අනතුරේ පෙරලිය 61............ඔව් මම මෙයාගෙ බෝයි ෆ්රෙන්ඩ් ......මාලන් පැවසූවිට මා පුදුමයෙන් මෙන් ඔහුදෙස බැලුවෙමි. ....බොහොම හොඳයි..... පැවසූ එම තරුණයා ....උඹලා දෙන්නා හොදට ගැලපෙනව.....සතුටින් කී ඔහු අපිට අතට අතදී ආපසු යන්ටවිය......සොරි අයියෙ ....මම ඒ කොල්ලන්ගෙන් බෙරෙන්න ඕනැ හින්දයි ඔයා මගේ බෝයි ප්රෙන්ඩ් කිව්වෙ....මාත් ඔයාගෙ බෝයි ප්රෙන්ඩ් කිව්වෙත් ඒ හින්ද තමයි.....ඔහු සිනාසෙමින් පැවසුවේය......එහෙම කිව්වට ඇත්තටම මට මාලන්ගෙ ගර්ල් ෆ්රෙන්ඩ් වෙන්න පුලුවන්නම් කොච්චර දෙයක්ද.....මා කල්පනා කරන්ටවුනෙමි......ඇත්තටම අයියට ගර්ල් ෆ්රෙන්ඩ් කෙනෙක් ඉන්නවද.....මා ඇසුවේ ඔහු ගැන තව දුරටත් දැනගැනීම සඳහාය.....නෑ....ඔහු කෙටියෙන් පිලිතුරු දුන්නේය.....මෙඩිකල් කොලේජ් එකේ දෙවෙනි වසරෙ ඉගෙනගන්න මෙච්චර කඩවසම් කොල්ලෙකුට ගැහැනු ලමයෙක් නෑ කියන එක පිලිගන්න පුලුවන්ද....කල්පනා කරන්ටවුනෙමි......මට හිතුනෙ අයියට දැනටම ගර්ල් ෆ්රෙන්ඩ් කෙනෙක් ඇති කියල.....මා කීවෙමි.....මට කෙල්ලො එපාම උනා නංගි .....ඔහු කනගාටුවෙන් මෙන් කියන්ටවිය....ඒ මොකද අප්පෙ ඒ....මා පුදුමයෙන් යුතුව ඇසුවෙමි.....ඔයා මට බැන්න දවසෙ ඉදල මට කෙල්ලො එපාම වුනා .....මම කැමති නෑ නිවැරෙද්දෙ ඒ විදියට බැනුම් අහන්න.....ඔහු කේන්තියෙන් මෙන් පවසන අයුරු දුටුවෙමි.....අනේ සොරි අයියෙ මම මේ කිසිදෙයක් දන්නෙ නෑ....පැවසූ මම.....හැම කෙල්ලෙක්ම එහෙම නෑ අයියෙ.....හුඟක් හොද කෙල්ලො ඕනැතරම් ඉන්නව.....කීවෙමි.....කොච්චර අමතක කරන්න හැදුවත් මට ඒ සිද්දිය මතක් වෙනව නංගි .....අපි මෙහෙම කතා කලත් මම කැමති නෑ මගේ ජීවිතේට කෙල්ලෙක් සම්බන්ධ කරගන්න......ඔහු කී විට එතකොට අයිය කවදාවත් කසාදවත් බදින්නෙ නැද්ද.....මා ඇසුවෙමි...කසාද බදිනව කියන්නෙ ගැහැනු ලමයෙක් මගේ ජීවිතයට සම්බන්ධ කරගන්නව කියන එක ඒ හින්ද මම තීරනය කරල තියෙන්නෙ බදින්නෙ නෑ කියල....ඔහු එසේ පැවසූ විට මගේ සිතට විශාල කනගාටුවක් ඇතිවිය.....මේ දේශානි මලේ මේ අහිංසක කොල්ලගෙ ජීවිතෙත් කාලකන්නි කරලනෙ......ඇය ගැන තරහක් ආ මට.....පවු දෙයියනේ දැන් මාලන්ගෙ හිත හදන්න මොනවද කරන්න පුලුවන්......මා කල්පනා කරන්ට වුනෙමි....මෙයා මාත් එක්ක යාලු නොවුනට කමක් නෑ....කෙල්ලො එක්ක තියන තරහව අයින් කරගෙන වෙන කෙනෙක් හරි බැන්දොත් ඒක මගෙත් සතුටක්.....මම දැන් දැන ගත්ත ඔයා මට කවදාවත් අයිති වෙන්නෙ නෑ කියල....මාව කෙල්ලෙක් උනාට පස්සෙ ආදරක් හිතට ආව පලවෙනි කොල්ල මාලන්.....මට ඔයාව ලැබුනෙ නැත්නම් මාත් බදින්නෙ නෑ....මා සිත මින් සිටිනවිට නොදනුවත්වම ඇස්වලින් කඳුලු ගලන බව තේරුනි.... ලේන්සුව අතට ගෙන ඇස් පිසදානවිට.... ඇයි නංගි ඔයා අඬනවද.....ඔහු ඇසුවේය.....නෑ..... මා ආරූඩ කරගත්ත සිනහවකින් යුතුව පැවසුවෙමි....ඕව අමතක කරන්න නංගි.... සංගීතය පටන්ගත්ත යමු ඩාන්ස් කරන්න .....මාලන් නැගිටමින් පැවසුවේය......මා නැවත ඔහු සමග නැටුමට පටන්ගත්තත්.....ඔහු සමඟ සම්බන්ධ කමක් පටන්ගැනීම සිහිනයක් පමනක් විය හැකි බව කල්පනා කරන්ට වුනෙමි.
අපි රාත්රී ආහාරයෙන් පසු නින්දට යන විට..... අදනන් නංගි මාලන් එක්ක හොදට ඩාන්ස් කලා නේද.....අක්කා ඇසුවාය.....හුම්ම්....යනුවෙන් පිලිතුරු දුන් මා.....අනේ පවු අක්කෙ මාලන් අයිය.....දුක්බරව පැවසුවෙමි.....ඒ මොකද....ඇය පුදුමයෙන් මෙන් ඇසුවාය.....එයා කවදාවත් කෙල්ලෙක් යාලුකරගන්නෙවත් කසාදයක් බදින්නෙවත් නැතිලු......අම්මෝ.. ඔයා ඒවත් ඇහුවද.....සිනාසෙමින් ඇසූ ඇය.....ඒ මොකද....ඇසුවාය.....මම ඒව අහන්න ගියෙ නෑ අක්කෙ....එයාමයි කිව්වෙ.....පැවසුවෙමි......එයාට මොකද වෙලා තියෙන්නෙ.....අසුවාය......ඉස්සර බැන්න එක තාම මත තියෙන හින්ද එයාට කෙල්ලො එපා වුනාලු.....මා දුක්බරව පැවසුවෙමි.....ඉතින් එයා කිව්වනෙ ඒව අමතක කරනව කියල.....අක්කා කියන්ටවිය.....ඒව එයාගෙ හිතෙන් අයින්කරන්න බෑ වගේ අක්කෙ.....මා කීවෙමි.....ඔය කිව්වට ඕව ගනන්ගන්න එකක් නෑ නංගි...... මේ ඔකොම උනේ මම එයාට බැන්නයි කියන හින්දනෙ....අනේ අක්කෙ දැන් මම මොකද කරන්නේ.....මා හැඬුම් බරව ඇසුවෙමි....මම එයාගෙ කකුල් දෙක අල්ලල සමාව ගන්නම්.....මට බෑ අක්කෙ මාලන් අයිය මේ විදියට ඉන්නව බලන්න.....මා අඬමින් කීවෙමි.....ඔයා අදත් අඩන්න ගත්තද.....ඇසූ අක්කා.....දේශානිනම් කවදාවත් ඔහොම අඩනව දැකල නෑ......කීවාය...මම දැන් ඒ දේශානි නෙවෙයි කියල අක්කට තේරෙනවනෙ.....මා හඬමින්ම පවසන්ට වුනෙමි.....හරි හරි දැන් අඩන්නෙ නැතුව ඉන්න.....අපි මේකට මොකක් හරි කරමුකො....ඇය පැවසුවාය.
පසුදින උදෑසන ආහාරයෙන් පසු මා සමග මාලන් අසලට ගිය අක්කා....මොකක්ද මාලන් මේ නංගි කියන්නෙ....ඇසුවාය.....මොකක්ද.....ඔහු ඇසුවේය....මේ නංගි කියන්නෙ ඔයාට කෙල්ලො එපාවෙලා කියල.....අක්කා පැවසූවිට....එපා වෙලානම් මම ඔයාල එක්කවත් කතාකරන්නෙ නෑ....ඔහු සිනාසෙමින් කියන්ටවිය......ඒක නෙවෙයි මාලන්.....ඔයාට ගර්ල් ෆ්රෙන්ඩ් කෙනෙක් නෑ කියන්නෙ ඒ හින්ද්ද....ඇසුවාය....ගර්ල් ප්රෙන්ඩ්ස්ල ගැන හිතන්න ඉස්සෙල්ල තව කොච්චර වැඩ තියෙනවද..අක්කේ.....ඔහු මට පැවසූ දේවල් සගවමින් පවසන්ට විය. ....මාලන් මල්ලි ඔය මොනව කිව්වත් නංගි කියනවිදියට එදා සිද්දියෙන් පස්සෙ කෙල්ලො එපා වෙලා හින්දලු...අක්කා එසේ පැවසූ විට ඔහු කිසිවක් නොකියා සිනාසෙන්ටවිය.
No comments:
Post a Comment