Friday, July 19, 2019

අනතුරේ පෙරලිය 84...........ඉතින් මොකද වෙලා තියෙන්නෙ..... කෙල්ල තරහ වෙලාද.......අම්මා තවදුරටත් ඇසුවාය .....මේ නංගි කියන විදියටනම් ඒවගේ දෙයක් තමයි......අක්කා පැවසුවාය.........ඇත්තද දුවේ.....අම්මා මගෙන් ඇසුවාය..ඒක වෙන්න ඇති අම්මෙ......මාත් හරියටම දන්නෙ නෑ...අම්මාට විස්තර කිරීමට නොහැකි නිසා එසේ කීවෙමි......වෙන කවුරුවත් හින්ද නෙවෙයි ඇන්ටි.....මේ දෙශානි නංගි  අපේ මාලන් මල්ලි එක්ක තරහවෙලා හින්ද.... මේ ඔක්කොම වෙලා තියෙන්නෙ.....අක්කා අපි අතරෙ තිබෙන විරෝධය හෙලිකරමින් පැවසුවාය.....ඇයි ලමයො මාලන් එක්ක තරහ වුනේ මාලන් කියන්නෙ කොච්චර හොඳ ලමයෙක්ද...ඔයාටත් ගොඩක් උදවු කලා නේද....තරහවෙන් මෙන් මාදෙස බලා ඇසූ අම්මා.....ඒක තමා මෙයා මාලන් ගැන මතක් කරන්නෙවත් නැත්තෙ......පැවසුවාය......ඒක තමා ඇන්ටි මාත් කිව්වෙ.....ඕවගෙ තරහ හිතේ තියාගෙන ඉන්නෙ නැතුව කතාකරන්න කියල....අක්කා කීවාය.....ඔව් දුවේ.....මාලන් පුතා පවුනෙ.....ගිහින් කතාකරන්න....අම්මා මාදෙස බලා කීවාය.
                 මා මඟ හැරීමෙන් අනතුරුව මාලන්ට මෙතරම් දෙයක් වේවි යයි සිහිනෙකින්වත් නොසිතූ මා ඔහු ගැන දුකක් ඇතිවිය.....මාලන් කිසිම දෙයක් මට හැගෙවුවෙ නැතිවුනාට එයත් මට ආදරේ ඇති. නැත්නම් යාලුවෙක් තරහ උනා කියල ඔහොම ඉන්නවද....මාලන්ගේ අයියා සහ අක්කා ආපසු ගිය පසු මා කල්පනා කරන්ට වුනෙමි. එහෙත් ඔහුට දුරකතනයෙන් කතාකර මෙම ගැටලුව විසඳාගැනීමට නොහැකිවූයේ ඔහු මගේ ඇමතුම් වලට පිලිතුරු නොදෙන නිසාය. රාත්රී නවය පමන විය. මගේ දුරකතනය නාදවන හඩ ඇසුනි.....ප්රන්සෙ අක්කද එංගලන්තේ අක්කද කල්පනා කරමින් එය අතට ගත්තෙමි. නොම්මරය මාලන්ගෙනි. මා බයෙන් මෙන් හලෝ කීව්වේ ඔහු කුමක් පවසාවිදැයි නොදන්නා නිසාය. එහා කොනෙන් කතාකලේ ඔහුගේ අක්කා බව තේරුනි.....පොඩ්ඩක් ඉන්න නංගි  මාලන්ට දෙන්න....මට බෑ අක්කම කතාකරන්න.....ඔහුගේ කටහඬ ඇසුනි.....මම කතා කරල හරියනවද මල්ලි.....අක්කා ඔහුට දොස් කියන හඬ ඇසුනි.....ඔන්න මට බැන්නොත් එහෙම අක්ක වගකියන්න ඕනැ....කී ඔහු.....මට හලෝ කීවේය.....මේවනවිට මාලන් ගැන දුකෙන් සිටි මට එකවරම හැඩෙන්ට වූවේ මට දැන් ඇත්තේ ගැහැනු සිතිවිලි බව සනාත කරමිනි....අනේ අයියේ.....මා අඩමින් කතා කරන්ට වුනෙමි....අනේ සොරි නංගි.....ඔහු කීවිට.....මමයි අයියෙ වැරදිකාරි....ඔයා නෙවෙයි.....මමයි ඔයාගෙන් සමාව ඉල්ලන්න ඕනැ...මමයි අයියව මග හැරියෙ......මා තව දුරටත් ඉකිගසමින් කීවෙමි.....නන්ගි අඩනවද....ඔහු ඇසුවේය.....නෑ.....මා කීවෙමි.....බොරු කියන්න එපා....මට ඇහෙනව.... මගේ ඉකි හඩ ඇසුනු ඔහු ඇසුවේය..... අනේ අයියෙ ඔයා මම හින්ද කෑම කන්නෙත් නෑ කියල අක්ක කිව්ව...ඇයි අයියෙ එහෙම කරන්නෙ.....මා ඇසූවිට....ඔයා දිගටම තරහ වෙලා හිටියනම්.....මම මොකුත් කන්නෙ නැතුව මැරෙනව තමයි.....ඔහු දැඩි ස්වරයෙන් පැවසූවේය.....අනේ අයියේ....එහෙම උනානම් මාත් නොකාම මැරෙනව......මා හඩමින් කීවෙමි.....දැන් එහෙම උනේ නෑනෙ අඩන්නෙ නැතුව ....නිදාගන්න...ඔහු කීවේය.....අද අයිය කෑම කනව නේද....මා ඇසුවෙමි.....කනව කනව....දැන් හිතට හරි....ඔහු සතුටෙන් මෙන් කියන විට මගේ සිතටද සතුටක් ඇතිවිය. මේ දුරකතන ඇමතුමෙන් පසු පැය භාගයක් පමන ගතවිය. මාලන් අදවත් කෑම ගත්තා දැයි දැනගැනීම සදහා ඔහුට ඇමතුමක් ගත්තෙමි......ඔයා තාම නිදි නැද්ද.....ඔහු ඇසුවේය.....ඔයා කෑම කෑවොත් තමා අද නිදාගන්නෙ......මා කීවෙමි.....දැන් කෑම කැව ගමන් ......ඔයාට නිදිමරන්න ඕනැ නෑ.....ඔහු සිනාසෙමින් කීවේය.
             පසුදින සිට අපි සුපුරුදු පරිදි කතා කරන්ට උනිමුපසුදින සදුදා බැවින් මාලන් මුනගැසීමට හැකිබව සිහිකලේ ඉතාමත්ම සතුටිනි.....මා අද පල්ලියේ මංගල්‍යයට ගොස් යාඥා කරන්ට වූවේද මේ ගැනය....අනේ ජේසුතුමනි දෙවියන් වහන්ස ඔබවහන්සේ මාව ගැහැනු ලමයෙක් බවට පත්කර ඉතාමත්ම  සුන්දර ජීවිතයක් ලබා දුන්නාක් මෙන් මට මාලන්ව මුනගස්වා මගේ මේ ගැහැනු ජීවිතය තවත් සුන්දර කරන සේක්වා....යනුවෙන් යාඥා කරන්ටවුනෙමි.  

                     පසුදින කොළඹ ගියවිට පලමුවෙන්ම මාලන්ව සොයාගෙන ගියෙමි. ඔහු මා ඉදිරියට පැමිනෙනු දැක්කේ පුදුමයට මෙනි......අයියේ ඔයා මෙහේ.......ඔහු වෙනත් දිනවල මෙම ස්තානයට නොපැමිනෙන බැවින් පුදුමයෙන් මෙන් ඇසුවෙමි. ..... ඔයා කොහෙද මේ යන්නේ.....ඔහුද ඇසුවේය....ඔයාව මුනගැහෙන්න....මා කීවිට....මාත් ආවෙ ඔයාව මුනගැහෙන්න.....කී ඔහු ලෙක්චර් පටන්ගන්න තව ටික වෙලාවක් තියෙනවනෙ.....ඔරලෝසුව දෙස බලා පැවසූ ඔහු.....යමු අතෙන්ට ගිහින් ටිකක් කතාකරමු.....ඔහු කවදාවත් නැතිව මගේ අතින් අල්ලාගෙන කිවේය. ඔහුගේ අතේ උනුසුම මගේ සිරුරපුරා දුවන්ටවිය. මගේ සිත සතුටින් පුබුදුවන්ටවිය.....දෙවියන් වහන්සේගෙන් මා ඉල්ලූ පරිදි මාලන්ට මාව  නැවත මුනගැස්වීම ගැන ඔබවහන්සේට ස්තූති කරමි.....මා සිතින් යාඥා කරමින් ඔහු සමඟ ආසන මත වාඩියුනෙමි.....ඔහු මගේ මුහුන දෙස බලා සිටිනවිට ඔහුගේ ඇස්වලින් වෙනදා දක්නට නොතුබුනු අමුතුම ආදරනීය බවක් දක්නට ලැබුනි. අපි සුලු මොහොතක් මුහුනට මුහුන බලා සිටියා මිස කිසිවක් නොදෙඩුවෙමු.            

No comments: