Monday, May 13, 2019

අනතුරේ පෙරලිය 54............මා අඬමින්  සිටිනවිට මා අසලට පැමිණි අක්කා.....මොකද නංගි මේ අඬන්නෙ  ඔයා කවදාවත් ඔහොම අඬනවා  දැකල නෑනෙ ...මාලන් කතා කරන්නෙ නෑ කියල ඔය තරම් දුක්වෙනවනම් එදා ඔයා බනිනකොට මාලන්ට කොච්චර දුක හිතෙන්න ඇද්ද....කොච්චර ලැජ්ජ හිතෙන්න ඇද්ද....ඒත් එයා හිතරිදෙන එක වචනයක්වත් ඔයාට කිව්වද.... මාලන්ගෙ හැදිච්ච කම තිබුන හින්ද....දැනුත් අපිව අයින් කරන්නෙ නැතුව අපිත් එක්ක ආස්සරේ කරන්නෙ හැදිච්ච කම හින්ද......අක්කා මට දොස් කියන විලාසයෙන් කියන්න වූවාය......මම දැන් එදා හිටිය දේශානි නෙවෙයි අක්කෙ.....මට කියවුනේ ඉබේටමය......එහෙනම් වෙන කවුරු හරිද ....ඇය විහිලුවට මෙන් ඇසුවාය.....ඒක මම දන්නෙ නෑ අක්කෙ දේශානිගෙ කිසි දෙයක් මට මතක නෑ......මට හිතෙන්නෙ මාව ආයෙත් අලුතෙන් ඉපදිලා කියල.....මා ඇත්ත විස්තරය ඇයට නොකියා එසේ පැවසුවෙමි.....ඔයාට කවද හරි අතීතය මතක් වුනොත් ඒව මතක් වෙයි....අක්කා කියනවිට....මට ආයෙත් ඒව මතක් වෙන්නෙ නෑ අක්කෙ..... නරක එකීගෙ ඒව මතක නැතිවුනාට කමක් නෑ.....මා පැවසුවේ දේශානි ගැන තරහෙනි.....ඔයා ඔහොම කිව්වට නරක එකිත් ඔයාමනෙ.....අක්කා සිනාසෙමින් කීවාය.....මම කිව්වනෙ අක්කෙ දැන් නරක දේශානි නෙවෙයි කියල....මා කීවිට ....ටික වෙලාවක් කල්පනාවක නිරතව සිටි අක්කා.....දැන් ඔයා ඔච්චරටම මාලන් ගැන වදවෙන්නෙ මොකද.....මොකහරි හිතේවත් තියෙනවද.....විහිලුවට මෙන් ඇසුවාය......මට තේරෙන්නෙ නෑ අක්කෙ ඒත් එයා මාව ගනන්ගන්නෙ නැතුව ඉන්නකොට දුක හිතෙනව.....මා කීවිට.....අපි මේකට මොකක් හරි කරමුකො.....කී ඇය රාත්රී නින්දට අදින ඇදුම ඇඳගන්ට වූවාය.....මාදා රාත්රී ඇදුම ඇදගෙන ඇදේ ඇලවුනෙමි.
                 මොකක් හරි හිතේවත් ටියෙනවද....අක්කාගේ එම වචනය මතක්වූ මට....ඇත්තටම මට එහෙම එකක් තියෙනවද.....මා කල්පනා කරන්ට වුනෙමි.....අවුරුදු ගානක්ම කොල්ලෙක් වෙලා හිටිය මාව කෙල්ලෙක් වෙලා මාස කිහිපයයි ගතවුනේ ටික දවසට මට කොල්ලෙක් ගැන මේතරම් උනන්දුවක් ඇතිවුනේ කොහොමද.....ඉස්සර මම කොල්ලො ආස්සරේ කලේ යාලුකමට. කෙල්ලො දකිනකොට තමයි අමුතු හැගීම් ඇතිවෙන්නෙ. ඒත් මට දැන් මාලන්ව මතක් වෙනකොට ඊටවඩා අමුතුම හැගීමක් එන්නෙ......ඒක ආදරයක්ද වෙන්ත් ආකර්ශනයක්දැයි මට වටහා ගැනීමට නොහැකිවිය......මට දැන් මේවිදියට ගැහැනු ළමයෙකුට එන හිතුවිලි එන්නෙ මාව දැන් ගතින් විතරක් නෙවෙයි හිතිනුත් ගෑහැණූ කමට අවතීරනය වෙලා හින්දද....ඇදේ ඇලවී කල්පනා කරන්ට වුනෙමි.
                     පසුදින උදැසන අවදිවූ අපි උදෑසන ආහාරය හෝටලයෙන්ම ගෙන මෙදින ගමන පිටත්වීම සදහා වාහනයට ගොඩවුනෙමි....අද දින සන්චාරය කිරීම සඳහා  නගරයෙන් පිට පලාතක් තෝරාගෙන තිබුනු බැවින් සෑහෙන වෙලාවක් ගමන් කිරීමට සිදුවිය. මේ ගමන් කරන අතර තුර මාලන්ගේ විහිලු තහලුවලින් අඩුවක් නොමැතිවිය......මාලන් මල්ලි කොච්චර අපිව හිනැස්සුවත් එක්කෙනෙක් දුකෙන්නෙ ඉන්නෙ.....අක්කා සැමටම ඇසෙනසේ කීවාය..... කවුද.....අම්මා ඇසුවාය....කවුද ඉතින් අපේ දේශානි නංගි මිසක්.....අක්කා කියනවිට....අක්ක දුක්වෙනව නෙවෙයි කේන්තියෙන් ඇත්තෙ මොකද අක්කට මාලන් අයියගෙ විහිලු අල්ලන්නෙ නෑනෙ.....මල්ලී කීවාය....එහෙම කියන්න එපා මල්ලි දැන් ඔයාගෙ අක්ක ගොඩක් වෙනස්.....මාලන් අයිය එයාව ගන්ගන්නෙ වත් නෑ කියල ඊයෙ රෑ මාත් එක්ක කිය කියා ඇඩුව.....මොනවා අක්ක ඇඬුවා .....මමනම් දැකල නෑ අක්ක අඩනව....ඔයා බොරුනෙ කියන්නෙ..මල්ලී පුදුමයෙන් මෙන් ඇසුවේය......නෑ මල්ලි ජේසු පල්ල ඇත්ත.....හරි පුදුමයිනෙ....කී ඔහු නිශ්සබ්දවිය. ....ඒව ඉතින් මාලන් පුතා හින්ද නෙවෙයිනෙ එයාගෙම වැරදිනෙ.......එයාට විහිලු දිරවන්නෙ නෑ කියල ඒලමය මොනව කරන්නද....අම්මා කියන්ටවිය.....දැන් දෙශානි නංගි එහෙම නෑ ලොකු අම්මෙ......දැන් එයා අමුතුම කෙනෙක් කියල මට තේරෙනව....සමහර නරක දේවල් වෙන්නෙ හොඳටයි කියනවනෙ අන්න ඒවගෙ තමයි දේශානී දුවගෙත් ඇක්සිඩන්ට් එකත්.....තාත්තා සිනාසෙමින් කියන්ට විය......මාලන් පුතේ දැන් ඔයත් පරන දේවල් අමතක කරල දේශානි නන්ගිට සමාව දෙන්න....අම්මා කියනවිට.....මාලන් නිශ්ශබ්දව සිටිනිසා....ඊයෙ නංගි මාත් එක්ක මාලන් මල්ලි ගාවට ගිහින් සමාව ගත්තනෙ අම්මෙ....ඒත් මාලන් මල්ලි ගනන්ගත්තෙ නෑනෙ.....අක්කා කීවාය....හරි හරි මම සමාව දෙන්නම්....ඒත් මම එයත් එක්ක කතා බහ නෑ.....කොයිවෙලාවෙ පරන ඒව මතක් වෙයිද කවුද දන්නෙ....මාලන් පැවසුවේය..මම දැන් ඉස්සර දේශානි නෙවෙයි අක්කෙ....ඇයි මේක මාලන් අයියට තේරෙන්නෙ නැත්තෙ......මා දුකෙන් මෙන් අක්කාට කීවෙමි.
                        පැය කිහිපයක ගමනකින් පසුව අපි ළඟාවුනේ ඉතා මනරම් පෙදෙසකටය....විශාල ජනකායක් සිටි එම ස්තානයේ.....උත්සව සිරියක් ගෙන තිබුනු බව දක්නට ලැබුනු අතර සමහරු හිම මත නොයෙක් ක්රීඩා වල යෙදී සිටින අයුරු දක්නට ලැබුනි......අපි පැමිනි වාහනයෙන් පාපන්දුවක් අතට ගත් අයියා මාලන් සමග එටට පයි ගසන්ට වූ අතර මල්ලීද එයට එකතුවිය .....සුලු වෙලාවකින් අක්කාද සෙල්ලමට එකතුවූ අතර මටද අඩගැසුවාය.....මා ප්රියන්ත ලෙස සිටිකල පසැලේ පාපන්දු කන්ඩායමේ සාමාජිකයෙකු ලෙස සිටි නිසා මටද එයට කැමත්තක් ඇතිවිය....මා හුරු පුරුදු පාපන්දු ක්රීඩකයෙකු මෙන් බෝලයට පහරදෙනු බලා සිටි අයියා...නන්ගි ඔයා මීට ඉස්සෙල්ල පූඩ්බෝල් සෙල්ලම් කරල තියෙනවද..... ඇසුවේයහොදට හුරුයි වගේ දැනෙනව.....මා මින්පෙර පාපන්දු ක්රීඩා කර හුරු බව නොකියා එසේ පැවසුවෙමි........මා වැඩිපුර මාලන්දෙසට බොලය හුවමාරුකරන්ට වූයේ ඔහුගේ අවදානය මා දෙසට ගැනීම සඳහාය....මොනවද අක්කෙ ඔයා හැමතිස්සෙම මාලන් අයිය ඉන්න පැත්තටමනෙ බෝලෙ පාස්කරන්නෙ.....මාත් මේ බැලුවෙ ඒක තමා.....මෙයාට බෝලෙ හම්බවුන ගමන් මාලන්ටයි බෝලෙ දෙන්නෙ.....අයියා කීවිට මාලන් හැර අනිත් අය හයියෙන් සිනාසෙන්ට විය......මොකද මාලන් මල්ලි ඒකට බුම්මගෙන....ඔය පරන කෝන්තර අමතක කරන්න මාලන් මල්ලියෙ...දැන් අපේ නංගිත් අලුත්ම කෙනෙක් වෙලානෙ....දැන් එයාට ඉස්සර වගේ තරහ යන්නෙම නෑනෙ.....අක්කා මාලන්ට කියන්ට වූවාය....එහෙම වෙනවනම් හොදයි.....ඒත් මට විස්වාස කරන්න බෑ......මාලන් කියනු ඇසුනි.....ටිකවෙලාවක් මෙසේ සෙල්ලම් කරමින් සිටිනවිට සුදු ජාතික තරනයින් සහ තරුනියන් කිහිප දෙනෙක් අපි සමග එකතුවිය.....ඔවුන්ද හුරුපුරුදු පාපන්දු ක්රීඩක ක්රීඩිකාවන් මෙන් සෙල්ලම් කරන්ට විය.
               අපි හිමමත මෙසේ සෙල්ලම් කරන විට හිමමත ඇවිදීමේදඊ තිබුනු නොපුරුදු කම නිසා මාව නොයෙක්වර ඇද වැටෙන්ට විය.......මොනවද අක්කෙ නිතරම වැටෙන්නෙ....හරියට මීට ඉස්සර මෙහෙ ඇවිත් නෑ වගේනෙ....මල්ලී මට විහිලුකරන්ටවිය.....ඇත්තටම මම මෙහෙ ඇවිත් නෑ තමයි.....ඒත් කොහොමද ඒක කියන්නෙ....මා කල්පනා කරනවිට.....ඒකනම් ඇත්ත තමයි ඉස්සර නංගි මෙහෙ ආවහම ඔයතරම් වැටෙන්නෙ නෑනෙ....අක්කා කීවාය......සියලු දෙනා මට සිනාසුනු බව දුටු අප අතර සිටි සුදු තරුණියක්  මා අසලට පැමින.....මට හිම මත ඇවිදින ආකාරය කියා දෙන්ට වූ අතර මීට ඉස්සර මෙහෙ පැමින නැද්දයි ඇසුවාය....ඇයට සැගවීමට දෙයක් නොමැති බැවින් නෑ යනුවෙන් කීවෙමි.....මෙහෙ ටික දවසක් ඉන්න කොට හරියයි ඇය සිනාසෙමින් කීවාය. මා ලංකාවේදී ඉංග්රීසියෙන්  කතා කලත් මෙහෙට පැමින සුදු ජාතිකයෙක් සමග මෙතරම් ලගින් කතා කල පලමු වාරය මෙය විය....ඇය වේගයෙන් සහ සමහර වචන බාගයට මෙන් කතාකරන බැවින් තේරුම් ගැනීමට තරමක් අපහසු වූ බැවින් ආපසු ඇසීමට සිදුවිය. එහෙත් මා කතාකල වචන ඇය හොදින් තේරුම් ගන්නා බව වැටහුනි. ඇයගේ ප්රසන්න කතාවිලාසය නිසා ඇය සමග කතා කතා කිරීමට ලැබීමගැන මා බෙහෙවින් සතුටු වුනෙමි. ලංකාවෙ  කෙල්ලො විතරක් නෙවෙයි මෙහෙ කෙල්ලොත් හරිම හොදයිනෙ.....සිතුනු මට මාවත් මෙයාල වගේ ගැහැනු ලමයෙක් වෙන්න ලැබුනු එක කොයිතරම් වාසනාවක්ද.....කල්පනා කලෙමි. සැහෙන වෙලාවක් සෙල්ලම් කරමින් විනෝදවුනු අපි කෑම ගැනීම සදහා අවන්හලට ගියෙමු.

                     සවස් කාලයේ වෙනත් ස්තානයකට ගිය අපි රාත්රී නවාතැන් ගැනීම සදහා අසල තිබුනු හෝටලයකට ගියෙමු. නගරයේ හෝටලය තරම් විශාල නොවුනත් මෙය ඉතාමත් සුඛෝපභෝගි හෝටලයක් බව දක්නට ලැබුනි. මෙහිදීද මට නතරවන්ට වූයේ අක්කා සමග එක කාමරයකයමට කියන්න බැරිවුනානෙ නංගි ....දිශ්නි අක්ක ප්රාන්ස් වල ඉදන් කතාකලානෙ......ඇඳ උඩින් වාඩිවූ අක්කා කීවාය. .....කොයි වෙලාවෙද මා ඇසුවෙමි.....දැන් ටිකකට ඉස්සෙල්ල....කී ඇය....ඔයාල ගැන ඇහුව....ඒක නෙවෙයි....දැන් දේශානි නංගි  ගොඩක් වෙනස්වෙලා නේද කියල මගෙන් ඇහුව.....ඉතින් අක්ක මොකද කිව්වෙ....මා ඇසුවෙමි.....මටත් ඉතින් නංගි දැන් වෙනස් කියල පේනවනෙ....ඒක නෙවෙයි.....එයා කියනව....ඔයාට සිහි නැති වුනාට පස්සෙ වෙනකෙනෙක් වුනාද දන්නෙ නෑ කියල.....ඇය පැවසූවිට දේශානිගේ ඇගේ ඉන්නෙ වෙන කෙනෙක් කියල එයා මෙයාලටත් කියලද දන්නෙ නෑ....සිතුනු මට බියක් ඩැනෙන්ට විය..... අක්කත් මට එහෙම කිව්ව තමයි....ඒත් මට දැන් ඉස්සර ඒව කිසිදෙයක් මතක නෑ අක්කෙ.....මා කවුදැයි හදුනා ගනිදයි සැක සිතුනු මා එසේ පැවසුවෙමි..... අක්ක ඔය අමුතු දේවල් ගැන හොයනවනෙ නංගි.....ඒක වෙන්න ඇති එහෙම කියන්න ඇත්තෙ...අපි හම්බවුනාමත් ඔය පුනරුප්පතිය ගැන එහෙම කතාකරනව....එයා කියන්නෙ කෙනෙකුගෙ සිත වෙන කෙනෙක්ගෙ ශරීරය තුලට යන්න පුලුවන් කියල......ඔය දිස්නි කියන ඒවයෙත් මොනව හරි ඇත්තක් ඇති කියල මටත් දැන් හිතෙනව....ඔයාට අමතක උනාට ඔයාටත් වෙලා තියෙන්නෙ ඒවගෙ දෙයක්ද දන්නෙ නෑ.....අක්කා පැවසුවාය...... කොහොමද එහෙම කියන්නෙ....මා ඇසුවෙමි..... කාලෙ දේශානි නංගිගාව තිබුන ගතිගුන පොඩ්ඩක්වත් දැන් ඔයාගාව නෑනෙ.....ඔයා දැන් හරිම අහින්සක චරිතයක් වෙලානෙ....දේශානි නංගි පල්ලිය ගැන දෙවියන්වහන්සේ මතක් කරනකොටත් ඕව ඔක්කොම බොරු කියල බනිනව....ඒත් ඔයා දැන් හොඳ දේව භක්තිකයෙක් කියල ඔයාගෙ අම්ම කිව්ව. ඔයා දේව මංගල්යවලට සහභාගී වෙන්නෙ හොදට පුරුදු කෙනෙක් වගේලු.....අද උදෙත් කවදාවත් පුට් බෝල නොගහපු ඔයා බෝලෙ ගත්තගමන් හොදට සෙල්ලම් කරපු කෙනෙක් වගේ සෙල්ලම් කලා....කවදාවත් හිමේ ඇවිදල තිබුනෙ නෑ වගේ ඇදගෙන වැටුන....මේව දකින කොට මටත් හිතෙනව නංගි ඔයා දැන් වෙන කෙනෙක්ද කියල..ඇය කියනවිට......මට දැන් කිසිදෙයක් මතක නෑ අක්කෙ....කීවෙමි.......එක අතකට ඔයාවෙන කෙනෙක් උනානම් එයා ගොඩාක් හොද කෙනෙක්..

No comments: