අනතුරේ පෙරලිය 76...........සියලු දෙනාම අතරින් මාලන්ගේ මුහුන දිස්විය.....මාලන් අයියෙ ඔයා.....මා බලාපොරොත්තු නොවුන ලෙස ඔහුව දැකීමෙන් පුදුමයට පත්වූ මා හයියෙන් ඇසුවෙමි.....මාත් වෙලාවට ආවෙ.... සිනාසෙමින් පැවසූ ඔහු ....පත්තු කරන්න....පැවසුවෙය....මා ඔහුට ආරාධනා නොකලත් අම්මා හෝ තාත්තා ඔහුට ආරාධනා කරන්ට ඇතිබව සිතමින් ඉටිපන්දම් දැල්වූවෙමි....සුයලු දෙනාගේම මුවෙන් නික්මුනු හැපි බර්ත්ඩේ....හඩ මධ්‍යයයේ ගිනි දැල් නිවූ මා කේක් කැබල්ලක් කැපුවෙමි......මගේ දැමාපියන් නැතිවූ පසු දැන් ලැබී සිටි නව දෙමාපියන් දෙපලට කේක් කැවූ මා මල්ලී සහ අනිකුත් ළඟම නෑදෑයන්ටද කැබැල්ල බැගින් කවා මාද කෑවෙමි....මම දැනගෙන හිටියෙ නෑනෙ නංගිගෙ බර්ත්ඩේ එක මෙච්චර ලොකුවට අරන් කියල....ඔහු අතේ තබාගෙන සිටි ලස්සනට පාර්සල් කර තිබුනු විශාල තෑගි පාර්සලයක් මා අතට දෙමින් පැවසුවේය.තෑගි පර්ශලය විශාලවුවද එතරම් බරක් නොදැනුනි......මාත් මේතරම් ලොකු පාටියක් කියල දැනගෙන හිටියෙ නෑ අයියෙ.....අම්මගෙයි තාත්තගෙයි වැඩනෙ....කීවෙමි.....මාලන් පුතත් ඇවිත්නේ.....මාලන් දුටු අම්මා කීවාය.....ඔව් ඇන්ටි....අද දේශානිගෙ උපන්දිනේ කියල දන්න හින්ද ආව .....ඒත් මේවගෙ පාටියක් තියෙනව කියල නම් දැනගෙන හිටියෙ නෑ.....ඇයි දුව මාලන් අයියට පාටියක් තියෙනව කියල කිව්වෙ නැද්ද....අම්මා ඇසුවාය......ඔහුට උත්සවය මතක් කිරීම හිතා මතා මගහැරිය මට අම්මාට පිලිතුරු දීමට වචන නොමැති බැවින් කිසිවක් නොකීවෙමි.....මම හිතුවෙ දුව කියන්න ඇති කියල...ඒකයි අපිත් පුතාට මතක් කලේ නැත්තෙ......මා නිශ්සබ්දව සිටිනවිට අම්මා පැවසුවාය....අනේ සොරි අයියෙ .....කියන්න බැරිවුනාට....මා කනගාටුව පලකරමින් කතා කරන විට.....ඒකට කමක් නෑ මාලන් පුතා ආව එක ලොකු දෙයක්....අම්මා කීවාය......මාලන්ව දුටු අක්කලාද ඔහු වටකරගෙන කතාකරන්ට විය.....මම නන්ගිට කිව්ව මල්ලිට මතක් කරන්න කියල.....සචිනි අක්කා කීවාය......කිව්වත් නැත්තත් උපන්දිනේට එන්න තමා හිටියෙ.....දැන් අපි අතරෙ තිබුනු පරන තරහවල් නෑනේ......මාලන් සිනාසෙමින් කීවේය.......දෙශානිගෙ උපන්දිනේ අදයි කියල මාලන් දන්නෙ කොහොමද.....කල්පනා කල මට.....මීට ඉස්සරත් එනවද දන්නෙ නෑ.....සිතුනි.....ඒත් දෙන්න තරහනම් එන්නෙ නෑනෙ.....මට මේගැන ගැටලුවක් ඇතිවිය.....මාලන් අයිය දන්නෙ කොහොමද මගෙ උපන්දිනේ අදයි කියල......මා ගැටලුව නිරාකරනය කර ගැනීම සඳහා ඇසුවෙමි.....මීට ඉස්සරනම් නන්ගිගෙ බර්ත්ඩේ එකට ඇවිත් නෑ.....ඒත් මේ සැරේ හිතුන එන්න ඕනැ කියල.....ඔහු කීවිට එතකොට අදයි කියල දන්නෙ......මා ඇසුවෙමි.......එන්ග්ලන්ඩ් වලදි මට ඔයාගෙ පාස්පෝර්ට් එක දැක්ක ඒක නිකමට වගේ කියවන කොටයි අදයි කියල දැනගත්තෙ......ඔහු එය දැක ඇත්තේ පුංචි අම්මාගේ නිවසේදී බව දැනගන්ට ලැබුනි.....මේවගේ හොද කොල්ලෙකුට නේද මම පාටිය නොකියා මග හැරියේ.....මා දුක්බරව කල්පනා කරන්ට වුනෙමි. ..... අපි දැඩි ලෙස බල කරමින් ටිකවෙලාවක් සිටිනලෙස ඉල්ලාසිටියද ඔහු වැඩි වෙලාවක් අපිත් සමඟ රැදී නොසිට ආපසු යන්ට පිටත්වුනේ අනාරාධිතව උත්සවයට පැමිනි නිසා බව මට සැක සිතුනි.
ඔයා කල වැඩේනම් හරි නෑ නංගි .....මොනව උනත් මාලන් අයියට කියන්න තිබුන.....මට හිතෙන්නෙ ඔයා මේක නොකිව්වට හිතේ අමාරුවෙන් හිටියෙ කියල.....ඒක ඇත්ත සචිනි.....මටත් ඒක තේරුනා.....දිශ්නි අක්කාද පැවසුවාය.....අක්කලාද මට දොස් කියනවිට මගේ සිතට දුකක් ඇතිවිය....මා වැරදි කාරියක් ලෙස දැනෙන්ට විය.....මගේ ඇස්වලට කදුලු ඉනුවේ මා නොදැනුවත්වමය.....දැන් ඉතින් ඕකට අඩල වැඩක් නෑ නංගි .......දිශ්නි අක්කා මා දෙස බලා පැවසුවාය. ......මට හිතුනෙ මාලන්ගෙ ගර්ල්ප්‍රෙන්ඩ් දැනගත්තොත් ගැටලුවක් වෙයි කියලනෙ අක්කෙ.....නැතුව මාලන් අයියට තියෙන අකමැත්තකින් නෙවෙයිනෙ....මා නිවැරදි වීමට හේතු කියන්ට වුනෙමි......මා කෙසේ නිවැරදි වීමට උත්සාහ ගත්තද මා කර ඇත්තේ විශාල වැරැද්දක් බව දැනෙන්ට විය.
පසුදින පාසැල් දිනයක් බැවින් නැවත ගෙදර පැමිනෙන තුරු තෑගි පාර්සල් ගැන බැලීමට කාලයක් නොතිබුනි. දිශ්නි අක්කාගේ ගෙදර අය මා පාසැල් ගොස් පැමිනි පසු ආපසු ජා ඇල පිහිටි ඔව්න්ගේ නිවසට ගිය අතර....පුන්චි අම්මාලා තව දින කිහිපයකින් ආපසු ලන්ඩන් බලා යන බැවින් අපි සමගම නතර විය. මේ නිසා සචිනි අක්කාට නිදා ගැනීමට සිදුවූවේ මගේ කාමරයේ මාත් සමග මගේ ඇදේය. එදින රාත්‍රියේ මට ලැබුනු තෑගි පාර්සල් විවුර්ත කිරිමට පටන් ගත්තෙමි. පලමුවෙන්ම මා අතට ගත්තේ මාලන් දුන් තෑගි පාර්සලය විය. ඉතා අලන්කාර ලෙසා ඔතා තිබුනු එය පෙම් වතෙක් පෙම්වතියකට පිරිනමන තෑගි පාර්ශලයක් මෙන් දිස්විය.....කවුරු දුන්න පාර්සලයක්ද....මා එය අතට ගෙන පරීක්ෂා කරමින් සිටිනවිට අක්කා ඇසුවාය......මාලන් අයියගෙන්......එයාට පාටියට එන්න කියන්න බැරිවුනාට ඉස්සෙල්ලම ගත්තෙ ඒක නේද..... සිනාසෙමින් කී ඇය...... පාටිය නොකිව්ව තරහට මොනව හරි නරක දෙයක් දාල ඇති......බලාගෙන දිග අරින්න.....ඇය තවදුරටත් විහිලු කරන්ට විය....මොනවද දන්නෙ නෑ......මා සැකයෙන් යුතුව පාර්සලය දිගහැරියෙමි.
No comments:
Post a Comment