Friday, July 19, 2019

අනතුරේ පෙරලිය 57..........මොකක්ද අක්කෙ....මා ගැටලු සහගත ලෙස ඇසුවෙමි....ඔයාට තාමත් පරණ දේවල් මතක්වෙන්නෙ නැද්ද....ඇසුවාය....දිස්නි අක්කා මෙසේ අසනු අසාසිටි අක්කා.....මෙයාට පරන දේවල් අමතක වුනාට මෙච්චර කාලයක් නොතිබුන ගතිගුනනම් තියෙනව.... මොනවද....දිස්නි අක්කා සිනාසෙමින් අහනවිට....මෙයාට හොඳට පුට් බෝල් සෙලම්කරන්න පුලුවන්නෙ.... වගේ පල්ලියට ගියහම හොඳට යාඥා කරනව....කී අක්කා...ඒක නෙවෙයි දිශ්නි පුදුමෙ....අක්කා සිනාසෙමින් තවත් දෙයක් කියන්න යනවිට.... මොකක්ද....අක්කා ඇසූ අතර ....මගේ සිතතුලටද ගැටලුවක් ඇතිවිය.....ඉස්සර දේශානි නංගිට කොල්ලො පෙන්නන්නවත් බැනෙ....පුදුමෙ කියන්නෙ දැන් එහෙම නෑනෙ.....ඔව් ඔව් මාත් මෙහාට ආපුවෙලාවෙ දැක්ක...ඉස්සර මල්ලිත් එක්ක වලි දාගන්න එක්කෙනා දැන් හොදට යාලුවො වගේ ඉන්නවනෙ....එහෙම දෙයක් නෙවෙයි දිශ්නි   මම කියන්නෙ....අක්කා කීවාය.... මොකක්ද....දිස්නි අක්කා පුදුමයෙන් මෙන් ඇසුවාය....ඔයා දන්නවනෙ මාලන් මල්ලි ගැන....ඔව්....එයා දැන් ඔහේ ඇවිත්ද...ඇය ඇසුවාය.....ඔවු එයා නිවාඩුවට එන්ග්ලන්ඩ් එනවනෙ.... අපිත් එක්ක ඇවිදින්නත් ආව...අක්කා කීවිට....ඉතින් ඉතින්...මාලන්ට මොකද වුනේ....දිස්නි අක්කා ඇසුවාය....එයාට මොකුත් වුනේනම් නෑ ඒත් අපේ දේශානි නංගිටනම් මොකක් හරි වෙලා කියල තේරෙනව....ආයෙත් වලියක් දාගත්තද....දිස්නි අක්කා ඇසූවිට....නෑ අනේ දැන් දෙන්න යාලුනෙ....අක්කා කිවිට...වෙන්නබෑ...ඇය පුදුමයෙන් මෙන් කීවාය....වෙන්න බෑ නෙවෙයි.....වෙලා...සිනාසෙමින් කී විට....දේශානි නන්ගිට කොල්ලො පෙන්වන්න බැරි එකේ මෙහෙම යාලුයි කිව්වම මට හිතාගන්නවත් බෑ නෙ...දිශ්නි අක්කා පැවසුවාය....මේ අක්ක බොරු කියන්නෙ දිශ්නි අක්කෙ නිකන් කතාකරනව විතරයි එහෙම ලොකු යාලුකමක් නෑ....මා ලැජ්ජාවෙන් කීවිට.....ඔහොම ඔචනයක් දෙකක් කතා කරල තමයි.....හැමදාම ඕනැවෙන්නෙ....කමක් නෑ නංගි මාලන් කියන්නෙ කලාතුරකින් හම්බවෙන හොද කොල්ලෙක්.....ඇය පැවසූ විට එහෙම එකක් නෑ අක්කේ...මා කීවෙමි......ඒක නෙවෙයි නෙතුලි....මටනම් දැන් හොදටම විශ්වාසයි දැන් ඉන්නෙ ඉස්සර හිටිය දේශානි නංගි නෙවෙයි කියල....මටත් එහෙම හිතෙනව දිස්නි....ඔව්න් ගේ මෙම කතා බහෙන් මා දේශානිගේ සිරුර තුල ජීවත්වෙන වෙන කෙනෙක් යනුවෙන් අක්කාලාට තේරුම් ගොස් ඇතිබව මට තේරුනි...... කවුරු උනත් දැන් ඉන්න එක්කෙනානම් දෙශානි නන්ගිට වඩා ගොඩාක් හොද කෙනෙක්...පවු අනේ හරිම අහින්සක ලමයෙක්.....අක්ක කීවිට....ඒක තමයි මාත් කල්පනා කලේ නෙතුලි... දවස්වල හිටිය දේශානිට මේව කියන්න ගියානම් මෙලහට අපි දෙන්න හොදවයෙන් ටිකක් අහගෙන....ඒකනම් ඇත්ත තමයි දිස්නි..... දවස්වල මම මෙයා එක්ක වැඩිය කතා කරන්නවත් කැමති නෑ......පොඩ්ඩ බැරිවෙනකොට වලියක්නෙ.....දැන් මෙයාට මොනව කිව්වත් කරබාගෙන ඔහේ ඉන්නව....ඔව්න් මගේ අලුත් ගතිගුන ගැන කතාවන්ට විය.
                 ඇත්තටම මම දැන් වෙන කෙනෙක්ද අක්කෙ.....නින්දට යනවිට මා අක්කාගෙන් ඇසුවේ  මා සම්භන්දව ඇගේ ප්රතිචාරය දැනගැනීම සදහාය...ඔව් දිස්නි අක්කත් කියන්නෙ ඔයා දැන් වෙන කෙනෙක් කියල.....මටත් ඒක දැන් හොදට තේරෙනව.....එහෙනම් දැන් මම ඔයාලගෙ නෙවෙයිද.....මම දුකෙන් මෙන් කීවෙමි...අනේ නංගි කවුද එහෙම කියන්නෙ....ඔයා දැන් දේශානි නොවුනත් ඔයා කවුරු උනත් ඉස්සර හිටිය එක්කෙනාට වඩා ගොඩක් හොද ගුනයහපත් කෙනෙක් කෙල්ලෙ.....පැවසූ ඇය මාව තුරුලු කරගෙන සිපගැනීමට පටන්ගත්තාය.....ගැහැනු ලමයෙකු මාව තුරුලු කරගෙන මෙතරම් සිපගත් පලමු අවස්තාව නිසා මගේ සිතට අමුතුම සතුටක් දැනෙන්ට විය.......ඉස්සර හිටිය නපුරු දේශානිට වඩා නන්ගිට මම ගොඩක් ආදරෙයි නන්ගියෙ ....ඇය කියන්ටවිය.....මම දැන් වෙන කෙනෙක් කියල අපේ අම්මයි තාත්තයි හිතුවොත් මාව අයින් කරයිද අක්කෙ....මා බියපත්ව ඇසුවෙමි..... මොකටද.....ඔයා දැන් හොද ලමයෙක් නෙ....ඔයා දන්නවද නංගි ඔයා නරක නපුරු ලමයෙක් කියල ඔයාගෙ අම්ම කොයිතරම් දුකෙන්ද හිටියෙ කියල... දැන් ඔයා හොද කෙනෙක් උනාට පස්සෙ ඔයාව අයින්කරයිද....ඇය ප්‍රශ්නකලාය.....කොච්චර හොද කෙනෙක් උනත් මම දැන් දේශානි නෙවෙයි පිට කෙනෙක් කියල දැනගත්තොත්.....මා ඇසුවෙමි.....කවුද නංගි ඕව ගැන එයාලට කියන්න යන්නෙ....අපි කියන්න ගියත් එයාල ඕව පිලිගන්නෙත් නෑ....ඇය එසේ කීවිට මගේ සිත තුල තිබුනු බිය තරමක් අඩුවිය.
            අපි ක්‍රිස්තු භක්තිකයන් බැවින් අපේ ආගමේ හැටියට මට සිදුවූ දෙය කවුරුවත් පිලි නොගන්නා දෙයක් බැවින් මෙය මගේ සිතට යම්කිසි සහනයක් ඇතිවිය. බයිබලයේ කෙසේ තිබුනත් මට සිදුවී ඇති විපර්යාස ගැන හරියටම දන්නේ මාත් පල්ලියේ පියතුමාත් පමනි. අක්කලා දෙදෙනා මේ සම්භන්ධව සැක කලත් ඔව්න් තාම හරියට දන්නේ නැත. පල්ලියේ පියතුමා පැවසූ පරිදි මගේ ගැන ඔව්න්ටම තේරෙන්ට ඉඩහරිනවා මිස වැඩි විස්තරයක් නොපැවසීමට සිතාගත්තෙමි.
               මාලන් කියන්නෙ කලාතුරකින් හම්බවෙන හොද කොල්ලෙක්....දිශ්නි අක්කා පැවසූ දේ මගේ දෙසවන් තුල රැවුදෙන්ට විය......දේශානි ඔහුට කෙතරම් බැන්නත් ඔහු හොද කෙනෙක් බව මේ දින කිහිපය තුල මටද වටහී තිබුනි....එදා දේශානි ඔහුට නරක විදියට කතා නොකර සිටියානම් අපි අතර මීටවඩා හිතවත් කමක් ඇතිවන්ට තිබුනා නේද. ඒත් දැන් හරි හිතවත් වෙන්න බලන්න ඕනැ....උදෑසන ආහාරය ගනිමින් කල්පනා කරන්ට වුනෙමිi


No comments: