අනතුරේ පෙරලිය 70............ඔහුඅසල වාඩිවූ මා....දැන් ඉතින් මට මාලන් එක්ක පැය කිහිපයක් ළඟ ඉඳගෙනම කතා කරකර යන්න පුලුවන්.....සතුටින් කල්පනා කලෙමි.....මා පිරිමි ලමයෙකුව සිටිකල මගේ යහලුවන් සමග එකලඟ ඉඳගෙන කෙතෙක් වෙලාවක් කතා කරමින් සිටියත් මෙවැනි සුන්දර හැඟීමක් නොදැනුනි. එදා මා ආශාකලේ ලස්සන ගැහැණු ලමයෙකු සමග මෙසේ ළඟින් සිට කතාකිරීමටය. මා කෙල්ලෙක් බවට පත්වූ පසු මගේ සිතුවිලිද සම්පූරනයෙන්ම අනිත් පැත්ත හරී ගැහැණු සිතිවිලි වලට පරිවර්තනය වී ඇති බැවින් ගැහැනු ලමුන් වෙනුවට මෙවැනි කොල්ලෙකු සමග කතා කිරීමට අශාව පහලවී ඇත......මම මේ ගමන එන්න ම්නෙවෙයි හිටියෙ ඔයා කතා කල හින්දමයි ආවෙ.....ටිකවෙලාවකින් ඔහු කීවේය.....අපරාදෙනෙ මම හින්ද අයියගෙ වැඩවලටත් පාඩු වුනානෙ.....ඒක ලොකු පාඩුවක් නෙවෙයි නන්ගි.....මට එන්න කම්මැලි කමේ හිටියෙ....මේ ගමන් තනියෙම යනකොට හරිම කම්මැලියි නංගියේ....පැය ගානක් කතා කරන්න කෙනෙකුත් නැතුව යනකොට හරිම බෝරින්....කී ඔහු.....බලන්න නංගියේ ඔයාගෙ තාත්ත මාර මනුස්සයෙක් නෙ.....කීවේය...ඒ ඇයි.....මා පුදුමයට පත්වී ඇසුවෙමි.....ටිකෙට් වලට සල්ලි දෙන්න ඇහුවම එපා කිව්වනෙ.....එයාගෙ එකවුන්ට් නොම්බරේ දුන්නනම් සල්ලි ටික දානවනෙ....ඔහු දුකෙන් මෙන් කීවේය....එයට සිනහසුනු මා....කීයක් විතරද ඇසුවෙමි..... එකයි විසක් තිහක් යනව නංගි....එකයි විස්සකට ටොපියක්වත් කන්න බෑනෙ....ඒකටත් රුපියල් දෙක තුනක් ඕනැනෙ...මා විහිලුවට මෙන් කීවෙමි....රුපියල් එකයි විස්සක් නෙවෙයි අනේ.....එක්ලක්ශ විසිදාහක්.....අපෝ එච්චරද.....එය එතරම් ගනන් නොගත්තාක් මෙන් පැවසූ මා....අපේ තාත්තට ඕකත් ගානක් ද අයියෙ.......කීවෙමි......මා මෙසේ විහිලුවට පැවසුවද සමහරුන්ට මෙතරම් මුදලක් යනු ඔව්න්ගේ ගැටලු රාසියක් විසදා ගත හැකි මුදලක් බව මා මීට පෙර සිටි තත්වය අනුව කල්පනා කලෙමි.අපේ තාත්තා තරමට පොහොසත් නැති මාලන් අයියලාටද මෙම මුදල විශාල මුදලක් ලෙස පෙනුනද තාත්තාට එය සුලු මුදලක් ලෙස දැනෙන්ට ඇතිබව මට සිතුනි.....ඔයාගෙ තාත්තට ඒ මුදල පොඩියට තේරුනාට මගේ හිතට හරි නෑනෙ නංගි ....ඔහු පවසන්ට විය.....දැන් ඕව ගනන් ගන්න එපා අයියෙ ඔයාට කීයක් හරි වියදම් කරන්න ඕනැමනම් පැරිස් වලින් ගොඩබැස්සම කියන්නම්කො.......මා සිනාසෙමින් කීවේය. .... ඒ මොකක්ද අප්පේ ඒ...ඔහු පුදුමයෙන් මෙන් ඇසුවේය.....පැරිස්වලට ගියහම කියන්නම්කො....මා නැවත කීවිට .....මට පේන්නෙ... තාත්තට කොහොම හරි සල්ලි ටික දීල දැම්මනම් හොදයි වගේ......ඔහු කීවේය.....ඒ මොකද ඒ..... මා ඇසුවෙමි....සල්ලි කාර කෙල්ලන්ට ඕනැ කරන ඒව මම දන්නෙ නැතුවයෑ.....තාත්තට වියදම් උනේ ලක්‍ෂයයි දුවට ලක්‍ෂ කීයක් වියදම් කරන්න වෙයිද කවුද දන්නෙ.....ඔහු කීවේය.....අම්මෝ ....එහෙනම් මෙයා මීට ඉසෙල්ල ලොකු සල්ලි කාර කෙල්ලො ආස්සරේ කරල තියෙනව වගේ.....මමනම් ආස්සරේ කරල නෑ ඒත් සල්ලිකාර කෙල්ලන්ගෙ හැටි මම දන්නව......මාලන් ඒසේ පැවසූ විට මාද නාස්තිකාර ආකාරයට වියදම් කරන තැනැත්තියක් ලෙස සිතා සිටින බව තේරුම් ගත්තෙමි.....පැරිස් එයාපෝර්ට් එකෙන් බැස්සම කියන්නම්කෝ...පැවසූ මා.....එහෙ ලස්සන දියමන්ති මැනික් මාල එහෙම තියනව ගියසැරේ ආවම දැක්ක.... ඔහුව බය කරමින් පැවසුවෙමි.....අම්මෝ ඒව ලක්ශ ගනන් නෙවෙයි කෝටි ගනන් වටිනව ඇති.....කී ඔහු....මේ... මේ... මම අන්කල් ගෙ කකුල් දෙක අල්ලාල වැදල හරි....ටිකෙට් වලට ගිය ගාන ගන්න කියල කියන්නම්....ඔහු පැවසුවේය......ඔහු එසේ පැවසූ ආකාරයට මට සිනහව නවතාගත නොහැකිවූ බැවින් ශබ්ද නගා සිනාසුනිමි.....මොකද දුවේ.....මා දෙස බැලූ අම්මා ඇසුවාය.....නෑ අම්මෙ මේ මාලන් අයිය විහිලු කරනව .....මා කීවෙමි....ඕකනෙ අපි කිව්වෙ මාලන් පුතා එක්ක ආවම පාලුවක් නෑ කියල.....අම්මා කීවිට.....ඔහොම තමයි ඉන්න ඕනැ නේද මාලන් පුතේ.....තාත්තා පැසුවේය.....මල්ලීට මේ කිසිදෙයක් නොඇසුනේ ඔහු හෙඩ් පෝන් එක කනේ තබාගෙන චිත්‍රපටයක් නරඹමීන් ගමන් කරන නිසාය.
ගියවර මෙන් මෙවරද අපි පැරිස් වලින් බැස්සෙමු....විසිතුරු ආභරන ඇති ස්තානයකට අම්මා ගමන් කරනවිට මාවද ඒ දෙසට අදීගියේ අම්මාට මෙන් මටද දැන් ඇතිවී තිබුනු ගැහැනු ආකල්ප හේතුකොටගෙනය.....අපි සාප්පුවේ සිට එනවිට තාත්තා මල්ලී සහ මාලන් සමඟ අපි පැමිනෙන තුරු බලා සිටිනබව දුටුවෙමු.....මොනවද බැලුවෙ....තාත්තා අම්මාගෙන් ඇසුවේය.....මෙහෙ ගනන් වැඩියි...ඇය කෙටියෙන් කීවාය.... මාලන් අසලට ගිය මා....පොරොන්දුව මතකද ඇසුවෙමි.......මේ මම කිව්වනෙ කොහොමහරි ඔයාගෙ තාත්තට සල්ලි ටික දෙන්නම් කියල......ඔහු පැවසූවිට.....ඒකට ලක්‍ෂ ගානක් යන්නෙ නෑ අයියෙ... මටයි මල්ලිටයි චොකලට් දෙකක් අරන්දෙන්නකො....ඒ ඇති....මා කීවිට....ඕකද ...මට හිතුනෙ ලොකු දෙයක් කියල....කී ඔහු ඇයි මගෙන් ඕවගෙ පොඩි දෙයක් ඉල්ලුවෙ.....ඇසුවේය....ඒක පොඩි දෙයක් නෙවෙයි අයියෙ....අයිය අරන්දෙන චොකලට් එක වුනත් මටනම් ලක්‍ෂ ගානක් වටිනව......මා එසේ පැවසූ විට.....ඔහු මා දෙස අමුතුම ආකාරයෙන් බලන බව දුටුවෙමි.....චොකලට් කිහිපයක් ගෙන පැමිනි ඔහු....මට එකක් දී......ඔයා චොකලට් කන්න ඔය තරම්ම ආශද......ඇසුවේය.....ගෑනු ලමයි චොකලට් කන්න ආශ නේන්නම් ......මා පැවසුවෙමි......මා ප්‍රියන්ත ලෙස සිටි අවදියේ චොකලට් වලට එතරම් ප්රිය තාවයක් නොතිබුනද දැන් ඒවාට වඩාත්ම කැමැත්ත ඇතිවී තිබ්න්නේ වෙනන්ත් ගැහැනු ලමුන්ට මෙන් මටද එම කැමැත්ත ඇතිවී තිබෙන නිසා බව සිහිවිය.
No comments:
Post a Comment