අනතුරේ පෙරලිය 87..........එයා කවුරු උනත් එයා මට ආදරේද නැද්ද කියල දන්නෙ නෑනෙ අයියෙ.....මා දුකෙන් මෙන් පවසනවිට.......ඉතින් ඒ කවුද කියල කියන්නකො.....ඔහු ඇසුවේය.....අයිය හොඳට දන්න කෙනෙක්.....මා පිලිතුරු දුන්නෙමි......එහෙනම් ඔය අසේල ගැනනෙ කියන්නෙ....ඔහු ඇසුවේය.......මම සැරයක් කිව්වනෙ එයා නෙවෙයි කියල....පැවසූ මා....මට මතක නැතිවුනාට මම එයාට කියල තියෙන දේවල් වල හැටියට එයාට ඒව මතක් වෙනව ඇති අයියෙ.....එහෙම කෙනෙකුගෙන් කොහොමද ආදරේද කියල අහන්නෙ.....එයත් කියන්නෙ අපි අතරෙ තියෙන්නෙ යාලුකමක් විතරයි කියලනෙ....මා දුක්බරව පවසනවිට....ඔයා එයාට හොදටම බැන්න...ඔයාට දැන් ඒ කිසි දෙයක් මතක නෑ.....ඒ හින්ද එයත් ඒ හැමදෙයක්ම අමතක කලා නම් හරිනේ....එහෙම අමතක කරයිද අයියේ....මා ඇසුවෙමි....අමතක කල හින්දනෙ එදා ස්විඩන් වලදි ඔයාට බෝනික්කෙක් ගත්තෙ...ඔයා ගොඩක් කැමති බෝනික්කෙක් නේද.....අනේ මාලන් අයියේ මම ඒ බෝනික්කට ගොඩක් ආශයි....කොහොමද දැනගත්තෙ ඒ බෝනික්කට මම ආශයි කියල..... පුදුමයෙන් මෙන් ඇසුවෙමි.....මම බලාගෙන හිටියෙ ඒ බෝනික්කව වඩාගෙන හැඩ බලබලා ඉදල ආපහු තියල යනව.....මට හිතුන ඒක ඔයාට අරන් දෙන්න ඕනැ කියල.....මම ඒක තියාගෙන හිටියෙ ඔයාගෙ උපන්දිනේටම දෙන්න ඕනැ කියල......ඔහු සිනාසෙමින් පැවසුවේය.....එදා යාලුවෙකුට දෙන්න කියල ඔයා කිව්වම මට හිතුනෙ මෙච්චර වටිනා දෙයක් නිකන් යාලුවෙකුට දෙන්නෙ නෑ මොකක් හරි කිට්ටු සම්බන්ධයක් තියෙන්න ඕනැ කියල....ඒකයි මට හිතුනෙ ඔයාට වෙන ගර්ල් ෆ්රෙන්ඩ් කෙනෙක් ඇති කියල..මා කීවෙමි.....දැන් දැනගත්තද ඒ ගර්ල් ෆ්රෙන්ඩ් කවුද කියල....ඔහු ඇසුවේය......ගර්ල් ෆ්රෙන්ඩ් කියලනම් දැන් දන්නව....ඒත්....මා පැවසූවිට.....ආදරේද නැද්ද කියලනම් දන්නෙ නෑ නේද.....මා කියන්න හැදූ දේ ඔහු සම්පූරන කලේය....මා කිසිවක් නොකියා ඔහුගේ ඇස්දෙක දෙස බලා සිටියෙමි......ඊයෙ දෙන්න එලියෙ බන්කුවෙ අද කැන්ටිමේ.....මා පිටුපසින් ඉශාරාගේ කටහඩ ඇසුනු බැවින් ඒ දෙස බැලුවෙමි......අද වොර්ඩ් විසිට් එක තියෙනව පරක්කුවුනොත් ප්රොපෙස බනියි......වෙලාව බැලූ ඔහු පුටුවෙන් නැගිට්ටේය.
ශික් අදත් ඉශාරී වැඩේ කෑවනෙ....තව පොඩ්ඩක් හිටියනම් මාලන් මට ආදරෙයි කියනවනේ......මා ඉශාරී සමඟ යන අතර තුර ඇය සමග තරහෙන් කල්පනා කලෙමි. .....මගෙත් හිතට හරිම සතුටුයි බන්......අපි දේශන ශාලාව දෙසට ගමන් කරන අතර ඉශානී කීවාය....ඒ මොකද....මා ඇසුවෙමි......සතුටු නැද්ද බන් මගේ හොදම යාලුවට හරියනව දකින කොට....තරහවෙලා හිටිය උඹලා දෙන්න ආයෙත් යාලුවුනානේ.....ඇය සිනාසෙමින් කීවාය.....ඒ උනාට වැඩක් නෑ බන්.....මා බලා පොරොත්තු නොමැතිව පැවසුවෙනි.....ඒ මොකද.....ඇය පුදුමයෙන් මෙන් ඇසුවාය....එක අතකින් අත්පුඩි ගහන්න බෑනෙ බන්......මා කීවෙමි.....ඔය අත් දෙකම තියෙන්නෙ.....ඇය සිනාසෙමින් කීවාය.....මගේ අතනම් රෙඩි ඒත් එයාගෙ අත කොහොමද දන්නෙ නෑනෙ....උඹල දෙන්න ඔච්චර ලවු කරන එකේ ඒකත් අහන්න දෙයක්ද බන්.....ඇය කීවාය....මගේ හිතේ තියෙන දේගැන මම දන්නව උනාට එයාගෙ හිතේ තියෙන්නෙ ආදරයක්ද නිකන් යාලුකමක් විතරක්ද කියල කොහොමද බන් හරියටම දන්නෙ.....මා පැවසුවෙමි....උඹ කොහොම හිතාගෙන හිටියත් මට පේන හැටියටනම් මාලන් උඹට ගොඩක් ලවු.....අනේ මම දන්නෙ නෑ එයා හරියට කියන්නෙත් නෑ.....පැවසූ මම....මාලන් ඒක කියන්න හදනකොට මේ හෙනහුරී කඩා පාත්වුනානෙ.....මා ඉශාරී දෙස බලා කල්පනා කරන්ට වුනෙමි.
සවස මාලන්ව මුනගැසීමට උත්සාහ කලත් ඔහුගේ වැඩ අදික නිසා මුනගැසීමට නොහැකි වූබැවින් ගෙදර ගියෙමි.....අද පාන්දරින්ම ගිය වැඩේ හරිගියාද දුවේ....අම්මා ඇසුවාය......ටිකක් හරිගියා අම්මෙ හෙටත් උදෙන්ම යන්න ඕනැ.....මා පැවසුවේ....මාලන්ද හෙට උදෙන්ම පැමිනෙන බව දැන්වූ නිසාය. මා නාගෙන ඇදුම් මාරුකර මගේ දුරකර දුරකතනයට පැමිනි පනිවිඩ කියවන්ට වුනෙමි......ඒ අතර අයි ලවු යූ නංගී යන පනිවිඩය මාලන් එවා තිබුනු දුටු මට ඉවසා දරාගත නොහැකි සතුටක් ඇතිවිය.....මා එම පනිවිඩය කිහිපවරක් සිපගන්ට වුනෙමි.....මා ඔහුටද එම පනිවිඩය යැව්වේ රෝස මලක ස්ටිකරයක් සමගය.
පසු දිනද ඊයේ වෙලාවටම කොලීජියට ඇතුලුවී මාලන් මුනගැසුනු ස්තානයට ගියෙමි....අදත් ඔහු ඊයේ මෙන් මට පෙර පැමින සිටියේය......මාව දුටු ඔහු මගේ ඉදිරියට පැමින මගේ අතින් අල්ලා සිපගත්තේ ඊයේට වඩා දැඩි සෙනෙහසකිනි. මටද ඔහුට තුරුලු වීමට සිතුනද කවුරු හෝ දකීවි යන සිතුවිල්ල නිසා එම සිතුවිල්ල අපහසුවෙන් මැඩපවත්වාගත්තෙමි......අපි කැන්ටිමටම ගිහින් කතාකරමු....පැවසූ මා ඔහු සමග කැන්ටිමට ගියෙමි.....අක්කගෙ කෑම එක කෑවෙ නැනෙ....මා කෑම පාර්සලය දිගහරින අතර තුර ඇසුවෙමි......අම්මෝ බොහොම අමාරුවෙන් බේරිලා ආව.....කී ඔහු මා දිග හරින කෑම පාර්සලය දෙස බැලුවේය....ඔයාගෙ අතින් කවාගන්න කොට හරි රසයි කෙල්ලෙ.....ඔහු පැවසුවේය......ආ දැන් බබාට කවන්නත් වෙලා වගේ....මා සිනාසෙමින් පැවසුවෙමි.
මින් පසු අපේ ඇසුර දිනෙන් දින වැඩිවන්ට වූ අතර අපිට නොදැක සිටීමට පවා නොහැකිවිය. මා ප්රියන්ත කල ගැහැණු ලමයෙකු සමග මෙවැනි ආදර සබඳතාවයක් ඇතිකර ගැනීමට ආශාවක් ඇතිවූවද ඒ වනවිට මා කාත් කවුරුත් නොමැති අනාත දරුවෙකු ලෙස ජීවත්වූ බැවින් එම සිතුවිල්ල අපහසුවෙන් මැඩ පවත්වා ගෙන සිටියෙමි. එහෙත් මා අද ගැහැනු ලමයෙකු වසයෙන් මෙසේ තරුනයෙකුට ආදරය කිරීමට ලැබීම පිරිමියෙකු ලෙස ගහැනු ලමයෙකුට ආදරය කරනවාට වඩා අපූරු සුන්දරත්වයක් ඇතිබව දැනෙන්ට විය.
මාස තුනක් පමන ගතවන විට අපේ මෙම දැඩි ඇසුර ගැන අම්මාටද ආරන්චි වී ඇතිබව දැනගන්ට ලැබුනේ ඇය ඇසූ ප්රශ්නයකිනි.....මාලනුයි ඔයයි හරියට සහෝදරයො වගේ නේද ආස්සරේ කලේ.....මට ආරන්චියි ඒ සහෝදර කම ටිකක් දුර දිග යනව වගේ කියල......ඇය කීවිට මගේ සිතට බයක් දැනෙන්ට විය.
No comments:
Post a Comment