අනතුරේ පෙරලිය 75...........මගේ උපන්දින උත්සවය ගැන සියලුම නැදෑයන්ට දැන්වූවද ප්රන්සයේ සිටින අක්කා සහ අයියා පැමිනෙන බව දැනුම් දුන් අතර එංගලන්තයේ පුන්චි අම්මා සහ අක්කා පැමිනෙන බවද පසුව දැනුම් දීම නිසා මා සතුටට පත්වුනෙමි......නංගි මාලන් අයියටත් කිව්වද.....සචිනි අක්කා සමග කතාකරමින් සිටිනවිට ඇසුවාය.....නෑ අක්කෙ.....ඒ මොකද...ඇය ඇසුවාය.....කියන්න මොකක්ද වගේ අක්කෙ.....අනිත් එක එයාට ගර්ල් ප්රෙන්ඩ් කෙනෙක් ඉන්නවනෙ.....ඒ කෙල්ල දැනගත්තොත් මටත් එක්ක බනියි.....ඒ කෙල්ල කොහෝ කෙනෙක් ද කියල දන්නෙවත් නැතුව කොහොමද දැනගන්නෙ....ඇය ඇසුවාය.....අපි නොදන්නව උනාට අපි දන්න කෙනෙක්ද දන්නෙ නෑනෙ......මා පැවසුවෙමි.....ඒකත් ඇත්ත තමයි....කී ඇය.....නංගිගෙ කැමැත්තක්...... අවසානයේ කීවාය.
මගේ උපන්දින උත්සවය උසස් ලෙස පැවැත්විමට අම්මා සහ තාත්තා යුහුසුලුව කටයුතු කරන බව දක්නට ලැබුණි. උත්සවයට දින දෙකට පමන පෙර පුංචි අම්මා සහ අක්කා අපේ නිවසට පැමිණි අතර. ප්රන්සයේ අක්කා සහ අයියාද ලංකාවට පැමිනි බව ආරන්චිවිය. උත්සව දිනදී මාව හැඩගැස්වීම සදහා වෙනම නිරූපන සිල්පිනියක් ගෙන්වා තිබුනු අතර ඇය මාව ලසනට සරසන බව දක්නට ලැබුනි. මා අද දින ඇදගත් ගවුම මා ගැහැනු ලමයෙකු බවට පත්වූ පසු ඇදගත් අලන්කාරම ගවුම බව කැඩපතින් මගේ හැඩබලමින් කල්පනා කරන්ට වුනෙමි. මා ප්‍රියත විදියට හිටියනම් මේතරම් ලස්සනට හැඩවෙන්නෙ නෑනෙ....දැන් මම ඊටවඩා කොයිතරම් ලස්සනද සුන්දරද...මේවගේ කෙල්ලෙක් වෙන්න ලැබුන එක කොයිතරම් වාසනාවක්ද.....මා කල්පනා කරන්ට වුනෙමි.
උපන්දිනයට අලන්කාර කේක් එකක් තබා තිබුනු අතර. එයවටේට මගේ වයසට හරියන ඉටිපන්දම්ද සවිකර තිබුණි.....මේ වෙලාවෙ මාලනුත් හිටියනම් කොයි තරම් දෙයක්ද..මට මාලන්ව මතක් වූවද....ඔහුට ආරාදනා නොකිරීම මාකරගත් වරදක් දැයි සිතන්ට වුනෙමි. එහෙත් එයින් යම්කිසි ගැටලුවක් ඇතිවේවි යන ගැටලුව නිසා ආරාදනා නොකලෙමි....ටික්වෙලාවකින් දිස්නි අක්කා ඇතුලු ඇගේ ගෙදර සියලුම දෙනා පැමිනි දව දැකගන්ට ලැබුනි. දිස්නි අක්කාගේ අම්මා වන මගේ නැන්දා....මාව තුරුලු කරගෙන මුහුන සිපගනිමින් මට සුබපැතුවාය. දිශ්නි අක්කාද මාව සිපගනිමින් සුබපතන්ට විය. මා ලස්සන ගැහැනු ලමයෙක් බවට පත්වී අලන්කාර ලෙස සැරසූ ස්තානයක. ලස්සනට සැරසුනු මගේ යෙහෙලියන් සහ නෑදෑ පිරිස අතර මෙසේ සිටිනවිට මා සුරන්ගනා ලෝකෙක ලස්සන සුරන්ගනාවියන් අතර ලස්සනම සුරන්ගනාවිය ලෙස සිටින බවක් දැනෙන්ට විය. කාත් කවුරුත් නැති අසරන කොල්ලෙක් ලෙස ජීවත්වූ මාව මෙලෙස ලස්සන ගැහැනු ලමයෙක් බවට පත්කර මේ සැපසම්පත් සියල්ල ලබාදුන් දෙවියන් වහන්සේට සිතින් ස්තූති කරන්ට වුනෙමි.
උපන්දින කේක් එක කැපීමට සුදානම් කර තිබුනේ රාත්‍රී හතට පමනය....මේ වනවිට නෑදැ හිතවතුන් සහ අනිකුත් ආරාදිත අමුත්තන් වැඩි දෙනෙකුගෙන් ගෙදර සාලය පිරී තිබුනි. ඔව්න් සිනාසෙමින් කතා බහ කරන හඩවල් සිහින් සන්ගීත රාවය තුලින් ඇසෙන්ට ලැබුනි. දේශානි සෑම අවුරුද්දකම මෙවැනි උපන්දින උත්සව ගෙන ඇතිබව ඔව්න්ගේ හැසිරීම් තිලින් සිතාගැනීමට හැකිවිය. මා මීට පෙර ප්‍රියන්ත ලෙස ජීවත් වූවත් මා කුඩා කල අම්මා තාත්තා එකතුවී මා වෙනුවෙන් උපන්දින සාද පැවත්වූ බව සිහිවූවද මෙතරම් අලන්කාර ලෙස සාදයක් පැවත්වීමට තරම් ඔව්න්ට වත්කමක් නොතිබුනු බව කල්පනාවිය. මා අනාත්යෙකු වසයෙන් පල්ලියට ගිය පසු කිසිමදිනක උපන්දින උත්සවක් ගෙන නොතිබුනු . අවුරුද්දෙන් අවුරුද්ද මගේ වයස ගිවී ගියා මිස එම අවුරුදු කිහිපය තුල උපන්දින උත්සවයක් තබා උපන්දියද අමතක වී තිබුනි......අනිකුත් යහලුවන්ගේ උපන්දින වුත්සවවලට සහභාගී වීමට ලැබුනත් මාවෙනුවෙන් කවුරු සමරන්නද යන සිතුවිල්ල නිතරම ඇතිවී තිබුනි. මා ගතකල එම අසරන ජීවිතයෙන් ඉවත් කර මෙවැනි ජීවිතයක් ලබා දීම ගැන දෙවියන් වහන්සේට කෙසේ ස්තූති කලයුතුදැයි කල්පනා කරන්ට වුනිමි. මේ ඔක්කොටම වඩා මට මේ ලැබුනු ගැහැනු ජීවිතය ඒ පිරිමි ජීවිතයට වඩා මොනතරම් සැහැල්ලුද ලස්සනද සුන්දරද. මා වටපිට ඇති අලන්කරවත් බව බලමින් කල්පනා කලෙමි.
No comments:
Post a Comment