අනතුරේ පෙරලිය 65.............මාලන්ට කතා කිරීමට හිතුනත් ඔහුගේ දුරකථන අංකය ඉල්ලා නොගත් නිසා ගැටලුවක් ඇතිවිය. අපි යූරොපයේ සන්චාරය කර ලංකාවට පැමිනි පසු අක්කලා දෙදෙනා සමග නිතර වීඩියෝ මාර්ගයෙන් කතා කිරීමේ පුරුද්දක් ඇතිවිය. ඔවුන්ගේ අවශ්‍යතාවය වීතිබුනේ මගේ අතීත සිද්ධීන් මාලවා අසාගැනීමටදැයි මුලදී සැකයක් ඇතිවූවද. මාසමග කතා බහ කිරීමෙන් ඔව්න් සතුටක් ලබනබව තේරුම් ගත්තේ පසුවය.මගේ අදරනීය වචන ඔවුන් සිත්ගත්බව මට වැටහුනි.මා සමග කතාකරනවිට ඔව්න්ගේ පාලුව කාන්සිය මගහැරෙනබව නිතර පවසන්ට විය. මටද දවසකට සැරයක් දෙකක් ඔව්න්ව ඇමතීමට පුරුදුවූවේ ඔව්න් සමග කතා කිරිමෙන් මගේ සිතටද සතුටක් ගෙනදුන් කරුනක් නිසාය.නිතර අක්කලා සමග මෙසේ කතාකලද මාලන් ගැන කතා කිරීමට මාගේ හිතතුල තිබුනු ලැජ්ජා සහගත බව නිසා එසේ කිරීමට අපහසුවිය. එහෙත් ඔහුගේ දුරකථන අන්කය කෙසේ හෝ දැනගැනීමට උවමනාව වැඩිවන්ටවිය.
ලන්ඩනයේ සිටින සචිනි අක්කාගෙන් මාලන්ගේ අංකය ලබාගැනීමට සිතාගත් මා ඇය සමග කතා කලෙමි.වෙනදා මෙන් තොරතුරු කතාකල අතරතුර.....ඒක නෙවෙයි අක්කෙ මාලන් අයියත් ලංකාවට ආවලු නෙද...ඇසුවේ ඇය මට විහිලු කරයිද යන සැකයෙන් යුතුවය.....දැන් ඇවිත් සති දෙකක් විතර ඇතිනෙ....ඇයි නංගි දන්නෙ නැද්ද.....ඇසුවාය....නෑ අක්කෙ අම්මල කතාවෙනව ඇහුන ඒකයි ඇහුවෙ.....මම ඔහු ගැන එතරම් උනන්දුවක් නැතිබව හැඟවීම සදහා පැවසුවෙමි.....ඇයි ඔයත් එක්ක කතා කලේ නැද්ද....ඇසුවාය....නෑ අක්කෙ......එයා ගාව මගෙ පෝන් නම්බර් එකවත් නෑනෙ.....අනිත් එක එයාගෙ හිතේ තාමත් මා ගැන තරත් ඇතිනෙ..... පැවසුවෙමි....අපෝ මාලන් කියන්නෙ ඒතරන් නරක කෙනෙක් නෙවෙයි......අන්තිම කාලෙ ඔය දෙන්න එකට යාලුවො වගේ හිටිය හින්ද මම හිතුව නිකමට හරි නංගිට කෝල් එකක් දෙන්න ඇති කියල.....අක්කා කියන්ටවිය.....අනේ නෑ අක්කෙ...මා කීවිට....ඔයාවත් කෝල් එකක් දීල බලන්න.....කීවාය...අනේ මට බෑ අක්කේ....ලැජ්ජාවෙන් මෙන් පැවසූ මා......එයාගෙ පෝන් නොම්බර් එකවත් නෑනෙ.....පැවසුවේ එය අක්කාගෙන් දැනගැනීම සදහාය......එහෙනම් ලියාගන්නකො.....කී ඇය නොම්මරය කියන්ට විය. ඉක්මනට කොලයක ලියාගත්මා මට අවශ්‍යය දේ දැනගනීම ගැන සතුටට පත්වුනෙමි.
ඇයි දැන් මාලන් ගැන මේතරම් මගේ හිතට එන්නෙ.....ඉස්සර මම ප්‍රියන්ත විදියට ජීවත්වුන කාලෙ ලස්සන කෙල්ලෙක් දැක්කම ආශ හිතෙනව වගේ නේද දැන් මට මාලන් වගේ කඩවසම් කොල්ලෙක් දැක්කම ආශ හිතෙන්නෙ. ඉස්සර මම කොල්ලෙක් හින්ද ලස්සන කෙල්ලො දැක්කම ආශ හිතුනට දැන් කොච්චර ලස්සන කෙල්ලෙක් දැක්කත් ඒවගෙ ආශාවක් හිතෙන්නෙ නැතිවුනාට මමද එයාද වැඩිය ලස්සන කියල හිතෙනව ඇත්තෙ මාවත් දැන් එයාල වගේ කෙල්ලෙක් වෙලා හින්ද වෙන්න ඇති.ඒවුනාට මාලන් වගේ ප්‍රියමනාප කඩවසම් කොල්ලෙක් දැක්කම ආශ හිතෙන්නෙ මගේ ගත වගේම හිතත් ගැහැනු කමට සම්පූර්නයෙන්ම පරිවර්තනය වෙලා හින්ද වෙන්න ඇති.... කල්පනා කරන්ටවූ මට මෙච්චර කාලයක් පිරිමි ජීවිතයට හුරුවී තිබුනු මම කොහොමද මෙච්චර ඉක්මනට ගැහැනු ජීවිතයට හුරුවුනේ.....ගැටලුවක් ඇතිවිය.ඒකාලෙ පිරිමියෙක් වෙලා හිටියත් ඊටවඩා දැන් ගතකරන ගැහැනු ජීවිතේට මා දැඩි ලෙස ආශා කරන බැවින් ඉක්මනින්ම ගැහැනුකමට හුරුවීමට හැකිවූ බව කල්පනාවිය. මා මෙලෙස මෙතරම් ගැහැනු ජීවිතයට කැමතිවූයේ ඇයිදැයි මටම සිතාගැනීමට නොහැකිවිය. කාත්කවුරුවත් නැතුව හරියට ඉන්න හිටින්ට තැනක් නොමැතිව පල්ලියේ අනාථ නිවාසෙක හැදුනු වැඩුනු මට මෙවැනි සුවිශාල බංගලාවක ආදරනීය දෙමවුපියන් දෙපලක් සහ නැදෑයන් පිරිසක් ලැබීම එම සතුටට එක්හේතුවක් වූවද මට ලැබුනු මෙම සුන්දර ලස්සන ගැහැනු ජීවිතයට ඊටත් වඩා ආශාවක් කැමැත්තක් ඇතිවීම මෙලෙස ඉක්මනින්ම ගැහැනු ජීවිතයට අවතීර්ණය වීමට හැකිවූ බව පැවසීමට හැක. ගැහැනු ජීවිතය යනු කරදරකරී අපහසු අවාසනාවන්ත පහත් ජීවිතයක් යනුවෙන් විශේෂයෙන්ම පිරිමි සමාජය තුල මුල්බැසගෙන ඇති මතයක් වූ නිසා මා ගැහැනු ලමයෙකු බවට පත්වූ මුල්දිනවල යම් බියක් ඇතිවිය. එහෙත් එය මිථ්‍යා මතයක් බව දැනෙන්ට වූයේ මටත් ගැහැනු කම උරුමවී ටික කාලයක් ගතවූ පසුය. ටිකෙන් ටික ගැහැනුන්ට ඇතිවන අපහසුතා මටද ඇතිවන්ට විය. එහෙත් ඒවාට හුරුවූ පසු ඒවා එතරම් ගනන්ගතයුතු දේවල් නොවනබව දැනෙන්ටවිය. මේ අනුව සමස්ත ගැහැනු ජීවිතය ගත්විට එහි ඇති සතුට සැහැල්ලු බව නිසා මා මෙම ජීවිතයට මින් පෙර ගතකල පිරිමි ජීවිතයට වඩා දැඩි ලෙස ආශාවක් දක්වන බව වැටහෙන්ටවිය.
සචිනි අක්කාගෙන් දුරකතන අංකය ලබා ගත්තද මාලන්ට කතා කිරීමට යම්කිසි බියක් සහ චකිතයක් සිත තුල ඇතිවී තිබුනු බවින් කතා කිරීමට වුවමනාව තිබුනත් දවසින් දවස කල්තැබුවෙමි.......මාලන් අයියට කෝල් එකක් දුන්නද නංගි..... දින කිහිපයකට පසු එංගලන්තයේ සිට කතාකල අක්කා ඇසුවාය......තාම බැරිවුනා අක්කෙ...මා පිලිතුරු දුන්නෙමි.....ඒ මොකද....ඇය ඇසුවාය.....මට මොකක්ද වගේ අක්කෙ.....මා කීවෙමි.....මාලන් අයිය මොකුත් කියන්නෙ නෑ බය නැතුව කතා කරන්න.....ඇය පැවසුවාය.
No comments:
Post a Comment