අනතුරේ පෙරලිය 83...........මාලන් එනව කියලනම් කිව්වෙ නෑ එයාගෙ අයියයි අක්කයිනම් එනව කිව්ව...අම්මා පැවසුවාය.....මොකටද දන්නෙ නෑ එන්නෙ.....මා නැවත අම්මාගෙන් ඇසුවෙමි.....එයාලටත් තේරිලා තියෙනව වගේ ඔය දෙන්න අතරෙ තියෙන ප්‍රස්නෙකටයි මෙහෙම වෙලා තියෙන්නෙ කියල.......පොඩ්ඩක් ඔයා එක්ක කතාකරන්න ඕනැ කියලත් කිව්ව.....අම්මා විස්තර කරන්ට වූවාය.
ඔවුන් සවස් වරුවේ අපේ නිවසට පැමිනෙන බව දැනුම් දුන් බැවින් අපි ඔවුන් පැමිනෙන තුරු බලා සිටියෙමු.....ටික වෙලාවකින් නවීන පන්නයේ අලුත්ම රතු පැහැති කාරයක් මිදුලේ නවතනු දුටුවෙමු.....එය මාලන්ගේ වාහනය නොව ඔහුගේ අයියාගේ වාහනය වියයුතුබව කල්පනා කලෙමි......මා ඔවුන් මීට පෙර දැක නොතිබුනද අම්මා ඔවුන්ව එකවරම හදුනාගනිමින්.....එන්න දිල්ෂාන් පුතේ එන්න දුලීකා දුවේ යනුවෙන් මාලන්ගේ අයියා සහ අක්කා වියයුතුයයි සැකකරන ඔවුන්ව පිළීගනිමින් කීවාය.....කොහොමද දෙශානි නංගි..... එම අක්කා මාදෙස බලා ඇසුවාය.....වරදක් නෑ අක්කේ....මා නොහදුනන තැනැත්තෙකු ලෙස ඇය දෙස බලා පැවසුවෙමි.....මාලන්ගේ අයියා වියයුතු තැනැත්තා මාලන් වැනිම උස මහත ප්රසන්න පෙනුමක් තිබුනු අතර මාලන්ගේ හැඩරුවද තරමක් දුරට පිහිටා තිබුනු අතර....අක්කාද රූමත් පෙනුම ඇති ප්රියමනාප තැනැත්තියක් බව පෙනුනි.......මොකද නංගි අපි දිහා නිකන් අමුතු විදියට බලන්නෙ.....අදුනන්නෙ නැතුව වගේනෙ.....සැටියේ වාඩිවුනු අක්කා මාදෙස බලා ඇසුවාය....මෙයාගෙ අර ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ ඉස්සර හිටිය කවුරුවත් මතක නැතිලුනෙ දුලීකා දුවේ.....අම්මා එයට පිලිතුරු දෙමින් කීවාය.... ඒක මාලන් මල්ලිත් කිව්ව තමා...ඔය තරමින්වත් බේරුන එක ලොකු දෙයක්......ඔහුගේ අයියා කීවේය....තාමත් අපිව අදුනන්න බැරිද.....අක්කා මගෙන් ඇසුවාය.......මාලන් අයියගෙ අයියයි අක්කයි වෙන්න ඇති......මා ඇසුවෙමි.....මේ නන්ගිට දැන් ටික ටික පරනදේවල් මතක් වෙනව කියල මාලන් මල්ලි කිව්වට එහෙම නෑ වගේනෙ.....අක්කා අයියා සමග පවසනු ඇසුනි....තාම මේ දුවට ඒකිසිම දෙයක් මතක් වෙන්නෙ නැතිලු ....අපි තමා ඔක්කොම මතක් කරන්න ඕනැ.....අම්මා කීවාය. .....මාලන් මල්ලිටත් විකාර...අක්කා තරහෙන් මෙන් කීවිට.....අපි ආවෙ මේදවස්වල මාලන් මල්ලිට මොකද වෙලා තියෙන්නෙ කියල නන්ගිගෙන් අහගන්න තමා....අයියා කීවේය....ඒකනෙ නංගි.. කොච්චර සන්තෝසෙන් හිටිය මල්ලිද....දැන් එයා හරියට කෑම කන්නෙත් නෑ.... දුකෙන් මෙන් කී අක්කා.....ඔය දෙන්න අතරෙ මොකක් හරි ප්රශ්නයක් උනාද.....ඇසුවාය.....ඇය එකවරම ඇසූ විට මා කුමක් කියන්නදැයි සිතාගත නොහැකිවිය.....ඇයි මාලන් මෙයාගැන මොකක් හරි කිව්වද.....මා බලා සිටිනවිට අම්මා අක්කාගෙන් ඇසුවාය......එයාගෙ හොදම යාලුව තරහ වෙලා කියල කිව්ව.....කවුද කියල ඇහුවම දේශානි කියල තමා කිව්වෙ.....එයා කියනව ආයෙත් නන්ගිට පරන දෙවල් මතක් වීගෙන එනව වගේ කියල....අක්කා පවසන්ට වූවාය.....අනේ අක්කේ මට ඒ කිසිම දෙයක් මතක නෑ.....ඒව ආයෙත් මතක් වෙන එකකුත් නෑ.....මා දුකෙන් මෙන් කීවෙමි.....එහෙනම් මොකක්ද ඔයදෙන්නගෙ ප්‍රශ්නේ .....අම්මා මා දෙස තියුනු බැල්මක් හෙලා ඇසුවාය.....එහෙම දෙයක් මම දන්නෙ නෑ අම්මෙ.....මා කීවිට දන්නෙ නැත්තෙ මොකද මොකක් හරි මේදෙන්න අතරෙ ගැටලුවක් තියෙනව.... අම්මා පවසන විට කූසියේ වැඩකරන පද්මා අම්මාට මැඩම් කියා අඩගැසුවාය......අම්මා අපි අසලින් ගියවිට.....නැත්තෙම නෑ අක්කෙ මට අම්ම ඉස්සරහ කියන්න විදියක් නැතුව හිටියෙ..... අක්කා සමග කීවෙමි.....මොකක්ද....ඇය සහ අයියා උනන්දුවෙන් මෙන් අසන්ට විය....කොලේජ් එකේ මාලන් අයියගෙ ලගම යාලුවෙක් ඉන්නව අසේල කියල.....එයා මාගැන බලාපොරොත්තුවෙන් ඉන්නව......දවසක් මාලන් අයිය ඇහුව මම එයාට කැමතිද කියල.....කැමතිනම් කතාකරන්නම් කියලත් කිව්ව.......මම ඒකට තරහ වෙලා ඊට පස්සෙ මාලන් අයිය එක්ක කතා කලේ නෑ අක්කෙ......මා පැවසූ විට....මේ මාලනුත් කරන්නෙ මාර වැඩනෙ.....ඉගෙන ගත්තට බූරු වැඩනෙ කරන්නෙ.......අයියා තරහෙන් මෙන් කීවේය....ඉතින් නංගි කැමති නෑ කිව්වනම් ඉවරනෙ තරහවුනේ මොකටද.....අක්කා ඇසුවාය......මා දුකෙන් මෙන් කල්පනා කරමින් සිට.... මට වෙන පිරිමි ගැන හිතන්න බෑ අක්කෙ.....කීවෙමි....ඒ කියන්නෙ ඔයාට වෙන කවුරු හරි ඉන්නවද.....ඇසුවාය.....අනේ නෑ අක්කෙ....මම පිරිමි ලමයෙක් කියල ළඟින්ම ආස්සරේ කලේ මාලන් අයියව විතරයි.....මා කීවිට.....ආ දැන් මට තේරෙනව මෙතැන මොකක්ද වෙලා තියෙන්නෙ කියල....අක්කා කියන විටම....එන්න තේටිකක් බොන්න.....අම්මා ඔවුන්ට තේ බීම සඳහා ආරාධනා කල බැවින් ඉන්පසු අක්කා කතාව නැවැත්වූ නිසා ඇය දැනගත් දේ අසා ගැනීමට නොහැකිවිය.
මොකද දුවගෙන් කාරනාව දැන ගත්තද.....තේ පානය අතරතුර අම්මා ඔවුන්ගෙන් ඇසුවාය....ඔව් ඇන්ටි සිනාසෙමින් පැවසූ අක්කා......ඒක මේ ඔය කාලෙට හැදෙන ලෙඩක්නේ.....සිනාසෙමින් කීවාය......මොකක්ද.....අම්මා නැවත ඇසුවාය.....මේ නංගි කියන විදියටනම් ගෑණු ලමයෙකුගෙ හුටපටයක් ඇන්ටි....අක්කා එතරම් ගනන් නොගෙන කීවාය.....මාත් නොකිව්වට මටත් හිතුන...ඔයවයසට ඔහොම තමයි.....පැවසූ අම්මාද සිනාසුනාය.....
No comments:
Post a Comment