අනතුරේ පෙරලිය 67.............පියතුමා පැවසූ පරිදි හදිසියේ මතක්වූ පරිදි පැවසීමට හිතාගත් මා .....ඒ වගේ තමා මතක...... පැවසුවිට..... ඒ දවස්වල ඔයාගෙ හැඩරුව මතකද.....ඇසුවාය.....මට මතක් වෙන්නෙ මට තිබුනෙ අර මැරුන ප්‍රියන්තගෙ මුහුනුවරයි කියල.....ඕකන මම කියන්නෙ ඔයා වෙන කවුරුවත් නෙවෙයි ඒ ප්රියන්තම තමයි.....හොදට කල්පනා කරනකොට තව තව ඒව මතක් වෙයි.....පැවසූ ඇය තව ඒව මතක්වුනොත් කියන්න .....ඉල්ලීමක්ද කලේය.....අනේ අක්කෙ මේ ගැන කාටවත් කියන්න එපා අම්මටයි තාත්තටයි මම දැන් වෙන එක්කෙනෙක් කියල සැක හිතුනොත් මාව ගෙදරිනුත් අයින් කරයි.....බියට පත්වූ මා පැවසුවෙමි.....ඒකට බයවෙන්න එපා නංගි....අපි කාටවත් මේ ගැන කියන්නෙ නෑ....මෙච්චර කාලෙකට දැන් තමා ඔයා අපේම නංගි කෙනෙක් කියල දැනෙන්න පටන්ගත්තෙ...ඒ මොකද.....මා ඇසුවෙමි......දේශානි හිටියට එයා අපිත් එක්ක මෙච්චර ලඟින් ආස්සරේ කලේ නෑ නංගි...එයා හරිම අහන්කාරයි එයා හිතා හිටියෙ එයා තමයි ඔක්කොම දන්නෙ කියල..තාත්තගෙ සල්ලි බලෙයි එයාගෙ රූපෙ ලස්සනයි එයාගෙ ඔලුවට ගහල තිබුනෙ......කවුරුවත් කියන එකක් ඇහුවෙ නෑ.....මෙහෙ ආවට මම එයත් එක්ක වැඩිය කතාවට යන්නෙත් නෑ...එයා එක්ක කතා කලොත් පොඩ්ඩ බැරිවෙන කොට තදවෙලා බනිනව....අපිටත් ඒ වෙලාවට තදවෙනවනෙ නංගි .......ඒ අතින් බලනකොට දැන් නන්ගිගෙ හතිගුන අහසයි පොලවයි වගේ ගොඩක් වෙනස්වෙලා.....ඒ කියන්නෙ ඔයා දැන් ඒ හිටිය දේශානී නෙවෙයි කියන එකයි..තරහෙන් මෙන් පැවසූ ඇය......ඔයා ඒ ප්රියන්ත කියන කොල්ලමයි නංගි.... ඒ කොල්ල හරිම හොද කොල්ලෙක් කියල ඩේසි ඇන්ටිත් මා එක්ක කිව්වනෙ......අක්කා පවසන්ටවූවාය.
ප්රියන්ත ලෙස ජීවත්වූ මා දේශානීගේ සිරුර තුල ජීවත්වීම ගැන අක්කලා දෙදෙනා සතුටු වනබව තේරුම් ගියද මෙය අනිත් අය දැනගතහොත් කුමක් සිදුවේදැයි සැකයක් ඇතිවිය. දින දෙකකට පමන පසු මගේ දුරකතනයට ඇමතුමක් ලැබුණි මා එය දෙස බැලූවිට මාලන් ලෙස දිස්වී තිබුනි.... මාලන් නේද කතාකරන්නෙ....අක්ක මොනව කිව්වද දන්නෙ නෑ....සිතුවිල්ලෙන් යුතුව දුරකථනය ගත්තෙමි....දේශානි නංගි නේද.....මාලන්ගේ කටහඬ ඇසුනි.....සති කිහිපයකින් පසු ඔහුගේ කටහඬ ඇසීමට හැකිවූ නිසා මගේ හිත තුලට අමුතුම සතුටක් ගලා යන්න වූවත් ඔහු කුමක් පවසයිද යන්න ගැටලුවක් විය.....ඔව් අයියෙ.....මා චකිතයෙන් යුතුව පැවසුවෙමි.....සචිනි අක්ක කිව්ව නංගිට කෝල් කලේ නෑ කියල සාංකාව හැදිල කියල .....ඔහු සිනාසෙමින් කියනු ඇසුනි....ඔහු එසේ පැවසූ විට මගේ සිතතුලට ලැජ්ජා සහගත ගතියක් ඇතිවූවේ මාත් දැන් ගැහැනු ලමයෙක් බවට පත්වී ඇති නිසාය.......එහෙම එකක් නෑ අයියෙ.... මේ අක්කගෙ විකාරනෙ.....මම අක්කගෙන් නිකමට වගේ ඇහුව මාලන් අයිය ලංකාවට ආවද කියල.....එච්චරයි.....මා ලැජ්ජාසහගත ලෙස පැවසුවෙමි......ඒක මිසක් මම හිතුවෙ සාංකාවෙන් බලාගෙන ඉන්නව කියල......එහෙනම් මම තියන්නම්.....ඔහු කිසිවක් නොකියා විසන්දි කලේය......අපරාදෙනෙ ඇයි මම එයා කතාකරනකන් බලා හිටියෙ නෑ කිව්වෙ....ඔව් කිව්වනම් තව මොනව හරි කතාකරන්න තිබුනනෙ ....ආයිත් එයා මාත් එක්ක කතා කරන එකක් නෑ.....මගේ සිතට ඇඩෙන්න තරම් දුකක් ඇතිවිය.....තවත් සුලු මොහොතකින් සචිනි අක්කා සමග සම්බන්ධ වීමට ලැබුනි.....මගේ ඇස්වල කදුලු පිරුනු බැවින් ඇස් පිස දමමින් ඇයගේ වීඩියෝ ඇමතුම දෙස බැලුවෙමි.....මොකද නංගි ඇස් පිහදාන්නෙ අඩනවද.....මගේ හැසිරීම දෙස බැලූ ඇය ඇසුවාය.....එහෙම නෑ අක්කෙ....මා දුක් බරව කියනවිට.....නැති වෙන්න බෑ මොකක් හරි වෙලා තියෙනව.....මොකුත් නෑ අක්කෙ මා මවාගත් සිනාවක්ආරූඩකරගෙන පැවසුවෙමි.....එහෙනම් කමක් නෑ.... කී ඇය මාලන් අයිය කතා කලාද.... ඇසුවාය......ඔව් අක්කෙ මේ දැන් කතාකලා විතරයි.....මොකද කිව්වෙ....මොකුත් නෑ අක්කෙ .....අක්ක කිව්වලු මට සාන්කාව හැදිල කියල ඒක ගැන දැන ගන්නලු කතා කලේ....මම එහෙම එකක් නෑ කිව්වම මොකුත් නොකිය තිබ්බ.....මා දුකෙන් මෙන් කියනවිට....ආ ඒක තමයි කෙල්ල අඩල තියෙන්නෙ....ඉන්නකො මම අහන්න ඇයි ඉක්මනට පෝන් එක තිබ්බෙ කියල.....ඇය පැවසුවාය.....අනේ එපා අක්කෙ....තාම එයාගෙ හිතේ අර පරන තරහ ඇති.....මා පැවසූ විට.....හරි හරි මම අහල බලන්නම්කො.....කී ඇය තව පොඩ්ඩකින් ගන්නම් පවසා දුරකතනය විසන්ධි කලාය..... දැන් අක්ක මාලන්ට මොනව කියයිද මන්ද.....ඕව කියන්න ගිහිල්ල මාලන් තවත් මා එක්ක වෛර බැදගන්නව...මා බියමුසුව කල්පනා කරන්ට වුනෙමි.
මොකද මැටිල්ඩා මේ දවස්ටිකේම දේශීය කෑමවලට බැහැල තියෙන්නෙ....අපේ දේශානි දුව කොස් පොලොස් මඤේඤොක්කා වලට කැමති නෑ නේද......රාත්රී කැම ගන්නා අතර තුර තාත්තා ඇසුවාය.....අනේ මන්ද විජේ.....දුවට දැන් වෙස්ටන් කෑම කාල එපා වෙලාද කොහේද මේව කන්න ඕනැ කිව්වනෙ....ඒකයි මේවත් හදන්නෙ.... දැන්වත් අපේ රටේ කෑම ගැන වැටහුනානම් ඒක ලොකු දෙයක්......ලෝකෙ කොහේ ගියත් අපි සින්හල කියල මතක තියාගන්න....තාත්තා පවසන්ට විය....අම්මා කෙසේ පැවසුවද මා ප්රයන්ත කල සිටම බටහිර පන්නයේ ආහාර වලට වඩා අපේ ආහාර වලට ප්‍රිය කල නිසාත් මෙම නිවසේ මෙවැනි අහ්හාර වැඩිපුර පිලියෙල නොකරන නිසාත් මේවා පිලියෙල කරන ලෙස අම්මා ගෙන් ඉල්ලා සිටියෙමි....
No comments:
Post a Comment