර අය හොඳින් ඇසුරුකරන බව මෙහිසිටින කාලය තුල දැනගැනීමට ලැබුනි.එහෙත් මාලන්ගේ අම්මා තාත්තා මාව එතරම් මායිම් නොකර මල්ලී සමඟ සුහදව කතාකිරීම මගේ සිතට තරමක දුකක් ඇතිවිය....මිසිස් චාරුනී දන්නෙ නෑනෙ.....අර ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ අපේ දුව අමුතුම කෙනෙක් වෙලානේ......ටික වෙලාවකට පසු අම්මා මාව පෙන්වමින් මාලන්ගේ අම්මාට කීවේය.....ඒක තමයි මටත් තේරුනා දුව වෙනද වගේ නෙවෙයි කියල.....වෙනදට මෙහෙ ආවහම අහක බලාගෙන ඉන්න දුව..ආපු ගමන්ම අපිත් එක්ක හිනාවුනානෙ.....ඇය පවසන්ට වූවාය....එදා සිහි නැතිවුනාට පස්සෙ පහුගිය දේවල් කිසිදෙයක් මතක නෑනෙ.....මේ හිටියට ඔයාලව මතක නැතුව ඇති.....අම්මා කීවාය.....ඇත්තද දුවේ....මාලන්ගේ අම්මා අසුවාය......මතක නෑ ඇන්ටි.....මා පිලිතුරු දුන්නෙමි.....දුවට තිබුන ඒ නරක ගතිගුන අමතක කරල හොද කෙනෙක් වෙනවනම් අපිටත් සතුටුයි......ඇය සිනාසෙමින් කීවාය. මාලන් මෙන්ම ඔහුගේ නිවසේ අයද දේශානි ගැන තිබුනු නරක අදහස් දැන්වත් අඩුවීම ගැන සතුටුවුනෙමි.
ටිකවෙලාවක් ඔවුන් සමග ගතකර පිටත්වීමට සූදානම් වනවිට මා ඔව්න්ට ආචාර කලෙමි.....ඔය පහුගිය දේවල් ආයෙත් මතක් කරන්නෙ නැතුව දැන්වත් හොද ලමයෙක් වෙන්න දුවේ.....මාලන්ගේ අම්මා මගේ මුහුන සිපගනිමින් පැවසුවාය. .....මම හෙට හවස්වෙලා ඒ පැත්තෙ එනව.....මාලන් අයියාට පවසනු ඇසුනි.....වරෙන් වරෙන්....උබ නැතුව සොමියක් නැනෙ.....අයියා පැවසුවේය.
මාලන්ගේ නිවස තිබුනේ පුංචි අම්මාගේ නිවසේ සිට කිලෝමීටර දෙකක් පමන දුරින් බව පුංචි අම්මාගේ නිවසට ලගාවනවිට තේරුනි.....මින් පෙර මා මෙම නිවසට පැමිනෙන විට සුදු පැහැති හිමෙන් වැසී තිබුනු නිවසේ බිත්ති ගඩොල් පැහයෙන් දිස්වුනු අතර වහලය සෙවිලිකර තිබුනු සීට්ද පැහැදිලිව පෙනුනි.....මිදුල පුරා රෝස ගස් වවා තිබුනු අතර ඒවා නොයෙක් වර්නයේ රෝස මල් වලින් පිරී තිබුනි. මේ කාලයේ එතරම් සීතලක් නොමැති බැවින් හිමට අදින ඇදුම් ඇදීමට අවශ්‍ය නොවුනත් ස්වීටරයක් ඇදීමට අවශ්‍යය වූයේ සාමාන්‍ය සීතලක් ඇති නිසාය.
ගියවර මෙන් අක්කාගේ කාමරය තුලට ගිය මා ඇදුම් මාරු කර ගත්තෙමි.....සුලු වෙලාවකින් මා අසලට පැමිනි අක්කා......දිශ්නි අක්ක එව්ව පොටෝ එක පෙන්වන්නද අසා පරිඝණකය ක්රියාකරවන්ට වූවාය......මේ තියෙන්නෙ පොටෝ එක....මා එය දෙස බලනවිට.....එදා ප්‍රංශයේ දී මා මාලන්ට චොකලට් කැබැල්ල කැවීමට ගන්න උත්සාහය සටහන් වී තිබුනි....මම දැනගත්ත එවෙලෙ දිශ්නි අක්ක පොටෝ එක ගන්න කොට මේවගෙ වැඩක් කරයි කියල....මා අමනාපයෙන් මෙන් කීවෙමි......දැන් දෙන්නගෙ හොරේ අහුවුනානේ.....අක්කා සිනාසෙමින් පැවසුවාය.....මාලන් අයිය චොකලත් කන්න කැමති නෑ කිව්ව හින්ද කෑල්ලක් බලෙන්ම කවන්න හැදුව එච්චරයි සිද්දවුනේ....මා ඇත්තම කීවෙමි....කොහොම හරි චොකලට් එක කවල කොල්ලව අල්ල ගත්තනේ..... කී අක්කා නැවත සිනාසෙන්ට විය....එහෙම දෙයක් අපි අතරෙ නෑ අක්කෙ.....මා පැවසුවෙමි......නැහැයි කියල මේ පොටෝ එකෙන්ම පේනව......මා පැවසූ දෙය විශ්වාස නොකරමින් පැවසුවාය.....අක්ක මේ මොනව කියනවද මන්ද.....මාලන් අයියට මාව නැතිවුනාට වෙන ගර්ල් ප්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නව......මා දුකෙන් මෙන් පැවසූවිට....වෙන්න බෑ...එහෙම එක්කෙනෙක් ඉන්නවනම් මාත් එක්ක නොකිය ඉන්නෙ නෑ......අක්කා විශ්වාසයෙන් යුක්තව පැවසුවාය......නැත්තෙ මොකද අක්කෙ.....අක්කට කියන්න ලැජ්ජ ඇති....ඒකයි කියන්නෙ නැත්තෙ.....මා පැවසුවෙමි....නංගි කොහොමද ඒ ගැන හරියටම දන්නෙ.....ඇය ඇසුවාය......මම කොහොමහරි දැනගත්තනෙ...කීවෙමි....... ඔයාට වැරදිලාද කොහේද නංගි ....ඔයා කොහොම කිව්වත් මට විශ්වාස නෑ.....ඇයගේ අදහස ස්ථීරකරමින් පැවසුවාය....එහෙනන් එයා සුවීඩන් වලදි ලස්සන බෝනික්කෙක් ගත්තෙ මොකටද...... ඇසූ මා.....එයාට නංගිල ඉන්නවද....තවදුරටත් ඇසුවෙමි....මාලන්ට ඉන්නෙ අයිය කෙනෙක්නෙ....එයා ජොබ් කරන්නෙ යූ එස් ඒ වල......පැවසූ ඇය.....අම්මට දුවල නැති හින්ද බෝනික්කෙක් ගේන්න කිව්වද දන්නෙ නෑ.....ටිකක් කල්පනාකල අක්කා පැවසුවාය.....ඉතින් එයාට කියන්න ඕනෑ බෝනික්කො ගේන්න කියල.... මෙහෙ සාප්පුවල ඕනැ තරම් තියෙන්නෙ......මා පැවසූ විට ඇය කල්පනා කරන්ට වූවාය.....
No comments:
Post a Comment